24/12/2025
අද කතාකරන්නෙ software industry එකේදි ඔයා වැඩකරන ප්‍රමාණය, කරන වැඩේ සංකීර්ණ බව වගේම වැඩේට යන කාලය මනින්න පාවිච්චි කරන story points ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ මේ දවස්වල ඇගිලි සලකුණු ප්‍රශ්නයක් නිසා තැපෑල වැඩවර්ජනයක් නේ. වැඩකරන කාලය වෙනුවට story points භාවිතා කිරීම අනිත් industry වලින් software industry එක වෙනස්වන ප්‍රදාන තැනක්.
මුලින්ම බලමු story point කියන්නෙ මොකද්ද කියලා. Story points කියන්නෙ agile methodolgy පාවිච්චි කරන software company එකක user story නැත්නම් task එකක් සදහා ඔයා දරන්න ඕන මහන්සිය මනින ඒකකය. මේ ඒකකය කාලය කියන ඒකකය සමග සෘජු සම්බන්දයක් නෑ. නමුත් sprint එකකට ගන්න පුලුවන් උපරිම story points ගානක් තියෙනවා.
මන් මෙතන task එකකට යන story points ගාන තීරනය කරන්න පවිච්චි කරන විදි 2ක් කතාකරන්නම්.
1. Vote base
මේ ක්‍රමයෙදි team එකේ හැම member කෙනෙක්ම task එකකට assign කරන්න ඕන story points ගාන vote කරනවා. ඊට පස්සෙ ඒ vote මත ඒ task එකේ story points ගාන තීරණය කරනවා. Re vote කරන්නත් කීප වතාවක් මේ ක්‍රමයෙදි සිදුවෙන්න පුලුවන්. Planning poker මේකට ප්‍රසිද්ධම උදාහරණයක්. මේ ක්‍රමේ ලොකුම අවුල තමා මේ විදිහට story points ගාන තීරණය කරන්න සාපේක්ශව වැඩි වෙලාවක් යනවා. ඒ කියන්නෙ project planning එක දික්වෙනවා. Story points වැඩිවුනා කියලා අතිකාල හම්බෙන්නෙත් නැති නිසා කට්ටිය කවුරුත් බොරු ගණන් දාල vote කරන්නෙ නෑ.
2. Vote base නොවන
මේ ක්‍රමයෙදි story points ගාන තීරණය කරන්න reference story නැත්නම් reference task එකක් පාවිච්චි කරනවා. මොකද්ද මේ reference story එකක් කියන්නෙ? Refence story එකක් කියන්නෙ implement කරන්න යන කාලය නිශ්චිතව දන්න simple task එකක් නැත්නම් use story එකක්. මේ reference story එක කරන්න තියෙන අලුත් task එකත් එක්ක compare කරාම අලුත් task එකට යන කාලය තීරණය කරන්න පුලුවන්. මේ ක්‍රමයේදි උනත් අලුත් task එක ගොඩක් complex වගේ පේනවා නම් task එක asign කෙනාගෙන් feedback එකක් team lead ගන්නවා asign කරන්න ඕන story points ගාන ගැන.
වැදගත් දෙයක් තමා story points 1ක වැඩක් කරන්න යන කාලය engineer කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්වෙන්න පුලුවන්. උදාහණයකට backend developer කෙනෙක්ට frontend change එකක් කරන්න යන වෙලාව frontend developer කෙනෙක්ට වඩා වැඩියි.
තව දෙයක් තමා task එකකට story points assign කරද්දි පාවිච්චි කරන්නෙ fibonacci sequence එකේ numbers විතරයි. ඒ කියන්නෙ 1,2,3,5,8,... වගේ.
✍Yasiru Rathnayaka