M & M Associates

M & M Associates

Share

Your Partner in Financial Excellence Lumbini college
Havelock town
Colombo

The univercity college of sri lanka

16/05/2026

VAT Act no 14 of 2022
Amendment 2026

16/05/2026

බදු වගුව අංක 05
රැකියාවෙන් ලැබෙන සමුච්චිත ආදායම මත බදු අඩු කිරීම
1. මාසික සාමාන්‍ය බදු අය කළ හැකි රැකියා ආදායමෙන් බදු අඩු කිරීම සඳහා සුදුසු පරිදි බදු වගු අංක 01, 04, 06 හෝ 07 භාවිතා කළ යුතුය.
මෙම වගුව භාවිතා කරන්නේ මාසික සාමාන්‍ය
රැකියා ආදායම රු. 150,000 ට අඩු වුවත්, කිසිදු මාසයකට පෙර සමුච්චිත රැකියා ආදායම රු. 1,800,000 ඉක්මවන සේවකයින් සඳහාය.
මෙය විශේෂයෙන් සමහර මාසවල වැඩි වැටුප්, දීමනා හෝ බෝනස් ලැබීම නිසා සිදුවිය හැකිය. එවැනි අවස්ථාවල බදු වගුව අංක 05 භාවිතා කළ යුතුය.
2. සේවකයෙකු බදු වර්ෂය අතරතුර සේවයට එක්වීම හෝ විශ්‍රාම ගැනීම සිදු වුවහොත්ද, ඔහුගේ/ඇයගේ රැකියා ආදායම මත බදු අඩු කිරීම සඳහා බදු වගුව අංක 05 භාවිතා කළ යුතුය.
3. සේවකයෙකු තම ප්‍රධාන සේවය අවසන් කර පසුව වෙනත් සේවයකට එක්වන්නේ නම්, පළමු සේවාදායකයා විසින් නිකුත් කරන ලද T-10 බදු සහතිකය දෙවන සේවාදායකයාට ලබා දිය යුතුය.
එවිට, පළමු සේවයේ ආදායමද ඇතුළුව සම්පූර්ණ සමුච්චිත ආදායම මත පදනම්ව දෙවන සේවාදායකයා බදු අඩු කළ යුතුය.
4. සේවකයෙකුගේ වැටුප බදු වර්ෂය තුළ වැඩිවීම සහ අනාගත මාසවල වැටුප් Table 02 ගණනය කිරීමේදී භාවිතා කිරීම හේතුවෙන්, බදු අඩුවෙන් හෝ වැඩියෙන් අය වීමේ අවස්ථා ඇතිවිය හැකිය.
එවැනි තත්ත්වයක් බදු වර්ෂයේ අවසාන මාසය වන මාර්තු මාසයේදී හඳුනාගතහොත්, මෙම වගුව භාවිතා කර අවසාන බදු ගැලපීම් සිදු කළ හැකිය.
5. සමුච්චිත රැකියා ආදායම රු. 1,800,000 ඉක්මවන මාසයේ සිට බදු අඩු කිරීම ආරම්භ කළ යුතුය.
ඉන්පසු බදු වර්ෂය අවසන් වන තුරු මෙම වගුව අනුව මාසිකව බදු අඩු කළ යුතුය.
---
සාරාංශ බදු වගුව – සමුච්චිත රැකියා ආදායම
සමුච්චිත රැකියා ආදායම බදු ගණනය
රු. 1,800,000 දක්වා බදු නිදහස්
රු. 1,800,000 ඉක්මවා රු. 2,800,000 දක්වා ආදායමෙන් 6% - රු.108,000
රු. 2,800,000 ඉක්මවා රු. 3,300,000 දක්වා ආදායමෙන් 18% - රු.444,000
රු. 3,300,000 ඉක්මවා රු. 3,800,000 දක්වා ආදායමෙන් 24% - රු.642,000
රු. 3,800,000 ඉක්මවා රු. 4,300,000 දක්වා ආදායමෙන් 30% - රු.870,000
රු. 4,300,000 ඉක්මවූ විට ආදායමෙන් 36% - රු.1,128,000
---
උදාහරණය 01
ජයන්ත මහතා පුද්ගලික සමාගමක සේවකයෙකි.
ඔහුගේ මාසික සාමාන්‍ය රැකියා ආදායම රු.150,000 ට අඩුය.
නමුත් බෝනස් ගෙවීමක් සමඟ 2025 අප්‍රේල් සිට 2026 පෙබරවාරි දක්වා ඔහුගේ සමුච්චිත ආදායම රු.1,900,000 ක් වී ඇත.
2026 මාර්තු මාසයේ සිට ඔහුගේ නව මාසික ආදායම රු.200,000 කි.
පෙබරවාරි 2026
2025 අප්‍රේල් සිට 2026 පෙබරවාරි දක්වා සමුච්චිත ආදායම = රු.1,900,000
බදු වගුව අංක 05 අනුව ගෙවිය යුතු බදු = රු.6,000
මාර්තු 2026
සමුච්චිත ආදායම = රු.2,100,000
(1,900,000 + 200,000)
රු.2,100,000 සඳහා බදු = රු.18,000
පෙබරවාරි මාසයේ ගෙවූ බදු = රු.6,000
මාර්තු මාසයේ ගෙවිය යුතු බදු
රු.12,000 (18,000 - 6,000)

