මම හොයන ජීවිතේ

මම හොයන ජීවිතේ

Share

ජීවිතය තමන් කැමති දිශාවට හරවාගැනිමට උවමනා අය සඳහා. Our Philosophy -
To Serve The Society By HELPING People Succeed

27/02/2026

ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.
සමහර වෙලාවට බොහෝ අසීරු අවස්ථාවන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

ඒ වෙලාවට අපි මානසිකව කඩාගෙන වැටෙනවා.

සමහරවිට අපි ජීවිතයෙන් පැනලා යන්න උත්සාහ කරනවා.

විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් එල්ලකරනවා.

ඒ හැම දේකින්ම සිද්ධවෙන්නේ අපි තව තවත් පහලට ඇදවැටෙන එකයි.

තව තවත් විසඳුමෙන් ඈත්වෙන එකයි.

මානසිකව ව්‍යාකූලත්වයට පත්වෙන එකයි.

ඒ නිසා, විශ්වයේ පොදු ධර්මතාවය වන, අවිනිශ්චිත ස්වභාවය පිලිගන්න.

ඒක බාරගන්න.

ඒ හරහා ඉදිරියට ගමන් කරන්න..

එවිට ඔබ හොයන මානසික සැනසීම ඔබට ලැබේවි❤️🤝

26/02/2026

ඔබේ හොඳම ගුරුවරයා, ඔබේ හොඳම මිතුරා, ඔබේ හොඳම ආදරවන්තයා ඔබමයි ❤️🤝💯

20/02/2026

බාහිර පුද්ගලයින්ගේ ඇස්වලින් ඔබව හඳුනා නොගෙන, සැබැවින්ම ඔබ කවුරුන්ද යන වග ඔබ තුලින්ම හඳුනා ගන්න.

ඔබ ගැන අන් අය දරන මතයන්, විනිශ්චයන් හා විශ්වාසයන් ඉවත දමන්න.

මේ ලෝකයට ඔබව අවශ්‍ය නිසයි ඔබ වැනි කෙනෙක් නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ නිසා, ඔබව සම්පූර්ණයෙන්ම පිලිගන්න.

ඔබව බාරගන්න.

ඔබ තුල පූර්ණව ජීවත් වෙන්න..❤️

19/02/2026
18/02/2026

අපි මේ හැම දෙයක්ම කරන්නේ, සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න නේද?

එහෙනම්, ජීවත්වීම සඳහා කිසිවෙකු අනුකරණය කරන්න එපා..

මොකද, ජීවත් වෙන්න ඕනි මෙන්න මෙහෙමයි කියලා නිශ්චිත ආකෘතියක් හෝ හැඩයක් ලෝකේ කොහෙවත් නැහැ.

තවත් කෙනෙකුගේ ජීවිතයක් අනුකරණය කරන්න යාම තුල විඩාවට පත්වෙන්නේ ඔබමයි.

එහෙම උනහම ඔබට ඔබේ ජීවිතය අහිමි වෙනවා

ඒ නිසා, ඔබ කැමති, ඔබට පහසු ජීවිතය සොයාගන්න.

කවදාවත්, අන් අයගේ ජීවිත සමඟ ඔබේ ජීවිතය සංසන්දනය කරන්න යන්නත් එපා.

ඔබේ ජීවිතය දැනෙන්නේ ඔබට විතරයි.

එය වෙනත් කෙනෙකුගෙන් අසා දැනගන්න පුලුවන් දෙයක් නෙවෙයි.

එය වෙනත් කෙනෙකුගෙන් කොපි කරන්න පුලුවන් දේකුත් නෙවෙයි.

ඔබ ඔබේ ක්‍රමයට ජීවත් වෙනකොට, අන් අය ඔබට විවිධ ලේබල් අලවාවි.

ඔබව විනිශ්චය කරාවි.

නමුත් එවාට නොසැලී ඔබේ ජීවිතයට අවධානය යොමුකරන්න...

මොකද, අවසානයේ ඔබේ ජීවිතයට වගකියන්න වෙනත් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ..

15/02/2026

දවසකට අපි කොච්චර නම් සිංදු අහනවද?

ඒ සිංදු අතරේ, ඉතාම අභියෝගාත්මක හා කාර්‍යබහුල අපේ ජීවිතය, නොසැලී ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න හොඳ ප්‍රායෝගික උපදේශයන් ලබාදෙන සිංදුත් තියෙනවා.

අප අතරින් වියෝවූ , ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා ගායනා කරන " සංගීත සාගරේ" කියන සරල ගීතය එවැනි ගීතයක්.

එහි අන්තරා කොටසේ තියෙනවා මෙන්න මේ වගේ හරි අපූරු උපදේශයක්....

සිතට වහලෙක් නොවේ නම්
කිරුළු පළඳයි ලොවේ
ඉක්මන් සුවේ සොයා යයි
ගැඹුරු අවපාතයේ
ඈත දුර ගැන සිතා සිත් පහන් වේවි නම්
ජයමාවතයි....

ඇත්තටම ජීවිතේ වරද්දගත්ත හැම අවස්ථාවකම, අපි කොච්චර නම් ඒ ගැන පසුතැවෙනවද?

කම්පා වෙනවද?

දුක් වෙනවද?

අනේ එහෙම නොවුනානම්, කොච්චර හොඳඳ කියලා තමන්ටම කියාගන්නවද?

නමුත්, ආපසු හැරිලා බැලුවොත් අපිට පේනවා, ඒ මොහොතේ අපි හිතට ( මනසට) වහල් වෙලා, හිත කියපු කියපු දේ කලා කියලා.

හිත කියපු විදිහට ඉක්මන් සුවය ( ආශ්වාදය) හොයාගෙන, පතුලක් නැති ගැඹුරු අවපාතයකට ගියා කියලා.

දෙයක් කරන්න කලින්, තීරණයක් ගන්න කලින්, දුර බලන්නේ නැතුව, හිත කියපු හැඟීම් වලට වහල් වෙලා තීරණ ගත්තා කියලා...

ඒ නිසා දෙයක් කරන්න කලින්, විචාර බුද්ධිය පාවිච්චි කරලා, හොඳට දුරදිග බලලා, තමන්ටත්, අනුන්ටත් වැඩදායක ලෙස කටයුතු කලොත්, තමන්ගේ ජය මාවත කරා යන්න පුලුවන් කියලා මේ ගීතයෙන් කියවෙනවා.

ඉතිං මේ වගේ අපේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න පුලුවන් අර්ථවත් ගීත ගොඩක් තියෙනවා.

ඒ වගේම හිතට වහලෙක් නොවී ජීවත් වෙන්නේ කොහොමද ?

මොනවද අපි කරන්න ඕනි කියලා ඉදිරියෙදි කතාකරමු.

ස්තූතියි! ❤️🙏

12/02/2026

ජීවිතයේ තනිකම, පාලුව කියන්නේ අපිට උරුම දෙයක්...

නමුත් අපි ඒ තනිකමට, පාලුවට අකැමැතියි.

අපිට ඒක දරාගන්න අමාරුයි.

ඒ නිසා අපි ඒකෙන් පැනලා යන්න එක එක දේවල් කරනවා.

නමුත් අපි කොච්චර උත්සාහා කලත්, ඒ තනිකම පස්ස දොරෙන් අපේ ජීවිතයට ආයෙත් ඇතුල් වෙනවා.

අපිට ඒකෙන් කවදාවත් ඇත්තටම පලායන්න බැහැ.

අපිට කරන්න පුලුවන් එකම දේ, ඒක තාවකාලිකව යටපත් කරගෙන ඉන්න එක විතරයි.

01/06/2023

ගිනුකූරක් තුල ගිනිගැනීමට අවශ්‍ය සියලු සාධක තිබුනත්, ගිනිකූරට තනිවම ගිනිගන්න බැහැ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo 05
Colombo