03/06/2026
මහජන මුදල් කියන්නේ කාටවත් ලෙහෙසියෙන් දිරවන දෙයක් නෙවෙයි කියලා "කර්මය" විසින්ම ඔප්පු කරමින් පවතිනවා! 😉
සංචාරක කර්මාන්තය දියුණු කරන්න ආපු "මොළ හතේ" ටී-ෂර්ට් ප්‍රොජෙක්ට් එකේ රෙදි ගැලවෙයි! 😎
ලංකාවේ රාජ්‍ය අරමුදල් තමන්ගේ "පවුලේ බ්‍රෑන්ඩ්" එක වෙනුවෙන් ඉතාමත් සූක්ෂ්ම ලෙස 'පරිවර්තනය' (Divert) කරන්න පුළුවන් සුපිරි මොළකාරයෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. අන්න ඒ වගේ තවත් එක ඓතිහාසික "මූල්‍ය මෙහෙයුමක" ඇතුළ පැත්ත කොටුව උසාවියෙන් එළියට දාලා තියෙනවා.
නඩුවේ විස්තරේ හැටියට, මේක නිකන්ම නිකන් ටී-ෂර්ට් කතාවක් නෙවෙයි, රාජ්‍ය දේපළ පට්ටපල් විදිහට අවභාවිත කරපු ලස්සන ප්ලෑන් එකක්:
📉 බැසිල්ගේ "සංචාරක ප්‍රවර්ධන" වංචාවේ ඇතුළ පැත්ත:
මිලියන 7.8ක මහජන මුදල්: 2014 ඌව පළාත් සභා ඡන්දය කාලේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට (SLTPB) අයත් රුපියල් මිලියන 7.8ක් එක රැයකින් අතුරුදහන් කරලා.
රටට නෙවෙයි, පවුලට ප්‍රවර්ධනය: සුද්දෝ ලංකාවට ගෙන්නන්න වෙන් කරපු සල්ලිවලින් කරලා තියෙන්නේ ටී-ෂර්ට් 12,000ක් මුද්‍රණය කරපු එක. හැබැයි ඒවයේ තිබුණේ සංචාරක ස්ථානවල පින්තූර නෙවෙයි!
පවුලේ මාකටිං: ටී-ෂර්ට් එකේ එක පැත්තක ලොකු අයියාගේ (මහින්ද රාජපක්ෂගේ) රූපයයි, අනෙක් පැත්තේ තමන්ගේ දේශපාලන පක්ෂයේ නමයි විතරයි තිබිලා තියෙන්නේ.
ටාගට් ගෲප්: මේ සංචාරක ප්‍රවර්ධන ටී-ෂර්ට් ටික බෙදලා තියෙන්නේ සුද්දන්ට නෙවෙයි, මොණරාගල පැත්තේ ඡන්ද දායකයින්ට ඡන්දෙ ගන්න!
🏃♂️ අද දවසේ "මිසින් ඉන් ඇක්ෂන්" නාට්‍යය:
නීතිපතිවරයාගේ උපදෙස් මත CIDය විසින් මේ කට්ටියව පොදු දේපළ පනත යටතේ (මහජන මුදල් හොරකම් කිරීමේ චෝදනාවට) නම් කරලා, අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක් ගත්තා විතරයි...
ගෙවල්වල කවුරුත් නෑ: CID එක බැසිල් රාජපක්ෂ ඇතුළු සෙට් එක (හිටපු සභාපති භාෂ්වර සහ රූමි ජවුෆර්) හොයාගෙන ගෙවල්වලට යද්දී, පුදුමයකට වගේ හැමෝම "අතුරුදහන්" වෙලා! (ඡන්ද කාලෙට පපුවට ගහගෙන සෙල්ලම් දාන අය, නීතිය ඉස්සරහට එද්දී හැංගෙන්නේ ඇයි කියලා දන්නෝ දනිති).
ලැබුණු ලොකුම තෑග්ග: හැමදාම ඇමරිකාවයි ලංකාවයි අතර "සංචාරය" කරන බැසිල් මහත්තයා ඇතුළු පිරිසට, කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් අද "විදේශ ගමන් තහනමකුත්" පැනවුණා.
රටේ සල්ලිවලින් තමන්ගේ පවුලේ අයගේ මූණවල් දාලා ටී-ෂර්ට් ගහපු අයට, දැන් තමන්ගේම ගෙවල්වල ඉන්න බැරුව හැංගි හොරා යන්න වෙලා තියෙන එකම මොනතරම් දෛවෝපගතද?
✍️Agora SL - ඇගෝරා