16/05/2026

TAX TABLE NO: 02 – Bonus (Lump-sum Payments) සඳහා බදු කපාගැනීම

මෙම වගුව අදාළ වන්නේ:

ශ්‍රී ලංකාවේ පදිංචි සේවකයින්ට

ශ්‍රී ලංකා පුරවැසි නමුත් විදේශ පදිංචි සේවකයින්ට

එම සේවකයා තම ප්‍රධාන රැකියාව employer වෙත ප්‍රකාශ කර තිබිය යුතුයි, හෝ ඔහුට/ඇයට එක් රැකියාවක් පමණක් තිබිය යුතුයි.

---

Lump-sum Payment කියන්නේ මොනවාද?

එකවර ගෙවන මුදල් පහත වගේ දේවල්:

Bonus

Leave encashment

Medical reimbursements

Salary arrears

Employee share scheme වලින් ලැබෙන shares

වෙනත් එකවර ගෙවීම්

---

වැදගත් දෙයක්

සේවකයාගේ සාමාන්‍ය වාර්ෂික වැටුප රු. 1,800,000 ට අඩු වුණත්,

එකට bonus හෝ වෙනත් lump-sum payment එකතු කරලා මුළු ආදායම රු. 1,800,000 ඉක්මවන්නේ නම්, මේ TAX TABLE 02 භාවිතා කරලා APIT බදු කපාගන්න ඕනේ.

---

බදු ගණනය කරන විදිහ

මුලින්ම EGAR (Estimated Gross Aggregate Remuneration) කියන එක ගණනය කරන්න ඕනේ.

EGAR ගණනයට අවශ්‍ය දේවල්

(A)

දැනට ගෙවලා ඇති මාසික වැටුප් එකතුව
(Lump-sum payments නොගෙන)

(B)

ඉදිරියේ ගෙවීමට තියෙන මාසික වැටුප් එකතුව
(Lump-sum payments නොගෙන)

(C)

දැනට ගෙවූ + දැන් ගෙවන + ඉදිරියේ ගෙවීමට ඇති Lump-sum payments එකතුව

(D)

(A + B + C) = EGAR

---

EGAR අනුව බදු අනුපාත

EGAR මුදල බදු අනුපාතය

රු. 1,800,000 හෝ අඩු බදු නැහැ
1,800,001 – 2,800,000 6%
2,800,001 – 3,300,000 18%
3,300,001 – 3,800,000 24%
3,800,001 – 4,300,000 30%
4,300,000 ට වැඩි 36%

---

1️⃣උදාහරණ 01

Mr. Ranaweera

මාසික වැටුප = රු. 170,000

April 2025 bonus/incentive = රු. 600,000

EGAR ගණනය

(A) දැනට ගෙවූ වැටුප් = 170,000
(B) ඉදිරියේ ගෙවීමට ඇති වැටුප් = 1,870,000
(C) Incentive = 600,000

(D) EGAR = 2,640,000

එනිසා 6% rate එක යටතේ බදු ගණනය වෙනවා.

පියවර 02 – 2025 අප්‍රේල් මාසයේ එකවර ගෙවීමකට (Lump-sum Payment) අදාළව කපාගත යුතු බද්ද ගණනය කිරීම

EGAR හෝ D අගය රු. 1,800,001 සිට රු. 2,800,000 අතර පවතින බැවින්, 2025 අප්‍රේල් මාසයේ දිරිදීමනාවට අදාළව කපාගත යුතු බද්ද ගණනය කිරීමට පහත සූත්‍රය භාවිතා කළ යුතුය.

ගණනය කිරීම:

= 158,400 – [108,000 + 1,200 + 13,200]
= 158,400 – 122,400
= 36,000/-

ඒ අනුව, 2025 අප්‍රේල් මාසයේ දිරිදීමනාව සඳහා කපාගත යුතු බද්ද රු. 36,000 කි.

කපාගන්න බද්ද

රු. 36,000

---

2️⃣උදාහරණ 02

Mr. Ranaweera ට December 2025 දී තවත් incentive එකක් ලැබෙනවා.

දෙවන incentive = රු. 800,000

EGAR

(A) = 1,530,000
(B) = 510,000
(C) = 1,400,000

(D) = 3,440,000

මේක 24% bracket එකට වැටෙනවා.

