SL Lover Info

SL Lover Info

Share

Welcome To SL Lover Info..

04/03/2026

උපාසක අම්මේ....😓🤌


゚viralシ fans

24/02/2026

තාත්තලා ❤️💐



fans

29/01/2026

බොරු කරන්න දන්නෙවත් නැති ආත්ම ❤️🐕🐶❤️







fans

28/01/2026

Men are Simple... ✊❤️



fans

23/01/2026

කැට නැති
ආධාර පත්‍ර නැති
ශබ්ද විකාශන නැති
හේවිසි නැති
බෙර නැති
නැට්ටුවන් නැති
ධාතු කරඬු නැති
ධජ පතාක නැති
V8 නැති
බුදු පිළිම නැති
සිංහල බෞද්ධ නැති
වියට්නාම් බෞද්ධ නැති
ඇමරිකන් බෞද්ධ නැති
බුදු පණිවිඩය ඇති
සැතපුම් 2300
සාම පාගමන
සාදරයෙන් පිලිගන්නා
කළු, සුදු, දුඹුරු ,ඇමරිකානුවෝ


fans

Photos from SL Lover Info's post 04/01/2026

Walk For Peace - සාමයේ පාගමන. ❤️💐

දැන් මාස දෙකක් තිස්සේ සංඝයා වහන්සේ පිරිසක් ඇමරිකාව හරහා පාද චාරිකාවේ යෙදෙනවා. මෙය කිලෝ මීටර් 3700 කට වඩා වැඩි දුර ගමනක්.

බොහෝ සංඝයා පාංශුකූල සිවුරු පමණක් දරාගෙන පාවහන් හෝ නොපැලඳයි මේ ශීත කාලයෙත් පා ගමනේ යන්නේ. මෙය ඇමරිකානුවන් කිසි දා දැක නොතිබූ දෙයක්. ඒ නිසා බොහො පිරිස් හුදු සංඝයා දැක ගැනීම පිරිස දින පතා මග දෙපස දහස් ගණනින් මෙසේ රැස් වෙනවා. සමහරු දන් පැන් පවා පූජාකරගන්නවා. සාදු සාදු කියන්න ඔවුන් දන්නෙ නෑ; ඒ නිසා ඔවුන් මග දෙපස සිට චියර් කරනවා.

සංඝයා වහන්සේ 20 නමකින් ඇරඹි මේ ගමනේ මුලදී අවසනාවන්ත සිදුවීමක් වෙනවා. කාර් රථයක් පා ගමනේ යෙදෙන සංඝයාගේ ගැටිලා එක නමකගේ කකුලක් ඉවත්කිරීමට පවා සිදු වෙනවා. එහෙත් උත්සාහය අත නොහැරි ඉතිරි 19 නම දිගටම පා ගමනේ යෙදෙනවා. රටේම මාධ්‍ය අවධානය පා ගමනට එන්නේ මේ සිදුවීමෙන් පස්සේ. ඊයේ වෙද්දී පා ගමන ඇට්ලන්ටා නගරයට සේන්දු වෙනවා.

මේ පාගමනට "Aloka" නමින් හැදින්වෙන සුරතල් බල්ලෙකුත් එක්ව සිටින අතර මේ සුරතලා නිසාම මේ පාගමන ගැන ඇමරිකානු සමාජ මාදය තුල දැඩි ආකර්ෂණයක් එල්ලවී තිබෙනවා
.

.
උපුටාගැනුනකි 💐❤️

31/12/2025

අම්මේ....... දුවපාන්න්න්න් 😁 පවු හැබැයි.. 🥲🥲



Facebook උපුටාගැනුනකි .
゚viralシfypシ゚viralシ

30/12/2025

පාන්දර 2:10යි වෙලාව.. මොනරාගල කොලබ බස් එකේ උන සීන් එකක්.. ඔය පහල photo එකේ ඉන්න කොල්ල 3 සීට් එකක මැද ඉදගෙන හිටියෙ. ජනේලෙ පැත්තෙ අන්කල් කාරයෙක් හිටිය.මේ කොල්ල ලගින් ඖරුදු 17/18/19ක වගේ කෙල්ලෙක් ඉදගත්ත කෙල්ලගෙ අම්ම ඊට ඉස්සරහින් සීට් එකේ ඉදගත්තෙ.ටික දුරක් යනකොට අර කෙල්ලට නින්ද යනව දෙතුන් පාරක් කොල්ලගෙ ඇගට වැටුන කෙල්ලට හෙන ඖල් ඉතින් කරගන්න දෙයක් නෑ.මේකි කොච්චර try කරත් අරූගෙ ඇගටම වැටෙනව නින්ද ගිහින්..අඩෝ ටික දුරක් ගිහින් කොල්ල ඉස්සරහ සීට් එකේ හිටිය කෙල්ලගෙ අම්මට කතා කරල ඌ ඉන්න තැනට එන්න කියල මූ ඉස්සරහ සීට් එකට ගියා කියහන්කෝ..අඩෝ උබ සුපිරිම කොල්ලෙක් බන් මට ඒකයි කියාගන්න ඕන උනේ...අසහන කාර මෝඩ කැ #යො බස් වල පිස්සු කෙලින සමාජෙක උබ එලකිරි කොල්ලෙක් බන්...අන්තෙටම වැටුනත් කවදාවත් උබ හිතන විදිය වෙනස් කරගන්නෙපා මචන් මාර ලස්සනයි උබ හිතන විදිය උබට ජය🤝❤️


උපුටාගැනුනකි ❤️
fans ゚viralシfypシ゚viralシ

29/12/2025

❗️කරුනාවන්ත නිවසක් සොයමි ❗️
A kind Home❗️
FREE❗️

මෙයාගෙ නම Leo. වයස මාස 2යි. ජර්මන් ශෙපර්ඩ් වර්ගයෙ. (German shepherd) මං ගත්තෙ රු 30,000 කට.

