NextGen Science Research

NextGen Science Research

Share

The goal of our team is to bring you the latest scientific research and technologies in simple and understandable content. Everyone loves graphics.

You don't have to be a geek anymore to keep you up ;) The colors, the fun, the meanings. For most of us, graphics is a better way of understanding things. For some, it is an easy way of representing things too. Remember the cave paintings, if you knew, we are talking about those. It is how our brains work. From childhood we learn most of the things graphically. It is so much easier to memorize and

30/11/2025

4 Pillars of Proactive Disaster Management (Sri Lanka)

- අපට කළ හැකි දේ කුමක් ද?
- රාජ්‍ය සැළසුම් actionable ද? නිරවද්‍ය ද?
- සැළසුම් කරපු දේ කෙරෙනව ද, වැටහෙනව ද?
- මේව ජනතාවට සහ ක්‍රියාකාරීන්ට වැටහෙනව ද? ඒ අය මේ cycle එකේ ඉන්නව ද?
- පූර්ව සූදානමක් වෙනව ද?
- අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහනව ද?

19/10/2025

Microsoft Windows 10 retired - What you need to know (Windows 10 and 11 22H2 - End of life)
===================

Windows 10 reached its end of life on 2025-October-14. Windows 10 is actually one of the most successful releases of Windows client operating systems. It has become a fairly stable, secure, robust operating system.

Windows 10 is now 10 years old (having been released in 2015). Microsoft has decided that it is time to retire it. Accordingly, Windows 10 Enterprise, Pro and Home will no longer receive software updates, security fixes or technical support from Microsoft.

Goodbye Windows 10!

-----------------------------------------------------------------------

Other Windows operating systems on Microsoft's end-of-life list this year

-----------------------------------------------------------------------

- This is the end of life for the Windows 11 Enterprise/IoT 22H2 version.
- Windows 11 Home/Pro/Server Version 23H2 will reach end of life on November 11/October 24.

More on 1st comment

15/09/2025

We are revamping the page targeting the science, technology, psychology and medical research. The bleeding-edge news and research made simple. Stay tuned! :)

12/09/2025

🌍 EU Acts to Cut Food & Textile Waste by 2030

The European Parliament has just passed landmark legislation to tackle two of our biggest environmental challenges: food and textile waste.

Key points:
• A binding 10% reduction in food waste from manufacturing & processing, and 30% per person from retail, restaurants & households.
• Stronger donation rules for unsold but safe food.
• Textile producers must pay for collecting, sorting & recycling. These rules apply across the board, including online sellers and imported goods.
• Items covered: clothing, shoes, home linens, curtains, hats & more.

These steps will help lighten the environmental footprint, encourage circular economy practices, and make sustainable consumption more achievable for everyone. ♻️

Photos from NextGen Science Research's post 12/09/2025

ඇල්ල බස් අනතුර සහ බරවාහන අනතුරු - දැන් වත් මේ අනතුරු වළකා ගනිමු ද? 🙏

--------------------------------------------------------
Checklists කීපයක් තියනව (infographics) මේව අනිත් අය අතරෙ බෙදා දෙන්න. අවශ්‍ය කෙනෙකුට පරිවර්තනය කරගන්න පුලුවන්.
1. Vehicle Safety Checklist
2. කන්දක් බැස්වීමේ දී කළ යුතු දේ
3. If breaks fail - තිරිංග ක්‍රියා නොකරන්නේ නම් කළ යුතු දේ
--------------------------------------------------------

මාර්ග විනය, ස්වයං විනය, modification ගැන වගේම මගේ අත්දැකීම් ගැන සෑහෙන්න ලියල තියනව. වෛද්‍ය වරියක් දොරවල් තිබුණත් වහන්නෙ නැති බස් වල ගිහින් අනතුරක් වුනා විතරයි ට්‍රිප් එකක් යන බස් එකක් අඩු 1000ක පමණ ප්‍රපාතයකට පෙරළිල ජීවිත ගණනාවක් අහිමි වුනා. මේක ඉතාම shocking incident එකක්. තවම ඒකෙ කම්පනය තියනව.

ලංකාවෙ අබලි බස් රථ repurpose කරන විධි කීපයක් තියනව, ඉන් දෙකක් තමයි,
1. එකක් ළඟ පාරවල් වල ධාවනය කරන්න යොදවන එක. කෙටි මාර්ග. මම ජීවත් වෙන ප්‍රදේශයෙත් මේ හම්පඩ බස් යන කාලයක් තිබුණ. දැනුත් කීපයක් තියනව.
2. අනෙක සාමාන්‍ය විනෝද චාරිකා යන එක. අවදානම් රහිත මාර්ග වල යනව. නමුත් මේක අනිවාර්‍ය නෑ. මුදල් ලැබෙනව නම් විනය සහ මානුෂීය බව ඒකට යට වෙනව. මේ වාහන වල hand breaks ඇතුළු සමහර දේවල් reduced/malfunctioning.

බස් එකේ රියදුරා මේ අවස්ථා සම්බන්ධ පුහුණුවක් නො තිබුනු කෙනෙක් කියල අතිශය පැහැදිළි යි.

නවීන වාහන වල (නවීන කිව්වට මේ ඊයෙ පෙරේද ආපු එකක් නෙමෙයි) Downhill Assist Control (DAC) කියන feature එක තියනව මේ වගේ අවස්ථා වලට ම ගැළපෙන. ඒ හරහා පැයට කිලෝමීටර් 30 හෝ ඊට අඩුවෙන් ධාවනය කරන්න පුලුවන්.

------------------------------
නොකළයුතු දේවල් මොනව ද?
------------------------------

1. දැන් මේ බස් රථයෙ ගමන් කරපු අය කියන විදියට මේ රථයෙ තිරිංග ක්‍රියාවිරහිත වීම "Joke" එකකට අරගෙන තිබුන. මගීන් අවදානමකදී කරන්න ඕන දේවල් ගැන කල්පනාවකින් හිටිය ද කියන්න බෑ. සමහරු බීලත් ඉන්න ඇති. රාත්‍රිය නිසා අවදානම වැඩියි නමුත් මේකෙ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආලෝකකරණය තිබුනු බවට සැක නෑ.
2. රියදුරා පුහුණුවක් තුළ දී ලබා දුන් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගත් බව පෙනෙන්න නෑ. ටිපර් එකක් ඉස්සර කරල තියනව, වේගයෙන් ස්ටිය කරල තියන බවක් කියනව (sharp turns), neutral දැම්ම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, hi gears වල යද්දි low gears වලට දාගන්න බැරි වෙන්න පුලුවන්.
3. මේ බස් රථය (මේක forensic සහ පසු විපරම් කරන නිලධාරීන් තහවුරු කරාවි) මෙවන් අවදානම් සහ දුර ගමන් වලට නුසුදුසු බසයක් කියල සැකයක් නෑ.

-----------------------------------------------------
අධික බෑවුම් සහිත මාර්ගයක ගමන් කරන්නේ නම්,
-----------------------------------------------------

🛑 අඩු ගියර් භාවිතා කරන්න - 1 වන හෝ 2 වන ගියරය භාවිතා කරන්න.
🛑 තිරිංග ධාවනය නොකරන්න - අඛණ්ඩව නොව, වරින් වර තිරිංග යොදන්න (අධික උනුසුම් වීම වැළැක්වීම සඳහා).
🛑 ආරක්ෂිත වේගය පවත්වා ගන්න - ඔබ නගින ප්‍රමාණයට වඩා සෙමින් සෑම විටම බැස යන්න.
🛑 දුර තබා ගන්න - බෑවුම්වල දිගු නැවතුම් දුරක් තබාගන්න.

