Magic School

Magic School

Share

education නව චින්තනයකින් හෙබි මතු පරපුරක් බිහි කිරීම අපගේ අරමුණයි

15/11/2022

ගණන්කාරයන්ගේ ඔරලෝසුවක් 💕

06/11/2022

අපේ ඉංග්‍රීසි ටීචර් ඒ කාලේ මාව පිස්සු වැට්ටුවා....
එකම හේතුව වුනේ ටීචර්ගේ පියයුරු දෙක...
ඒක අනිත් අයගේ ඒවට වඩා ගොඩක් ලොකුයි...

එයා සාරිය හිරට ඇදන් ඇවිල්ලා ඉද්දී මට හැමදාම හිතුනේ දැන් පැලෙයි දැන් පැලෙයි කියලා...

හැමදාම ටීචර් පන්තියට ඇවිල්ලා පාඩම පටන් අරන් ඉවර වෙනකන්ම මම කලේ ටීචර්ගේ පියයුරු දිහා බලන් ඉන්න එක...

"මොන සිහියෙන්ද ඉන්නේ ඔය ළමයා..?"

දවසක් හුණු කොට්ටේ ඇවිත් මූනේ වදිනකන් දන්නේ නෑ.
ඒ කියලා මම හැදුනද... නෑ.. එන්න එන්නම පිස්සුව වැඩි වුනා...

දවසක් මම පොඩි ප්ලෑන් එකක් ගැහුවා...
ටීචර් එනවා බලන් ඉදලා හැන්ගිලා බලෙන්ම ටීචර් ගේ ඇගේ හැප්පුනා...
එදා මගේ ඔලුව ගිහින් වැදුනේ ටීචර් ගේ බඩේ...
එදා තමා මම දැන ගත්තේ ටීචර් ගේ පියයුරු වල වදින්න තරම්වත් මම උස නෑ කියලා....

මෙහෙම කාලේ ගෙවිලා ගියා...
දවසක් ටීචර් එකපාරටම ස්කෝලේ එන එක නතර වුනා...
සමහර ළමයි නම් කිවේ ටීචර් ට්‍රාන්සර් වෙලා කියලා..
තවත් සමහරූ කීවා එයා රට ගිහින් කියලා...
තවත් අය කීවේ බඩත් ලොකුවට තිබ්බ නිසා බබා හම්බවෙන්න නතර වුනා කියලා...

මොන මඟුලට නතර වුනත් මම තරම් දුක් වෙච්ච කෙනෙක් මුලු පන්තියේම හිටියේ නෑ...
මට ආයේ ටීචර් ගේ පියයුරු දකින්න වෙන්නේ නෑනේ කියලා හිතන කොට කියන්න බැරි දුකක් දැනුනා...

මෙහෙම අවුරුද්දක් විතර ගියා...

මෙන්න එක පාරටම දවසක් එයා ආයේ ඇවිත්...
අපිට ආයේඋගන්නනවලූ, පන්තියේ ඔක්කෝම හරිම සතුටින්...
ඔක්කෝටම වඩා මම සතුටින්...

ඒත් එයා පන්තියට ආපු මොහොතේ ඉදන් මට එපා වුනා...
යන්න කලින් තිබ්බ එයාගේ පියයුරු දෙක දැන් වෙනස් වෙලා...
පිරිච්ච බව නෑ.පොඩි වෙලා කියලත් හිතුනා.

දුක වැඩි කමට ටීචර් ගේ මූණවත් බලන්න හිතුනේ නෑ...
එදා ඉදන් අපේ ඉංග්‍රීසි ටීචර්ත් මට අනිත් ටීචර්ලා වගේ සාමාන්‍ය වුනා....

දැන් මම ලොකු මිනිහෙක්...
බැදලා ළමයි ඉන්නවා...

දවසක් මගේ වයිෆ් මගෙන් ඇහුවා,
"ඇත්තටම ඔයා ඇයි මට කැමති වුනේ..?" කියලා.

මම කීවා "ඔයා අපේ ඉංග්‍රීසි ටීචර් වගේ නිසා.." කියලා...

"ඇයි ඔයා එහෙම කියන්නේ.."
එයා ඇහුවා...

ඉතින් මම එයාට සම්පුර්ණ විස්තරේම කීවා.. කතාව අහලා එයා එයාගේ පපුවට අත තියා ගත්තා...

"දැන් මගේ පපුවත් ඉස්සර වගේ නෙවෙයිනේ, ඒ කියන්නේ ඔයාට මාව එපා වෙලාද..?"
මූණ ඇඹුල් වෙලා එයාගේ.

මම මුලින්ම එයාව ඉඹලා ලගට ගත්තා...

" කවදාවත් නෑ... ඔයාගේ ලස්සන පියයුරු දෙකට මම ඇත්තම ආදරේ කලා. ඒත් මම දැක්කා ඒවා වෙනස් වුනේ කොහොමද කියලා...

