03/05/2026
අද වෙද්දී ලොකේ EV market එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වගේම සමස්ථ automobile industry එකම උඩු යටිකුරු කරන්න සමත් වුනු රථ වාහන නිශ්පාදන සමාගමක් විදිහට BYD හඳුන්වන්න පුළුවන්. සාපේක්ශව ඉතාමත් ලාභදායී සහ ඉහළ ගුණාත්මක බවකින් යුක්ත BEV(Battery Electric Vehicle) නිර්මාණය කරන BYD සමාගම අද ඊයේ අලුතින් පටන් ගත්තු එකක් නෙමෙයි. එහි ආරම්භය 1995 වර්ෂය දක්වා දිව යනවා. චීනයේ දැවැන්ත කාර්මික නඟරයක් වුනු Shenzhen හි හිටපු රසායන විද්‍යාඥයෙකු වුනු Wang Chuanfu විසින් තමයි මේ BYD සන්නාමය ආරම්භ කරන්නේ, ඒ ප්‍රතිආරෝපණය කලහැකි බැටරි (rechargeable batteries) නිර්මාණය කරන සමාගමක් විදිහට ආරම්භ වෙමින්. 2005 අවුරුද්දේදී Xi’an Qinchuan Automobile සමාගම මිලදි ගන්න BYD සමාගම ඔවුනගේ පළමුවන වාහනය වුනු BYD F3 කාර් රථය එළිදක්වනවා.
ඒ වගේම 2008 වර්ෂයේදී ඔවුනගේ පළමු plug-in hybrid රථය වුනු F3 DM රථයත්, 2009 වර්ෂයේදී all-electric e6 රථයත් හඳුන්වා දෙනවා. කොහොම වුනත් ඒ කාලේ EV market එකට ලොකු අවධානයක් හිමිවුනේ නැහැ. ඒ නිසා හැම අවුරුද්දකදීම BYD සමාගමට අලෙවි කරන්න පුලුවන් වුනේ රථ වාහන ලක්ශ 4-5ත් අතර අඟයක් පමණයි. හැබැයි හැමදේම අනිත් පැත්තට හැරුනේ 2021 අවුරුද්දෙන් පස්සේ ඇතිවුනු EV පෙරළියත් එක්කයි. ඔවුන් විසින් නිර්මාණය කරපු new energy vehicle (NEV) සංකල්පයට අයත් රථ වාහන චීනයේ විතරක් කොච්චර ජනප්‍රියත්වයක් හිමිකරගත්තද කිව්වොත් 5% ක තිබුනු market එක 27% දක්වා ඉහළ යනවා. ඒ 2022 වර්ෂයේ මැද වෙද්දී ලෝකයේ හොඳම plug-in electric රථ වාහන සැපයුම්කරුවා බවට BYD පත්වෙමින්.
2023 වර්ෂයේදී ඔවුන් battery electric vehicles 526,409ක් අලෙවි කරන්නේ Tesla සමාගමටත් වඩා රථ වාහන 40,000ක් පමණ අලෙවි කරමින්. 2023 වර්ෂයේදී හඳුන්වා දුන්නු ඔවුනගේ කුඩාම සහ මිලෙන් අඩුම ආසන 4ක, කාර් රථය වුනු Seagull කාර් රථයට හිමිවුනු ඉල්ලුම නිසා, මාස 7ක් ඇතුලත ඒ රථයෙන් ඒකක 200,000 නිර්මාණය වුනා. ඒ ලොව වටා කතා බහක් ඇති කරමින්. 2023 අවුරුද්දෙදී ඔවුනගේ මිලියන 5වන NEV රථය සැමරිමේ උත්සවයකට එක්වුනු BYD හි CEO විසින්, විදේශ රථ වාහන නිශ්පාදන සමාගම් වලට තරඟයක් වීම සඳහා සියළුම චීන රථ වාහන සමාගම් වලට එක්වන ලෙසට ආරාධනාවක්ද සිඳුකලා. 2024 අවුරුද්දේ විතරක් ලොව වටා BYD වාහන මිලියන 4.27ක් අලෙවි වුනා. ඒ 2023 වර්ෂයට සාපේක්ශව 41%ක විකුණුම් ඉහළ යාමකින්. 2024 අවුරුද්දේ විතරක් ඔවුනගේ සමස්ථ ආදායම ඇ.ඩොලර් බිලියන 115ක් පමණ වුනා. තවත් වැදගත් දෙයක් තමයි ලෝකයේ විශාලතම රථ වාහන ප්‍රවාහන නෞකාව වන BYD Shenzhen නෞකාව අයත් වෙන්නෙත් මෙම සමාගමටමයි, එයට එකවර වාහන 9,500ක් පමණ රැගෙන යාමේ හැකියාව තියෙනවා.
BYD රථ වාහන මෙච්චර සාර්ථකත්වයක් හිමිකරගන්න හේතු කිහිපයක්ම බලපෑවා. එයින් එකක් තමයි ඔවුනගේ cell-to-pack තාක්ශණයෙන් නිර්මාණය කරපු ඉහළ ආයුකාලයක් සහ ආරක්ශාවක් හිමි ලිතියම් Blade Battery එක. මේ තාක්ශණය Tesla සමාගමේ Supercharging තාක්ශණය අතික්‍රමණය කලේ විනාඩි 5ක් ඇතුලත 400 km ක දුරක් ගමන් කල හැකි තරමේ ආරෝපණයක් ලබාදෙමින්. ඒ වගේම futuristic look එකක් තියෙන කාර් රථ සහ SUV රථ පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වුනා. චීනයේ Shenzhen සහ Jinan නඟරයන් වල අලුත් නිශ්පාදන කර්මාන්තශාලාවන් වගේම සහ හන්ගේරියාව, තායිලන්තය, බ්‍රසීලය සහ තුර්කිය කියන රටවලත් නිශ්පාදන සමාගම් පිහිටුවන්නට ඔවුන් කටයුතු කරා. මේ නිසා 2024 අවුරුද්දේ එංගලන්තයේ විතරක් BYD වාහන වල විකුණුම 658%ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ ගියා.