-----------------------------------------------
තිරිංග රහිත වුවොත් වාහනය නවත්වාගන්න නම්,
-----------------------------------------------

1. සන්සුන්ව සිටින්න - කලබල නොවන්න.
2. වාහනය පහළම ගියරයට දමන්න (එන්ජින් තිරිංග). අත් තිරිංග වල සහාය ලබාගන්න කල්පනා කරන්න.
3. හෑන්ඩ්බ්‍රේක් ප්‍රවේශමෙන් භාවිතා කරන්න - ලිස්සා යාම වළක්වා ගැනීම සඳහා ක්‍රමයෙන් යොදන්න.
4. Sharp turns ගන්න (සුක්කානම උඩ නටන්න) එපා
5. හෝන් සහ ලයිට් ශබ්ද - අන් අයට අනතුරු අඟවන්න.
6. ගැලවීමේ මාර්ග සොයන්න - වැලි/පස් පැල්ලම්, ඉහළට බෑවුම්, මාර්ග දෙපස බැමි (not recommended - බර වාහනයක සහාය - break and push). ඉදිරියෙන් එන වාහන වලට වඩා මෘදු බාධක (පඳුරු, පස්) දෙසට යොමු කරන්න.
මෙතන ඉදිරිපසින් ආව Range Rover එක අවාසනාවට කන්ද පැත්තට යොමු කරද්දි (යම් මට්ටමකින් හප්පා නවත්වන්න) ආව වෙන්න පුලුවන්. ඒක නිශ්චිත නෑ. මේ සිදුවීම් වේගයෙන් සිදු වන, අත්දැකීම් අත්‍යවශ්‍ය අවස්ථා නිසා අපට විනිශ්චය කරන්න වෙන්නෙ සීමිත මට්ටමකින්.

-----------------------------------------------------------------
ලංකාවෙ රජයට අනිවාර්‍යයෙන් කරන්නට දේවල් කීපයක් තිබෙනව.
-----------------------------------------------------------------

---------------------
කඳුකර මාර්ග සඳහා:
---------------------
1. ප්‍රධාන කඳු බෑවුම්වල ධාවන ට්‍රක්/බස් Ramps ස්ථාපනය කරන්න.
2. බෑවුම් සහිත බෑවුම් සඳහා මාර්ග අද්දර අනතුරු ඇඟවීමේ සංඥා පුවරු.
3. නිසි මාර්ග නඩත්තුව
4. රාත්‍රි සහ වැසි කාල වලදී වත් පොලිස් මුරපොළවල සේවය
5. මෙවන් අවදානම් වලට සූදානම් කන්ඩායම් වලට අවශ්‍ය වේගවත් ළඟාවීමේ සහ උපකරණ ස්ථානගත කිරීම

------------------------------
වාහන ප්‍රමිතීන් සහ නඩත්තුව
------------------------------

1. සියලුම බස් රථ සහ බර වාහන (තිරිංග, ටයර්, සුක්කානම්) සඳහා අනිවාර්ය වාර්ෂික (හෝ 6 මාසික) ආරක්ෂක පරීක්ෂාව.
2. ආරක්ෂිත සහතික නොමැතිව පැරණි ප්‍රතිසංස්කරණය කරන ලද බස් රථ තහනම් කිරීම හෝ දැඩි ලෙස නියාමනය කිරීම.
3. කඳුකර මාර්ගවල ධාවනය වන වාහන සඳහා එන්ජින් තිරිංග පද්ධති.
4. ප්‍රභල යෝග්‍යතා පරීක්ෂණ සහ ලකුණු ක්‍රම.
5. බෑවුම් සහිත කඳු මාර්ගවලට පෙර මුරපොලවල්වල (හපුතලේ, ඇල්ල, මහනුවර මාර්ග වැනි) අනිවාර්ය තිරිංග පරීක්ෂාවන්.
6. බස් රථවල GPS මත පදනම් වූ වේග පාලක සහ දත්ත ලොග් කිරීම.

----------------
රියදුරන් සඳහා:
----------------

1. බස් රථ රියදුරන් සඳහා සෑම වසර 3 කට වරක් අනිවාර්ය නැවුම් කිරීමේ පුහුණුව.
2. විශේෂිත කඳුකර රියදුරු බලපත්‍ර අනුමත කිරීම (බර වාහන බලපත්‍රයට සමාන නමුත් අමතර පුහුණුවක් සහිතව, අවදානම් කළමනාකරණය ඇතුළුව).
3. තිරිංග අසමත් වීමේ ප්‍රතිචාරය පිළිබඳ කොන්දොස්තරවරුන් සඳහා හදිසි ඇමතුම් අංකය සහ පුහුණුව.
4. තෙහෙට්ටුව වැළැක්වීම සඳහා රියදුරු වැඩ කරන වේලාවන් සීමා කරන්න.

මේ අවස්ථාවේ ජීවිත බේරගන්න දිවි නොතකා සටන් කළ එහි සිටි සියළු දෙනා, හමුදා සේවය සහ වෛද්‍ය පාලිත ඇතුළු පිරිස/ගිලන්‍ රථ රියදුරන් සහ සැමට හදපිරි ප්‍රණාමය පල කරනව.

ජීවිත බේරන්න එක්ව වැඩ කරමු.

Please share and let's save lives 🙏



Author: ඉපොක්සි එතේන්

12/09/2025

NASA found life on Mars?
------------------------------

It's a likely discovery (from a rock sample taken in 2024).

Yesterday, NASA announced a discovery that could reshape our understanding of life beyond Earth. Their Perseverance rover has found a rock sample nicknamed "Cheyava Falls" in the "Bright Angel formation" of Jezero Crater, which they say contains chemical signatures that closely resemble traces left by microbial life.

-----------------------------
What they know so far:
----------------------------

• Inside, fine-grained mud and rocks made of clay and silt - these have helped preserve evidence of ancient life on Earth.
• They found that the rock contained patches of minerals such as vivianite and greigite (which they called "the spots of the moon"), as well as organic carbon, sulfur, phosphorus, and oxidized iron. You probably know that many of these are elements that interact with microbes on Earth.

------------------------------------------
Are these actually evidence of life?
------------------------------------------

These biological signatures are more evidence that life was or is possible than proof of life. There are ways to produce these types of structures in abiotic chemistry, so they need to be confirmed. NASA believes that bringing these samples back to Earth is a good idea.

---------------------------
Why is this important?
---------------------------

• If Mars did indeed have microbial life, it would indicate that life originated independently elsewhere. This could be a very important event for biology, philosophy, the origin of man, or the story of Genesis.
• If confirmed, it would indicate that Mars was habitable for a much longer time than we thought. Traces could be found not only in the oldest formations, but also in younger sedimentary rocks.
• Space science, sample return missions, and astrobiology will bring strong investments.
- The more we explore, the more complex our picture of life on Mars becomes.

----------------------------------------
Scientific conclusions
------------------------------------------
In scientific exploration, extraordinary claims require extraordinary evidence. Evidence based on geological, chemical, and mineralogy. We cannot draw conclusions until we have confirmed the evidence and ruled out other possibilities.

--------------------
Finall Thoughts
--------------------

The wonder of this discovery is not just whether Mars has ever harbored life. It is that we are still exploring, asking, and learning so much. Each new discovery humbles us as humans. At the same time, we realize again and again that our universe is much bigger, stranger, and more amazing than our current knowledge.

11/09/2025

NASA විසින් අඟහරු මත ජීවය සොයාගෙන ද?

බොහෝදුරට එහෙම වෙන්න පුලුවන් සොයාගැනීමක් වෙලා තිබෙනව (2024 ලබාගත් පාෂාණ සාම්පලයකින්).

ඊයේ, නාසා ආයතනය පෘථිවියෙන් ඔබ්බට ජීවය පිළිබඳ අපගේ අවබෝධය නැවත හැඩගස්වා ගත හැකි සොයාගැනීමක් නිවේදනය කළා. ඔවුන්ගේ Perseverance රෝවරය ජෙසෙරෝ ආවාටයේ "Bright Angel formation" යන කොටස තුළ දී, "Cheyava Falls" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාෂාණ සාම්පලයක් සොයා ගෙන ඇති අතර, එහි ක්ෂුද්‍රජීවී ජීවය විසින් ඉතිරි කර ඇති අංශු මාත්‍රවලට බොහෝ සෙයින් සමාන රසායනික අත්සන් අඩංගු වන වෙනව කියල ඔවුන් කියනව.

-----------------------------
ඔවුන් මෙතෙක් දන්නා දේවල්:
-----------------------------

• ඇතුළත, මැටි සහ රොන්මඩ වලින් සාදන ලද සියුම්-කැටිති සහිත මඩ සහ ගල් - පෘථිවියේ පුරාණ ජීවය පිළිබඳ සාක්ෂි සංරක්ෂණය කිරීමට මේවා ඉතා හොඳින් උපකාර කරල තියනව.
• පාෂාණය vivianite සහ greigite වැනි ඛනිජ වලින් සාදන ලද පැල්ලම් (මේවා "දිවියාගේ ලප" ලෙස ඔවුන් නම් කරල තියනව) වගේම organic කාබන්, සල්ෆර්, පොස්පරස්, ඔක්සිකරණය වූ යකඩ තිබෙන බව ඔවුන් සොයාගෙන. මේ බොහොමයක් පෘථිවියේ ක්ෂුද්‍ර ජීවීන් සමඟ ක්‍රියා කරන මූලද්‍රව්‍ය බව ඔබ දන්නව ඇති.

------------------------------------------
මේවා සත්‍ය වශයෙන් ජීවය පිළිබඳ සාක්ෂි ද?
------------------------------------------

මේ biological signatures ජීවය පිළිබඳ සනාථ කිරීමකට වඩා එවන් විභවයක් තිබූ හෝ තිබෙන බවට අපට තියන සාක්ෂි. අජීවී රසායන විද්‍යාව තුළ මේ ආකාර ව්‍යුහයන් නිපදවිය හැකි ක්‍රම .තිබෙන නිසා මේවා තහවුරු කරගන්න ඕන. ඒ එක්කම මේ සාම්පල පෘථිවියට ගෙන ඒම ඉතා සුදුසු බව නාසා ආයතනය විශ්වාස කරනව.

---------------------------
මෙය වැදගත් වන්නේ ඇයි?
---------------------------

• අඟහරු ග්‍රහයා සතුව සැබවින්ම ක්ෂුද්‍රජීවී ජීවයක් තිබුනේ නම්, ජීවය වෙනත් තැනක ස්වාධීනව ආරම්භ වී ඇති බව එයින් පෙන්නුම් කෙරෙනව. මේක ජීව විද්‍යාව, දර්ශනය, මිනිසා ගේ ආරම්භය හෝ උත්පත්ති කථාවට අතිශය වැදගත් සිදුවීම විය හැකියි.
• සනාථ වුනොත් ඉන් ඇඟවෙන්නෙ අඟහරු ග්‍රහයා අප සිතුවාට වඩා දිගු කාලයක් වාසයට සුදුසුව පැවති බව. පැරණිතම සංයුතිවල පමණක් නොව, තරුණ අවසාදිත පාෂාණවලත් හෝඩුවාවන් තියෙන්න පුලුවනි.
• අභ්‍යවකාශ විද්‍යාව, සාම්පල ආපසු ලබා දීමේ මෙහෙයුම්, තාරකා ජීව විද්‍යාව සඳහා ශක්තිමත් ආයෝජන ගෙන එනු ලබනව.
- අපි වැඩි වැඩියෙන් ගවේෂණය කරන තරමට, අඟහරු මත ජීවය පිළිබඳ අපගේ චිත්‍රය වඩාත් සංකීර්ණ වෙනව.

-----------------------------------------
විද්‍යාත්මක නිගමන
-----------------------------------------

විද්‍යාත්මක ගවේෂණ තුළ දී අපූර්ව (extrodinery) ප්‍රකාශයන්ට අපූර්ව සාක්ෂි අවශ්‍ය වෙනව. භූ විද්‍යාත්මක, රසායනික, ඛනිජ මත පදනම් වූ සාක්ෂි. මේ හරහා සාක්ෂි සහ සාධක සනාථ කරන තුරු වගේම අනෙත් විභවයන් ඉවත් කරන තුරු අපට නිගමනවලට එළඹෙන්න බැහැ.

---------------
අවසාන අදහස:
---------------

මෙම සොයාගැනීමේ පුදුමය වන්නේ අඟහරු ග්‍රහයා කවදා හෝ ජීවය ලබා දී තිබේද යන්න පමණක් නෙමෙයි. අප තවමත් බොහෝ දේ ගවේෂණය කරමින්, අසමින්, ඉගෙන ගනිමින් සිටින බවයි. මේ සෑම නව සොයාගැනීමක්ම මනුෂ්‍යයන් වශයෙන් අපව වඩවඩාත් නිහතමානී කරනව. ඒ සමගම අපගේ විශ්වය අපගේ වර්තමාන දැනුමට වඩා විශාල, අමුතු සහ විශ්මයජනක බව අපට නැවත නැවතත් වැටහෙනව.

Image credit: NASA
Author: ඉපොක්සි එතේන්

26/03/2025

Speed Kills - ජීවිත වල ආරක්ෂාව ද වේගය ද කියල කල්පනා කරමු! by ඉපොක්සි එතේන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරකින් ආචාර්‍ය ගුනේන්ද්‍ර ගයන්ත මහතා, ඔහුගේ බිරිඳ ගේ සොහොයුරා ජීවිතක්ෂයට පත් වූ පුවත ඉතා සංවේගජනක එකක්. ඒ වගේම අද දිනයේ ඔහුගේ බිරිඳ ද ජීවිතයට සමු දී ඇතිබව අසන්නට ලැබුන. ඔවුන්ගේ සම නිවුන් දරුවන් තිදෙනාගේ උපන්දිනය අප්‍රේල් 1 යෙදී තිබෙන බවත් පුවත් වලින් දැකගන්නට ලැබුනා. මේ අලුත් නිව්ස් ඇත්ත කියල හිතනව.
මේක විනිශ්චයන් සම්බන්ධ කතාබහක් නෙමෙයි. නමුත් ඔහු ගෙ වාහනය 160KM/H හෝ අධික වේගයකින් ධාවනය වෙලා පාළනයෙන් තොර වුනු බව තමයි පසු නිරීක්ෂකයන් කියන්නෙ.