දියවර 02 – 2025 දෙසැම්බර් මාසයේ එකවර ගෙවීම් (Lump-sum Payment) සඳහා අය කළ යුතු බදු මුදල ගණනය කිරීම

EGAR හෝ D අගය රු. 3,300,001 සිට රු. 3,800,000 අතර වන බැවින්, 2025 දෙසැම්බර් මාසයේ දිරිදීමනාව (Incentive) සඳහා අය කළ යුතු බදු මුදල ගණනය කිරීමේදී පහත සූත්‍රය භාවිතා කළ යුතුය.

(D × 24%) - [(642,000 + A සඳහා මාසිකව අඩු කළ මුළු බදු මුදල + වගු අංක 01 අනුව B සඳහා මාසිකව අය කළ යුතු මුළු බදු මුදල) + පෙර එකවර ගෙවීම් සඳහා අඩු කළ බදු මුදල, තිබේ නම්]

= (3,440,000 × 24%) - [642,000 + (1,200 × 9) + (1,200 × 3) + 36,000]
= 825,600 – [642,000 + 10,800 + 3,600 + 36,000]
= 825,600 – 692,400
= 133,200/-

ඒ අනුව, 2025 දෙසැම්බර් මාසයේ දිරිදීමනාව සඳහා අය කළ යුතු බදු මුදල රු. 133,200 කි.

කපාගන්න බද්ද

රු. 133,200

---

3️⃣උදාහරණ 03

Mrs. Kumuduni

මාසික වැටුප = රු. 300,000

May 2025 bonus = රු. 600,000

EGAR

(A) = 600,000
(B) = 3,000,000
(C) = 600,000

(D) = 4,200,000

මේක 30% bracket එකට වැටෙනවා.

දියවර 02 – 2025 මැයි මාසයේ එකවර ගෙවීම් (Lump-sum Payment) සඳහා අය කළ යුතු බදු මුදල ගණනය කිරීම

EGAR හෝ D අගය රු. 3,800,001 සිට රු. 4,300,000 අතර වන බැවින්, 2025 මැයි මාසයේ බෝනස් මුදල සඳහා අය කළ යුතු බදු මුදල ගණනය කිරීමේදී පහත සූත්‍රය භාවිතා කළ යුතුය.

(D × 30%) - [(870,000 + A සඳහා මාසිකව අඩු කළ මුළු බදු මුදල + වගු අංක 01 අනුව B සඳහා මාසිකව අය කළ යුතු මුළු බදු මුදල) + පෙර එකවර ගෙවීම් සඳහා අඩු කළ බදු මුදල, තිබේ නම්]

= (4,200,000 × 30%) - [(870,000 + (18,500 × 2) + (18,500 × 10) + 0)]

= 1,260,000 – [870,000 + 37,000 + 185,000 + 0]

= 168,000

ඒ අනුව, 2025 මැයි මාසයේ බෝනස් මුදල සඳහා අය කළ යුතු බදු මුදල රු. 168,000 කි.

කපාගන්න බද්ද

රු. 168,000

---

4️⃣උදාහරණ 04

Mrs. Kumuduni ට January 2026 දී තවත් bonus එකක් ලැබෙනවා.

Bonus = රු. 700,000

EGAR

(A) = 3,000,000
(B) = 600,000
(C) = 1,300,000

(D) = 4,900,000

මේක 36% bracket එකට වැටෙනවා.

දියවර 02 – 2026 ජනවාරි මාසයේ එකවර ගෙවීම් (Lump-sum Payment) සඳහා අය කළ යුතු බදු මුදල ගණනය කිරීම

EGAR හෝ D අගය රු. 4,300,000 ට වැඩි වන බැවින්, 2026 ජනවාරි මාසයේ බෝනස් මුදල සඳහා අය කළ යුතු බදු මුදල ගණනය කිරීමේදී පහත සූත්‍රය භාවිතා කළ යුතුය.

(D × 36%) - [(1,128,000 + A සඳහා මාසිකව අඩු කළ මුළු බදු මුදල + වගු අංක 01 අනුව B සඳහා මාසිකව අය කළ යුතු මුළු බදු මුදල) + පෙර එකවර ගෙවීම් සඳහා අඩු කළ බදු මුදල, තිබේ නම්]

= (4,900,000 × 36%) - [(1,128,000 + (18,500 × 10) + (18,500 × 2) + 168,000)]

= 1,764,000 – [1,128,000 + 222,000 + 168,000]

= 1,764,000 – 1,518,000

= 246,000

ඒ අනුව, 2026 ජනවාරි මාසයේ බෝනස් මුදල සඳහා අය කළ යුතු බදු මුදල රු. 246,000 කි.

කපාගන්න බද්ද

රු. 246,000

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


317/24M, 07th Lane, Sri Rahula Road, Katubedda, Moratuwa
Colombo
00000