Department of Pali and Buddhist Studies - J’Pura

Department of Pali and Buddhist Studies - J’Pura

Share

Prosper lives through education

30/05/2026

සදහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏☸️🪔🏮

Photos from J'pura Flames Lite's post 04/05/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ කමිටුව විසින් ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 115 වන ගුණ සමරු උත්සවයට සමගාමීව පවත්වන ලද "මල් පහන් පූජාව සහ ගුණ සමරු දේශනය" පසුගිය අප්‍රේල් 29 වනදා විශ්වවිද්‍යාලයීය සුමංගල සභාසදයේ දී පැවැත්විණි.

Photos from Department of Pali and Buddhist Studies - J’Pura's post 28/02/2026

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංවිධානය කළ අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාව

2026 - 02- 24 සහ 25 දෙදින

අත්තනගල්ල , හත්ථිකුච්ඡි පුරාවිද්‍යා ස්ථානය සහ පොළොන්නරුව ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන නිරීක්ෂණය

සහභාගිත්වය -: පාලි, බෞද්ධ ශිෂ්ටාචාරය , බෞද්ධ උරුමය හා සංචාරක කර්මාන්තය යන විෂය ඒකක හදාරන සිසුන්

විශේෂ ස්තූතිය,

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති, මහාචාර්ය පූජ්‍ය එළමල්දෙණියේ සාරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට

ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේට

ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට

සංවිධානය කළ, සහ සහභාගීත්වය දැක්වූ සියළු දෙනාට

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Photos from J'pura Flames's post 13/02/2026
28/01/2026

The 19th International Conference on Pali & Buddhist Studies (ICPBS 2026) kicks off tomorrow at the University of Sri Jayewardenepura.

"Buddhism for the Digital Era".

Photos from Japura Media's post 04/01/2026
01/01/2026

ලැබුවා වූ 2026 නව වසර

ඔබ සැමට සාමය සතුට පිරි

සුබ නව වසරක් වේවා...! 🌟

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

03/11/2025

🎓 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමාව
Diploma In Buddhist Studies

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව 2025 වර්ෂයට පහත සුදුසුකම් අතරින් එකක් හෝ කිහිපයක් සපුරා ඇති අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

📋 සුදුසුකම්
✅ අ.පො.ස (උ.පෙළ) ඕනෑම විෂයය ධාරාවකින් සමත් වී තිබීම
✅ අ.පො.ස (උ.පෙළ) ඕනෑම විෂයය ධාරාවකින් විෂයන් දෙකක් සහිතව සමත් වීම හා පිළිගත් ආයතනයක සේවා පළපුරුද්දක් තිබීම
✅ පිළිගත් ආයතනයක NVQ level 4 මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම
සම්මුඛ පරීක්ෂණය සමත් වීම අවශ්‍යයි

🗓 දේශන විස්තරණ
📅 දිනය: සෑම සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව 9.00 - ප.ව. 4.00
📢 මාධ්‍යය: සිංහල
⌛ කාලය: අවුරුද්දකි (අර්ධ වාර්ෂික දෙකකි)
🖥️දේශදේශන: Zoom තාක්ෂණය ඔස්සේ පැවැත් වේ

💰 පාඨමාලා ගාස්තුව
💵 සම්පූර්ණ ගාස්තුව: රු. 45,000/-
📊 ගෙවීම් ක්‍රමය: වාරික දෙකකින්
1 වන වාරිකය: රු. 20,000/- (පාඨමාලා ආරම්භයට පෙර)
2 වන වාරිකය: ඉතිරි මුදල (පාඨමාලා ආරම්භයෙන් මාස තුනක් ඇතුළත)
📝 අයදුම්පත සහ පාඨමාලා විස්තර:
🌐 නිල වෙබ් අඩවිය:
https://fhss.sjp.ac.lk/budd/diploma-in-buddhist-studies/
https://www.sjp.ac.lk/
💳 ලියාපදිංචි ගාස්තුව: රු. 1,000/-
📍 බැංකු ගිණුම: ගංගොඩවිල මහජන බැංකු ශාඛාව
🏦 ගිණුම් අංක: 013010001314
🏛️ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
📮 රිසිට්පත පහත ලිපිනයට යොමු කරන්න:
පාඨමාලා සමායෝජක
බෞද්ධ අධ්‍යයන ඩිප්ලොමා පාඨමාලාව
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩවිල, නුගේගොඩ
📅 අයදුම් යොමු කිරීමේ අවසන් දිනය: 2025/12/10

📞 විමසීම්
📱 ජේ. කථිකාචාර්ය ආචාර්ය මැටිබැඹියේ ධම්මසිරි හිමි
(පාඨමාලා සමායෝජක)
☎️ 0774647873
#බෞද්ධ අධ්‍යයනය #ඩිප්ලෝමා #ශ්‍රී ජයවර්ධනපුර #ධර්ම #පාලි

08/10/2025

All are invited to submit your research papers to ICPBS 2025 to be held on 29th January 2026

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

University Of Sri Jayawardenepura
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00