ගුරුවරයා

ගුරුවරයා

Share

අභිමානවත් ගුරු පරපුරක් උදෙසා..

21/01/2026

වැටුප් වැඩි කිරීම පිළිබඳ ගෞරවය ආණ්ඩුවට හිමි විය යුතුයි... වැටුප් විෂමතා නොවිසඳී ඇති බවත් අමතක නොකොට මතකේ තබාගෙන ඉක්මනින් එයද විසඳිය යුතුයි...

13/01/2026

යල්පැන ගිය අධ්‍යාපනය තවත් වසරක් ක්‍රියාත්මකයි..

13/01/2026

2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 6 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, ඉංග්‍රීසි මොඩියුල ගැටලුව හේතුවෙන් 2027 වර්ෂයට කල්යයි.

01/01/2026

ආරම්භ වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව පාසල් කාලය 7.30 -2.00 ලෙස දීර්ඝ වීමට නියමිතව තිබුණද එය වෙනස් නොකොට පෙර පැවති ලෙසම 7.30 - 1.30 ලෙස සහ කාලඡ්චේදයක කාලය විනාඩි 45 ක් ලෙස එක් දිනක් සඳහා කාලඡ්චේද 7 ක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

28/11/2025

තුන්වන වාරය සදහා පාසල් ආරම්භ කිරීම දෙසැම්බර් මාසයේ 16 වන දා දක්වා කල්ගොස් තිබේ.පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

19/11/2025

ළමයි එක්ක දෙමව්පියන් දවස ගෙවන විදිය දැක්කම පේන්නෙ දෙමව්පියන්ට පාසලේ වටිනාකම හොඳටම තේරෙන හැඩයි..😅🤣

17/11/2025

තනතුරු සමග වැඩකිරීමට වඩා මිනිසත්කම් සමග වැඩ කිරීම තනතුරෙහි සාර්ථකත්වයට උපකාරීවේ.

16/11/2025

තමන් විසින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් ලොව ජය ලැබීමට මග පෙන්වූ ගුරුවරුන් එම දරුවන් ජය ලැබීම දකිමින් ලබන්නේ අසීමිත සතුටකි. ඒ හැර කිසිදු වරප්‍රසාදයක් ගුරුවරුන් ලබන්නේද බලාපොරොත්තු වන්නේ ද නැත.

15/11/2025

ඉස්කෝලෙ නිවාඩු නිසා ගෙදර උන්ටවත් උගන්වන්න ඕන..🤔😅

14/11/2025

නිතර ඔබ බිරිඳ / සැමියා සහ දරුවන් සමඟ කතා කිරීම මගින් එතෙක් ඇතිව තිබූ බොහෝ ගැටලු විසඳෙනු ඇත. විශේෂයෙන් ඔබේ දරුවන් සමඟ කතා කිරීම ඔවුන්ගේ මානසික සතුටට හේතු වේ.

13/11/2025

මගේ නොවන මගේම දරුවන් දකින්නෙ නැතුව පාලුයි වගේ..

13/11/2025

තම තනතුරෙන් ඔළුව උදුම්මවාගත් ආයතන ප්‍රධානියෙකු සිටින ආයතනයක, රැකියාවේ සතුට ගැන සිතිය නොහැක.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo