UOSL-Undergraduates Of Sri Lanka

UOSL-Undergraduates Of Sri Lanka Introducing university entrepreneurs, innovators and any other talented students & present important
(1)

තරුණ නවෝත්පාදකයෙක් සහ ව්‍යවසායකයෙකු වන හේශාන් තරිඳු කලුබෝවිල අපේ රටේ සංචාරක කර්මාන්තයේ දැනට පවතින ගැටලු රැසකට Bedqo නමින...
02/05/2026

තරුණ නවෝත්පාදකයෙක් සහ ව්‍යවසායකයෙකු වන හේශාන් තරිඳු කලුබෝවිල අපේ රටේ සංචාරක කර්මාන්තයේ දැනට පවතින ගැටලු රැසකට Bedqo නමින් තාක්ෂණික විසඳුමක් ඉදිරිපත් කරල තියෙනවා.

BedQo කියන්නේ Sri Lanka වල තියෙන hotels, villas, cabana, Cottage වගේ stay සහ day-out packages එක තැනකින් බලන්න පුළුවන් centralized platform එකක්. මේ project එක හදන්න main reason එක තමයි local users ලාට hotels හොයනකොට තියෙන problems solve කරන්න. ගොඩල් වෙලාවට අනිත් platform වල තියෙන commission fees එක්ක prices එක වැඩි. නමුත් මේ platform එක Free (No commission fees or no other fees) නිසා hotel එක actual prices එකේ prices එකට බලාගන්න පුලුවන්. අද තියෙන ගොඩක් platforms වල, direct hotel එක්ක connect වෙන්න අමාරුයි. එවගේ Day out packages බලගන්න පුලුවන් ලේසියෙන්ම. මේ මේවගේ තිබෙන ගැටලුවලට solution එකක් විදිහට තමයි BedQo හදලා තියෙන්නේ. අනිත් එක 100% free නිසා කරනත් පුලුවන් ඔනෙම කෙනෙක්ට.

👉 BedQo එකෙන් කරන්න පුළුවන් දේවල්
• Sri Lanka පුරා hotels සහ packages search කරන්න
• Prices compare කරන්න (range / per person / fixed)
• Day-out packages සහ stay packages දෙකම බලන්න
• Hotel එක්ක direct call එකක් ගන්න.
• Online booking request එකක් දාන්න (owner accept කලොත් confirm වෙනවා)

👉 Booking process එක
Usersලාට online booking request එකක් දාන්න පුළුවන්. ඒක hotel owner බලලා accept කලොත් තමයි booking confirm වෙන්නේ. (online payment system එක තාම integrate කරලා නැහැ – future update එකක්)

👉 Hotel Ownersලාට තියෙන features
• තමන්ගේ hotel එක පහසුවෙන් list කරන්න
• Images, packages, details add කරන්න
• Bookings manage කරන්න
• Discounts / offers add කරන්න
• BedQo Host App එකෙන් full control එකක් ලබාගන්න

👉 Flexible Pricing System 🔥
BedQo එකේ special feature එකක් තමයි different pricing methods support කරන එක:
• Meals included pricing
• Per person add-on pricing
• Either room or meal plan option
• Guest count based pricing

👉 Meal Plans support කරනවා
Accommodation Only / Bed & Breakfast / Half Board / Full Board / All-Inclusive

👉 Why BedQo is special?
• Direct hotel contact (no middle issues)
• Local usersලාට easy experience එකක්
• Sri Lanka වල hotels & packages එක place එකකින්

👉 Free ගැන
මේ platform එක currently free use කරන්න පුළුවන් (future එකේ premium features add වෙන්න පුළුවන්).

👉 Technologies
Modern frontend + scalable backend + cloud-based system එකක් use කරලා build කරලා තියෙන්නේ fast සහ reliable experience එකක් දාන්න.

👉 Main Goal 🎯
Sri Lanka වල තියෙන සියලුම hotels, stays සහ day-out packages එක platform එකක් යටට ගෙනාවාම local usersලාට easy විදිහට compare කරලා choose කරන්න පුළුවන් වෙන එක.

BedQo තාම develop වෙමින් යන project එකක්. Feedback තිබ්බොත් කියන්න 🙌

Mobile App - IOS and Android
Web App

https://bedqo.com/

සටහන : Lakshan Sandaru

ඔබ ගැන හැඳින්වීමක් කලොත්?මම හිත්මි පංකජා..මගේ පවුලේ අම්මා තාත්තා සහ මල්ලි ඉන්නවා.. මල්ලි මේ වෙනකොට ගණිතය විෂය ධාරවෙන් කැ...
17/01/2026

ඔබ ගැන හැඳින්වීමක් කලොත්?

මම හිත්මි පංකජා..මගේ පවුලේ අම්මා තාත්තා සහ මල්ලි ඉන්නවා.. මල්ලි මේ වෙනකොට ගණිතය විෂය ධාරවෙන් කැලණිය සරසවියෙහි physical science පීඨයට තේරී පත්වෙලා ඉන්නවා. අම්මා මාධ්‍යවේදිනියක්...මගේ පියා ව්‍යාපාරික කටයුතු සිදු කරනවා..මම අධ්‍යාපනය ලැබූ පාසල් ගැන කතා කලොත් මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ශාන්ත මරියා කන්‍යාරාමයෙන්, සහ අග්‍රාමාත්‍ය විද්‍යාලයෙන්..ඉන් අනතුරුව සාමාන්‍ය පෙල හදාරන්නේ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයෙන්..මම සාමන්‍ය පෙල ඉහලින් සමත්වෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ කලා අංශයෙන් ව්‍යාපාර සංඛ්‍යානය, පෙරදිග සංගීතය සහ ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය යන විෂයන් සියල්ලටම A සාමාර්ථ ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත් වෙනවා..මම සංගීතයට ලැදි උනත් අවසානයේදී ව්‍යාපාර සංඛ්‍යානය විෂය තමයි special degree එක විදිහට කරන්නේ...සියලුම විෂය පරිබාහිර වැඩ කටයුතු කරමින් එහිදීත් පළමු පංතියේ සාමාර්ථයක් සමග විශ්ව විද්‍යාල ජීවිතය අවසන් කරනවා.

ඔබේ නිර්මාණයන් සහ විශේෂ දක්ෂතා දක්වන අංශ මොනවාද?

මම සිතාර් විශාරදවරියක්..ඊට අමතරව ගායන කටයුතුත් කරනවා..මම රශ්මි සංගීතා ගුරුතුමියගෙන් ගායන භාත්ඛණ්ඩ ඩිප්ලෝමාව අවසන් කර තිබෙනවා.

මේ වෙනකොට මම මගේම ගීත දෙකක් නිර්මාණය කර තිබෙනවා. 'ඔබට ලියූ කවි' ලෙසින් ඒකල ගීයක් සහ ගායන ශිල්පී පූර්ණ සචින්තයන් සමඟින් 'මන්දාකිණී' නමින් යුග ගීයක්...එම ගීතයන් දෙකෙහිම සංගීත අධ්‍යක්ෂණය කලේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ මහතා විසින්..මෙම ගීත දෙකම චිත්‍රපට අධ්‍යක්ෂක මාධ්‍යවේදී ෂර්ලි සමරසිංහයන් විසින් රචනා කරනු ලැබූවක්. ඔබට එය youtube හරහා අසන්නට පුලුවන්...ඉතින් ඒ වගේම අද දෙරණ ජීවිත ස්වර නම් වැඩසටහනේත් ගායන කටයුතු සිදු කලා..පසුගිය වසර වලදී ප්‍රසංග සදහා ගායනයෙන් වාදනයෙන් එකතු වෙන්න අවස්ථාව ලැබුනා...තවත් අලුත් ගීතයක් කරන්නට බලාපොරොත්තුවක් තියනවා මේ වසරේදී...

ඔබේ ගමන්මග විස්තර කලොත්?