අපට වාහනයක් තියනව, ඩ්‍රයිව් කරන්න පුලුවන් පාරක් තියනව. අපි දුර ගමනක් ගිහිල්ල වෙහෙස වෙලා එනව. ලෑල්ලට පාගනව. නින්දත් එනව නේ ද? ඒ එක්කම තව ජීවිත කිහිපයක්, ව්ශේෂයෙන් ම තමන්ට තනිව ජීවත් වෙන්න බැරි ජීවිත වල වගකීමක් තියනව.

කරුණාකරල ඩ්‍රයිව සීට් එකට නගින්න කලින් self assessment එකක් කරන්න මේ කාරණා ගොන්න ගැන. හොඳ හුස්මක් අරන් හොඳට හිතන්න.

Please!

මගේ යම් අත්දැකීම් ටිකක් එකතු කරන්නම්. මම නිතර දක්ෂිණ අධිවේගී මාර්ගයෙ යන එනව. විශේෂඥයෙන් රෑ සහ එළිවෙන යාමෙ යනව. නමුත් ඒ නින්දක් එහෙම අරගෙන. Fresh පිට. Eye strains එනවනම් ගමන කඩින් කඩ නවත්තල සාමාන්‍ය වේගයකින් තමයි යන්නෙ.

මම වේගෙන් යන්න පුලුවන් වුනත් මාර්ගයට අනුකූල වේග සීමා වලින් පිටට යන්නෙ නෑ. දවසක් මම 160ට ගියා. ඒ අත්දැකීම ගන්න.150 වගේ වෙනකොට stability control වගේ තාක්ෂනික උපාංග තිබුනත් නැතත් දෙදරීම සහ රෂ් එක අතට වගේම ඇඟට දැනෙනව. අලාම් එහෙම වදින්න ගන්නව. එතකොට තත්පර දෙකතුනක් කියන්නෙ තමන්ගෙ.ජීවිතය සහ මරණය අතර ත්‍රිල් එකක් වෙන්න පුලුවන්. මොකද කොච්චර ඉක්මනට මොළයෙන් තීරණයක් ගත්තත් ඒක අතට, කකුලට, ඉන්පස්සෙ වාහනයට යන්න සහ ඒක ක්‍රියාත්මක වෙන්න කාලය යනව. ප්‍රමාද තියනව. මේ ගැන ගණිත සූත්‍ර නිතර සමාජජාල වල පල වෙනව.

වේගෙන් යන එක ෆන් එකක් වෙන්න පුලුවන්. නැත්නම් බොරු කලබලයක් වෙන්න පුලුවන්. වෛද්‍ය උපකාර අවශ්‍ය මොහොතක් නම් ගිලන් රථයක් ගෙන්න ගන්න එක වඩා ස්ථානෝචිත යි.

අපි ගේමිං කරනව, රේසිං එහෙම. NFS 1 රිලිස් වෙද්දිම play කරපු පරපුරේ කෙනෙක් මම. හරිම විනෝදයි. Need for speed, Forca, Asphalt, Gran Tuorismo ඒව මේව. මමත් රේස් යන්න හරි කැමති කෙනෙක්. හැබැයි මේ අපි යන්නෙ රේසිං ට්‍රැක්ස් වල නෙමෙයි. අපි experts ලත් නෙමෙයි. පොදු පාරවල් වල යන්නෙ. වෙන වාහන තියනව. අපේ වාහන සුපිරි ආරක්ෂාවක් දෙන ඒවත් නෙමෙයි. එහෙම ඒවත් තියනව අෆෝඩ් කරන්න පුලුවන් නම්. ඒත් ඒවටත් බෑ අනතුරේ දිග පළල සහ හැඩය තීරණය කරන්න.

ඒ එක්කම හයිවේ එකේ වුනත්,
- ඉතාම අපරීක්ෂාකාරී විදියට වාහන ධාවනය කරන අය මට හම්බෙනව
- ප.ලි. සීට් බෙල්ට්ස් දාන්නෙ නෑ
- 100 යන්න ඕන පාරෙ 150-60 යන අය ඉන්නව (මේ සීමා දාන්නෙ හේතු ඇතුව, අනිත් එක අපි එහෙම අවදානම්.අත්දැකීම් වලට Simulation එකකින් වත් මුහුණ දීපු සර්කිට් ඩ්‍රයිවර්ස්ල නෙමෙයිනෙ)
- නිදිමතේ යන අයත් ඉන්නව
- වාහනේ කන්ඩිෂන් නැතිව යන අයත් ඉන්නව
- බීල යන අයත් නැතිව නෙමෙයි
- බ්‍රේක් ගහන්න, ෆෝල්ටි සිග්නල්ස් පාවිච්චි කරන්න නොදන්න අය ඉන්නව
- වාහනේ රිකවරි එකකිම් පස්සෙ පාරට ගනන්න නොදන්න අය ඉන්නව (මම ඇක්සිඩම්ට් එකකින් යන්තම් බේරුනා එක පාරක් රිපෙයා එකකින් පස්සෙ එකපාරට ම කර්බ් එකේ ඉඳල ලෙෆ්ට් ලේන් එකට ගත්ත ලේඩි කෙනෙක් නිසා)
මේ නොකළ යුතු දේවල්.

ගේම්ස් වලදි වගේ සැබෑ ජීවිතයෙ දි තමන්ගෙ ජීවිතය රීසෙට් කරගන්න අවස්ථා දෙක තුනක් ලැබෙන්නෙ නෑ. තමන් විහින් අමාරුවෙ වැටෙන එක වෙන කතාවක් හැබැයි තමන් ආදරය කරන අය ඉන්නකොට ඒක සෑහෙන අවදානමක්. මම ඉතා පරීක්ෂාකාරී රියදුරෙක් වුනත් බිරිඳ එක්ක යනකොට අපි මේ ගැන කතා කරනව. මම බැනුම් අහන වෙලාවල් තියනව. ඒ ඔක්කොම ජීවත් වෙන්න සහ අනතුරු වළක්වාගන්න.

මගේ අතින් එකදු මාර්ග අනතුරක් වත් තවම වෙල නෑ. මමත් අවුරුදු 7ක් විතර ඩ්‍රයිව් කරනව. ඒත් මම තවම ඉගනගන්නව. තවම මගේ ධාවනයෙ අවුල් තියනව. ඒ නිසා රිස්ක් එකක් නොගන්න එක තමයි කරන්නෙ.
අපි ඉක්මනට කොහෙහරි නොගිය කියල ජීවිතේ නැතිවෙන්නෙ නෑනෙ. නැතිවුනොත් ඒක ආපහු ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා සිතේ සහ අතපයේ පාළනය සහතික කරගෙන ධාවනයෙ යෙදෙන්න.

ලංකාවෙ මාර්ග විනය එක්කෙනෙක් හරි අනුගමනය කරනව නම් ජීවිත රැකේවි.