2025 වර්ෂයේ මුල් භාගයේදී විතරක් BYD වාහන 1,023,381ක් ලොව වටා අලෙවි වුනා. ඒ වගේම 2025 අවුරුද්දෙදී හදුන්වලා දුන්නු e-Platform 3.0 සහ e-Platform 3.0 Evo වර්ගයේ රථ වාහන වුනු BYD Dolphin, Atto 3, Denza D9 EV, Sealion 07, Seal 06 EV/GT, Qin L EV, Tang L EV සහ BYD shark 6 රථ වාහන ලොව වටා වේගයෙන් අලෙවි වුනා. මෙයින් සමහරක් ශ්‍රී ලංකාවටද ආනයනය කරා. සමස්ථයක් විදිහට ගත්තාම 2025 වර්ෂය තුළ ඔවුන් BYD වාහන මිලියන 4.6ක් ලොව වටා අලෙවි කරන්නට සමත්වුනා.
2025 වර්ෂයේ අන්තිම වෙද්දී ලෝකයේ විශාලතම BEV සැපයුම්කරුවා බවට පත්වෙන්න BYD වලට හැකියාවක් ලැබුනේ Tesla සමාගමේ 15.3% market share එක පසුකරයමින්. ඔවුනගේ වර්ධනය මේ විදිහට දිගටම තිබ්බොත්, ඔවුන් සිහින විතරක් නෙමෙයි, ගමනාගමනයේ අනාගතයම නිර්මාණය කරන්නන් වෙවී.
© Padaartha - පදාර්ථ
18/04/2026
කෘත්‍රිම බුද්ධිය, එහෙමත් නැත්නම් AI, වලට පුලුවන්කම ලැබුනා ගොඩක් අය හිතාගෙන හිටපු ඔයාව replace කරන්න බැහැ කියන concept එක සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කරන්න.
මේ වෙද්දී ලෝකයේ ක්ශේත්‍රයන් ගණනාවක තමන්ගේ අණසක පතුරවපු AI, වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් healthcare සම්බන්ධ ක්ශේත්‍රයන්ටත් ඇතුල් වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් සමහර අංශයන් වලින් අතිශ්‍යය ලෙස අතික්‍රමණය කරමින්. තවමත් ඉතා බැරෑරුම් ශල්‍යකර්ම සහ රෝගයන්, රෝගීයාගේ හැඟීම් සහ මානසික තත්ත්වය හඳුනාගන්න හැකියාවක් AI වලට නැති වුනත් ඒගොල්ලෝ වෙනස්ම විදිහකින් තමන්ගේ හැකියාවන් පෙන්වනවා. ඒ තමයි ඉහළ නිරවද්‍යතාවයකින් රෝග විනිශ්චය, රෝග නිර්ණය සහ කලින් රෝග හඳුනාගැනීමට දක්වන හැකියාව.
දත්ත මිලියන සහ බිලියන ගණනකින් බලගැන්වුනු ඇල්ගෝරිදමයන් භාවිතයෙන් සහ තමාට ලැබෙන දත්ත analyze කරමින්, රෝග නිර්ණය කරන සහ ඒවාට අවශ්‍යය ප්‍රතිකර්ම ලබාදෙන AI කවමදාකවත් එකම වැරැද්ද දෙවතාවක් කරන්නේ නැහැ. තමාගේ වැරදි වලින් ඉගෙනගන්න කෘත්‍රිම බුද්ධිය, X-rays, MRIs සහ CT scans වැනි රෝග නිර්ණය සඳහා යොදාගන්න ක්‍රමවේද දක්ශ විදිහට හසුරවන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Genetic profiles සහ lab results, කටහඩේ ඇති වෙනස් කම්, ආශ්වාස සහ ප්‍රශ්වාස කරන විදිහේ තියෙන වෙනස්කම්, ඇසේ චලනයේ ඇති වෙනස්කම්, රුධිර පීඩනයේ සහ රුධිරයේ සංඝටක ද්‍රව්‍යයන් වල ඇති වෙනස්කම් අධ්‍යයනය කරලා ඉතා ඉහළ නිර්වද්‍යතාවයකින් රෝග නිර්ණය කරන්නත් හැකියාවක් පෙන්වනවා.
උදාහරණ විදිහට, පියයුරු පිළිකාවන් හඳුනාගැනිමේ නිරවද්‍යතාවය අතින් radiologists වරුන් 6 දෙනෙක්ටත් වඩා සාර්ථකත්වයක් පෙන්වන්න ඔවුන් සමත්කම් කිව්වේ 20%කටත් වඩා ඉහළ නිරවද්‍යතාවයක් යටතේයි. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයෙන් කරපු අධ්‍යයනයකින් හෙළිවුනු විදිහට නම් Prostate ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවන් 84%ක නිරවද්‍යයතාවයකින් කලින් හඳුනාගන්න AI program එකකට හැකියාව ලැබුනා, ඒ වෛද්‍යවරුන් සතුව තිබුණු 67%ක නිරවද්‍යතාවය අතික්‍රමණය කරමින්. Google ආයතනයේ DeepMind වැඩසටහන යටතේ නිර්මාණය කරපු AI වැඩසටහනකට ඇසේ ඇතිවන රෝග 94%ක් වැනි ඉහළ නිරවද්‍යයතාවයකින් නිර්ණය කරන්න සමත්වුනේ ලෝකයේ ඉන්න දක්ශතම අක්ෂි වෛද්‍යවරුන්ගේ හැකියාවන් පසුකරයමින්.
අස්ථි, බන්ධනී, මාංශපේෂීන් සහ සන්ධි ආශ්‍රීත Rheumatic රෝග මෙච්චර කල් 54%ක නිරවද්‍යතාවයකින් නිර්ණය කරපු වෛද්‍යවරුන්ගේ හැකියාව පරාජයට පත් කරමින් 70%ක නිරවද්‍යතාවයකින් ඒම රෝග නිර්ණය කරන්න AI වැඩසටහනකට පුළුවන්කම ලැබිලා තියෙනවා. කොහොම වුනත් ගැබ්ගෙල පිළිකාවන් හඳුනාගැනීමේදී වෛද්‍යවරුන්ට වඩා යම් පසුබෑමක් මේ වැඩසටහන් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම සමහර පපුව ආශ්‍රිත X-ray අධ්‍යයනයන් වලදී වෛද්‍යවරුන් සහ AI වැඩසටහන් දෙපළම එකම නිරවද්‍යතාවයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ.