ම්ම්ම්...ඇත්තෙන්ම මම චූටිම කාලේ මොන්ඩිසෝරි ගිහින් ගෙදර ආපු ගමන් කරන්නේ චිත්‍ර අඳින එකලු..ඒ කාලේ සීයා විහිලු කරනවලු සිබිල් වෙත්තසිංහ වගේ වෙයි කියල...ඊටපස්සේ Grade 2 වගේ ඉන්නකොට අම්මා මාව බුධවත්ත සර්ගේ dancing class එකට දානවා..හැබැයි මම යන්න බෑ කියනවා. ඒකෙන් dancing නවතිනවා. නමුත් පාසලේ පූජා නර්තන කණ්ඩායමේත් මම ඉන්නවා. පාසල නියෝජනය කරපු නාට්‍ය තරඟවලින් දිනපු අවස්ථා තියනවා. Grade 6 වලදි මම ශාන්ත සර් ලඟ වයලින් ඉගෙනගන්නවා..ඉතින් මම වයලින් ඉගෙනගන්නකොට එකේ සර් කියනවා..'හිත්මි ඉක්මනට අල්ලගත්තා..වයලින් වලට දක්ෂයි කියල...'. පසුව ධර්මපාලෙට ගියාට පස්සේ මං මුලින්ම සංගීතය හදාරන්නේ ගයාන් ගණකදාර සර්ගෙන්..ඊටපස්සේ Grade 8 වලදි මට හමුවෙනව දම්මිකා කරුණාරත්න මැඩම්...ඇයගේ මාර්ගයෙන් තමයි ෆොන්සේකා සර් ලගට මම සිතාර් සඳහා යොමු වෙන්නේ..එතුමා වසර 50කට අධික කාලයක් ගුවන්විදුලියෙහි සේවය කරපු දක්ෂ සිතාර් වාදකයෙක්..එවකට කේමදාසයන්ගේ නිර්මාණ වලට පවා දායක වූ කෙනෙක්.. සර් ලඟ ඉගෙනගන්න ලැබුන එක තමයි මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාව..සර් ඒ විෂයෙහි අති දක්ෂයෙක්..ඒක අපේ අම්මගේ හීනයක්..මගේ අම්මාත් කලාවට සම්බන්ධ කෙනෙක්..ඇය ඌව පළාතේ හොඳම නිළිය ලෙසින් දෙවරක් සම්මානයට පාත්‍ර වූ අයෙක්. ඒ වගේම මාස්ටර් ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණ වලට සහභාගී වුන පළමු පදනමේ ශිෂ්‍යයාවක්..ඇයට පොඩි කාලේ සිතාර් ඉගෙනගන්න ආස උනාට සිතාර් එකක් ගන්න අමාරු නිසා ආච්චි වයලින් එකක් තමයි අරන් දීලා තියෙන්නේ...නමුත් අම්මගේ සිතාර් වලට තිබුන උනන්දුව නිසාම මම එය ආසාවෙන් ඉගෙනගත්තා.

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

ලැබූ ජයග්‍රහණ ගැන කතා කලොත් 2016 දී සමස්ත ලංකා සංගීත තරඟවලින් ඒකල සිතාර් විවෘත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගන්නවා...එහිදී සංගීත් අභිමානී සම්මානයෙන් පිදුම් ලබනවා..ඒ ධර්මපාල විද්‍යාලය නියෝජනය කරමින්...ඒ සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වෙන කාලෙදිම තමයි...2019 දීත් ඒකල විවෘත අංශ සමස්ත ලංකා සංගීත තරඟවලින් ප්‍රථම ස්ථානය හිමිකරගන්නවා. එහිදී නැවත වතාවක් සංගීත් අභිමානී සම්මානයෙන් පිදුම් ලබනවා..ඒත් උසස් පෙල විභාගයට සූදානම් වෙන කාලයේ..ඊට අමතරව ගායන අංශයෙන්, කරාතේ ක්‍රීඩාවෙන්, චිත්‍ර අංශයෙන් ජයග්‍රහණ ලබා තියෙනවා.

අ‍ධ්‍යාපන කටයුතු සමඟ සමබරව කරගත්තේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් කරපු කෙනෙක්. මම පාසල් දෙකේම orchestra එකේ ඉන්නවා..ඉතින් අපි ගියපු, ජයග්‍රහණය කරපු තරඟ බොහෝමයි...සාමන්‍ය පෙල කරපු කාලේ තමයි දම්පල් තත්‍සර කියල අලුතින් වාද්‍ය වෘන්දයක් හැදුවේ ධර්මපාල විද්‍යාලයේ...ඉතින් එය විශාල මෙන්ම දක්ෂ සිසුන් පිරිසක් හිටපු orchestra එකක්. අපි රෑ 12/1 වෙනකම් හැමදාම practice කරනවා..Class එකේත්
හිටියේ නැති තරම් ඒ කාලේ..නමුත් ඒ මතක දැන් හරිම සුන්දරයි....ඒ වගේම මියැසි විශාඛා වාද්‍ය වෘන්දයේත් මම ඉන්නවා..මායි මගේ හොඳම යාලුවායි short note හදල ඒවගේ ප්‍රශ්න වලට උත්තර කතා කරනවා පොඩි වෙලාවක් ලැබුන ගමන් සිතාර් එකත් උකුලෙ තියාගෙන...ගොඩක් කැපකිරීම් කරල තියනවා පාසල් යන කාලෙනම්...මන් ගොඩාක් වෙලාවට practice ඉවර වෙලා රෑවෙලා එන්නෙ ගෙදර..එහෙම ආවම නිදාගෙන ආයිත් පාන්දර ඇහැරිලා තමයි පාඩම් කලේ..ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ දීත් නොයෙකුත් වැඩ කරන්න ගිහින් lectures මිස් උන වාර තියනවා...නමුත් මගේ හොඳම යාලුවා කුලනි විසාකා..ඇය මාත් එක්ක හැමවෙලේම ඉන්නව..මඟහැරුනු තැන් කියල දෙනවා..මම ජපුර C2 ලියෝ සංවිධානයේ සහය අධ්‍යක්ෂකවරියක් ලෙසින් කටයුතු කලා..එහිදී මන් Chairperson විදිහට කටයුතු කරපු 'හුස්මට හුස්මක්' කියන CSR Project එක Insperenzo awards හි ප්‍රථම ස්ථානය ලබාගන්නවා..එය අග්‍රාමාත්‍ය විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් කරපු ව්‍යාපෘතියක්..ඒ සඳහා විශාල වශයෙන් මහන්සි උනා ඉගෙනීම් කටයුතු කරන අතරම...ඒ වගේම එවකට හිටපු විදුහල්පතිනියගෙනුත් ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුනා. එ වගේම ඒ කාලේ සල්ලි හොයන්නේ project වලට stall කරලනේ..ඉතින් උදේ ඉඳන් open canteen එක ඉස්සරහ අපි කෑ ගහනවා කෑම විකුණනවා..දැන් ඉතින් ඒ මතක හරිම සුන්දරයි...ඒ විදිහට බාහිර වැඩත් එක්ක අධ්‍යාපන කටයුතුත් balance කරගෙන ගොඩක් මහන්සි වෙලා තමයි වැඩ කරගත්තේ.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද සහ ඔබේ ගමනට උදවු කල අය කවුද?

