14/04/2026
හිස තෙල් ගාන නැකතට ඔබත් එන්න... 🍃
තුන් දොරින් සුසංවර - සුපිංබර ලෝකයක්
14/04/2026
හිස තෙල් ගාන නැකතට ඔබත් එන්න... 🍃
04/11/2025
වාර්ෂික කඨින මහා පිංකම 2025 🇷🇴🍀
මෙවර කඨින මහා පිංකමෙහි ප්‍රධාන දායකත්වය ලබා දුන් චතුර මහත්මා ප්‍රධාන සතර පේරුවේ දායක පිංවතුන් හට පිං සිතින් පුණ්‍යානුමෝදනා... 🙏💐
29/10/2025
2025 කඨින මහා පිංකමට සමගාමීව සිදු කරන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවට, පිං සිතින් ආරාධනා....💐🙏
12/10/2025
ගුරු දින සැමරුම 2025 🍃💐
HAPPY TEACHER'S DAY 🙏
ඉතා සාර්ථක ලෙසින් අපේ දුවා දරුවන් තම දහම් පාසලේ ගුරුවරුන් හට මෙලෙස උපහාර දැක්වූවා.
දහම් පාසලේ වර්තමාන දුවා දරුවන් වගේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්ද ගුරු උපහාර දැක්වීම සිදු කරන්නට යෙදුනා.
සියලුම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යි පතමින් අනුශාසනාවන් ද සිදු කොට, නැටුම් ගැයුම් සහිතව දවස නිමා කරන්නට විය. 😊🍃
゚viralシfypシ゚viralシ
06/10/2025
"ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු" 🍃
ලෝක ළමා දිනයට අපි ගියා වැඩිහිටි නිවාසයකට.
දෙමවුපියන්ගෙ දායකත්වය ඇතුව දානයක් සකස් කරගෙන දුවා දරුවනුත් එක්ක අපි ගියේ වළල්ගොඩ "සරණ සේවා" වැඩිහිටි නිවාසයට. අපේ දරුවො ගිහන් මුලින්ම අතු පතු ගාල, වැසිකිලි කැසිකිලි සෝදල ඒ ස්ථානය පිරිසිදු කලා. ඊට පස්සෙ ඒ වැඩිහිටි නිවාසයේ ඉඳපු ආච්චිල සීයලගෙ රෙදි පිලි සෝදල එයාලව නාවල පිරිසිදු කලා.
මේ අතරමැදි කාලයෙදි අපි වැඩිහිටි පිරිසට කේක් සමග තේ සංග්‍රහයක් සිදු කලා. කේක් කාලම අපේ ළමයි පිරිසත් තේ බිවුව.
අපේ දුවා දරුවන්ගෙ දෙමවුපියන් විසින් පිළියෙල කරපු දානය බුද්ධ පූජාව තියල, පිං අනුමෝදන් කලා. ඊට පසුව වැඩිහිටි පිරිසට ඒ දානය බෙදල පූජා කලෙත් අපේ දරුවන් විසින්ම තමයි.
පසුව අපේ ආචාර්ය මණ්ඩලය වගේම දුවා දරුවනුත් ආහාර අරගෙන වැඩිහිටි පිරිස සන්තෝස කරවන්න නැටුම් ගැයුම් සමග විශේෂාංග ඉදිරිපත් කලා. ඒ විශේෂාංග දැකපු වැඩිහිටි පිරිස ගොඩක් සතුටු වුනා අපි දැක්ක. ඉතිං ඒ ආච්චිල සීයලත් ඊට පස්සෙ අපේ ළමයි සන්තෝස කරන්න කවි සිංදු කිවුව.
වැඩිහිටියන් යනු කවුද, අපි වැඩිහිටියන් සැලකිය යුත්තේ කෙසේද යන්න ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් අනුශාසනාවක්ද පවත්වා ළමයින්ට දැනුම ලබා දුන්නා. ඉති පරිස්කාර පූජා කරල අපේ වැඩසටහන නිමා කලා.
දරුවන්ගේ ඉල්ලීම පරිදි අපි ඊට පස්සෙ මඩුවන්වෙල වලවුව බලන්න ගියා. ඒ සියලු කටයුතු නිමා කරමින් සවස් වන විට දහම් පාසලට අපි පැමිණයා.
පුණ්‍යානුමෝදනාව... 🙏✍
ඉතිං මෙම මහඟු පිංකමට පිං සිතින් දායක වුණු සියලුම දෙමවුපියන්ට පුණ්‍යානුමෝදනා.
දානය රැඟෙන ඒමට වගේම බස් රථය ලබා දුන් ඒ සැමටත් පුණ්‍යානුමෝදනා.
මෙවැනි කටයුතු සඳහා නිතර කැපවීමෙන් කටයුතු කරන අපේ ඇදුරු මඩුල්ලටත් පුණ්‍යානුමෝදනා.
මෙම උත්තුංග පිංකමට සම්බන්ධ වුණු දූ දරුවන් ඇතුලු සියලූම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරනවා.
゚viralシfypシ゚viralシ
21/09/2025
කට්ටියම කැමතියි හිනාවෙලා සතුටින් ඉන්න...🕊️
ඉතිං පේනවනෙ ළමයින්ගෙ හිනාව... 😁😌
07/08/2025
පොඩි ශ්‍රමදානයක් කලා අපි.
හැමෝම කැමැත්තෙන් සම්බන්ධ උනා... 🍀🌞
11/07/2025
"අයං වස්සාන කාලෝ - මේ වස්සාන කාලයයි"
වස් තෙමස තුල විහාරස්ථානයේ වස් එළඹ වැඩ වසන්නැයි චතුර මහත්මාගේ හා ඉරේෂා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සතරපේරුවේ දායකයන්ද එකතුවී ඇසළ පුන් පොහෝ දින වස් ගොටු පිරිනමමින් මෙසේ ආරාධනා සිදු කලහ.
15/06/2025
මවුපිය ගුණ සම්භාවනා වැඩසටහන 2025 💐
අපේ දූල පුතාලා උදේම දහම් පාසලට ආපු අම්ම තාත්තව පිළිගත්තෙ අතට නෙළුම් මලක් දීල. ඒ නෙළුම් මල තම දරුවත් එක්ක ගිහින් බුදුරජාණන් වහන්සේට පූජා කරලයි කවුරුත් ශාලාවෙ ඉඳගත්තෙ.
වැඩසටහන මෙහෙයවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කලේ ඉන් අනතුරුවයි. දැහැත් වට්ටියක් පිළිගන්වලා ආරාධනාව සිද්ද කලාට පස්සෙ තමයි මවුපිය වන්දනාව ආරම්භ උනේ.
📜 වාර්ශික සැලැස්මට අදාළව ලෝක මවුවරුන්ගේ දිනයත්, අද දිනට යෙදී ඇති ලෝක පියවරුන්ගෙ දිනයත් නිමිති කරගෙන මෙම වැඩසටහන අති සාර්ථකව සිදු කරගන්නට ලැබීම ඉමහත් සතුටකි.
*******************************
📍දෙනෙත කඳුලින් තෙත් කරමින් මෙම උත්තුංග වැඩසටහන මෙහෙයවන්නට යෙදුන රූපවාහිනී සහ ගුවන්විදුලි ධර්ම දේශක කාව්‍ය විශාරද පූජ්‍ය වැලිමුවපොතානේ සීලවංශ හාමුදුරුවන්ට ප්‍රථම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා.
🌹 මවුපිය ගුණ හඳුනන උතුම් සත්පුරුෂ මිනිසුන් අපට මෙම වැඩසටහන සිදු කරන්නට ලොකූ දායකත්වයක් දක්වන්නට යෙදුනා. ඒ අතර අපේ ආචාර්ය මණ්ඩලයේ හිතවත්කම් මත සම්බන්ධ වී, අපට මූල්‍යමය ප්‍රතිපාදන ලබා දුන් සම්පත්දායක සියලුම මහත්ම මහත්මියන් විශේෂයෙන් සිහිපත් කරනවා. එමෙන්ම දායකත්වය දක්වන්නට යෙදුණු සියලුම දෙමවුපියන්ද සිහිපත් කරනවා. හැම අතටම දුවල පැනල ඒ ඒ කටයුතු පංගු බේරුවකින් තොරව සොයා බලා කටයුතු කරන ආචාර්ය මණ්ඩලය ද ඇතුලුව සහය දැක්වූ සම්බන්ධවූ සියලුම දෙනාට බෙහෙවින් පුණ්‍යානුමෝදනා සිදු කරනවා. තෙරුවන් සරණයි..!
14/06/2025
"උතුම් මවුපිය ගුණ සම්භාවනා වැඩසටහන" 💐
පිරිහෙමින් පවතින සමාජයක,
මතු පරපුරට මවුපිය අගය කියාදෙනු වස්
දහම් පාසල විසින් සිදු කරන
මවුපිය වන්දනා වැඩසටහන.
Post creat by -: Bhanthe Nseeha
Conducting by : Seelawansha Hamuduruwoo
| 07:30 - 12:00 |