මිනිස් ඇසට සහ මොළයට සාපේක්ශව AI වැඩසටහන් ඉතා ඉක්මනින් patterns හඳුනා ගන්න හැකියාවක් දක්වනවා. ඒ වගේම විශේෂයෙන්ම රූප ආශ්‍රිතව සිඳුකරනු ලබන රෝග නිර්ණයන් ඉතා වේගයෙන් ඒ කියන්නේ වෛද්‍යවරුන්ට ඒ සඳහා ගතවන කාලයට වඩා ඉතා අඩු කාලයකින් සිඳුකරන්න හැකියාවක් ඔවුනට සතු වෙනවා. ඒ වගේම මහන්සි වෙන්නේ නැතුව පැය 24ම එකදිගට රෝග නිර්ණය කරන්නත් ඒ සඳහා පිළියම් ලබාදෙන්නත් ඔවුනට හැකියාවක් තියෙනවා. ලෝකේ වටේම රෝගීන්ගෙන් එකතු කරපු දත්ත යොදාගන්න AI, ඒ දත්ත ඵලදායීව සහ ඉතාමත් වේගයෙන් නිරවද්‍යව භාවිතා කරලන්න සුවිශේෂී හැකියාවක් දක්වන නිසයි ඒගොල්ලන්ට මේ වගේ හැකියාවක් ලැබිලා තියෙන්නේ.
කොහොම වුනත් වෛද්‍යවරුන් සතුවන සමහර හැකියාවන්ගේ ළඟටවත් යන්න AI වැඩසටහන් වලට තවමත් හැකියාවක් ලැබිලා නැහැ. එකම රෝගීයෙකුට ටිකක් බරපතල රෝග ද්විත්වයක් හෝ වැඩි ගණනක් තියෙන අවස්ථාවන් වලදී AI වැඩසටහන් ඒ සඳහා නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ටිකක් පසුබට වෙලා තියෙනවා. ඒ වගේම රෝගීයාට සුහදව ඔහුගේ හැඟීම් අවබෝධ කරගනිමින් වැඩ කරන්නත් වෛද්‍යවරුන්ට පුළුවන්. AI වැඩසටහන් වලට පුළුවන් වෛද්‍යවරුන් සමඟ එකතු වෙලා සාමුහිකව වැඩකරන්න. ඒ වුනාට AI දියුණු වන වේගයත් එක්ක බැලුවොත් වෛද්‍ය වෘත්ත්‍රීයේ සමහර කොටස්, අනාගතයේදී ටික ටික AI විසින් අල්ලගන්න ටිකක් ලොකු සම්භාවිතාවයක් තියෙනවා.
© Padaartha - පදාර්ථ
13/04/2026
මීට දින කිහිපයකට කලින්, එනම් අප්‍රේල් මස 9 වන දින ලෝක සංරක්ෂණ සංගමය වන International Union for Conservation of Nature (IUCN) විසින් Emperor Penguins සතුන් වඳවී යාමට හැකි (Endangered) සත්ත්ව විශේෂයක් බවට ඔවුනගේ රතු දත්ත පොතෙහි නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒ ඔවුන් මෙපමණ කලක් සිටි ‘තර්ජනයට පත්විය හැකි’ වර්ගීකරණයෙන් තවදුරටත් අවධානම් මට්ටමකට පත්කරමිනි. එපමණක් නොව, නිසි පියවර නොගතහොත් මෙම පෙන්ගුයින් සතුන්, සියවසක් තුළ සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨ වී යා හැකි බවට ඔවුන් තවදුරටත් අනතුරු අඟවා තිබෙනවා.
මෙම පෙන්ගුයින් සතුන්, මෙලෙස වඳවී යාමට හැකි සත්ත්ව විශේෂයක් ලෙසට නම් කරලීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇන්ටාක්ටිකාව ආශ්‍රිත මුහුදු අයිස් ස්තරයන් ස්‍රීග්‍රයෙන් හායනය වී යෑම හේතුවෙනි. Emperor Penguins සතුන් විසින් මෙම සාගර අයිස්, ප්‍රජනන ක්‍රියාවලිය සඳහා සහ පැටවුන් රැක බලාගැනීමට සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබයි. නමුත් මෑතකාලයේදී සිඳුවුනු ගෝලීය උෂ්ණත්වයේ ස්‍රීග්‍ර ඉහළ යෑම හේතුවෙන් මෙම අයිස් තට්ටූන් වේගයෙන් දියවී ගොස් ඇත.
මෙලෙස සාගර අයිස් ස්තරයන් නියමිත කාලයට පෙර දියවී යෑම හේතුවෙන්, අලුත උපන් කුඩා පෙන්ගුයින් පැටවුන් හට, ඔවුනගේ waterproof පිහාටූන් ලැබීමටත් පෙර අධික ශීතලකින් යුක්ත සාගරයට වැටීමට සිදුවේ. පිහිනීමට සහ ජලයට ඔරොත්තු දෙන පිහාටු ලැබීමටත් පෙර සාගරයට වැටීම නිසා ඔවුනගෙන් ඉතා ඉහළ ප්‍රමාණයකට සාගරයේ ගිලී මිය යෑමට සිදුවීම ඛේදනීය කරුණකි. වාර්තා වලට අනුව නම් ඇන්ටාක්ටිකාව ආශ්‍රිත පෙන්ගුයින් සමූහයන් කිහිපයකම මේ වන විටත් ඉහළ මට්ටමේ පැටවුන් මිය යාමේ වේගයක් දක්නට ලැබෙමින් පවතී.
ජෛව විද්‍යාඥයින් අනතුරු අඟවන අන්දමට නම්, මෙම තර්ජනයක් දිගටම පැවතියහොත් ඇන්ටාක්ටිකාවේ සිටිනා Emperor Penguin සමූහයන් රාශියක්ම දශක කිහිපයක් ඇතුලත සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකිය. එපමණක් නොව, ඔවුන් තවදුරටත් පවසන අන්දමට නම් මෙම Emperor Penguin සතුන් ආරක්ෂා කරලීමට ඇති ප්‍රධානතම පියවර සම්පුර්ණයෙන්ම රඳා පවතිනුයේ, ධ්‍රැව ආශ්‍රිත පරිසර පද්ධතීන් සහ කාලගුණික විපර්යාසයන් පාලනය කරලීමට ගෝලීය වශයෙන් ගන්න උත්සාහයන් මතයි.
