General Knowledge Club of MRC

General Knowledge Club of MRC WE ARE THE SWORD OF WISDOM 🧠⚔️

General Knowledge Club of Mahinda Rajapaksha College, Homagama. ❤️💛

A New Chapter Begins! 🧠⚔️We take immense pride in congratulating our newly appointed Executives and Office bearers of th...
21/08/2026

A New Chapter Begins! 🧠⚔️

We take immense pride in congratulating our newly appointed Executives and Office bearers of the Mahinda Rajapaksha College General Knowledge Club. Your dedication, leadership, and unwavering passion for knowledge have earned you these well-deserved appointments to the Executive Committee.

You serve as an inspiration to every young Mahindian, proving that vision and purpose pave the path toward true excellence. We are honored to celebrate this milestone with you as you step forward to lead our club toward new heights and make this chapter your best one yet.

Lead with Vision, Inspire with Purpose!

We are the Sword of Wisdom. 🧠⚔️









Cheers to the day that marks the beginning of your incredible journey, Mast. Chenuka Nimtharu! 🎉🥳May each chapter ahead ...
19/08/2026

Cheers to the day that marks the beginning of your incredible journey, Mast. Chenuka Nimtharu! 🎉🥳

May each chapter ahead be filled with knowledge, growth, and outstanding achievements. Your passion and dedication continue to inspire those around you.

Sending all the joy and brightest vibes from your GKC Fam! ⚔️🧠








Official T-Shirt is out NOW!‎‎​The General Knowledge Club of Mahinda Rajapaksha College, is excited to announce the laun...
14/08/2026

Official T-Shirt is out NOW!

‎​The General Knowledge Club of Mahinda Rajapaksha College, is excited to announce the launch of our Annual Official T-Shirt!

‎​If you’d like to grab yours, please follow these simple steps:

‎​1. Fill out the Google Form accurately: https://forms.gle/vmfYssPtLddC727e6
‎2. Deposit the required amount to the bank account mentioned at the end of the form.
‎3. Send a WhatsApp message with your Payment Receipt, along with your Name and Class, to the contact number provided in the form.

‎​🗓️ Deadline: Orders are open from today until Thursday (20th).

‎​📌 Important Notes:
‎• ​​Please note that this official T-shirt is exclusively available to current members.

‎_​Get yours before the deadline!_ 👕🔥

‎We are the Sword of Wisdom ⚔️🧠








කන්දෙ නුවර ශෛලවාහිනී සිරිවර්ධන පුරවරය සිසාරා ශ්‍රී දන්තධාතු අභිවන්දනීය අසිරිය විදහාපාන පෙළහර සමයයි මේ...🐘🔥🎶දළදා මැදුරෙ ර...
14/08/2026

කන්දෙ නුවර ශෛලවාහිනී සිරිවර්ධන පුරවරය සිසාරා ශ්‍රී දන්තධාතු අභිවන්දනීය අසිරිය විදහාපාන පෙළහර සමයයි මේ...🐘🔥

🎶දළදා මැදුරෙ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ...

මගේ රටට දළදා හිමි සෙවනයි
මගේ දැයට දළදා හිමි සරණයි...​

බෞද්ධ දැහැමි සිසිල් පොදින් නැහැවී, හෙළබිම නම් නඳුන් උයනෙහි පීදුණු අමා දිය බිඳු වන් පුණ්‍ය දියෙන් නැවුම් වන ඇසළ මාසයේ (සමහර වසරවල නිකිණි මාසයේ), සිංහල අභිමානය දරමින් ඇසළ මහා පෙරහැර මංගල්‍යය සෙංකඩගල පුරවරයෙන් ඇරඹෙන්නේ හෙළ සංස්කෘතිය දේශ දේශාන්තරයන්ට විදහා පෙන්වමිනි. අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පින්බර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පෙරටු කොටගත් ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කරන්නේ සකල ලෝකවාසීන්ට සෙත් පැතීමත්, දළදා වහන්සේට උපහාර දැක්වීමත් යන පරමාර්ථ කැටි කොටගෙනයි. එවන් උතුම් හෙළ ප්‍රෞඪත්වයක් විදහාපාන උතුම් ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ එදා මෙදා තුර වතගොත මෙලෙස ඔබ අභිමුවට ගෙන එන්නෙමු.