රාජ්‍ය මට්ටමෙන් ලයිසන් එකෙන් ලකුණු කැපෙන ක්‍රමය ඉක්මනට එනවනම් මම කැමතියි.

There is NO RESET BUTTON!

02/08/2024

Imane Khelif (ඉමේන් ඛලීෆ්), Olympics, Intersex, Binary, Genetics, and Controversy (සැකෙවින්)...

ඉමේන් ඛෙලිෆ් එක්ක ආයෙත් ඔලිම්පික් වේදිකාව උණුසුම් වෙලා. ඒකට හේතුව ඊයෙ බොක්සිං වළල්ලෙ දි ඇල්ජීරියන් ජාතික ඉමේන් කියන කාන්තා බොක්සිං ක්‍රීඩියාව විසින් ඉතාලි ජාතික ඇන්ජලා කරිනිව පරාජය කිරීම සහ ඒ වැදුනු වේගවත් ප්‍රහාර කීපය සහ ඉමේන් ගෙ ස්වරූපය නිසා ඇන්ජලා ගෙ සංවේදී වීම සහ පසුව ඇය කියපු දේවල්.

එතකොට මේ කතාව එක්ක ඉමේන් කියන්නෙ ඇත්තට ම කාන්තාවක් ද නැත්නම් පිරිමියෙක් ද නැත්නම් undefind/intersex කෙනෙක් ද කියන කාරණය තදින් කතාබහ වෙනව. ඇත්තටම ඉමේන් ඉන්ටසෙක්ස් කෙනෙක් ද?

මේක අප හරියට තහවුරු කරගෙන නෑ. දැනට තිබෙන කරුණූ අනුව. 2023 දි ජාත්‍යන්තර බොක්සිං ෆෙඩරේෂන් එකෙන් ඉමේන් සහ තව චීන ක්‍රීඩිකාවක් ඔවුන්ගෙ ස්ත්‍රී පුරුෂ බව සහ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන වගේ කාරණා නිසා කාන්තාවන් ලෙස තරඟ වදින්න බැරි බවට තහවුරු කරනව. ඒත් මේ කාරණාවෙදි ඔවුන් යොදාගත්ත ටෙස්ට්ස් වගේම සත්‍ය ලෙස ඉමේන් ඉන්ටසෙක්ස් කෙනෙක් ද කියන එක පැහැදිළි වෙලා නෑ. එහෙම වෙන්නත් පුළුවන්.

මෙතන ටර්ම්ස් ගැන ටිකක් පැහැදිළි කරගනිමු. මේකට ජීවවිද්‍යාව සම්බන්ධ නැත්නම් ජාන අම්බන්ධ සාමාන්‍ය දැනුමක් තියනව නම් සුදුසු යි. ඔයාල දන්නවත් ඇති ජෛවවිද්‍යාත්මකව කාන්තාවක් සහ පිරිමියෙක් වෙන් කෙරෙන්නෙ ක්‍රෝමසෝම නැත්නම් වර්ණදේහ වල ස්වභාවය හරහා (කළලය මූලිකව ඇතිවෙන්නෙ කාන්තාවක් වැනි ලක්ෂණ එක්ක නමුත් පසුව හෝමෝන හරහා ඒව වෙනස් වෙනව). මිනිස්සුන්ගෙ වර්ණදේහ යුගක 23ක් තියනව. X සහ Y කියල දෙකක් තියනව. කාන්තාවන් වෙන්නෙ XX වර්ණදේහ තියනවනම්. පිරිමියෙක් වෙන්නෙ XY තියනවනම්. මේ XY කාරණා තීරණය ශුක්‍රාණු හරහා කෙරෙන වැදගත් දෙයක්. වැඩි විස්තර අවශ්‍ය නම් https://www.ncbi.nlm.nih.gov/books/NBK9967 බලන්න පුළුවන්.

සමහර අවස්ථා තියනව විරළ ව බාහිරින් පිහිටන ලිංගය සහ එහි ස්වභාවය කාන්තා ලක්ෂණ ගන්න නමුත් අභ්‍යන්තරයෙන් පිරිමි අය වෙන කොටස්. මේ අයට විවිධ නම් භාවිත වුනා කාලයකට කලින්. අපි ඒව දැන් භාවිත කරන්නෙ නෑ. අපි මේ අයට කියනව Intersex/ කියා. නැත්නම් Undefined S*x කියන්න පුළුවන්. හැබැයි XY වර්ණදේහ තියන නිසා මේ පුද්ගලය ජාන සහ ජෛව කාරණා අනුව පිරිමි කෙනෙක්. මේක binary බෙදුමක්. ඉස්සර මේ තත්ත්වයට hermaphrodite කියල භාවිත වුනා. ඒක වැරදි යෙදුමක්. මොකද කෙනෙකුට පූර්ණ පිමියෙක් සහ පූර්ණ කාන්තාවක් වෙන්න එකවර බෑ. ඒ නිසා ඒ වචනය අප මේ වෙනකොට භාවිත කරන්නෙ නෑ..

S*x (Biological) සහ gender කියන එකත් පටලවගන්න එපා. එකක් ජෛව නැත්නම් ශාරීරිකව පෙනෙන්න තිබෙන එකක්. අනෙක බොහෝදුරට කෙනෙක් තමන්ගෙ ලිංගිකත්වය ගැන සමාජමය ලෙස දක්වන අනුගතවීමක්. මේ අප කතා වෙන ඉමේන් ගෙ කතාව ඈඳෙන්නෙ පළමු එකට.

XY chromosome තියනව කියන්නෙ අදාළ කෙනා genatically male. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ අයට කාන්තා ලිංගික අවයව පිහිටන්න පුළුවන් වීම. උදාහරණයකට Morris Syndrom තියන කෙනෙකුට (සම්පූර්ණ ලෙස) බාහිර පිරිමි අවයව (සංවර්ධනය නොවෙන නමුත් පෙනෙන්න තියන වෘෂණ) එක්ක කාන්තා අභ්‍යන්තර ලිංගික සැකැස්මක් තියනව. ස්‍ය්න්ඩ්‍රම් එක පූර්ණව නැති කෙනෙකුට සමහරවිට කාන්තා ලිංගික අවයව පිහිටන්න පුළුවන්. සමහරවිට පිරිමි ලිංගික අවයව පිහිටන්න පුළුවන්. සමහරටිට දෙකම පිහිටන්න පුළුවන්, එකක් අයින් කරන්න ඕන. මේ ප්‍රජනක පද්ධති ශුක්‍ර හෝ ඩිම්බ හදන්නෙ නෑ. මේව genetic mutations/disorders නිසා වෙන්න පුළුවන්. ඒ එක අවස්ථාවක්.