මෙයාව මං ගත්තෙ මගෙ Husband ට , birthday එකට එයාව Surprise කරන්න එයාට දෙන්න. 😥

ඉතින් එයාගෙ Birthday එක තිබ්බා, මං එයාව surprise කරා... 🙂 ඒත් මාර වැඩේ , එයාට බල්ලො ඇලජික් ලු. මං දැනුයි ඒක දැනගත්තෙ 😥😥

ඉතින් ඒ නිසා මං දැන් එයාව බාරගන්න පුලුවන් කරුනාවන්ත නෝනා කෙනෙක් හොයනවා.. ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ට දෙනවා .... 😥

ඔයාට වැඩි විස්තර ඔනේ නම් :

වයස 28යි, එයාට සාමාන්‍යයෙන් උයන්න පුලුවන් , ගෙදර වැඩත් ටිකක් පුලුවන් , හරිම කීකරුයි, කෑගහන්නෙ රන්ඩු වෙන්නෙ නෑ. ටිකක් බොනවා.. බිවුවට රන්ඩු කරන්නෑ.
එකම අවුල , බල්ලොන්ට ඇලජික් වීම පමනයි..!!

ඉතින් කරුනාවන්ත නෝනා කෙනෙක් ඉන්නවා නම් හස්බන්ව අරන් යන්න.. 😌
(සල්ලි එපා)

බල්ලා දෙන්නෑ 😁

©️

25/12/2025

හොද බිරිදක් 😬😬
හස්බන් ගෙදර එන්න පරක්කු වෙනවද ? ⁣කරල බලන්න 😂👍


゚viralシfypシ゚viralシ

Photos from SL Lover Info's post 21/12/2025

සිරිමාවෝ විද්‍යාලයේ ළමයෙක්ට සිදු වුන අසාධාරණය ගැන මීට කලින් දාපු පෝස්ට් එක සෑහෙන්න ශෙයා වෙලා තිබුනා. ඒ වගේම තව හුගක් තැන්වල මේ වෙද්දි ඒ ගැන කතා වෙනවා දැක්කා. ඒත් ඒ අතරේ වැරදි විදිහට අර්ථකථනය කරමින් යන දෙයක් නිවරදි කිරිම පිණිසයි මේ පෝස්ට් එක දාන්නෙ.

චනිත්මාට ලැබෙන්න තිබුන සම්මානය රියසල් නොපැමිනීම නිසා ඇයට නොදි ඉන්න තිරනය කරා කියල තමයි පාසලේ විදුහල්පතිනියට ඇය වේදිකාවේ චෝදනා එල්ල කරන්නේ.

ඒ වගේම ඒ අවස්ථාවේ ඇයගෙ සුදුසුකම් ගැන ඇය කියද්දි 'සුවනියර් එකේ තියෙනවා බලන්න..' කියල කියනවා. පහල මුලින් තියෙන්නෙ චනිත්මාගේ පිටුව. ඊලගට තියෙන්නෙ නබාශිගෙ පිටුව.

මෙතන නිවරදි කල යුතු කාරණය තමයි චනිත්මාගෙන් උදුරගන්න සම්මානය ලබාදෙන්නෙ නබාශිටය.. ඇය ඒකට ඩිසර්ව් නැහැය.. වගෙ පෝස්ට් ශෙයා වෙන එක. ඒක ඉතාමත් වැරදි. ඇයිද කියල තේරුම් ගන්න මේ පොටෝ දෙක හොඳින් බලන්න.

චනිත්මාට සිදු වුණ අසාධාරණය ගැන අනිවාරෙන් පරීක්ෂණයක් කරල ඒ සම්බන්ධයෙන් පියවර ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි ඒ පෝස්ට් එක දැම්මේ. ඒ වගේම ඒ අස්සෙ තව ළමයෙක් පීඩාවට පත් කරන මුග්ධ වැඩේ නොකර ඉන්න කියල ඉල්ලනවා. මොකද නබාශි කියන්නෙ දක්ෂ ළමයෙක්. ඇයටත් සම්මානයට පාත්‍ර වීම සදහා සුදුසුකම් තියෙන බව තමයි මේ පහල පොටෝව සාක්ෂි දරන්නේ.

චනිත්මා දක්ෂයි. ඒ වගේම නබාශිත් දක්ෂයි. අසාධාරණය වෙලා තියෙන්නෙ චනිත්මාට රියසල් නොපැමිනීම නිසා සම්මානය ලබා නොදීම මිසක් චනිත්මට ලැබිය යුතු එකක් නබාශිට ලැබුනාය කියලා නෙමෙයි. ඒ නිසා ඒ ළමයා වින්දිතයෙක් නොකර කරුණාකර මේක හරි තැනින් අල්ලගන්න..

මොකද මේ හැමෝම ළමයි!!



fans ゚viralシfypシ゚viralシ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo