Prageeth M Aluthwattha

Prageeth M Aluthwattha

Share

Art Historian, Theorist, Writer, Lecturer. Art Historian, Theorist, Lecturer, Writer.

18/11/2025
08/10/2025

කාර් එක ගරාජ් එකේ නිසා කාලෙකට පස්සෙ බස් එකේ ගියා. (🐍)

ප්‍රවාහන ඇමති (සහෝදර)තුමා කියන කතාව ඇත්ත. බස් සේවකයින්ගෙ විනය සහ හැදියාව නම් අන්තිමයි.

වහාම බස් කොන්දොස්තරලට නීතියක් දාන්න ඕනෙ බස් මගීන්ට කෑ ගහල අපහාසයෙන් කතා කරන්න එපා කියල.

කොටුව ස්ටේෂන් එක ඉස්සරහ සෙනග ලෝඩ් කරන ගුවන්තොටුපළ බස් එකක කොන්දොස්තර මහා හයියෙන් කෑ ගහනවා.. "පොට් ටෙයා පොට් ටෙයා පොට් ටෙයා පොට්..." කියල. දෘශ්‍යාබාධිත මනුස්සයෙකුට එහෙම කෑ ගහන එක හරි නෑ නෙ.

ඒ අස්සෙ මොරටුව AC බස් එකක කොන්දොස්තර කෑ ගහනවා.. "මොරටුවේසී මොරටුවේසී..." කියල. කාන්තාවකට එහෙම ප්‍රසිද්ධියේ බණින එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.

02/09/2025

මුතුකරුපන් චෙට්ටියාර් දෙමළ වෙලා, කුමාර හෙට්ටිආරච්චි සිංහල වෙන ලොජික් එකට අනුව සයිමන් කාසිචෙට්ටිගේ ජාතිය සිංහල ද දෙමළ ද ?

හෙට්ටි හෙවත් 'චෙට්ට' වරුන්ගෙන් අපි කැමති අය සිංහල ජාතියට අරන් ඉතුරු අය දෙමළ ජාතියට පිටමං කරනව ද ? සිංහලත් දෙමළත් දෙකම බැරි 'චෙට්ට' වරයෙක් අයිති මොන ජාතියට ද ?

02/09/2025

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි 'සිංහල ජාතික ක්‍රීඩකයින්' සහ 'දෙමළ ජාතික ක්‍රීඩකයින්' ගැන කතාබහක් ඇති වෙලා තියෙන නිසා මේ අහන්නෙ...

කුමාර් සංගක්කාර, රසල් ආනල්ඩ් සිංහල ක්‍රීඩකයෙක් ලෙසත්, මුරලිදරන් දෙමළ ක්‍රීඩකයෙක් ලෙසත් හඳුනා ගැනීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයා භාවිත කළ නිර්ණායක මොනවා ද ? ජාතිය තීරණය කළේ ඔවුන් තිදෙනාගේ මව් බස අනුව ද ?

එම නිර්ණායක අනුව ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, සයිමන් කාසිචෙට්ටි, යන අයගේ ජාතිය කුමක් ද ? ලක්ශ්මන් කදිරගාමර්, ආනන්ද කුමාරස්වාමි යන අයගේ ජාතිය කුමක් ද ?

28/08/2025

කුලියාපිටියෙ දි අනතුරට ලක් වුණු ස්කූල් වෑන් එකේ අංක තහඩුව දැක්කා. ඒක 60 - # # වාහනයක්.

මම අටේ පන්තියෙ දි ඉස්කෝලෙ ගිය වෑන් එකත් 60 - # # ඉසුසු ෆාගෝ එකක්. ඒකාලෙත් ඒකට අපි කිව්වෙ 'ජයන්ත මාමගෙ ලදරං වෑන් එක' කියල.

ඒ 1990 දි. දැන් 2025 වෙලා. තාම 60 - # # වාහන පාරෙ දුවනවා.

24/08/2025

මේ දවස්වල නිමල් සිරිපාලට හැර, අනිත් පොහොට්ටු සාමාජිකයින් කාටවත් නින්ද යන්නෙ නැතුව ඇති මං හිතන්නෙ. 😁

24/08/2025

"මහාචාර්ය සෙනරත් පරණවිතානගෙ සාක්කුවෙ ගිනිපෙට්ටි දෙකක් තිබුණා. එකක් එයාගෙ. ඒකෙන් තමයි සුරුට්ටුව පත්තු කරන්නෙ. අනිත් එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ. ඒකෙන් තමයි සයිට් එකේ ලන්තෑරුම පත්තු කරන්නෙ. වැරදිලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ගිනි පෙට්ටියෙන් සුරුට්ටුව පත්තු කරපු දවසට තමන්ගෙ ගිනිපෙට්ටියෙන් කූරක් අරකට දාලා බැලන්ස් කරනව." (මේ කතාව මට කිව්වෙ මහාචාර්ය බී.ඩී. නන්දදේව.)

මහාචාර්ය බී.ඩී.නන්දදේවගෙ ලාච්චුවෙ හාෆ්ෂීට් බණ්ඩල දෙකක් තිබුණා. එකක් එයාට අයිති. පෞද්ගලික ලිපි ලේඛන ලියන්නෙ ඒ කඩදාසිවල. අනික විශ්වවිද්‍යාලයට අයිති. රාජකාරි ලිපි ලේඛන ලියන්නෙ ඒ කඩදාසිවල. (දවසක් මම වැරදිලා විශ්වවිද්‍යාලයට අයිති හාෆ්ෂීට් බණ්ඩලයෙන් කඩදාසියක් ගත්තා පෞද්ගලික වැඩකට. මහාචාර්ය නන්දදේව තමන්ගෙ හාෆ්ෂීට් බණ්ඩලයෙන් කඩදාසියක් අරකට දාලා බැලන්ස් කළා. ඊටපස්සෙ තමයි පරණවිතාන ගැන උඩින් ලියපු කතාව මට කිව්වෙ.)

මේ කතාව මම වෙනත් අයට කියපු හැම වාරයක් ගානෙම වැඩිදෙනෙක් මට හිනාවෙලා "ඕව කරන්න පුළුවන් වැඩද? එච්චර එහෙම වෙන්න ඕනෙ නෑ.." වගේ එක එක කතා කිව්වා. ඒ වුණාට මේවා කරන්න පුළුවන් වැඩ. සමහරු කරල තියෙන වැඩ. දැනටත් සමහරු කරන වැඩ.

16/08/2025

"Fall out" by Robin Tomen
(A Concrete Poem)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

161/53/34, Namal Uyana, Nedungamuwa
Colombo