අතීත වතගොත

උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආගමනයට පෙර, පුරාතන කාලවකවානුවේ ගොවිතැන ජීවනෝපාය කරගත් යුගයේ සෙංකඩගල ඇසළ පෙරහැරේ මූලාරම්භය සිදුවිය. එකල මෙරටට ඇති වූ අධික නියඟයෙන් අත්මිදීම පතා සිංහල ජනතාවත් අපගේ අභීත රජදරුවනුත් එක්වී, පොළොව සරු කරන වැසි ඉල්ලා නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පතා පූජා පැවැත්වූහ.

කිරි ගසක අත්තක් ගෙන එය දේවාල භූමිය ඉදිරිපස සිටුවා, එය වටා බෙර වයමින් ඊට අනුරූපව සිහල තේජස විදහා පෙන්වන නර්තනයේ යෙදෙමින් වැසි උදෙසා දෙවියන්ට පැවැත්වූ මෙම පූජාව "ඇසළ පූජාව" නම් විය.

ක්‍රි.ව. 311 දී පමණ අනුරාධපුර යුගයේදී, ඉන්දියාවේ කාලිංග දේශයේ පැවති යුද්ධයකින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරගැනීම පිණිස ගුහසීව රජුගේ දියණිය වන හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙසින් වෙස් වලාගෙන, කුමරියගේ කෙස් කළඹ ඇතුළත උතුම් දන්ත ධාතූන් වහන්සේ සඟවාගෙන මුහුදු මාර්ගයෙන් මේ උතුම් පින්බිමට වැඩම කරවූ සේක.

එවකට අනුරාධපුරයේ රාජ්‍යත්වය දැරූ කිත්සිරිමෙවන් රජු, මුළු පුරවරයම විචිත්‍රවත්ව සරසා දළදා සමිඳුන් මහත් හරසරින් පිළිගත්තේය. ඉන්පසු සෑම වසරකම දළදා වහන්සේ මහජනතාවට වැඳපුදා ගැනීම උදෙසා උත්කර්ෂවත් පෙරහැරකින් අභයගිරිය දක්වා වැඩමවිය යුතු බවට රජු විසින් රාජ ආඥාවක් පනවන ලදී. පසු කලෙක සිදුවූ යුධ ගැටුම් හේතුවෙන් රාජ්‍යධානි වෙනස් වීමත් සමඟ, අවසාන වශයෙන් කන්දෙ නුවර රාජධානි සමය වන විට දළදා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම කරවන ලදී.

සතර මහා දේවාල පෙරහැර හා සංකලනය

මුල්කාලීනව මහනුවර රාජධානිය තුළ වීදි සංචාරය වූයේ නාථ, විශ්ණු, කතරගම, පත්තිනි යන සතර මහා දේවාල පෙරටු කොටගත්, හින්දු හා ලෞකික මුහුණුවරක් ගත් ඇසළ පෙරහැරක් පමණි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ බාහිර ජනතාවට දැකගැනීම උදෙසා එකල වීදි සංචාරය නොවිණි. දළදා මැදුර තුළ පමණක් වන්දනාමාන සිදුවිය.

මේ කාලවකවානුව තුළ ලංකාවට පැමිණි උපාලි මහා තෙරුන් වහන්සේ ප්‍රමුඛ සියම් නිකායික භික්ෂූන් පිරිසක් මෙය දැක, මේ පිළිබඳව එවක සංඝරාජ තනතුරෙහිලා සිටි වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ට දැන්වූහ. මේ බව සැලකිල්ලට ගත් සරණංකර හිමියන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමඟ සාකච්ඡා කොට උතුම් ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේටත්, බෞද්ධ රාජ්‍යත්වයේ සංකේතයක් වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේටත් මුල්තැන දී කටයුතු කළ යුතු බව පෙන්වා දුන්හ.