අපේ දරුවෝ කිරි ඉල්ල ඉල්ල දවස තිස්සේ ඒවගේ එල්ලීගෙන..
ඔයා කවදාවත් ඒවා කැත වෙනවනේ, එල්ලේනවනේ කියලා හිතුවේ නෑ...
ඉල්ලන ඉල්ලන හැම වාරේම දුන්නා...

මම දැක්කා ඔයාගේ ඒවා රැලි වැටෙන හැටී, ඔයාගේ ඇස් ඇතුලට කිදා බහින හැටි, ඔයාගේ බඩ රැලි වැටිලා එල්ලෙන හැටි....

ඔයා ඒ හැම කැපවීමක්ම කලේ අපේ දරුවෝ වෙනුවෙන්...
මගේ දරුවෝ වෙනුවෙන්...

ඔයාගේ ලස්සන අරන් අපේ දරුවෝ ලස්සන වෙන හැටි මම දැක්කා...
ඔයා කැත වුනා දවසින් දවස...
ඒ හැම දෙයක්ම මම හොදට දැක්කා....

එදා ටීචර් පියයුරු එකපාරට කැත වෙලා තියනවා දැක්කම මට දුක හිතුනට, ඒත් ඔයාගේ දේවල් ඇයි කැත උනේ කියන්න මම හොදටම දැක්කා...
ඉතින් මට කවදාවත් දුකක් දැනුනේ නෑ....

මොකද ඔයා තරම් මම වෙනුවෙන්, අපේ ළමයි වෙනුවෙන් කැත උනු කෙනෙක් මේ ලෝකේ නෑ...
ඔයා අපේ මුලු ලෝකේම ලස්සන කලා...
ඔයා කැත නෑ...

ඔයා ඔයාගේ ලස්සන අපි හැමෝම අතරේ සමව බෙදුවා...
ඒකයි අද අපි ලස්සනට ඉන්නේ...
ලස්සන පවුලක් විදියට ඉන්නේ..."

මේ කතාව කියවන ඔයාගේ බිරිදත්, අම්මත් මෙහෙම වෙන්න ඇති....
මොහොතක් හිතන්න ලෝකේ වැඩිපුරම කැපවීම් කරන්නේ පිරිමි අපිට වඩා ආදරණීය කාන්තාවන්...

එයාගේ ඇස්, දත්, කන්, හම ඔයාට ගලවලා නොදුන්නට, ඒ හැමදේම අපි වෙනුවෙන් එයාලා පරිත්‍යාග කරනවා...
කොන්දේසී විරහිතවයි එයාලා ඒ දේවල් කරන්නේ...
අපෙන් ඉල්ලන්නේ එකම දෙයක්...

එයා වෙනස් වෙනකොට, කැත වෙනකොට, ඔයාගෙන් වෙනස් නොවෙන කැත නොවෙන සුන්දර ආදරයක් විතරයි...

දේදුන්න පාට උනේ කොහොමද කියලා ඇහුවොත් ඔයාට කියන්න බැරි වේවී...
හැබැයි ඔයාගේ පවුල ලස්සන උනේ කොහොමද කියල ඇහුවොත් ඔයාට පෙන්නන්න කෙනෙක් ඉන්නවා..
ඒ ඔයාගේ ආදරණීය අම්මා සහ බිරිඳ...
උ.ගැ

03/11/2022

දරුවන්ගේ කුසලතා වර්ධනය සඳහා අත්‍යවශ්‍යම දෙයක් නිර්මාණකරනය



#අත්වැඩ
#ඉබ්බා

03/11/2022

අප වාසය කරන පෘථිවියේ ප්‍රමාණය කොතරම් කුඩාද.

Photos from Magic School's post 03/11/2022

ලස්සන කුරුල්ලෝ

30/10/2022

3 වසර දරුවන් ඇති දෙමාපියන් සහ ගුරුවරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙමි.

තුන වසර දරුවන් සඳහා නිර්මාණය කරන ලද විශේෂ පාඩම් මාලාවේ පළමු පාඩම. සාමාන්‍ය පාඩම් ක්‍රමවේද ඉක්මවා නව මුහුණුවරකින් දරුවන්ට මතක තබාගැනීමට පහසු ආකාරයට ඉදිරිපත් කර ඇත. මෙම වීඩියෝව නරඹා ඔබේ අදහස් කමෙන්ට් කරන්නේ නම් මෙවැනි පාඩම් තවත් නිර්මාණය කිරීමට එය මහත් උපකාරයකි🙏💕.

වීඩියෝ ලින්ක් එක
https://youtu.be/-HDYIy7FdIY

Photos from Magic School's post 23/04/2020
23/04/2020
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo