12/02/2026
සුනඛ සුරතලකුගේ අහිංසක ඉල්ලීමක් - 5👇👇👇
ඔයාගේ සුරතලා ගැන ඔයාගේ අත්දැකීම් comment එකකින් අප සමඟ බෙදා ගන්න. 🐕❤️
ඔයත් මේ ඉල්ලීම එක්ක එකඟ වෙනවානම් මේ post එක යහළුවන් අතර share කරන්න.
ඒවගේම, ඉතිරි ඉල්ලීම් ටිකත් ඉදිරියේදී බලාගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ
11/02/2026
කානේ කෝර්සෝ (Cane Corso) – ඉතාලියේ තේජාන්විත ආරක්ෂකයා! 🛡️🐕🦺
ඉටැලියන් මැස්ටිෆ් (Italian Mastiff) යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන කානේ කෝර්සෝ (Cane Corso) යනු, ඉතාලියෙන් සම්භවය වූ ඉතා ශක්තිමත්, බුද්ධිමත් සුනඛ වර්ගයකි 🇮🇹. පුරාණ Roman Molossian සුනඛයන්ගෙන් පැවත එන මෙම වර්ගය මුලින්ම අභිජනනය කරන ලද්දේ ගොවිපල සතුන් ආරක්ෂා කිරීමත්, විශාල සත්ත්වයන් දඩයම් කිරීමත්, ගෘහස්ථ දේපළ සහ තම ස්වාමි පවුල ආරක්ෂා කිරීමත් සඳහාය.
හොඳින් වැඩුණු Cane Corso සුනඛයන් සාමාන්‍යයෙන් අඟල් 23.5 - 27.5 අතර උසකින් යුක්ත වන අතර, කිලෝග්‍රෑම් 40 - 60 අතර බරකින් යුක්තවේ. මොවුන් විශාල ශරීරයක් සහිත ඉතා ජවසම්පන්න සුනඛයන් වන අතර, සාමාන්‍යයෙන් පිරිමි සුනඛයන් ගැහැණු සුනඛයන්ට වඩා තරමක් විශාල වේ.
වර්තමානයේ Cane Corso ප්‍රසිද්ධියක් උසුලන්නේ තම පවුලට ඉතා පක්ෂපාතී, තම පවුලත් නිවාස පරිශ්‍රයත් ආරක්ෂා කරන අතිශය විශ්වාසවන්ත ආරක්ෂක සුනඛයෙකු ලෙසයි. මීට අමතරව, ඇතැම්විට මොවුන්ව පොලිස් වැඩ කටයුතු සඳහාද යොදා ගනී. නිසි පුහුණුවක් ලබාදීම තුළින් හා නිසි කල සමාජගත කිරීම තුළින්, මොවුන්ගේ ස්වභාවයෙන්ම එන හොඳ ගති ලක්ෂණ තවත් වර්ධනය කරගෙන, දැඩි ආත්ම විශ්වාසයකින් යුතු, පවුලට ඉතා ලැදි ප්‍රබල ආරක්ෂක සුනඛයකු බවට පත්කර ගත හැක.
ඉතා ජවසම්පන්න, තම පවුලට අතිශයින් ආදරය කරන, උදාර වූ Cane Corso — සත්‍ය වශයෙන්ම ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ඉතා කාර්යශූර සුනඛ වර්ගයකි 🐾
© 2026 All About Dogs. All Rights Reserved.
© 2026 All About Dogs. සියලු හිමිකම් ඇවිරිණි.
🐶📲 මේ post එක ඔබගේ යහළුවන්ටත් දැක බලාගන්න share කරන්න.
ඉදිරියේදීත් සුනඛයන් ගැන මේ වගේ තවත් post දැකගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ
10/02/2026
කොකර් ස්පැනියල් (Cocker Spaniel) සුනඛයන් ගැන තොරතුරු බිඳක් ........ 👇👇👇
ඔයාලා ළඟ ඉන්න Cocker Spaniel බබාලගේ photos comment කරන්න හැමෝටම දැකගන්න.
මේ post එක share කරන්න ඔයාගේ යහළුවන්ටත් බලාගන්න.
ඉදිරියට තවත් මෙවැනි post දැකගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ
09/02/2026
ඔබ දැනගෙන සිටියාද? 👇👇👇
All About DOGS ゚viralシ
08/02/2026
ඔබට මහමඟ සිටින සුනඛයකු අරගෙන හදාවඩා ගත හැකි නම් එය මහත් පිනකි! ❤️🙏
මහමඟ සිටින සුනඛයන් අපේ රටට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ වගේම, ඒ අහිංසක, අසරණ සුනඛයෝ අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමින්, ඇතැම්විට දින ගණනාවක් කුසට අහරක් නොමැතිව, බීමට වතුර පොදක් නොමැතිව දැඩි දුක්පීඩා විඳිති. 😔😢
එම නිසා, ඔබට එවැනි සුනඛයකු අරගෙන කවා පොවා පෝෂණය කර රැකවරණය දී ආදරයෙන් හදාවඩා ගත හැකි නම්, එය ඔබ සිදු කරගන්නාවූ මහා පුණ්‍ය කර්මයකි! ❤️🙏
මුදලට නොගත්තා වුවත්, ඔබ සුනඛ සුරතලකුගෙන් බලාපොරොත්තු වන්නාවූ ආදරය, ලෙංගතුකම, බැඳීම මෙම සුනඛයන්ගෙන්ද ඔබට ඉහළින්ම ලැබෙනු ඇත. 🥰❤️
🐶💛 ඔබත් බව්වන්ට ආදරෙයි නම්, මේ post එක ඔබගේ යහළුවන්ටත් දැකගන්න share කරන්න.
බව්වන් ගැන තවත් ලස්සන post සඳහා අපේ page එක follow කරලා තියාගන්න. 🐾
All About DOGS ゚viralシ
06/02/2026
සුනඛ සුරතලකුගේ අහිංසක ඉල්ලීමක් - 4👇👇👇
ඔයාගේ සුරතලා ගැන ඔයාගේ අත්දැකීම් comment එකකින් අප සමඟ බෙදා ගන්න. 🐕❤️
ඔයත් මේ ඉල්ලීම එක්ක එකඟ වෙනවානම් මේ post එක යහළුවන් අතර share කරන්න.
ඒවගේම, ඉතිරි ඉල්ලීම් ටිකත් ඉදිරියේදී බලාගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ
05/02/2026
බීගල් (Beagle) සුනඛයන්ගේ චරිත ලක්ෂණ
අද අපි මේ ලිපියෙන් බීගල් සුනඛ වර්ගයේ චරිත ලක්ෂණ, නැත්නම් පෞරුෂත්ව ලක්ෂණ ගැන කතා කරමු.
+ බීගල් සුනඛයන් ඉතාම ආදරණීයයි. ඒවගේම, මිත්‍රශීලී.
බීගල් සුනඛයන් සාමාන්‍යයෙන් මෘදු ස්වභාවයෙන් යුතු සුනඛයන්වේ. ඔවුන් ආක්‍රමණශීලීව හැසිරෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඔවුන් ස්වභාවයෙන්ම තම පවුලට සෙනෙහසින් බැඳී සිටින, ඒ වගේම ආගන්තුකයන් සමඟද ආදරයෙන් බැඳෙන සුනඛයන්වේ.
+ මොවුන් නිතරම කුතුහලයෙන් සහ විමසිල්ලෙන් යුතුව සිටියි.
බීගල් යනු දැඩි ඉවක් සහිත ඉව ඔස්සේ ඉව කරමින් ගමන් කිරීමට කැමති hound වර්ගයේ සුනඛ විශේෂයකි. එම නිසා ඔවුන් නිතරම වටපිටාව ගැන විමසිල්ලෙන්, සෝදිසියෙන් සිටින අතර, නිතරම කුතුහලයෙන් යුතුව කටයුතු කරයි.
+ බීගල් සුනඛයන් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමතී.
මොවුන් ස්වභාවයෙන්ම සතුටින් විනෝදයෙන් සිටීමට කැමති සුනඛ විශේෂයකි. එම නිසා ඔවුන් තනියෙන් හෝ වෙනත් සුරතලුන් සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට රුචිකත්වයක් දක්වන අතර, තනිකමක්, පාළුවක් දැනුනොත් බුරමින් හෝ උඩුබුරමින් එම සාංකා තත්ත්වය පෙන්විය හැක.
+ මොවුන් බුද්ධිමත්ය.
බීගල් බුද්ධිමත් සුනඛ වර්ගයකි.
+ බීගල් සුනඛයන් බොහෝවිට මුරණ්ඩු, හිතුවක්කාර ගති ලක්ෂණ පෙන්වයි.
මොවුන් බුද්ධිමත් වුවත් ස්වභාවයෙන්ම තරමක් මුරණ්ඩු, හිතුවක්කාර සුනඛ වර්ගයකි. එම නිසා මෙම සුනඛයන්ව පුහුණු කිරීම තරමක දුෂ්කර කාර්යයක් වන අතර, ඒ සඳහා අමතර වෙහෙසක් දැරිය යුතුය. ඔවුන්ගේ ඉව ඔස්සේ යෑමේ ස්වභාවයද මේ සඳහා ඍජුවම බලපායි. ඔවුන්ගේ ප්‍රධානම කාර්යය වටපිටාව ඉව කරමින් සිටීම නිසා එවැනි අවස්ථාවල ස්වාමියා දෙන විධානයන් ගණන් නොගෙන සිටීමේ ස්වභාවයක් ඔවුන් තුළ පවතී.
+ මොවුන් තනියෙන් සිටීමට වඩා මිනිසුන්ගේ හෝ අනෙක් සුරතලුන්ගේ ඇසුර ලබන්න කැමතී.
මෙම ස්වභාවය නිසා මොවුන්ව වැඩි කාලයක් තනිකර තැබුවොත් සාංකා තත්ත්වයන් ඇතිවිය හැක.
© 2026 All About Dogs. All Rights Reserved.
© 2026 All About Dogs. සියලු හිමිකම් ඇවිරිණි.
ඉතින් ඔයාලගේ බීගල් බව්වන්ටත් මේ චරිත ලක්ෂණ තියෙනවාද කියලා අපට comment කරලා කියන්න 👇.
මේ post එක ඔයාගේ යහළුවන්ටත් දැකබලා ගන්න share කරන්න.
ඒ වගේම, ඉදිරියේදිත් මේ වගේ post දැකගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ
04/02/2026
ලැබ්රඩෝර් සුනඛයන් ගැන තොරතුරු බිඳක් ...... 👇👇👇
ඔන්න එහෙනම් ඔයාලා ළඟ ඉන්න සීදේවි, සිරියාවන්ත ලැබ්රඩෝර් බබාලගේ photos comment කරන්න ඕනේ හැමෝටම බලාගන්න 🦮❤️.
🐶💛 බව්වන්ට ආදරෙයි නම් මේ post එක ඔබගේ යහළුවන්ට බලාගන්න share කරන්න.
අනාගතයේ බව්වන් ගැන තවත් ලස්සන post දැකගන්න අපේ page එක follow කරලා තියාගන්න. 🐾
All About DOGS ゚viralシ
03/02/2026
ඔබ දැනගෙන සිටියාද? 👇👇👇
All About DOGS ゚viralシ
03/02/2026
සුනඛ සුරතලකුගේ අහිංසක ඉල්ලීමක් - 3👇👇👇
ඔයාගේ සුරතලා ගැන ඔයාගේ අත්දැකීම් comment එකකින් අප සමඟ බෙදා ගන්න. 🐕❤️
ඔයත් මේ ඉල්ලීම එක්ක එකඟ වෙනවානම් මේ post එක යහළුවන් අතර share කරන්න.
ඒවගේම, ඉතිරි ඉල්ලීම් ටිකත් ඉදිරියේදී බලාගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ
02/02/2026
French Bulldog සුනඛ වර්ගය ගැන තොරතුරු බිඳක් .........👇👇👇
All About DOGS ゚viralシ
31/01/2026
ආදරය කිරීමට ඉපදුණු, ආරක්ෂා කිරීමට ගොඩනැගුණු - රොට්වයලර් (Rottweiler) 🐕🦺❤️
අද මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ රොට්වයලර් සුනඛයන්ට ස්වභාවයෙන්ම පිහිටා තිබෙන ආරක්ෂක, මුර සුනඛ (guard dog) හැකියාව ගැනයි.
රොට්වයලර් යනු ඉතා ශක්තිසම්පන්න, දැඩි ආත්ම විශ්වාසයකින් යුතු, තම පවුලට අතිශයින්ම පක්ෂපාතී සුනඛ වර්ගයකි. මුල් කාලයේදී රොට්වයලර් සුනඛයන්ව යොදා ගෙන තිබුනේ ගවයන්, බැටළුවන් වැනි ගොවිපළ සතුන් ගාල් කිරීම හා පාලනය කිරීම සඳහාත්, දේපල ආරක්ෂා කිරීම සඳහාත්ය. ඉහළ බුද්ධි මට්ටමකින් හෙබි මෙම සුනඛයන්ව නිසි ලෙස සමාජගත කර, විනයානුකූලව සිටීමට, කීකරුව සිටීමට මනා පුහුණුවක් ලබාදුන් විට, මොවුන් ආදරණීය පවුලේ සුනඛයින් මෙන්ම, හොඳ විශ්වාසදායක ආරක්ෂකයින් බවටත් පත් කරගත හැකිය.
රොට්වයලර් යනු ලෝකයේ විශිෂ්ටතම ආරක්ෂක සුනඛ වර්ග අතරින් එකකි. එම ආරක්ෂක හැකියාව ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටා ඇත. ඔවුන් තම වටපිටාව ගැන නිරන්තර සෝදිසියෙන් පසුවෙමින් ඉතා සූක්ෂමව නිරීක්ෂණය කරන නිසා අසාමාන්‍ය යමක් සිදුවේ නම් ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ හැකියාව ඇත. ඒ වගේම, තම පවුලට ඇති දැඩි ලැදියාව හා පක්ෂපාතීභාවය නිසා, තම පවුල ආරක්ෂා කරගැනීම තම ප්‍රධාන අභිලාෂය කරගෙන, යම් අවදානමක, අනතුරක සේයාවක් දුටුවොත් තම දිවි දෙවෙනි කොට තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට රොට්වයලර් සුනඛයන් පසුබට වෙන්නේ නැත.
හොඳ ආරක්ෂක සුනඛයෙකුට අවශ්‍ය ගුණාංග පිළිබිඹු කරමින්, හේතුවක් නොමැතිව ආක්රමණශීලීත්වයක්, ප්‍රචණ්ඩකාරීත්වයක් නොපෙන්වන මෙම සුනඛයන් තමන් ගැන හොඳ ආත්මවිශ්වාසයකින් හා පාලනයකින් යුතුව ක්‍රියා කරයි. ඔවුන්ගේ ශක්තිමත් ශරීරය, ගැඹුරු බිරීම් හඬ සහ නිර්භීත තේජාන්විත ස්වභාවය පමණක්ම වුවද, අනවසරයෙන් ඇතුළු වන්නන් බිය ගැන්වීමට බොහෝ විට ප්‍රමාණවත් වේ. නිසි පුහුණුව, සමාජගත කිරීම සහ රැකවරණය ලැබුනු විට රොට්වයලර් තම නිවාස පරිශ්‍රයත්, තම පවුලත් දිවිහිමියෙන් ආරක්ෂා කරන විශ්වසනීය, කීකරු, පක්ෂපාතී ආදරණීය සුනඛ සුරතල් මිතුරෙකු බවට නිතැතින්ම පත්වේ. 💪🐕
© 2026 All About Dogs. All Rights Reserved.
© 2026 All About Dogs. සියලු හිමිකම් ඇවිරිණි.
කෝ අපේ Rottweiler gang එක? ඔයාලගේ ගාම්භීර, තේජවන්ත Rottweiler බව්වන්ගේ photos comment කරන්න බලන්න හැමෝටම බලාගන්න. 🥰❤️
මේ post එක share කරන්න තව අයටත් දැකබලා ගන්න.
ඒ වගේම, ඉදිරියටත් මේ වගේ post දැකගන්න අපේ page එක follow කරලා තියාගන්න.
All About DOGS ゚viralシ ゚viralシfypシ゚