13/04/2026
ඔබේ දියුණුව, ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ ආරම්භ කරපු විවිධ දේවල්, පුරුදු හා routines බවට පත් කරගන්නේ නැතිව අතරමග නවත්වලා තියෙනවාද?
නැවත වරක් ඒ විදිහට දේවල් අතරමග නවත්වන්නේ නැතිව ක්‍රමිකව ඔබේ ඉලක්ක කරා වැඩ කරන්න උදව් වෙන mind set එක හදා ගන්න පාර පෙන්වන framework එකක් තමයි The Goldilocks Rule එක.
මේක නිර්මාණය කරලා තියෙන්නේ The Goldilocks Story කියන fairy tale එක ඇසුරෙන්. ඔබට පුලුවන් ඒ කතාව පොඩ්ඩක් google කරලා බලන්න.
කොහොමහරි The Goldilocks Rule එකෙන් කියන්නේ මිනිස්සු දේවල් අත හරින්නේ නැතිව කරගෙන යන්නේ ඒ කරන කාර්යය ඒ පුද්ගලයාට ගැලපෙන ප්‍රශස්ථ මට්ටමක අමාරු කාර්‍යයක් වුනාම කියන එක.
- Too Hard - Frustration
යම්කිසි කාර්‍යයක් පුද්ගලයෙකුට ඉතාම අමාරු වෙනකොට සිදුවෙන්නේ ඔහු ඒ ගැන frustrated වෙලා එම කාර්‍යය කරන එක නවත්වන එක.
- Too Easy - Boredom
ඒ වගේම යම්කිසි කාර්‍යයක් ඉතා පහසු වෙනකොට ඉතාම ඉක්මනින් එම කාර්‍යය කෙනෙකුට නීරස හා කම්මැලි කාර්‍යයක් බවට පත්වෙනවා
- Just Right - Motivation and Growth
නමුත් යම් කාර්‍යයක් කෙනෙකුට ගැලපෙන විදිහේ ප්‍රශස්ථ මට්ටමක අමාරු කාර්‍යයක් වෙනකොට ඔහු අභිප්‍රේරණයෙන් යුතුව එම කාර්‍යය දිගටම කිරීමේ සම්භාවිතාවය ඉතාම වැඩියි
මේක අපි උදාහරණයකින් පැහැදිලි කර ගත්තොත්, හිතන්න ඔබට ටෙනිස් ක්‍රීඩාව පුරුදු වෙන්න අවශ්‍යයයි කියලා. ඔබ ඒ සඳහා අවුරුදු හතරක පහක දරුවෙක් එක්ක ටෙනිස් ක්‍රිඩාව පුරුදු වෙන්න ගියොත් ඔබට ඔහු සමග ක්‍රීඩා කිරීම ඉතා පහසු නිසා ඔබට ඉතාම ඉක්මනින් එම කාර්‍යය නීරස වෙනවා.
ඒ වගේම ඔබ ඒ සඳහා Roger Federer වගේ ක්‍රීඩකයෙක් එක්ක පුරුදු වෙන්න ගියොත් ඔහු සමග ක්‍රීඩා කිරීමේ ඇති අපහසුව නිසාම එම කාර්‍යය එපාවීම සිදුවෙනවා.
නමුත් ඔබ ඒ සඳහා ඔබ වැනිම හැකියාවන් තියෙන කෙනෙක් සමග පුරුදු පුහුණු වෙන්න පටන් අරගෙන, ක්‍රමයෙන් තරඟ කරමින් ඉදිරියට ගියොත් ඔබට එම කාර්‍යය අඛණ්ඩව කරගෙන යන්න පුලුවන්.
ඒ නිසා හැම වෙලේම ඔබ පුරුදු හා ඉලක්ක වෙනුවෙන් actions හදා ගන්න කොට, ඒ actions ඔබට achive කරන්න පූලුවන් මට්ටමේ difficulty level එකක් ඇතුලේ හදා ගන්න. එහෙම කලොත් ඔබට පුලුවන් motivation එක තියාගෙන ඔබට අවශ්‍ය විදිහට grow වෙන්න.
එහෙම නම් මතක තියා ගන්න, Not too hard, Not too easy, Just the right level. 💪🔥
ජයවේවා!
උ.ගැ.
මධුර අමරසිංහ