මේ බව වටහාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු, එතෙක් වෙන වෙනම ගමන් කළ සතර මහා දේවාල පෙරහැර එක්කොට, ඒ සියල්ලටම ඉදිරියෙන් හස්ති රජු පිට විරාජමාන වන දන්ත ධාතූන් වහන්සේ රැගත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර ගමන් කරවීමට නියෝග පනවන ලදී. බුදුන් වහන්සේට මුල්තැන දෙමින් ගොඩනැඟුණු මේ උතුම් සංකලනය මඟින් හින්දු හා බෞද්ධ චාරිත්‍ර එකට මුසු විය.

නැකැත් වට්ටෝරුව

ඓතිහාසික සෙංකඩගලපුර අභිමානනීය ඇසළ මහා මංගල්‍යය අතීත සිංහල සිරිතට අනුව විවිධ චාරිත්‍ර ඔස්සේ ගලා යයි. එවන් උතුම් පෙරහැරකට මඟ පෙන්වන හෙළයේ අභිනන්දිත චාරිත්‍ර වංශය මෙසේය.

01. නැකැත් පත්‍රය සැකසීම හා භාර දීම

මහා ඇසළ මංගල්‍යයේ සමාරම්භයට මුල්ගල තබමින් ශ්‍රී දළදා මාලිගාවේ "නැකැත් මොහොට්ටාල" (රාජකීය ජ්‍යෝතිර්වේදියා) විසින් සමස්ත පෙරහැරේ එක් එක් අදියර සඳහා වෙන් වෙන් වශයෙන් ශුභ මුහුර්තයන් බලා නැකැත් වට්ටෝරුව සම්පාදනය කරන ලදී. ඉන්පසු එම නැකැත් වට්ටෝරුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාටත්, සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්ටත් නිල වශයෙන් භාර දී අනුමත කර ගැනීමේ කටයුතු සිදු කෙරේ.

02. කප කැපීමේ මංගල්‍යය

පෙරහැර ආරම්භ වීමට දින කිහිපයකට පෙර කප කැපීමේ මංගල්‍යය සිදු කරනු ලබයි. නියමිත ශුභ නැකතට අනුගතව අලුත්නුවර ශ්‍රී විශ්ණු දේවාල භූමියෙන් හෝ රජයේ අනුමැතිය ලත් වෙනත් පූජනීය වනයකින් තෝරාගත්, ඵලදාව නොගත් හිරිමල් කොස් ගසක් (කිරි ගසක්) අසල පූජාව පවත්වයි. ඉන්පසු එම ගස සුවඳ පැනින් දෝවනය කර කඳ කොටස සිව් අයුරකින් වෙන් කර ගනියි.

03. කප් සිටුවීමේ මංගල්‍යය

ඇසළ මාසයේ අමාවක පෝයට පසු උදාවන පුර පෑළවිය දින, ශුභ නැකැත් පෙරටු කොට ගනිමින් පෙරහැරේ නිල සමාරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීම සිදු කරයි. පසුව ඉහත සඳහන් කළ කඳන් සතර, සිව් මහා දේවාල භූමියන්හි එකවර සිටුවීම සිදු කෙරේ.

04. දේවාල ඇතුළත පෙරහැර

කප් සිටුවීමෙන් පසු එළඹෙන පංච දිනයන්හිදී පෙරහැර මහජනතාව සඳහා වීදි සංචාරය වීමක් සිදු නොවේ. එම දිනයන්හිදී සතර මහා දේවාල තුළදී පමණක් පූජා භාණ්ඩ හා දේවාලයේ ආභරණ වැඩමවමින් හේවිසි හඬ මධ්‍යයේ ඉතා සරල අන්දමින් දේවාලය වටා වට කිහිපයක් ගමන් කරයි. මෙහිදී සතර මහා දේවාල ඇතුළතදී රහසිගත චාරිත්‍ර බොහොමයක් ද සිදු කෙරේ.

