13/06/2024
https://www.facebook.com/share/p/v95A4dqFAxEyPt4q/
දරුවෙකුගේ ආත්ම විශ්වාසය බිඳ දමන කරුණු 5ක්.
1. ඔබේ දරුවාගේ දුර්වලතා සහ වැරදි නිතරම පෙන්වා දීම:
සිතන්න, යමෙකු ඔබේ වැරදි සහ නිෂේධාත්මක ගතිලක්ෂණ නිතරම පෙන්වා දෙයි නම්, එය ඔබේ ආත්ම අභිමානය වැඩි කරයිද නැතහොත්, බිඳ දමයිද?
2. ඔබේ දරුවාගේ වැරදිවලට නිතරම දඬුවම් කිරීම:
සෑම සංවර්ධන අවධියකදීම දරුවන් අලුත් දේවල් ඉගෙන ගන්නා අතර ඔවුන් අතින් වැරදි සිදුවනු ඇත. ඔවුන්ට නිතර දඬුවම් කිරීමෙන් සහ දැඩි ලෙස හැසිරීමෙන් සිදුවන්නේ, ඔබෙන් දඬුවම් ලැබීමට ඇතිවන බිය නිසා ඔවුන් අලුත් දේවල් අත්හදා බැලීමට අකමැති වීමයි.
මතක තබා ගන්න, වැරදීම් යනු ජීවිතයේ කොටසක් වන අතර, ළමා වියේ සිදුවන වැරදීම් දරුවන්ට හරිදේ ඉගෙන ගැනීමට ඉඩ සලස්වයි.
3. දරුවන් විසින් කළයුතු සෑම වැඩක්ම ඔවුන් වෙනුවෙන් ඔබ කිරීම:
දරුවා වෙනුවෙන් සෑම කුඩා දෙයක්ම කිරීමෙන්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම ඔබ මත යැපෙන්නෙක් බවට පත් කරයි. එවිට ඔවුන් තමන් වෙනුවෙන් තමන්ගේ වයසට ගැළපෙන දේවල් කිරීමට පවා විශ්වාසයක් ඇති කර ගන්නේ නැහැ.
මතක තබා ගන්න, සමහර අවස්ථාවල දරුවන්ට ඔවුන්ගේ ගැටළු විසඳාගැනීමට සහ ඒවා තුලින් ඉගෙනීමට ඉඩ දීම වැදගත් වේ.
4. ඔවුන්ගේ ශක්තීන්ට වඩා ඔවුන්ගේ දුර්වලතා ඉස්මතු කිරීම:
දරුවන්ගේ දුර්වලතා ගැන පෙන්වා දෙන්න ප්‍රථම ඔවුන්ගේ ශක්තීන් ගැන පෙන්වා දෙන්න. නැතහොත්, ඔවුන් තම ශක්තීන් අමතක කර විශ්වාසය නැති කර ගනී.
5. ඕනෑවට වඩා දරුවාව විවේචනය කිරීම, පරුෂ වචන භාවිතා කිරීම:
ඔයා හරිම කම්මැලියි ❌
ඔයාට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ ❌
ඔයා කිසිම දවසක හැදෙන ළමයෙක් නෙවෙයි ❌
මේ ආකාර වචන කීමෙන්, විශේෂයෙන්ම දෙමාපියෙකුගෙන් පිටවන එවැනි වචන දරුවාගේ ආත්ම අභිමානය විනාශ කරයි.
Copied. Thanks for author.