Swyer syndrome වගේ අවස්ථාවකදි ලැබෙන්න කාන්තා ප්‍රජනක පද්ධතියක්. මේ වගේ කෙනෙකුට බාහිර වගේම අභ්‍යන්තර යම් මට්ටමක කාන්තා ප්‍රජනක පද්ධතියක් තිබුණට ඩිම්බ හැදෙන්නෙ නෑ. මේ අවස්ථා වල දි හෝමෝන් තෙරපි කරන්න වෙනව අස්ථි වල සංවර්ධනය උදෙසා. නමුත් බාහිරින් කාන්තා පෙනුමක් තිබෙන නිසා මේ වගේ කෙනෙක් කාන්තාවක් ලෙස කුඩා කල සිට අනන්‍යතාව හදාගෙන සමාජගත වෙන්න පුළුවන්. මේ අයගෙ අස්ථි පිරිමින්ගෙ තරම් ශක්තිමත් වෙන්නෙ නෑ හෝමෝන තෙරපි එකක් නොකළ නම්. එහෙම කරන්න මේක උපතට පෙර හෝ යෞවන අවධියට එනකොටම හඳුනාගන්න වෙනව. මේ ක්‍රියාවලිය කරගෙන ගියොත් සමහර කෙනෙකුට බාහිරින් ගන්න ඩිම්බයක් තැන්පත් කරල දරුවෙක් හදාගන්න පුළුවන්.

මීට අමතවර XXY තිබෙන අයත් ඉන්නව (https://www.ncbi.nlm.nih.gov/medgen/416028)

මේ උක්ත අයගෙන් gender dysphoria තියෙන අය 8% සිට 20%ක් වගේ ගණනක් ඉන්නව. ඒ මොකද ශරීරයෙ කොටසක් පිරිමි නිසා ජෛව කාරණා අනුව ප්‍රතිරෝධයක් ඇතිවෙනව. ඒක නිසා අර LGBTQ කොටසට අදාල ප්‍රශ්නයක් එතනට එකතු වෙනව. නමුත් එතනදි මේ අය LGBTQ (හෝ LGBTI) ගොඩට ම එකතු කරන්න යාමෙන් මේ ප්‍රශ්නය තියන අයගෙ ඊට ආවේනික අයිතීන් ගැන කතා කරන්න අවස්ථාවක් නැතිවෙනව. මේ වගේ ප්‍රශ්නෙක ඉන්න අයට ඇතිවෙන හැඟීම් මොනවගේ ද කියන එක ඉතා සංවේදී කරුණක් මොකද ජානගත කාරණා අනුව binary විදියට සෙක්ස් අssign කරන නිසා. එහෙම කෙනෙකුට ඇතිවෙන ප්‍රශ්න හිතාගන්න බැරි තරම්.

ප්‍රශ්නෙ තියෙනෙ අපි බාහිර අවයව වලින් ගැහැනු පිරිමි බව බලන නිසා ඇතිවෙන ගැටළුවක්. එහෙම වුනාම ඒ පුද්ගලයා නිවස තුළ සහ සමාජයේ කාන්තාවක් විදියට තමයි ගොඩනැගෙන්නෙ. නමුත් සිතුම්පැතුම් සහ ගතිලක්ෂණ පුරුෂ වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. බොහෝවිට අභ්‍යන්තරයෙ ඉන්නෙ නැත්නම් core එක පිරිමියෙක්. මේව ඇත්තටම බයලොජිකලි නැත්නම් ජාන ආශ්‍රිත developmental disorders.

මේ පුවත සම්බන්ධයෙන් ගත්තොත් ඉමේන් මේක දන්නව ද දන්නෙත් නෑ. සමහර විට දන්නවත් ඇති. ඇල්ජීරියාව මුස්ලිම් රටක් නිසා මේව එළියට නොගන්නත් ඉඩ තියනව. ඔවුන් කොන්ස්පිරසි එකක් ගැන චෝදනා කළා. නමුත් ඇත්ත සොයාගන්න ඉඩ දීම වඩා හොඳයි. එතකොට මෙහෙම ගැටළුවක් නැත්නම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

ඔලිම්පික් එකේදි හෝමෝන් ටෙස්ට් වගේ දේවල් පමණක් නම් කරන්න හෝමෝන තෙරපි සහ අනෙකුත් දේවල් වලට ලක් වුනු/වෙන කෙනෙකුට නම් ඒකට අහු නොවී යන්න පුළුවන් වෙන්න ඇති (මම මේ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ, මම වැරදි වෙන්න පුළුවන්). නමුත් මේ අය මේල් හෝමෝන්ස් තිබෙන අය නිසා ශරීරය කාන්තාවන්ට වඩා ශක්තිමත්ව වර්ධනය වෙනව. එතන දි තමයි ගැටළුව එන්නෙ.

ක්‍රීඩා තරඟ වලට ආවම මේ වගේ පිරිමි ලක්ෂණ තියන කෙනෙකුගෙ ශක්තිය එක්ක (බොක්සිං නම් පංච් එකක් එක්ක) ගැටෙන එක පහසු නෑ. පෞද්ගලිකව සටන් කලා වසර ගණනක් හදාරන අතරතුර කළාතුරකින් මෙවන් අය හමුවෙනව. සමහරුන්ට අසාමාන්‍ය ශක්තියකුත් ධෛර්‍යයකුත් තිබෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියනව මේ පාර්ශ්ව දෙකට ම (මේ අය සහ මේ අය කාන්තාවන් එක්ක තරඟ වලට දැම්මම ඒ ප්‍රතිවාදීන්ට).

එතකොට මේ තරඟයට ආපු ඉතාලි කාන්තාව කලින් ම තමන්ගෙ රටේ සහ රසිකයන් විසින් demotivate කරපු බව කෝච් කියනව. ඉමේන් එල්ල කරපු පහරකින් නාසය බිඳුන් බව කිව්වත් කෝච් කියන්නෙ ඒක බලන්න ඕන කියල. එතනත් pre-judgement නැත්නම් නැඹුරුවක් පදනම් වුනු බිඳවැටීමක් කලිනුත් තිබිල තියනව කියල හිතෙනව. නමුත් ඇත්තටම ඇයට ඒ පහරවල් සැර වුනා වෙන්න හැකියාව තිබෙනව. මිට වඩා සාධනීය ලෙස මේක විසඳුනා නම් මම කැමති යි.

මේ කාරණය සෑහෙන විවාදාත්මක යි. විවාදයෙදි පිල් දෙකක් ඉන්නව. Genetic terms follow කරන පිරිස සහ ඊටවඩා කාරණා සංකීර්ණයි කියල දකින පිරිස. ජාන සම්බන්ධයෙන් බැළුවම නම් එහෙම inter එකක් නෑ තමයි. ජෙන්ඩ එක නම් එහෙම බයිනරි වෙන්නෙ නෑ. නමුත් කෙනෙක් හැදෙන්නෙ ජෛව, මනෝ, සමාජයීය සහ ආධ්‍යාත්මික (BPSS) වශයෙන් හරි ලොකු වෙනස්කම් අරගෙන නිසා මේ වගේ ප්‍රශ්න වලදි ඔවුන්ගෙ ලිංගික කාරණා සහ ජෙන්ඩ එක යන දෙකම සම්බන්ධ වේදනා සහ අයිතීන් ගැන කතා කරන්න වෙනව. අනික් අතින් ඒව නිසා වෙනත් කොටසකට එන ප්‍රශ්නත්, අගතීනුත් කතා කරන්න වෙනව. එතකොට සමහර දේවල් උභතෝකෝටික වෙනව. ඉදිරියේදි මේ කාරණා වඩා තුලිත වෙන්න දේවල් සකස් වේවි.