05. කුඹල් පෙරහැර

ගත වූ දින පහෙන් පසුව එළඹෙන සයවැනි දින පෙරහැර පළමුවරට මහජනතාවට දැකබලා ගැනීම සඳහා වීදි සංචාරය කෙරේ. දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසින් ඇරඹී, දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කොට ගනිමින් සෙසු සතර මහා දේවාල පෙරහැරයන් අනුපිළිවෙළින් ඊට පසුපසින් එකතු වෙයි. පුරා දින 5ක් මුළුල්ලේ මෙය සෙංකඩගල වීදි පුරා සංචාරය කෙරෙයි.

06. රන්දෝලි පෙරහැර

කුඹල් පෙරහැර පංච දිනයන් මුළුල්ලේ සංචාරය කිරීමෙන් පසු එළඹෙන දිනයේදී අති උත්කර්ෂවත් අන්දමින් රන්දෝලි පෙරහැර පුරා පස් දිනයක් දක්වා වීදි සංචාරය ආරම්භ කරයි. මෙහිදී දේවාල සතරට හිමිකම් කියන පූජනීය සිව් දෝලාවන් පෙරහැරේ අවසානය තෙක්ම කරමතින් රැගෙන යති. අවසන් මහ රන්දෝලි පෙරහැර දිනය, සියලු හස්ති රාජයාණන් හා විවිධ ශෛලීන්ගේ නර්තන කණ්ඩායම් එකට එක්වන සෙංකඩගල මහා වෛභවයක් ගෙනෙන රාත්‍රියක් වේ. මේ අවසන් රාත්‍රියෙන් පසු පෙරහැර අවසන් වන්නේ ශ්‍රී දළදා වහන්සේ (ධාතු කරඬුව) අස්ගිරි මහා විහාරීය 'ආදාහන මළුව ගෙඩිගේ විහාරය' වෙත වැඩමවා එහි තැන්පත් කරවීමෙනි.

07. දිය කැපීමේ චාරිත්‍රය සහ දහවල් පෙරහැර

අවසන් රන්දෝලි පෙරහැර නිමා වී පසුව උදාවන දින අලුයම භාගයේදී, සතර මහා දේවාලයන්හි කපු මහත්වරුන් ඇතුළු පිරිස රන්දෝලි ද සමඟින් ගැටඹේ තොටින් මහවැලි ගඟ වෙතට පැමිණෙති. පසුව ගඟ මධ්‍යයේදී ශුභ නැකැත් බලා මඟුල් අසිපතෙන් දිය මතුපිට කපා නව පැන් දියෙන් කෙණ්ඩිය පුරවා ගනු ලැබේ. දිය කපා රැගෙන එන පිරිස ගෙඩිගේ විහාරයේ සිට පැමිණෙන දළදා මාලිගාවේ පෙරහැර සමඟ එක් වී දිවා භාගයේදී අවසන් වරට නුවර පුරා වීදි සංචාරය කෙරේ.

08. පෙරහැර සමාප්ත කිරීමේ නිල චාරිත්‍රය

දහවල් පෙරහැර නිමාවී කරඬුව නැවත දළදා මාලිගාව තුළ තැන්පත් කොට අවසන් නිල චාරිත්‍රය ඉටු කරයි. දියවඩන නිලමේතුමා හා බස්නායක නිලමේවරුන් සිව් දෙනා රාජ්‍ය නායකයා (ජනාධිපතිතුමා) හමුවෙයි. පුරාණ හෙළ සිරිතට අනුව 'මේ වසරේ ඇසළ පෙරහැර කටයුතු සාර්ථකව සිදු විය' යනුවෙන් සඳහන් නිල සන්දේශය හෙවත් පෙරහැර සංදේශය රාජ්‍ය නායකයා වෙත නිල වශයෙන් භාර දීම එහිදී සිදු වේ.