Emperor Penguin සතුන් පමණක් නොව, Antarctic fur seal සතුන්ද මෙලෙස ‘වඳවී යෑමේ තර්ජනයට පත්වූ’ තවත් සත්ත්ව විශේෂයක්ද වේ. වසර මිලියන ගණනක පරිණාමික ක්‍රියාවලියක ප්‍රතිඵලයන් වෙන මෙම සතුන් න්‍යෂ්ඨ වී යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මිනිසාගේ ක්‍රියාකාරම් වීම ශෝකයට කරුණකි, නමුත් මිනිසාගේ ක්‍රියාවන් හේතුවෙන් න්‍යෂ්ඨ වීමේ අවධානමට පත්වූ පළමු සත්ත්ව විශේෂයන් මොවුන් නොවේ, එම සංඛ්‍යාව සිය දහස් ගණනකි.
© Padaartha - පදාර්ථ
03/04/2026
මේ වගේ හුරුබුහුටි කෙනෙක් කලින් දැකලා තියෙනවාද? ️😍❄️
Stoat (𝘔𝘶𝘴𝘵𝘦𝘭𝘢 𝘦𝘳𝘮𝘪𝘯𝘦𝘢) කියන්නේ Mustelidae පවුලට අයත් කුඩා හුරුබුහුටි සමාජිකයෙක්. මොවුන් සමහර අවස්ථාවන් වලදී Eurasian ermine හෝ සරලව Ermine ලෙසද හඳුන්වනවා. ප්‍රමාණයෙන් පුංචි උනාට මොවුන් හරිම කඩිසරයි වගේම ක්‍රියාශිලීයි. ඒ වගේම මොවුන්ව අයිති වෙන්නේ Ferrets, Weasels සහ Otters වගේ සතුන් අයිති වන වර්ගයකටයි. ඉතා ඉහළ වේගයක් විතරක් නෙමෙයි ඉහළ බුද්ධියක්ද මොවුන් සතු වෙනවා.
මේ Stoat සතුන්ගේ ස්වභාවික වාසස්ථාන තියෙන්නේ උත්තර අර්ධ ගෝලයෙයි. ප්‍රධාන වශයෙන් යූරෝපයේ සිට ආසියාව හමුවන තෙක් කලාපයේ සහ උතුරු ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශයන් වලදී මොවුන්ව දැකගන්න පුලුවන්. දිගු, සිහින් ශරීරයක්, කෙටි පාද සහ ප්‍රමාණයෙන් පුංචි හිසක් තියෙන මෙගොල්ලෝන්ගේ කැපිලා පේන දෙයක් වෙන්නේ ඉතාමත් අලංකාර කළු පැහැති වල්ගයයි. ගිම්හාන කාලයේදී විලෝපිකයන්ගෙන් බේරීමට මොවුනගේ පිට දුඹුරු පැහැයක් වගේම බඩ ප්‍රදේශය සුදු වර්ණයක් ගන්නවා. ඒ වුනාට ශීත කාලය උදා වෙද්දි ඒ දුඹුරු පාට ලෝම ටික සම්පූර්ණයෙන්ම සුදු පාටට හැරෙනවා. වල්ගය හැර දේහයේ හැම තැනම සුදු පාට වුනු මේ ලස්සන සත්ත්වයාව සුදු පාට අවස්ථාවේදී හඳුන්වන්නේ ‘Ermine’ විදිහටයි. මේ විදිහට වර්ණය වෙනස් වෙන එක ස්ටෝට් සත්ත්වයින්ට හිම සහිත පරිසරයන් වල සැඟවී සිටීමට උපකාරී වන අතිශය වැදගත් ජීව විද්‍යාත්මක අනුවර්තනයක්ද වෙනවා.
මේගොල්ලෝ හරිම ලැජ්ජාශිලීයි වගේම වැඩ කරන්නේ හරිම පරිස්සමෙන්. මේ නිසා මොවුන් ජීවත් වෙන්න තෝරා ගන්නේ, වනාන්තර, තණබිම්, තෙත්බිම්, කෘෂි භූමි සහ කඳුකර ප්‍රදේශ වල පොළොව යට මීයන් විසින් අතහැර දාලා තියෙන ගුහා, ගල් අතර හිඩැස් හෝ ගස් මූලයන් වගේ ස්ථානයි.
හුරුබුහුටි වුනාට මේගොල්ලෝ ගොඩාක් දක්ෂ දඩයම්කරුවොයි. මාංශභක්ෂයෝ වෙන මේගොලන්නට පුළුවන් ඔවුනගේ ඇගේ size එකටත් වඩා ලොකු සතුන්ව දඩයම් කරන්න. ඔවුන් ගොඩක් වේලාවට දඩයම් කරන්නේ මීයන්, Voles සහ කුඩා හාවන් වැනි සත්ත්වයින්වයි. මේ ස්ටොට්ස්ලාගේ සිහින් දිග ශරීරය නිසා ඒගොල්ලන්ට පුලුවන් ලේසියෙන් සහ ඉක්මනින් ගුහා තුළට රිංගා ගන්න වගේම තමාගේ ගොඳුර පසුපස ලුහුබැද යන්නත්.
මේ Stoat සතුන්ගේ තියෙන ලොකුම විශේෂ දෙයක් තමයි ඔවුන් ගොඳුර පසුපස හඹගෙන යද්දි සිඳුකරන “weasel war dance” එක. ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ ගොඳුර පස්සේ එලවගෙන යද්දී මේ ඡායාරූප වල තියෙනවා වගේ එක පාරටම අමුතු විදිහට උඩ පනිමින්, කැරකෙමින් පොඩි dance එකක් දානවා. සත්ත්ව විශේෂඥයින්ගේ අදහසට අනුව නම් ඔවුන් මෙහෙම කරන්නේ තමන්ගේ ගොඳුරේ අවධානය බිඳලා ගොඳුරව confuse කරන්නලු.
1800 සියවසේ අවසාන කාලයේදී නවසීලන්තයට මේ Stoat සතුන්ව හඳුන්වා දෙන්නේ මී ගහනය පාලනය කිරීමේ අපේක්ෂාවෙන්. ඒ වුනාට මී ගහනය පාලනය කරනවා වෙනුවට මේ සතුන් නවසීලන්තයට ආවේණික පක්ෂීන්ව සහ කුඩා ක්ෂීරපායීන්ව ගොඳුරු කරගන්න පටන් ගත්තේ ජෛව විවිධත්වයට ඉතා විශාල තර්ජනයක් වෙමිනුයි.
ඒ වගේම මේ Stoat සතුන්ගේ තියෙන තවත් එක සුවිශේෂ දෙයක් තමයි ඒගොල්ලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් මොවුන් සංසර්ගයේ යෙදෙන්නේ වසන්ත කාලයේ මුලදියි. නමුත් සංසේචනය ඒ කාලයේදිම සිඳුවුනත් කලලය එතැනින් එහාට වර්ධනය වෙන්නේ නැහැ. කලලය වර්ධනය වීම ආරම්භ වෙන්නේ ශීත කාලයේදියි. ‘Delayed Implantation’ නමින් හඳුන්වන මේ ක්‍රියාවලිය නිස, කුඩා පැටවුන් බිහිවෙන්නේ සිසිර (spring) කාලයේදියි. ආහාර වැඩිපුර තියෙන සිසිර කාලයේදී කුඩා පැටවුන්ව බිහිකරන එක තමයි මේකට ප්‍රධානම හේතුව වෙන්නේ.
මේ Ermine සතුන්ගේ අලංකාරය අතීතයේ සිටම කතාබහට ලක්වුනු එකක්. ඒ නිසා ඉස්සර ඉදලාම මේ සතුන්ගේ ලෝම ධනවත්භාවය සහ විලාසිතාවන් වලදී ලෝම කබා නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙනවා. කොහොම වුනත් මේ Ermine එහෙමත් නැත්නම් Stoat සතුන් වසර මිලියන ගණනක පරිණාමයේ අරුමය හොදින් නිරූපණය කරන සත්ත්ව විශේෂයක් බව නොඅනුමානයි.
📸Image credits- Jose Manuel Grandio, Jacob Buck
© Padaartha - පදාර්ථ
30/03/2026
මේ ඡායාරූපයන් වල තියෙන්නේ සුළිකුනාටු නිසා ජපානයේ ටොකියෝ නඟරයේ ඇතිවෙන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට නිර්මාණය කරලා තියෙන දැවැන්ත භූගත ජල කළමණාකරණ පද්ධතියකුයි.
මිලියන 40ක පමණ ජනගහනයක් ඉන්න ජපානයේ අගනඟරය වන ටොකියෝව පිහිටලා තියෙන්නේ තරමක් පහත් පිටාර තැන්නක් (low-lying floodplain) මතයි. කාලෙන් කාලේට ඇතිවෙන දරුණු වර්ෂාපතනය, පැසිෆික් සාගරයේ සිට පැමිණෙන ප්‍රභල සුළිකුනාටු වලට මුහුණ දෙන්න ටොකියෝවට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ටොකියෝව ආසන්නයේ පිහිටලා තියෙන ගංඟාවන් කිහිපයක් නිසා වර්ෂා සහිත දවස් වලට ටොකියෝ නඟරයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වතුරෙන් යටවීමට ඉහළ සම්භාවිතාවයක් තියෙනවා. මෙයට පිළියමක් විදිහට තමයි 2006 වර්ෂයේදී මේ ගංවතුර හරවායැවීමේ සහ පාලනය කිරීමේ පද්ධතිය වෙන ‘Metropolitan Area Outer Underground Discharge Channel’ නමින් හඳුන්වන මේ පද්ධතිය නිර්මාණය කරන්නේ.
ලෝකයේ විශාලතම ගංවතුර පාලනය කිරීමේ පද්ධතිය වෙන මේක ක්‍රියාත්මක වෙන්නේ දරුණු වර්ෂාපතනයක් පවතින කාලවලදී විතරයි. ඉහළ වර්ෂාපතනය නිසා ටෝකියෝව ආසන්නයේ තියෙන ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඒවා පිටාර ගලා යද්දී ඒ අතිරික්ත ජල ප්‍රමාණය මේ පද්ධතියේ තියෙන reinforced concrete වලින් හදපු vertical shafts, එහෙමත් නැත්නම් පොළොව අභ්‍යන්තරයට ජලය රැගෙන යන උමං පද්ධති 5ක් විසින් එකතු කරගන්නවා. ඒ එකතු කරන ජලය භූගත උමං මාර්ග වලින්, ඉහළ ජල පීඩනයක් සහිත කුටීරයකට (pressure chamber) එකකට රැගෙන යනවා. ඊට පස්සේ ඒ pressure chamber එකේ තියෙන ප්‍රභල pumps වලින් මේ ජලය මුහුද වෙත ගලා යන Edogawa ගංඟාවට මුදා හරින්නේ තත්පරයට ටොන් 200ක පමණ ජලස්කන්ධයක් ඒ ගංඟාවට යොමු කරමින්.
මේ pressure chamber එක විතරක් දිගින් මීටර 177ක්, පළලින් මීටර 78ක් සහ උසින් මීටර 18ක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ pressure chamber එකට අවශ්‍යය සන්ධාරණ ශක්තිය සපයන්න එකක් ටොන් 500ක් පමණ ස්කන්ධයක් තියෙන දැවැන්ත කණු 59ක් භාවිත කරනවා. මීටර 50ක් පොළොව යට ඉඳලා මේ pressure chamber එකට ජලය රැගෙන යන මේ භූගත උමං මාර්ග වල සම්පූර්ණ දිග කිලෝමීටර 6.3ක් පමණ වෙනවා.
2019 වර්ෂයේදි ජපානයට දරුණු සුළිකුනාටුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයින් ඇතිවුනු වර්ෂාපතනය පැයකට මිලිමීටර 32ක් පමණ වුනා. මෙයින් ඇතිවෙන්න පුළුවන් ගංවතුර තත්ත්වය පාලනය කරන්න මේ ජල කළමණාකරණ පද්ධතිය විසින් 490,000 m3 කටත් වඩා වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ එහි සමස්ථ ධාරිතාවයෙන් 90%ක් පමණ රඳවා තබා ගනිමින්, අතිරිකිත ජලය Edogawa ගංඟාවට මුදා හරින්න කටයුතු කරනු ලැබුවා.