එතකන් ඔවැනි කාරණා එක්ක අපට ගනුදෙනු කරන්න වෙනව. එතන දි මේ පාර්ශ්ව වල අවස්ථා සහ ඛෙදයන් සම්බන්ධයෙන් සංවේදී වෙන්නත් වෙනව. මන්ද කාලයක් තිස්සෙ මේ කාරණා වලදි මේ පාර්ශ්ව අගතියට සහ විසුළුවට ලක් වෙනව (උදා.. ඉංදියානු මංගල උත්සව වලදි එහෙම නටන්න එන ට්‍රාන්ස් සෙක්ස් අයට සෑහෙන වද හිංසා වලට ලක්වෙනව, ලංකාව තුළ නම් එතරම් චන්ඩ නොවුවත් සමහර අවස්ථා වලදි ඔවුන්ට පහර දෙන සහ තාඩන පීඩන කරන අවස්ථා හමුවෙනව). ඔවුන් මේ කොටුවූ ජීවන කරළියෙන් එළියට ඇවිත් ක්‍රීඩා කරළියට එනකොට තවත් ප්‍රශ්නයක් මතු වෙලා. ඉමේන් හිතන් ඉන්නව මම කාන්තාවක් මට එහෙම ඉන්න පුළුවන් කියල. එකපාර ම යථාර්ථය උඩු යටිකුරු වෙනව. ඒක කෙනෙකුට සෑහෙන මානසික යුද්ධයක් වෙන්න පුළුවන් ජීවිත කාලය පුරා ම (ඇය මෙතන දි මේ සම්බන්ධයෙන් අනවබෝධයෙන් ඉන්නව නම්, එහෙම වෙන්න හෝ නොවෙන්න පුළුවනි, අපි දන්නෙ නෑ තවම).

Image Credit: India(.)com

10/04/2024

Seeking a career in Accounting and/or Finance? ගනකාධිකරණය් වෘත්තියකට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ සටහන එකතු කරනව...

-------------------
කෙටි හැඳින්වීමක්
-------------------

Accounting studies, career prospects, salary වගේ දේවල් ගැන ප්‍රශ්නයකට එකතු කරන සටහනක්. මේක Accounting රැකියාවක් බලාපොරොත්තු වන බොහෝදෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් නිසා පොදු අවකාශයකට එකතු කරනව. කෙටියෙන් කිව්වොත් අනාගයෙදි මේ රැකියාවෙ වැඩි අවශ්‍යතාවයක් ඇතිවෙන්න හේතුවෙන කාරණා ගණනාවක් තියනව. ඒ නිසා කෙනෙකුට රැකියාවක් උදෙසා ඇතුළු වෙන්න හොඳ පාත් එකක් තමයි මේ.

-------------------------------
අරමුණු, අභිමතාර්ථ සහ දිශානති
-------------------------------

Accouting නැත්නම් ගනකාධිකරණය ඉල්ලුම අඩු නොවෙන රැකියා පථයක්. නමුත් ඒකෙ දිශානතිය මේ වෙනකොට සෑහෙන වෙනසකට භාජනය වෙලා තියනව.

Sustainability, Social responsibility (budgeting), governance policies වල අවශ්‍යතා, risk assessment analysis/predictions, Blockchain/Crypto era, Metaverse, AI/Automation වගේ දේවල් එක්ක clear-cut රෝල්ස් ඇවිත් තියනව අකව්න්ටිං සහ විශේෂයෙන් ම ෆයිනෑන්ස් සෙක්ට එකේ. ESG තමයි නවමු ට්‍රෙන්ඩ් එක. එතනදි environmental, social, and governance තුනම සමබර කරගන්න key role එකක් play කරන්න වෙනව ගනකාධිකාරිවරයෙකුට. දත්ත සහ automations වගේම ඒ අයි වල ආගමනය වගේම Blockchain වගේ වෙනත් fields නිසා සාම්ප්‍රදායික ගනකාධිකාරිලගෙ slow phase එකෙන් නැගිටල අළු ගසල දාල එන්න අවශ්‍ය වෙනව. මේ නව ප්‍රවනතා සහ තාක්ෂණික හැදෑවීම වගේම වේගවත් යාවත්කාලීන වීම අවශ්‍ය පථයක් නිසා කම්මැලි කෙනෙකුට ඉස්සර වගේ පොත් වල ගණන් ලියල ඒක හදල, balance කරල නවතින එකෙන් ලොකු පිම්මක් පනින්නත් වෙනව.

Asia Pacific region එකේම 2024 office careersවලදි ගනකාධිකරණය අංක එකේ ඉල්ලුම තියන රැකියාව විදියට හඳුනාගෙන තියනව. Remote jobs වලින් ඉතා ඉහළ ඉල්ලුමක් ගනකාධිකාරිවරුන්ට තියනව.

---------------------------------------------------------------------
සාම්ප්‍රදායික ගනකාධිකරණයේ සහ කලමනාකරණ ගනකාධිකරණය අතර වෙනස්කම්
---------------------------------------------------------------------

Management Accounting සහ සාම්ප්‍රදායික ගනකාධිකරණය අතර විශාල වෙනසක් තියනව. ඒකත් වැදගත් කාරණයක්. දත්ත විශ්ලේෂණය කරල ෆෝකාස්ටිං සහ බජටිං කරන්න, ඒ හරහා තීරණ ගන්න උපකාර කරන්න ෆයිනෑන්ෂල් පෆෝමන්ස් සම්බන්ධ කටයුතු කරන්න, කොලිටේටිව් සහ කොන්ටිටේටිව් ස්ටඩීස් කරන්න වගේ වෙනස් දේවල් කරන්න වෙනව. අවශ්‍ය ඕනම වෙලාවක මේ ක්ෂේත්‍රයට අදාළ වෙන හෝ විශේෂිත කාර්‍යයන් වෙනුවෙන් උපකාර කරන්නත් වෙනව. ආයතනික ව්‍යාපාරික මොඩලය දන්නා, ක්‍රමෝපාය හොඳින් දන්නා, සහ ව්‍යාපාරයෙ තරඟාකරී ස්ථානය දන්නා කෙනෙක්. ඒ අනුව advising, decision making, forcasting සියල්ල කරන්න හැකියාවක් තියනව.

--------------------------------------------
උපාධියක් ද වෘත්තීය සහතිකයක් ද වඩා හොඳ?
---------------------------------------------

Accounting වලදි උපාධියක් ගන්න හිතන කෙනෙකුට BBA ද BS ද කියන ප්‍රශ්නය එන්න පුළුවන්. CPA (Certified Public Accountant), Auditing, Forensic Accounting වගේ ෆෝක්ස්ඩ් ඒවට යන්න නම් BS වඩා හොඳයි. BBA වඩාත් වැදගත් වෙන්නෙ ව්‍යාපාර කලමනාකරණය සම්බන්ධයෙන් ෆෝකස් එකක් තියනවනම්.මේ දෙකේම top up උපාධිත් ගන්න පුළුවන් (ලංකාවෙත්).
A Guide: https://www.collegevaluesonline.com/faq/what-is-the-difference-between-a-bba-in-accounting-and-a-bs-in-accounting

එහෙම නැතිව AAT වගේ පාරකින් එන කෙනෙකුට work experience එක්ක CIMA වගේ ඉතාම හොඳ ජාත්‍යන්තර ඉල්ලුමක් තියන වෘත්තීය සහතිකයක් ගන්නත් පුළුවන්. CIMA වගේ awarding/certifying/accrediting bodies කීපයක් තියනව.