අභියෝග ගැන කිව්වොත් මගේ ජීවිතේ මට ආපු ලොකුම අභියෝගය තමයි මගේ කැමත්තට ඉඩ දෙනවද? නැත්තම් ඉගෙනගත් දෙයින් ඉදිරියට යනවද කියන එක...ඉතින් රැකියාවේ මුල්ම දවස්වල මට ඒ දෙක සමබර කරගන්නට බැරි වීම නිසා මගේ ජීවිතේ මං ආසම දෙයක් මට අහිමි වෙනවා...එය ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නිවේදිකා තනතුර..නමුත්, මං හිතනවා කාලයත් එක්ක හැමදේම හරියයි කියලා. කවදහරි ඒ අවස්ථාව නැවත එනතුරු මම බලන් ඉන්නවා. ඒ වගේම තමයි..විශාඛා විද්‍යාලයට තේරෙන එකත් ලොකු
අභියෝගයක් උනා..මං හිතන්නේ විශාඛා විද්‍යාලයට මාව තේරෙන්නත් මගේ සිතාර් දැනුම පිටුවහලක් උනා. මගේ මේ ගමනේ මගේ ලොකුම හයිය මගේ අම්මා සහ තාත්තා. ඔවුන් මෙච්චර කල් මන් වෙනුවෙන් කරපු කැපකිරීම් වචනෙන් කියන්න බැහැ...ඒ වගේම මගේ මල්ලිත් හැමදේකදිම මට සහයෝගය දෙනවා. ඉතින් කවදහරි මන් ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ කරනවා.. ඒ වගේම මේ වෙලාවේ අමතක කරන්නට බැහැ අපි අතරින් වියෝ වූ මගේ සිතාර් සර්, ෆොන්සේක සර් ව...එතුමා කොහේහරි ඉඳන් මන් දිහා බලන් ඇති කියල හිතනවා. ඒ වගේම අපි අතරින් වියෝවුන සකුන්තලා මිස්ව..ඇය නිසයි මම විශාඛා විද්‍යාලයට එන්නේ...ඒ වගේම මගේ ආදරණීය විනීතා මිස්, දම්මිකා මැඩම්,සරෝජා මිස්,භාගේශ්‍රී සර්, රශ්මි මිස් සහ පූර්ණ අයියවත් ආදරෙන් මතක් කරනවා..ඔවුන් නිසයි අද මම මෙතන ඉන්නේ...ඉදිරියේදී සිතාර් සම්බන්ධ අලුත් වැඩ ටිකක් කරන්නට බලාපොරොත්තුවක් තියනවා..ඒ සඳහා උදවු කරන සංගීතවේදී කපිල අපරැක්ක සර්වත් ආදරයෙන් මතක කරනවා..

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

මම ගායනයට වාදනයට අමතරව නිවේදන කටයුතු වලටත් සම්බන්ධ වෙනවා...පොඩි කාලේ, ඒ කියන්නේ 2011 දී One Sri Lanka නාලිකාවේ වැඩසටහන් වලට සම්බන්ධ වුනා. ඒ වගේම Apiba institute හි ප්‍රචාරණ කටයුතු, නිවේදන කටයුතු වගේම lectures ඉදිරිපත් කිරීමත් සිදු කරනවා..ක්‍රීඩා ගැන කතා කලොත් මම red belt කරාතේ ක්‍රීඩිකාවක්..විශ්වවිද්‍යාලයේදී විවිධ අංශයන්ගෙන් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ රැසක් ලැබුවා...ඉතින් ඒ වගේම චිත්‍ර ඇඳීමේ හැකියාවත් තියනවා..එයිනුත් ජයග්‍රහණ ලබාගෙන තියනවා. ඒ වගේම දෙරණ නාලිකාවෙන් කල ඒකාංගික ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

මම කැමතී සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න...මිනිසුන්ගේ හිතකට සුවයක් වෙන්න...ඒ අතරතුර පෞද්ගලික අංශයෙන් විධායක ශ්‍රේණියෙන් ඉහලට යන්නත් බලාපොරොත්තුවක් තියනවා...ඒ වගේම මගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන එකත් හීනයක්.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

අභියෝග ප්‍රශ්න ජීවිතේ එයි..හැබැයි මේ ජීවිතේ අපි මෙච්චර කල් ආපු ගමන ගැන පසුතැවෙන්නෙ නැතිවෙන්න, මම මේ දේ කලා කියල පසුපස හැරිල බලද්දි සතුටු හිතෙන්න පුලුවන් දෙයක් කරලනම් එච්චරයි...

සටහන : Lakshan Sandaru

Happy New Year 2026 🎉✨
01/01/2026

Happy New Year 2026 🎉✨

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when UOSL-Undergraduates Of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category