ඒ විතරක් නෙමෙයි, වර්ෂාව රහිත කාලවලදී මේ භූගත ජල කළමණාකරණ පද්ධතිය, ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත තැනක්ද වෙනවා. මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම සදා නිමකරන්න වසර 14ක් ගතවුනා, එය විවෘත කලේ 2006 වර්ෂයේදියී. මෙහි සමස්ථ නිශ්පාදන පිරිවැය ඇ. ඩොලර් බිලියන 2.6 ක් පමණ වුනේ ගංවතුර නිසා සිඳුවෙන ඩොලර් බිලියන ගණනක අලාභය මඟහරවා යවමින්.
© Padaartha - පදාර්ථ
26/03/2026
මේ ඡායාරූපයේ තියෙන්නේ යුරෝපයේ තියෙන වටිනම තැනක්. ඒ තමා ජර්මනියේ පිහිටලා තියෙන Maschen Marshalling Freight Yard එක.
දැක්ක ගමන් රේල්පිලී සහ දුම්රියන් ගණනාවකින් සමන්විත මේක සාමාන්‍යය සහ සුළු පටු දුම්රිය පර්යන්තයක් නම් නෙමෙයි. යූරෝපයේ විශාලතම සහ ලෝකයේ දෙවැනියට විශාලතම දුම්රිය පර්යන්තය වෙන මේ Yard එක පිහිටලා තියෙන්නේ ජර්මනියේ Hamburg නඟරයට මඳක් දකුණට වන්නටයි. අක්කර 692ක විශාලත්වයකින් යුක්ත මෙය කිලෝමීටර 7ක දිගකින් සහ මීටර 700ක පළලකින් යුක්ත වෙන්නේ කිලෝමීටර 300කට ආසන්න දුම්රිය රේල්පිලී දිගක් සහිතවයි.
මේ Marshalling Yard එකේ කාර්යයභාරය වෙන්නේ sorting facility, එහෙමත් නැත්නම් වර්ග කිරීමේ පර්යන්තයක් විදිහට වැඩ කරන එකයි. Hamburg වරායේ ඉඳලා සහ, යූරෝපයේ විවිධ රටවල් වල ඉඳලා එන සහ ඒවාට යෑමට නියමිත දුම්රියන් වල රැගෙන යන භාණ්ඩ මේ ස්ථානයට මුලින්ම රැගෙන එනවා. ඊට පස්සේ ඒවා නියමිත දුම්රියන් වලට වර්ග කරලා ඇසුරුම් කරලා තමයි ගමනාන්තය දක්වා පිටත් කර හරින්නේ.
මේ වර්ග කිරීම කරන්න ඒගොල්ලෝ “hump yard” නමින් හඳුන්වන තරමක් සුවිශේෂ ක්‍රියාවලියක් භාවිතා කරනවා. භාණ්ඩ රැගෙන එන විශාල දුම්රියන් (Freight trains) මුලින්ම කෘත්‍රිම කන්දක් මතට රැගෙන ගොස්, එහි ඇති භාණ්ඩ සහිත පෙට්ටි (wagons) තනි තනිවම ගලවා, ඒ කන්දේ ඉඳලා පහළට එවනවා. මේ විදිහට පහළට ගුරුත්වය නිසා එන පෙට්ටි, රේල් පිලී ගොඩක් අතුරින් අදාල රේල් පිල්ලට වෙන් කරන්න පුලුවන්. ඒ කියන්නේ ඒ පෙට්ටිය යවන්න ඕනේ රේල්පිල්ල විතරක් විවෘතව තබලා අනිත් රේල් පිලී වහනවයි කියන එක.
ඒ විතරක් නෙමෙයි මේ ස්ථානය, මේ දුම්රිය ජාලය හසුරවන්න signals සහ switches සියගණනක්, වර්ග කිරීමේ පද්ධති ද්විත්වයක් සහ නඩත්තු පර්යන්තයන් කිහිපයකින්ද සමන්විත වෙනවා.
උතුරු යුරෝපය, ස්කැන්ඩිනේවියාව (නෝර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තය වැනි රටවල්) සමඟ සම්බන්ධ කරන logistics gateway එකක් විදිහට ක්‍රියාකරන මේ Yard එක, දැවැන්ත වරායක් වෙන Hamburg වරායේ ඉඳලා එන භාණ්ඩ, මුලු මහත් යුරෝපය පුරා ගමනාන්ත 40කටත් වඩා යවන්න හැකියාවක් දරනවා.
මේ ඡායාරූපයේ උඩින්ම තියෙන්නේ Hamburg වරායේ සහ ස්කැන්ඩිනේවියාව, නැගෙනහිර යුරෝපයේ ඉඳලා එන දුම්රියන් ගමන් කරන tracks 64ක්, ඡායාරූපයේ වම්පස තියෙන්නේ ජර්මනියේ අනෙකුත් ප්‍රදේශ, දකුණු සහ බටහිර යුරෝපය දක්වා ගමන් කරන දුම්රියන් ගමන් කරන tracks 48කුයි. සුදු පාට වහලයක් තියෙන ගොඩනැගිල්ල තමයි දුම්රිය එන්ජින් නඩත්තු කිරීම් සඳහා යොදාගන්නේ, එයට දකුණු පසට වන්නට තියෙන්නේ දුම්රිය wagons නඩත්තු සඳහා භාවිත කරන ගොඩනැගිල්ලයි.
ආහාර වල ඉඳලා විවිධ වූ කර්මාන්තශාලා සඳහා අවශ්‍යය අමුද්‍රව්‍යය සහ තවත් නොයෙකුත් දෑ දක්වා දේවල් යුරෝපය වටාම බෙදාහරින්න දායක වෙන මේ Maschen Marshalling Yard එක සමස්ථ යුරෝපයේම කොඳුනාරටියක් විදිහට ක්‍රියාත්මක වෙනවා කිව්වොත් නිවැරදියි.