CIMA විශේෂයෙන් focus කරන්නෙ management accounting/business strategy කොටස. ACCA accounting/Auduting/Finance focus කරනව. Business leadership role එකක් අරමුණූ කරනව නම් CIMA කරන්න පුළුවන්. CMA(US region), CIMA (Europe/Asiapacific/Commonwealth) විදියට හඳුනගන්න පුළුවන්. CMA කියන්නෙ ඊටවඩා තරමක් පහසු පාරක්. CMA වලට BSc එකක සහ කොටස් දෙකක විභාගයක් තියනව, නමුත් CIMA වලදි විභාග 15ක් එක්ක අවුරුදු 3ක වගේ රැකියා අත්දැකීමක් සමග endorsement අවශ්‍ය වෙනව.

------------------------------------------
කුමන ආකාරයේ රැකියා අවස්ථා තියනව ද?
-------------------------------------------

මේ ක්ෂේත්‍රයට එන අයට Corporate Controller, Director of Finance/CFO, Comptroller (ගිණුම්කරණයේ සහ මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මක බව අධීක්ෂණය කරයි) වගේ Top Level positions වලට යන්න පුළුවන් කාලය සහ අත්දැකීම් එක්ක. CPA, Acc.Manager, Financial Analyst, Acc. Administrator, Charted Accountant, Auditor, Forensic Accountant (අපරාධ පිළිබඳ සාක්ෂි සඳහා මූල්ය වාර්තා සහ ගිණුම් විශ්ලේෂණය කරයි), Actuary (ආයතනික විනිශ්චිතතා/අවදානම් සම්බන්ධ පිරිවැය විශ්ලේෂණය කරයි), Arbitrator (dispute resolution), Economist, Mortage advisor, Procurmant Manager, Banker, Appraiser, Tax Advisor, Compliance Officer, Business Consultant, Book Keeper, වගේ රැකියා ගණනාවකට ප්‍රවේශ වෙන්න පුළුවන්. හොඳ වේතන ලබාගන්නත් පුළුවන්.

-------------------------------------
Finance කියන්නෙ වෙනස් පථයක් ද?
-------------------------------------

Accounting focus එක එක්කම හෝ සමාන්තරව යන Finance කොටස ගැන කතා කළොත් මේ වෙනකොට විශාල වෙනස්කම් වෙලා තියනව සාම්ප්‍රදායික ක්‍රමවේද වලට එහායන. ඊට පළමුවෙන් මේ දෙකේ වෙනස වටහාගන්න ඕන.

Accounting ක්ෂේත්‍රයෙ අරමුණ ආයතනයක සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රමානුකූලව ගනුදෙනු සහ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය/විශ්ලේෂණ/වාර්තා කිරීම. Finance ක්ෂේත්‍රය තුළ වත්කම්, කොටස්, වගකීම් කලමනාකරණය මූලික වෙනව. ඒ එක්කම accounting වලදි අපි ඉලක්ක කරන්නෙ realtime
මූල්‍ය තත්ත්වය්න්. අනෙකෙදි අනාගත කාර්‍යක්ෂමතාව ඉලක්ක කෙරෙනව. අවදානම් විශ්ලේෂණය, කලමනාකරණය, ප්රාග්ධන අයවැයකරණය වගේ කාරණා සහ තාක්ෂණික කාරණා සමුදායක් Finance කොටසට එක් වෙනව.

ගෝලීය වශයෙන් Fintech සහ Digital Banking sectors වල වේගවත් සංවර්ධනය, පරිගනක ආරක්ෂණය, AI/ML (Machine Learning), ESG goals, Compliance changes, Blockchain/Crypto වගේ කාරණා එක්ක ඉතා හොඳ ඉල්ලුමක් මේ ක්ෂේත්‍රයෙ ඇතිවෙලා තියනව. Digital Enablement/Integration/Security, Predictions, Forcasting, Risk Management කියන කාරණා critically අවශ්‍ය වෙන කාලයක් නිසා ඒ සම්බන්ධ විශේෂිත රැකියාත් බිහිවෙමින් යනව. අධ්‍යාපනික වශයෙන් Stats, Maths, Business Management, Accounting එකතුවකින් මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්.බොහෝවිට Accounting/Finance දෙකම Accounting සම්බන්ධ උපාධි වලිනුත් යම් මට්ටමකට හදාරනව. විශේෂිත (specialized) උපාධිත් ලබාගන්න පුළුවන්. CFA (Chartered Financial Analyst) වගේ පාඨමාලාවක් කරන්න හිතන කෙනෙකුට පහත යොමුව වැදගත් වේවි.
https://www.zelleducation.com/blog/cima-vs-cfa/
Sri Lankan CFA Society: https://cfasocietysrilanka.org/

---------------------
අනාගතය?
---------------------

CIMA aඅයතනය විසින් පළකරන ලද පර්‍යේෂණයක් තමයි Future of Finance 2.0 - Insights into an evolving finance profession කියන්නෙ. මේ resources හදාරන එක ඉතාම වැදගත් වෙනව මෙරට හෝ පිටරට Accounting/Finance රැකියාවක් අරමුණු කරන කෙනෙකුට.
Link: https://www.aicpa-cima.com/resources/landing/future-of-finance-2-0

මේ ඕනම රැකියාවක් දුරස්ථාව කරන්න හැකියාව මේ වෙනකොට තියනව.

-------------------------------------------
මෙරට සහ පිටරට රැකියා තනතුරු සහ වේතන
--------------------------------------------

මේ සම්බන්ධ මෙරට සහ ජාත්‍යන්තර වේතන වල යොමු පහතින් බලන්න පුළුවන්. General accounting සහ specific roles වල විස්තර තියනව ආශ්‍රිත යොමු වල.

Sri Lanka:
- https://www.payscale.com/research/LK/Job=Accountant/Salary
https://www.glassdoor.com/Salaries/sri-lanka-accountant-salary-SRCH_IL.0,9_IN45_KO10,20.htm
- https://www.glassdoor.com/Salaries/sri-lanka-accounting-manager-salary-SRCH_IL.0,9_IN45_KO10,28.htm

US: https://www.glassdoor.co.in/Salaries/united-states-accountant-salary-SRCH_IL.0,13_IN1_KO14,24.htm
Europe: https://www.glassdoor.co.uk/Salaries/accountant-europe-salary-SRCH_KO0,17.htm
Aus: https://www.glassdoor.com.au/Salaries/accountant-salary-SRCH_KO0,10.htm

Finance (Analyst)
Sri Lanka: https://www.glassdoor.com/Salaries/sri-lanka-financial-analyst-salary-SRCH_IL.0,9_IN45_KO10,27.htm
USA: https://www.glassdoor.com/Salaries/finance-salary-SRCH_KO0,7.htm
UK: https://www.glassdoor.com/Salaries/london-financial-analyst-europe-salary-SRCH_IL.0,6_IM1035_KO7,31.htm
Aus: https://au.talent.com/salary?job=finance

-----------------------------------------------------------------
Best Remote Job Searching Sites for Accounting/Finance:
-----------------------------------------------------------------
- Indeed
- Flexjobs
- LinkedIn
- Remote.co
- Upwork

Image Credit: AIMST University

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo