KUTA-Kelaniya

KUTA-Kelaniya

Share

Official page of the Kelaniya University Teachers' Associations

වැටුප් වැඩි කර ගැනීමට අගෝස්තු 9 වනදාට පෙර මේ දේ කරන්න – අයදුම්පත මෙන්න 24/07/2024

https://sinhala.asianmirror.lk/news/local/goverment-202/

වැටුප් වැඩි කර ගැනීමට අගෝස්තු 9 වනදාට පෙර මේ දේ කරන්න – අයදුම්පත මෙන්න රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර ත....

අනධ්‍යයන සේවකයින්ට දඬුවම් කරයි ද? - රාජ්‍ය බුද්ධි සේවය ඔත්තුවක් දෙයි 07/07/2024

https://www.youtube.com/watch?v=ttGgxY0OmWo

අනධ්‍යයන සේවකයින්ට දඬුවම් කරයි ද? - රාජ්‍ය බුද්ධි සේවය ඔත්තුවක් දෙයි Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නාඅනධ්‍යයන සේවකයින්ට දඬුවම් කරයි ද? - රාජ්‍ය බුද්ධි සේවය ඔත්...

28/06/2024

විශ්වවිද්‍යාලයිය ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය සිය නව නිලධාරී මණ්ඩලය අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති සාංවත්සරික මහා සභා රැස්‌වීමේදී තෝරා පත් කර ගන්නා ලදී

1.සභාපති - ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න

2. ලේකම් - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ

3. භාණ්ඩාගාරික - මහාචාර්ය ජීවන්ත ප්‍රේමරත්න

4.උප සභාපතිවරු

මහාචාර්ය රුචික ප්‍රනාන්දු
මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර
මහාචාර්ය ටී සදානන්දන්
ආචාර්ය එම් සමීම්
ආචාර්ය ප්‍රගීත් වීරතුංග

5. සහකාර ලේකම්වරු
මහාචාර්ය පහන් ගොඩකුඹුර
ආචාර්ය රමිඳු පෙරේරා
ආචාර්ය මංජුල ද සිල්වා

6. මාධ්‍ය ප්‍රකාශක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ

7. මාධ්‍ය සම්බන්ධීකාරක
ආචාර්ය සමීර තිලකවර්ධන

8. වෙබ් සහ තොරතුරු තාක්ෂණ සම්බන්ධීකාරක
කථිකාචාර්ය රෝහණ දැල්පිටිය


FUTA elected its new Office-bearers today at the AGM held at University of Kelaniya.

The following members were elected.

President : Dr.Anurudda Karunarathna.

Secretary & Media Spokesperson : Mr.Charudaththe B. Illangasinghe.

Treasurer : Prof. Jeewantha Premaratne.

Vice Presidents :

Prof. Ruchika Fernando
Prof.Vishaka Sooriyabandara,
Prof. Thillainathan Sathaananthan
Dr. MAM Sameem
Dr.Prageeth Weerathunga.

Assistant Secretaries :
Prof.Pahan Godakumbura
Mr. Ramindu Perera
Dr. Manjula K. De Silva.

Ex-Officio :

Prof. Barana Jayawardana
Dr. Athulasiri Samarakoon

Media Spokesman
Mr Charudaththe B. Illangasinghe

Media Coordinator :
Dr. Sameera Thilakawardana

Web and IT coordinator
Mr.Rohana Delpitiya

18/06/2024

අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි,වර්ජනය තවදුරටත්

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසනවා.

ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බවයි ඒ මහතා පවසන්නේ.

ඒ හේතුවෙ​න් දැනට දින 47​ක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද සභාපතිවරයා පවසනවා.

මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පැවැත්වෙන බවත් එලෙ​ස කරන පිරිස් තම වෘත්තීය සමිති මෙහෙවන ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවලියට බාධා කරන්නන් ලෙස හැඳින්විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

News AlertNews 19Follow MeNews Alert SrilankaWebnews.lkNews WorldNews24එසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNewsWave LK

Photos from KUTA-Kelaniya's post 18/06/2024

Ongoing meeting involves discussions between the non-academic trade unions and FUTA at Colombo today 18th June 2024

12/06/2024

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීහු පත් කර තිබෙනවා.
ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබනවා.
රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025 වර්ෂය සඳහා වන අය වැය මඟින් පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර ඒ සඳහා සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂඥ කමිටුවට පවරා තිබෙනවා.

එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යයැයි විශේෂඥ කමිටුව විසින් අදහස් කරනු ලබන රජයේ නිලධාරින්ගේ සහාය ලබා ගැනීමටත්, අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටත්, මෙම කමිටුවට හැකියාව ඇති බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් වන සිය නිර්දේශ ඇතුළත් වාර්තාව මාස 03ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ලබා දීමට ද උපදෙස් දී තිබෙනවා.

News AlertFollow MeNews 19News Alert SrilankaWebnews.lkNews24News Worldඑසැනින් පුවත්එසැනින් පුවත් - Breaking News AlertBreaking News AlertNewsWave LK

12/06/2024
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo