17/04/2020
Ananda College Sathmahala....!!!!!!
Ananda College, Colombo 10 is a National School, which provides primary and secondary education. Ana
17/04/2020
Ananda College Sathmahala....!!!!!!
16/11/2018
සංවේගයෙන් දැනුම් දීමයි.
රත්නපුර සීවලී විද්‍යාලයේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ භෞතික විද්‍යා විෂය ආචාර්ය ප්‍රසාද් සිල්වා ගුරු පියාණන් අද අලුයම අප අතරින් වියෝ වූ බව කණගාටුවෙන් දැනුම් දෙමි.
දේහය ඇලපාත දකුණ, රත්නපුර යන ස්ථානයේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සෙනසුරාදා(01/10/2016) දින රත්නපුර පොදු සුසාන භුමියේදී පැවැත්වේ.
ගුරු පියාණෙනි ඔබට නිවන් සුව...!!!!!!
12/11/2015
අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ශ්‍රේෂ්ඨ යතිවරයාණෙනි...ඔබ වහහන්සේට නිවන් සුව...!!!!!!
22/03/2015
Field Marshal G S C Fonseka - මෙය ආනන්දය ලද තවත් අභිමානවත් සදා නොමැකෙන ජයග්‍රහණයක්...
ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමුවරට ෆීල්ඩ් මාෂල්වරයකු පත්වේ.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පලමු වරට හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දින යුධ හමුදාවේ උසස්ම නිලය වන ෆීල්ඩ් මාෂල් තනතුරට උසස් කරනු ලැබ තිබේ. අද දින ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැති නිල උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම උසස්වීම ප්‍රධානය කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංක යුධ හමුදා ඉතිහසයේ පලමු වතාවට ෆීල්ඩ් මාෂල්වරයකු පත් වී තිබේ.
සරත් ෆොන්සේක මහතාට මෙම උසස්වීම ලබ දී ඇත්තේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහ දියත් කරන ලද යුධ මෙහෙයුම් සඳහ ලබා දුන් සුවිශේෂී නායකත්වය හේතුවෙනි.
ෆීල්ඩ් මාෂල් යනු ලෝකයේ යුධ හමුදාවන් හි ඇති ඉහලම නිලය වේ. මෙම තනතුර සාමාන්‍ය හමුද නිලධාරීන්ගේ තනතුරු වලට වඩා බෙහෙවින් උසස් තනතුරකි. ෆීල්ඩ් මාෂල් තනතුරු ප්‍රධානය කරන්නේ ලෝකයේ ඉතාමත් සීමිත පිරිසකට වන අතර එම නිලය දැරීම සඳහා අදාල පුද්ගලයා යුධ ශිල්පයෙහි අති දක්ෂයකු විය යුතු ය.
ෆීල්ඩ් මාෂල් තනතුරේ ඉතිහාසය අතීත යුරෝපීය මධ්‍යතන යුගය දක්වා දිව යන්නකි. ඉපැරනි ජර්මානු බසෙහි එන “මාච් සල්ක්” (Marh-scalc = "horse-servant") හෙවත් රාජකීය අශ්වයින් ගේ භාරකරු යන්නෙන් බිඳී ආ මෙම නාමය ඉපැරණි ජර්මේනියානු හමුදාවන් හි ඉහලම නිලය විය.
ඉතිහාසය පුරාවට බොහෝ රටවල ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කරනු ලැබ ඇත්තේ හමුදා ජෙනරාල්වරුන් වන අතර එවැනි උසස්වීමක් සඳහා යුධ ශිල්පයෙහි දැක්වූ අති දක්ෂතාවක් හා සුවිශේෂී යුධ ජයග්‍රහණයක් අත්‍යාවශය විය. කෙසේවෙතත් ලෝක යුධ සමයන් හිදී මෙම තනතුර හමුදා අණදෙන නිලධාරී තනතුරක් ලෙසද භවිතා වී තිබේ.
ලෝකයේ විවිධ රටවල ෆීල්ඩ් මාෂල් ධූරයට සමාන තනතුරු පිරි නැමෙන අතර ස්පාන්යයේ එය mariscal de campo ලෙසත්, ප්‍රංශයේ maréchal de camp ලෙසත් බ්‍රසීලයේ හා පෘතුගාලයේ එය marechal de campo ලෙසත් හැඳින්වේ.
ෆීල්ඩ් මෂල් ධූරය සංකේතවත් කිරීම සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරනු ලබන්නේ යෂ්ටියකි. මෙම යෂ්ටිය උත්සව අවස්ථාවන්හි පමණක් භවිතා කෙරෙන අතර එය අලංකාරවත් ලෙස සරසනු ලබයි. කෙසේවෙතත් සෝවියට් සමයේ දී ෆීල්ඩ් මාෂල්වරුන් සඳහා රනින් කල තරුවක් පපුවේ පලඳවා තිබේ.
ෆීල්ඩ් මාෂල් තනතුර යුධ හමුදාවට පමණක් ආවේණික තනතුරක් නොවේ. ගුවන් හමුදාවේ මෙම ධූරය Marshal of the air force ( ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල්) ලෙසත් නාවික හමුදවේ එය "Grand admiral" (ග්‍රෑන්ඩ් අද්මිරාල්) ලෙසත් හැඳින්වේ.
නිරතුරුවම ඔහුට ආනන්ද මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා...!!!!!!!
28/01/2015
සරත් ෆොන්සේකා මහතා ජෙනරල් නිලයේ යළි පිහිටුවයි...ඔහු සත්‍ය වශයෙන්ම සැබෑ වීරත්වයෙන් යුතු ආනන්ද පුතුණුවෙකි..ඔහුට සාධාරණය ඉෂ්ට වීම අනනදියන් ලෙස අපි එක සිතින් සතුටු වෙමු..නිරතුරුවම ඔහුට ආනන්ද මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා...!!!!!!!
http://www.army.lk/pastcommanders.php
09/01/2015
නව ජනාධිපතිතුමනි, ඔබට යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා වූ ක්‍රියාවලියට ආනන්ද මාතාවගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා...ඔබතුමාට ජය....!!!!!!!!