01/04/2026
A/L results කියන්නේ ජීවිතේ full stop එකක් නෙවෙයි ❤️
A/L results ආපු දවසට, හැමෝටම එක වගේ feeling එකක් නෑ…
එක පැත්තක සතුටින් celebrate කරන අය ඉන්නවා…
අනිත් පැත්තේ, හිත ඇතුලේ බරක් තියාගෙන හිතේ දුකින් කර කියාගන්න දෙයක් නැතිව ලත වෙන අයත් ඉන්නවා…
මුලින්ම කියන්න කැමතී 👇
🎉 Pass වෙලා University select වුණ හැමෝටම හදවතින්ම සුබ පතනවා. මොකද කාලෙකට කලින් මගේ A/L Results ආපු දවසේ, මටත් ඒ Feeling එක දැනුනා, මමත් ඒක වින්දා 💕 Congratulations!🎉️
ඔයාලා මහන්සි වෙලා ගත්ත result එකක්…
Proud වෙන්න පුළුවන් achievement එකක් ❤️
ඉස්සරහට යන journey එකත් strong කරගන්න… life එකේ next level එකට යන්න… all the very best! ✨
ඒත්…
ඔයාට හිතෙනවද result එක හොඳ නැතිවුණා කියලා, University entrance එක නොලැබුනා කියලා "අයියෝ..මම ඉවරයි" කියලා…?
එහෙම හිතන්න එපා ❌
A/L කියන්නේ life එකේ එක path එකක් විතරයි…
ඒක miss වුණා කියලා, life එකේ chance ඔක්කොම close වෙන්නේ නෑ
ඇත්තටම…
ඔයාට තව routes ගොඩක් තියෙනවා 👇
✔️ ආයෙ exam කරලා improve වෙන්න
✔️ Diploma / Degree programs (private / foreign)
✔️ Skill-based courses (IT, Beauty, Business, etc.)
✔️ තමන්ගේ own business එකක් start කරන්න 💼
✔️ Freelancing / Online income opportunities 🌍
දැන් ලෝකේ දිනන ගොඩක් අය, එකම exam එකක් නිසා නෙවෙයි දිනන්නේ…
එයාලා different paths use කරලා තමන්ගේ life එක build කරගන්නවා 💯
මතක තියාගන්න 👉
Result එකක් කියන්නේ paper එකක් විතරයි…
ඔයාගේ potential එක define කරන්නේ නෑ...
ඔයාගෙ අම්මා තාත්තාට, ඔයා marks ටිකක්, Results Sheet එකක් නෙවෙයි…
ඔයා එයාලගේ ජීවිතේ වැදගත්ම කොටස ❤️
කෙටියෙන් ම කිව්වොත්... ඔයා තමයි එයාලගෙ මුළු ජීවිතේම
ඔයාගෙ අම්මා තමන්ගේ ජීවිතය, රැකියාව, සතුට, නින්ද කැප කරලා ඔයාව මේ තැනට උස් මහත් කරන්නේ...
ඔයාගේ තාත්තා රැයක් දවාලක් නොබලා මහන්සී නොබලා රස්සාව කරලා ඔයාගේ සියලු අවශ්‍යතා පිරි මහන්න උපයන්නේ, ඔයාට රැකවරණය වෙන්නේ...
එයාලා දෙන්නාගෙ මුළු ලෝකෙම ඔයා නිසා...
ඒ නිසා…
"මට බැහැයි" කියලා හිතලා නවතින්න එපා..
හිතේ දුකින්, පවුලට සමාජෙට, පාසලට මූන දෙන්න බැහැ කියලා ... අනවශ්‍ය තීරණ ගන්න හිතන්නවත් එපා ❌❌
"මට පුළුවන්" කියලා නැවත පටන් ගන්න 💪
හුස්ම ගන්න පුළුවන් තාක් කල්…
life එකේ chance තියෙනවා
අද හොඳ නැති වුණාට…
හෙට amazing වෙන්න පුළුවන් ✨
So don’t give up…🎉️
ඔයාගේ story එක තාම ඉවර නැහැ ...
Just පටන් ගත්තා විතරයි...
ආදරෙන් ලිව්වේ..
Sherin Fernando
08/03/2026
25/02/2026
25/02/2026