දීර්ඝ කතිකාවකින් පසු, සිංහල මහා ප්‍රෞඪත්වය විදහාපාමින් ශෛලවාහිනී කන්ද උඩරට සිරිවර්ධන පුරවරයම ඒකාලෝකමත් කරනා මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ වගතුග සොයා යාමේ පියාසරියට තිත පසෙකලා කොමාවකට ඉඩහසර විවර වී ඇත. මීළඟ කොටසින් හමුවන තුරු, සෙංකඩගල ඇසළ මහා මංගල්‍යයේ මහානුභාව බලයෙන් සකල ලෝ සතුන්ගේ තුන්බිය දුරු වී, රට පුරා පැතිරී යන ස්වාභාවික ව්‍යසනයන්ගෙන් රටට ඉක්මන් සහනය ලැබේවායි මිහිඳු සාහිත්‍යාවලියේ වනස්පතීන් සහ ප්‍රඥාවේ අසිපත ලෙස නම් දැරූ අපි එක්සිත්ව පතන්නෙමු. ​​✊​​🇱🇰

✍️ Article by - Thisathmi Thewulini

© හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය පුස්තකාල පාඨක සංගමය සහ සාමාන්‍ය දැනුම සංගමය.











MindScope'26‎ලිපි අංක - 05මේ, කොමික් පොතකට හෝ සිනමා පටයකට පමණක් සීමා නොවූ, මුළු මහත් පරම්පරා ගණනාවක ළමා කාලයත් යොවුන් වි...
09/08/2026

MindScope'26
‎ලිපි අංක - 05

මේ, කොමික් පොතකට හෝ සිනමා පටයකට පමණක් සීමා නොවූ, මුළු මහත් පරම්පරා ගණනාවක ළමා කාලයත් යොවුන් වියත් වර්ණවත් කළ අපූරු වීරයෙකුගේ කතාවයි. සුපිරි බල පරාක්‍රමයකට එහා ගිය මනුෂ්‍යත්වයේ සැබෑ බර කරට ගත් 'ස්පයිඩර් මෑන්' හෙවත් මකුළු මිනිසාගේ ආරම්භයත්, ඔහු ලෝක මානව සංස්කෘතිය තුළ රඳවා ඇති නොමැකෙන පියසටහන් ගැනත් විමසා බලන මේ වෑයම, ඒ මකුළු දැල් අතරින් යන අතීතාවර්ජනයකට ඔබව කැඳවාගෙන යන්නටයි...

කොමික් ලෝකයේ පෙරළිකාර උපත.

1960 දශකය වන විට ඇමරිකානු කොමික් ලෝකයේ සුපිරි වීරයන් වූයේ අතිශය ශක්තිමත්, ධනවත් හෝ දෙවිවරුන් හා සමාන වැඩිහිටියන්. යොවුන් වියේ පසුවූ චරිත සිටියේ ඒ ප්‍රධාන වීරයාගේ සහායකයා ලෙස පමණයි. නමුත් 1962 දී මාර්වල් (Marvel) කොමික් ආයතනයේ ස්ටෑන් ලී සහ චිත්‍ර ශිල්පී ස්ටීව් ඩිට්කෝ මේ සම්ප්‍රදාය මුළුමනින්ම කණපිට පෙරළන්න සමත් වුනා. 'Amazing Fantasy #15' කලාපයෙන් ලෝකයට හඳුන්වා දුන් පීටර් පාකර් නම් වූ මේ අහිංසක, ලැජ්ජාශීලී පාසල් සිසුවා, විකිරණශීලී මකුළුවෙකු දෂ්ට කිරීමෙන් පසු සුපිරි බලයක් ලබා ගත් අයෙක්. වෙනත් සුපිරි වීරයන්ට මෙන් බිලියන ගණනක ධනයක් හෝ මාළිගා නම් ඔහුට තිබුණේ නැහැ. ඔහුට සිදුවූයේ ලෝකය බේරාගන්නා අතරවාරයේම තමන්ගේ පාසල් වැඩකටයුතු කරගැනීමටත්, කුලිය ගෙවා ගැනීමටත්, තම ආදරවන්තියගේ හිත දිනාගැනීමටත් දැඩි අරගලයක නිරත වීමටයි. මේ සාමාන්‍ය ගැටලු ඔහු වටා ගෙතුණු නිසාම මුළු ලෝකයේම තරුණ පරපුරට පීටර් පාකර් යනු තමන්ගෙන් කෙනෙක් සේ දැනෙන්න පටන් ගත්ත එක තමයි ඔහුගෙ නිර්මාණකරුවන් ලබපු විශාලම ජයග්‍රහණය වුනේ.

සුපිරි බලයකට එහා ගිය මනුෂ්‍යත්වය

ස්පයිඩර් මෑන් චරිතයේ සමස්ත ආඛ්‍යානයම රඳා පවතින්නේ එකම එක දාර්ශනික වැකියක් මතයි. ඒ තමයි බෙන් මාමා පීටර්ට කියා දෙන "ලොකු බලයක් සමඟ ලොකු වගකීමක් ද බැඳී පවතී" කියන වටිනා පාඩම. තමන්ට ලැබුණු සුපිරි බලය මුලදී මුදල් ඉපයීමට පමණක් යොදාගත් පීටර්ගේ වක්‍ර වරදකින් බෙන් මාමාට ජීවිතය අහිමි වීම, මේ චරිතයේ සදාචාරාත්මක හැරවුම් ලක්ෂ්‍යය විදිහට සැළකෙනවා. එදා පටන් නිව්යෝර්ක් නුවර 'මිත්‍රශීලී අසල්වැසියා' බවට පත්වන ඔහු, තමන්ගේ පෞද්ගලික ජීවිතය කෙතරම් කඩා වැටුණත්, වෙනත් කිසිවෙකුට ඒ වේදනාව විඳින්නට ඉඩ නොතබන්නට දිවි හිමියෙන් කැපවී කටයුතු කරනවා. මේ මානසික ගැටුම කොමික් ඉතිහාසයේ කිසිදු වීරයෙකුට නොතිබුණු තරම් ගැඹුරුයි.

සතුරු බලවේග සහ අඳුරු යුගයන්.

වීරයෙකුගේ ප්‍රබලත්වය මනිනු ලබන්නේ ඔහුගේ සතුරන්ගේ ප්‍රබලත්වයෙන්. ඒ අතින් ස්පයිඩර් මෑන්ට සිටින්නේ ලෝකයේ විශිෂ්ටතම මෙන්ම මානසිකව අතිශය සංකීර්ණ සතුරන් පිරිසක්. ග්‍රීන් ගොබ්ලින්, ඩොක්ටර් ඔක්ටපස්, වෙනම් වැනි සතුරන් ඔහුට ශාරීරිකව පමණක් නොව, මානසිකව ද දරුණු ප්‍රහාරයන් එල්ල කළා.

විශේෂයෙන්ම 1973 දී 'The Night Gwen Stacy Died' කලාපයෙන් පීටර්ගේ ප්‍රථම ප්‍රේමය වූ ග්වෙන් ස්ටේසිව ග්‍රීන් ගොබ්ලින් විසින් ඝාතනය කිරීම, මුළු කොමික් ලෝකයම කම්පනයට පත් කළ සිදුවීමක් වුනා. සුපිරි වීරයෙකුට වුවද තමන්ගේ ආදරණීයයන් බේරාගැනීමට නොහැකි වන අවස්ථා ඇති බව පෙන්වා දුන් එම කතාංගය, කොමික් කලාවේ 'රිදී යුගයේ' එහෙමත් නැත්නම් silver age එකේ අවසානය සනිටුහන් කළ බව විචාරකයන්ගේ පිළිගැනීමයි.

රිදී තිරයේ ආක්‍රමණය සහ නූතන Spider man.

අසූවේ දශකයේ කාටූන් මාලාවලින් ලංකාවේ අපේ ළමා කාලයටත් එකතු වූ ස්පයිඩර් මෑන්, සිනමා ඉතිහාසයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යක් සනිටුහන් කරන්නේ 2002 දී සෑම් රයිමිගේ අධ්‍යක්ෂණයෙන් ටෝබි මැගුවයිර් (Tobey Maguire) ගේ රංගනයත් සමඟින්. එතෙක් කඩදාසිවලට පමණක් සීමා වී තිබුණු සුපිරි වීරයන්ට, ප්‍රේක්ෂකයන්ගේ කඳුළු සහ සිනහව එකවර මතු කළ හැකි සිනමාත්මක ගුණයක් ලබා දුන්නේ ඒ චිත්‍රපට පෙළයි. පසුව Andrew Garfield ගෙ හැඟීම්බර රංගනයෙන් ද, ටොම් හොලන්ඩ් හරහා දැවැන්ත මාර්වල් සිනමා විශ්වයට (MCU) සාර්ථකව බද්ධ වීමෙන් ද මේ චරිතය නූතන යුගයට මනාව හැඩගැසුණා. ඊටත් වඩා ඔබ්බට ගොස් 'Spider-Man: Into the Spider-Verse' වැනි ඔස්කාර් සම්මානනීය සජීවීකරණ චිත්‍රපට හරහා, පීටර් පාකර් පමණක් නොව Miles Morales වැනි සාමාන්‍ය කළු ජාතික දරුවෙකුට පවා මේ වෙස්මුහුණ පැළඳිය හැකි බව ලෝකයටම පෙන්වා දුන්නා.

ඉතින් දීර්ඝ කතිකාවතක අවසානයටයි මේ ළඟා වෙලා තියෙන්නේ... මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන වෙස්මුහුණක් පැළඳි මේ වීරයා ලෝකයම අමන්දානන්දයට පත් කරා වගේම ආදර්ශයක් ලබා දෙන්නත් සමත් වුනා. එනම්, ඒ වෙස්මුහුණ පිටුපස ඔිනෑම කෙනෙකුට සිටිය හැකි බවයි. කඩදාසි පිටුවකින් පටන් ගෙන ලෝක සිනමාවේ සහ මානව සංස්කෘතියේ දැවැන්තම චරිතයක් බවට පත්වුණු මේ අසහාය වීරයාගේ කතාව, තමන්ගේම පෞද්ගලික ප්‍රශ්න, වේදනාවන් සහ වෙන්වීම් සමඟ ඔට්ටු වෙන ගමන්, සමාජයටත් යහපතක් කරන්න උත්සාහ කරන සෑම මනුෂ්‍යයෙකුගේම හද බැඳි කතාවක් බව අවසන් වශයෙන් අප තරයේ විශ්වාස කරන බව තමයි සඳහන් කරන්න තියෙන්නෙ.

‎මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය සාමාන්‍ය දැනුම සංගමයේ අධ්‍යාපනික සත්කාර ව්‍යාපෘතියකි.











Dream Big. Reach Higher. Achieve Greatness.The GCE Advanced Level Examination is here - a defining moment to transform y...
09/08/2026

Dream Big. Reach Higher. Achieve Greatness.

The GCE Advanced Level Examination is here - a defining moment to transform years of dedication, countless hours of preparation, and unwavering determination into achievement. Every lesson you have mastered, every challenge you have overcome, and every effort you have made has brought you to this moment.

Now, trust your preparation. Walk into the examination hall with confidence, composure, and a clear mind. Stay focused, manage your time wisely, and approach each paper with patience and strategy. Take it one question at a time, breathe deeply, and give every answer your very best.

Wishing all GCE A/L candidates the very best for a successful examination journey!

We are the sword of wisdom. 🧠⚔️







Honoring a Legacy of Dedicated ServiceWith heartfelt gratitude, the General Knowledge Club of Mahinda Rajapaksha College...
08/08/2026

Honoring a Legacy of Dedicated Service

With heartfelt gratitude, the General Knowledge Club of Mahinda Rajapaksha College extends its sincere appreciation to Mast. T. Adeeth Methdinu Ransana Ruberu, our esteemed Treasurer, for his dedicated service and valuable contribution to the club. Your commitment, responsibility, and unwavering effort have strengthened our journey and left a meaningful mark on the club.

As you embark on a new chapter, we wish you endless happiness, remarkable achievements, and continued success in all your future endeavors. Thank you for being an integral part of our journey. Your contribution will always be remembered with gratitude and pride.

We are the Sword of Wisdom. 🧠⚔️







Happy International Day of Friendship !Friendship is one of humanity’s greatest strengths, connecting hearts beyond bord...
30/07/2026

Happy International Day of Friendship !

Friendship is one of humanity’s greatest strengths, connecting hearts beyond borders, cultures, and differences. On International Day of Friendship, we celebrate the bonds that inspire trust, kindness, and unwavering support. True friends stand beside us through triumphs and trials, reminding us that no journey is meant to be walked alone. Every shared laugh, thoughtful conversation, and helping hand builds a foundation of understanding that makes our world stronger. Today, we honor the friendships that encourage growth, unite communities, and create lasting memories.

Beyond companionship, friendship teaches the values of empathy, respect, and loyalty. It reminds us that genuine connections are built through honesty, patience, and mutual encouragement. Just as knowledge grows when it is shared, life's greatest moments become even more meaningful when experienced together. Every act of kindness strengthens the invisible threads that bind us as one global family. Cherish your friends, appreciate their presence, and continue building bridges of compassion wherever you go.

We are the Sword of Wisdom. 🧠⚔️








Happy Esala Full Moon Poya Day !Today, we celebrate the Esala Full Moon Poya Day, a deeply significant occasion in the B...
29/07/2026

Happy Esala Full Moon Poya Day !

Today, we celebrate the Esala Full Moon Poya Day, a deeply significant occasion in the Buddhist calendar that marks several monumental events in the life of Gautama Buddha. It commemorates the Buddha’s conception, his Great Renunciation, and the delivery of his very first sermon, the Dhammacakkappavattana Sutta, which set the wheel of Dhamma in motion. This auspicious day also marks the commencement of the "Vassana" or the rainy season retreat for Buddhist monks, a time dedicated to intensive meditation, reflection, and spiritual contemplation. As the beautiful full moon illuminates the night sky, let us illuminate our minds by reflecting on the profound teachings of the Buddha, practicing loving-kindness, and committing ourselves to a path of mindfulness, compassion, and generosity.

As we observe this blessed day, let us engage in acts of generosity and cultivate inner tranquility through meditation. May the soothing radiance of the Esala moon guide us away from darkness and towards the path of ultimate liberation and supreme peace. Let us join hands in sharing the light of the Dhamma with the entire world, fostering unity, forgiveness, and unconditional kindness toward all living beings. Wishing you a serene, blessed, and spiritually fulfilling Esala Full Moon Poya Day.

We are the Sword of Wisdom ⚔🧠









Handing Over of the Booklet of Practice Papers, Quiz Papers, Selection Tests & Workshop Materials (March 2025 to July 20...
24/07/2026

Handing Over of the Booklet of Practice Papers, Quiz Papers, Selection Tests & Workshop Materials (March 2025 to July 2026)

The official presentation of the booklet containing the Practice Papers, Quiz Papers, Selection Tests & Workshop Materials conducted from March 2025 to July 2026 took place on 21st July 2026 at the "Ratna Prasada" Principal Services Commemorative Library of Mahinda Rajapaksha College, Homagama.

The booklet, which compiles the academic materials prepared under the guidance of former Main Quiz Team Coaches Mr. Pramuka Aththanayake and Mr. Isira Direksze, was first officially presented to our esteemed Principal, Mr. Ajith Premasiri. It was then formally handed over to the Librarian, Mr. Dennis Dishan, in the presence of our Deputy Principal (Sports & Co-curricular Activities), Mrs. Madushani Kapugedara, to be preserved in the school's archives.

This occasion was attended by the Vice President, Mast. Danuja Disas; Acting General Secretary, Mast. Hasara Sandeepa; Editor-in-Chief, Mast. Visal Udana; Secondary Organizer, Mast. Enuka Rathnayaka; and Deputy Editor, Mast. Didula Jayasekara, representing the Club's Executive Committee.

We hope this booklet will serve as a valuable resource for all enthusiasts of General Knowledge and stand as a lasting record of our journey and achievements.

We are the Sword of Wisdom 🧠⚔️






Address

Mahinda Rajapaksha College/
Colombo
HOMAGAMA

Alerts

Be the first to know and let us send you an email when General Knowledge Club of MRC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to General Knowledge Club of MRC:

Share

Category