12/05/2026
අපේ කන්නලව් අහන්නෙ කවුද ?
මිනිස්සු විවිධ ආගමික ස්ථාන වලට ගොස් තම අවශ්‍යතා උදෙසා කන්නලව් කරනවා.
ඒ කන්නලව්වලට මොකද වෙන්නේ?
ඒවා කවුරු හරි පිලිගන්නවද?
ඒවා ගැන යමක් සිදු වෙනවද?
බයිබලයේ එළිදරව් පොතේ කියා තිබෙනවා දෙවියන්වහන්සේගේ සෙනගගේ යාච්නා "රත්තරන් භාජන" වල සුවද දුම් සමග එකතු කරන බවත්, දේවදූතයින් ඒවා ස්වර්ගීය අල්තාරය මත ඔප්පු කරන බවත්.
මේ රූපකයෙන් පෙනී යන්නේ ඒ භාජන පිරී ගිය කළ, ඒවා පොළොව මත කන්නලව්ට පිළිතුරු ලෙස මුදා හැරෙන බවය.
මේ බව සනාථ කරමින් ක්‍රියා 10:4 දේවදූතයෙක් කොර්නේලියස් නම් මනුශ්‍යාට පෙනී සිට මෙහෙම කියනවා “නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.”
අපේ යාච්නා , කන්නලව් අපතේ යන්නේ නැහැ.🙏 ඒවා හැම එකක්ම ස්වර්ගය පිළිගෙන ඒ ගැන සුදුසු කාලයේදී, සුදුසු ආකාරයට පිළිතුරු මුදා හැරෙනවා. එවැනි සහතිකයක් දී ඇත්තේ බයිබලයේ පමණයි.
28/04/2026