25/09/2025
🛑2025/09/24 දින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ බලධාරීන් සමග අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ ශිෂ්‍යයන් සාකච්ඡාවක් සිදු කරන ලදී.මෙහිදි මේ වන විට උසස් තාක්ෂණ ආයතන කිහිපයක තිබෙන පොදු ගැටලු කිහිපයක් සාකච්ඡා කරන ලදී.
🛑මෙම සාකච්ඡාවේදී දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ,රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ,නුවර උසස් තාක්ෂණ ආයතනයේ, කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ හා කෑගල්ල උසස් තාක්ෂණ ආයතනයේ මේ වනවිට පවතින ගැටලු සාකච්ඡා කරන ලදී.
🛑 දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ ගැටලු ලෙස,
⭕මේ වන විට සිදුකර ඇති පන්ති තහනම ඉවත් කිරීම පිළිබඳ.
⭕පැරණි නේවාසිකාගාරය ශිෂ්‍ය අයිතියට පත් කිරීම.
⭕ආයතනය තුළ මේ වනවිට පවතින සුභසාධන ගැටලු(ක්‍රීඩා පහසුකම් නොමැති වීම,දේශන ශාලා පහසුකම් නොමැති වීම,ආපනශාලා පහසුකම් නොමැති වීම.)
⭕මේ වනවිට විට ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීමේ දී සිදුකර ඇති ශිෂ්‍ය කප්පාදුව.
🛑රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ ගැටලු ලෙස,
⭕නිශ්චිත ආපන ශාලාවක් නොමැති වීම.
⭕පරිගණක ශාලාවල ඇති පරිගණක ප්‍රතිසංස්කරණය කිරීම්.
⭕ආයතනය තුළ පවතින සුභසාධන ගැටළු.
⭕නේවාසිකාගාර නොමැතිවීම.
🛑නුවර උසස් තාක්ෂණ ආයතනයේ ගැටලු ලෙස,
⭕ආයතනයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පවතින දුර්වලතා.
⭕දේශන ශාලා වල ඉඩ ප්‍රස්ථාව ප්‍රමාණවත් නොමැති වීම.
⭕පුස්තකාල පහසුකම් ප්‍රමාණවත් නොවීම.
⭕නේවසිකාගාර පහසුකම් නොමැතිවීම.
🛑කෑගල්ල උසස් තාක්ෂණ ආයතනයේ ගැටලු ලෙස
⭕නේවාසිකාගාර පහසුකම් නොමැති වීම.
⭕දේශන ශාලා පහසුකම් අඩුවීම.
⭕ක්‍රීඩා උපකරණ නොමැති වීම.
⭕ශිෂ්‍යයන්ගේ නිදහස නැතිවන අන්දමින් පරිපාලනය සිදුකරන ක්‍රියාවන්.
🛑කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ගැටලු ලෙස,
⭕ආපනශාලා පහසුකම් නොමැතිවීම.
⭕පැරණි ආපනශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
⭕ක්‍රීඩා පිටියක් නොමැතිවීම.
⭕ශිෂ්‍ය නිදහස නොමැතිවන අන්දමින් පරිපාලනය සිදුකරන ක්‍රියාකාරකම්.
🛑මීට අමතරව උසස් ජාතික ගණකාධිකරණ ඩ්ප්ලෝමා පාඨමාලාවේ පොදුවේ පවතින ගැටලු ලෙස,
⭕පුහුණු කාලය හතරවන වසරේ සිට සිදුවීම.
⭕යල් පැනගිය මෘදුකාංග විෂය පථය තුළ ඉගැන්වීම.
⭕මහපොළ ශිෂ්‍යාධාරය කඩිනමින් ලබා නොදීම වැනි ගැටලු සාකච්ඡා කරන ලදී.
පැවති සාකච්ඡාවේදී සඳහන් කරන ලද උසස් තාක්ෂණ ආයතන වල පවතින ගැටලු පුළුල්ව සාකච්ඡා කරන ලදී. මේ පිළිබඳව අදාළ උසස් තාක්ෂණ ආයතනවල අධ්‍යක්ෂකවරුන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයට සිකුරාදා දින කැඳවා සාකච්ඡා කරන බවත් ඉතා ඉක්මනින් මෙම ගැටලු සඳහා නිශ්චිත විසඳුම් ලබා දෙන බලධාරින් පවසන ලදී.
🛑මෙම ගැටලු සඳහා ඉදිරියේදී නිශ්චිත විසඳුම් ලබා නොදුන්නහොත් අප අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව හා ශිෂ්‍ය බලවේග සමග එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මින් අවධාරණය කරන්නෙමු.
🛑මෙම ගැටලු පමණක් නොව අනිකුත් උසස් තාක්ෂණ ආයතන වලද ගැටලු පවතින අතර ඉදිරියේදි එම ගැටලු සදහා ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම්.
-අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව-