05/11/2025
*පිංබර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා*
*යථාගාරං සුච්ඡන්නං*
*වුට්ඨී න සමතිවිජ්ඣති*
*එවං සුභාවිතං චිත්තං*
*රාගො න සමතිවිජ්ඣති*
( ධම්ම පදය - යමක වග්ගය - 14 )
යම් සේ මනාව වහලය සෙවිලි කරන ලද නිවසක් වැසි දහරින් තෙමී නොයයිද එපරිද්දෙන්ම භාවනාදී ගුණධර්ම මනාව පුහුණු කළ සිත තුළට රාගය ඇතුළු නොවේ.
අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත මෙහෙවර ආරම්භ කළ සහ උන් වහන්සේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල ජනපදය වැඩම කිරීම සිදු වූයේ අද වන් ඉල් පුර පසළොස්වක පොහොය දිනකයි . එමෙන්ම කඨින චීවර මාසය අවසන් වන්නේද මෙම පොහොයෙනී
05/10/2025
*පිංබර වප් පුන්පොහෝ දිනයක් වේවා* 🪷☸️
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන් හට අභි දහම් දෙසා තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම සිදු වූයේ අදවන් වප් පුන් පොහොය දිනකයි . එමෙන්ම කඨින චීවර මාසය ආරම්භ වන්නේ මෙම පොහොයෙනි .
college
23/09/2025
•නාලන්දා විද්‍යාලය ආරම්භක අවධියේ ම ධර්මාචාර්‍යයන් වහන්සේ නමක වශයෙන් සේවයට එකතු වී, දශක දෙකකට ආසන්න කාලයක් කිසිදු වේතනයක් නොලබා නාලන්දා විද්‍යාලය වෙනුවෙන් සේවයට කැප වූ, ලක්දිව වැඩසිටි අග්‍රගණ්‍ය ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ නමක වූ බෝධිසත්ව ගුණෝපලක්ෂිත අතිපූජ්‍ය හීනටියන ශ්‍රී ධම්මාලෝක තිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 125 වන ජන්ම දින සංවත්සරය සැප්තැම්බර් මස 23 වන දිනට යෙදේ.
දෙවන ලෝක යුද්ධය අවධියේ කොළඹ නගරයේ පාසල් පැවැත්වීම දුෂ්කර වූයෙන් නාලන්දාවේ කොටසක් සිය උපන් ගම වූ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයට රැගෙන ගොස් යුද්ධයෙන් පසු මිනුවන්ගොඩට ද නාලන්දා විද්‍යාලද්වයක් හිමි කර දුන්නේ හීනටියන ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ විසිනි.
ළදරු අවධියේ නාලන්දාවට මහඟු සේවයක් සිදු කොට වදාළ මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කොට සිටිමු.
අති පූජනීය හීනටියන ශ්‍රී ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේට උත්තම අමා නිර්වාණාධිගමය වේවා. !
07/09/2025
•භික්ෂුනී සාසනය ඇරඹී, පින්බර බිනර පොහොය අදයි... සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා !
05/09/2025
•US Ambassador Julie Chung and Minister Dr. Hiniduma Sunil Senevi inaugurated the Godawaya Shipwreck Exhibition at BMICH, celebrating a landmark US–Sri Lanka project preserving Asia-Pacific’s oldest known wooden shipwreck. The exhibit showcases over 2,100-year-old maritime artifacts, highlighting shared heritage, regional trade, and Indo-Pacific cooperation.
•ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් සහ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් BMICH හි දී ගොඩවාය නැව් සුන්බුන් ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර, එය ආසියා-පැසිෆික් කලාපයේ පැරණිතම ලී නැව් සුන්බුන් සංරක්ෂණය කිරීමේ සන්ධිස්ථානයක් වන ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ව්‍යාපෘතියකි. මෙම ප්‍රදර්ශනය වසර 2,100 කට අධික පැරණි සමුද්‍රීය කෞතුක වස්තු ප්‍රදර්ශනය කරන අතර, බෙදාගත් උරුමය, කලාපීය වෙළඳාම සහ ඉන්දු-පැසිෆික් සහයෝගීතාව ඉස්මතු කරයි.
08/08/2025
*ඔබ සැමට පින්බර *නිකිණි පොහෝ දිනයක් වේවා!*
*☸️ ආගමික වැදගත්කම:* පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදු රජාණන්වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගතවීමෙන් පසුවය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසක වන අතර. එයින් තෙමසකට පසුව නිකිණි මාසයේ පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොය ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම
📌පුරාවිද්‍යාත්මක වැදගත්කම*: සේරුවාවිල මංගල මහා සෑයේ කාවන්තිස්ස රජතුමා විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ නිදන් කිරීම ( ක්‍රි.පු. දෙවන සියවස)
07/07/2025
*පුරාවිද්‍යා දිනය (Archaeology Day) යනු පුරාවිද්‍යා විෂයය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමරන විශේෂ දිනයකි. ලෝකයේ විවිධ රටවල් මේ දිනය විවිධ ආකාරවලින් සමරයි.*
*ශ්‍රී ලංකාවේදී ජුලි මස 7 වන දින ජාතික පුරාවිද්‍යා දිනය ලෙස සමරනු ලබයි.*
10/06/2025
*ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!*
12/05/2025
සිදුහත් කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය, සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් තෙමඟුල සිදුවූ වෙසක් පුන්පොහෝ දිනය අදයි !
06/05/2025
*Introducing the newly appointed board of the Nalanda College Archaeological Society* — dedicated to uncovering the past, preserving heritage, and inspiring discovery
12/04/2025
*ඔබ සැමට පින්බර බක් පොහොය දිනයක් වේවා !*
• ක්‍රි.ව 4-5 වැනි සියවස
• මෙය උත්කෘෂ්ටතම ගල් බුදු පිළිම බවටත්, ශ්‍රී ලංකාවේ ගෞරවනීයම බෞද්ධ ශිල්ප කෘති අතරටත් ඇතුළත් වේ.
• පිළිමයෙහි මුහුණේ ප්‍රකාශය සන්සුන්, නිවන් සෙරිනිටිත්වයක් දක්වයි.
• කටත් නාසයත් අතරේ යම් සුළු දෝෂයක් දක්නට ලැබේ — එය “සම්භාව්‍ය ග්‍රීක ශිල්පය” මත බලපෑමක් විය හැකියි යැයි විශ්වාස කරයි .
( තොලුවිල බුදු පිළිමය )