තවත් පොඩි දෙයක්, මේක අයිති වෙන්නේ ජර්මනියේ Deutsche Bahn (DB) ජාතික දුම්රිය ජාලයටයි. කිලෝමීටර 33,000ක දිගකින් යුක්ත වෙන මේ දුම්රිය ජාලය, ලෝකයේ 6 වැනියාට විශාලතම දුම්රිය ජාලය වෙන්නේ, සමස්ථ යුරෝපයෙන්ම රුසියාවට පමණක් දෙවැනි වෙමින්.
© Padaartha - පදාර්ථ
Image credits to their respective owners.
20/03/2026
The Mouse Utopia පරීක්ෂණය කියන්නේ තරමක සුවිශේෂී අවසානයකින් ඉවර වෙච්ච තරමක් පුදුම සහගහත පරීක්ෂණයක්. Universe 25 කියන නමිනුත් හඳුන්වන මේ පරීක්ෂණය 1950 සිට 1970 වර්ෂය දක්වා ඇමෙරිකානු ජාතික ethologist විද්‍යාඥවරයෙකු වූ John B. Calhoun විසින් සිඳු කරනු ලැබූවක්.
ඔහු විසින් මීයන්ට ජීවත් විය හැකි කෘත්‍රිම පරිසරයක් (ප්‍රමාණයෙන් විශාල කුඩූවක්) නිර්මාණය කරනවා, මෙයට ඔහු විසින් සීමාරහිතව ඒ කියන්නේ unlimited ආහාර, ජලය සපයන්නේ උෂ්ණත්වය සහ ඒ පරිසරය ඇතුලත නිරන්තරයෙන්ම පිරිසිඳුව තබාගනිමින්. ඒ වගේම ඒ පරිසරය තුළ කිසිඳු විලෝපිකයෙකුත්, ලෙඩ රෝග වලට ගොඳුරු වුනු කිසිම මීයෙකුත් නොසිටින්න ඔහු වඟ බලාගන්නවා. මේ පරිසරයේ තිබ්බ එකම සීමාව, ඒ කියන්නේ limiting factor එක වුනේ ඉඩ විතරයි. සරලවම කිව්වොත් මේක ස්වභාවික පීඩනයන් වලින් තොරවුනු අංගසම්පූර්ණ utopia එකක් වුනා.
Calhoun විසින් ඒ පරිසරය නිර්මාණය කලේ උපරිම වශයෙන් මීයන් 3,000 කට පමණ ජීවත් වෙන්න පුළුවන් විදිහටයි. පරීක්ෂණය ආරම්භයේදී ඔහු මීයන් යුගල් 4 දෙනෙකු මෙම පරිසරයට හඳුන්වා දුන් අතර, ඔවුනගේ සෑම චාර්යාත්මක හැසිරීමක්ම ප්‍රවේශමෙන් නිරීක්ශණය කරනු ලැබුවා. ආරම්භයේදී එම මීයන් විසින් ඔවුන් සිටිනා නව පරිසරය සෙමෙන් සෙමෙන් ගවේශණය කරමින් එයට හුරුවුනේ සාමාන්‍යය මට්ටමේ ප්‍රජනන වේගයක් සහ අනෙකුත් මීයන් සමඟ සාමුහිකව, සාමදානයෙන් සිටිමින්. Calhoun ගේ නීරික්ශණ වලට අනුව නම් දළ වශයෙන් සෑම දින 55කට සැරයක් මී ගහනය දෙගුණ වුනේ ඝාතීය වර්ධනයක් (exponential growth) පෙන්නුම් කරමින්. මේ විදිහේ ඉහළ ජනගහන වර්ධනයක් ඇතිවුනේ පරීක්ෂණය ආරම්භ කරලා දින 315ක් ගතවෙද්දියි.
කාලයත් එක්ක, ඒ කියන්නේ පරීක්ෂණයේ 560 වන දිනයේ ඉදලා ඔවුන් ජීවත් වෙන පරිසරයේ තියෙන ඉඩ ප්‍රමාණය, මී ගහණය වැඩි වීම නිසා වේගයෙන් අඩුවෙන්න ගන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකරපු විදිහේ චාර්යාත්මක වෙනස්කම් මීයන් තුළ ඇති කරමින්. මීයන්ගේ ප්‍රචණ්ඩ ස්වභාවය වැඩිවෙන්න ගත්තා විතරක් නෙමෙයි, පිරිමි මීයන් විසින්, ගැහැණු මීයන් ගැබ් ගෙන තියෙන අවස්ථාවන් වලදී සපයපු ආරක්ෂාවේ ඉහළ අඩුවීමක් දක්නට ලැබුනා. ආහාර සහ ජලය unlimited තිබ්බත්, ඔවුනගේ භූගෝලීය සීමා බෙදාගන්න මීයන් ගැටුම් ඇතිකරගන්න පටන් ගත්තා වගේම ඔවුනගේ සමාජ ව්‍යුහයේ විශාල බිඳවැටීමක් දක්නට ලැබුනා.
Calhoun විසින් දින 600-1000 ත් අතර සිඳුවුනු මේ චාර්යාවන් හඳුන්වනු ලැබුවේ “behavioral sink” විදිහටයි. ගැහැණු මීයන් විසින් ඔවුනගේ පැටවුන් අතහැර දැමීම් සහ ඔවුනට පහරදීමේ අවස්ථාවන් වේගයෙන් ඉහළ යනු ලැබුවේ සමහර පිරිමි මීයන් අතිශ්‍යය ප්‍රවේගකාරී සහ ප්‍රචණ්ඩ ස්වභාවයකට පත්කරමින්. තවත් සමහර මීයන් සම්පූර්ණයෙන්ම ප්‍රචන්ඩත්වයෙන් තොර වුනා. තවත් සමහර මීයන්, අනිත් මීයන්ගෙන් වෙන්ව තනිවම ජීවත් වෙන්න ගත්තා. මොවුන් සාමාන්‍යය මීයන්ට වඩා ඉහළ පිරිසිඳුභාවයක්, ඒ කියන්නේ සෑම විටම ඔවුනගේ අත් යොදාගනිමින් ඔවුනව පිරිසිඳු කරන චාර්යයාවන් පෙන්නුවා. ඊට අමතරම මෙම මී ගහනය තුල සමලිංගික සම්බන්ධතාවයන්ද දක්නට ලැබුනේ ප්‍රජනන වේගයේ ඉහළ බිඳවැටීමක් ඇතිකරමින්. මේ නිසාවෙන් මී ගහනය වේගයෙන් බිඳ වැටුනේ මී පැටවුන් මරණයට පත්වෙන වේගය ඉහළ යමින්.
මේ මී ගහනය තුල දක්නට ලැබුනු තවත් පුදුමසහගත නිරීක්ෂණයක් තිබුනා, Calhoun විසින් “the Beautiful Ones.” කියලා හඳුන්වපු සමහර මීයන්, අනෙකුත් මීයන් සමඟ කිසිම සම්බන්ධතාවයක්, හැසිරීමක් හෝ ප්‍රජනනයක් පෙන්නුවේ නැහැ. ඔවුන් වැඩිපුරම කලේ පැත්තකට වෙලා ඔවුන්ගේ ශරීරයන් පිරිසිදු කරන එකයි. ඔවුන් බාහිරෙන් බලද්දී නීරෝගී වුනත් චාර්යාත්මක වශයෙන් තරමක් උදාසීන ස්වරූපයක් පෙන්නුවා. Behavioral sciences වලදී සතුන් මේ විදිහට ඔවුන්ව සපේක්ශව ඉහළ ප්‍රමාණයකින් පිරිසිඳු කරන එක හඳුන්වන්නේ cooping mechanism/ stress behavior එකක් විදිහටයි. ඒ කියන්නේ ඔවුන්ගේ මානසික ආතතිය අඩු කරගන්න තමයි ඔවුන් මේ විදිහට නිරන්තරයෙන් ඔවුනව පිරිසිඳු කරගන්නේ.
අවසානයේදී මීයන් වයසට යෑම, ඉතාමත් අඩු ප්‍රජනනයන් සහ සමාජීය බිඳවැටීම් හේතුවෙන් මී ගහනය උග්‍ර වශයෙන් පහළට වැටුනා. Calhoun සමහර මීයන්ව අරගෙන වෙනම පරිසරයකට දැම්මත්, ඔවුනගේ සාමාන්‍යය චාර්යයාවන් නැවත පැමිණියේ නැහැ. කොහොම වුනත් පරීක්ෂණය ආරම්භ කරලා දින 1780කට පස්සේ, ඒ කියන්නේ ආසන්න වශයෙන් වසර 5කට පමණ පස්සේ ඒ utopia එක ඇතුලේ ඉඳපු මී ගහනය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨ වෙලා යනවා.
මීයන්ගේ මේ චාර්යයාත්මක වෙනස්වීම් සහ පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය තරමක් ඛේදනීය එකක් සහ පුදුමසහගත දෙයක් වුනා. සීමා රහිත ආහාර සහ සම්පත් තිබුනත්, මේ මීයන්ගේ න්‍යෂ්ඨ වීමට හේතු වුනේ utopia එකේ තිබ්බ සීමා සහිත ඉඩ ප්‍රමාණයයි. කන්න ඕනේ තරම් කෑම තිබ්බත්, ඔවුනට ඉන්න තිබ්බේ එකම ඉඩ ප්‍රමාණයයි. Calhoun නිගමනය කලා Overcrowding, එහෙමත් නැත්නම් අධික ජනගහන ඝනත්වයට පුළුවන් සමාජීය ව්‍යුහයන් බිඳවට්ටන්න කියලා. ඒ වගේම තනි තනි මීයන්ට ඔවුනට හිමිවිය යුතු නිදහස නොමැති වුනාම ඔවුනගේ සැඟව තියෙන ව්‍යසනකාරී හැසිරීම් එළියට මතුවෙනවා කියලත් Calhoun නිගමනය කලා.
මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මිනිස් සමාජයට ගැලපුවොත් එයින් අදහස් වෙන්නේ මිනිසුන් කොච්චර තාක්ශණිකව දියුණූ වුනත්, කොපමණ සම්පත් ප්‍රමාණයක් තිබුනත්, අධික ජනගහන ඝනත්වය නිසාවෙන් ඔවුනගේ චාර්යයාවන්, හැසිරීම් සහ අදහස් වෙනස් වෙන්න පුළුවන් කියන එකයි. ඒ වගේම එයින් මිනිසුන්ගේ උපත් වේගයේ අඩුවීම්, මානසික රෝගයන් වල ව්‍යාප්තීයේ වැඩිවීම් සහ සාමාජීය ව්‍යුහයේ බිඳ වැටීම් නිරූපණය කරන්න සමත් වෙනවා.
කොහොම වුනත් මීයන්ගේ සාමාජීය ව්‍යුහයට වඩා මිනිස්සුන්ගේ සාමාජීය ව්‍යුහය සංකීර්ණ සහ ඉතා ශක්තිමත් එකක්. ඒ වගේම අපේ සාමාජීය ව්‍යුහයන් කාලයට අනුකූලව වෙනස්වීමේ ඉහළ හැකියාවක් පෙන්වනවා. උදාහරණයක් විදිහට කොරෝනා වෛරසය ආපු කාලේ එයට අනුකූල විදිහට සමස්ථ ලෝකයේම මිනිස් සමාජීය ව්‍යුහයන් වෙනස් වුනා.
ගොඩන් විද්‍යාඥයින් මේ පරීක්ශණයේ ප්‍රතිපල වලට එකඟ වෙන්නේ නැහැ. මීයන් ජීවත් වෙන්නේ විවිධ වූ පරිසරයන් වල නිසා මේ වගේ කෘත්‍රිම පරිසරයන් වලදි ඔවුනගේ සැබෑම ස්වභාවික හැසිරීම් නිරික්ශණය කරන්න බැහැ කියලා තමයි ඔවුන් නම් කියන්නේ. ඒ වගේම මීයන්ගේ හැසිරීම්, දැනට අපි දන්න සංකීර්ණතම සහ පරිණාමිකව දියුණුතම ජිවීන් වන මිනිසුන්ට සම්බන්ධ කරන්න බැහැ කියලත් ඔවුන් තර්ක කරනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ජීවත් වෙන එකට ආහාර සහ අනෙකුත් සම්පත්වලටත් වඩා එහා ගියපු දෙයක් අවශ්‍යය වෙනවා කියලා පෙන්නන්න මේ පරීක්ශණය සමත් වුනා. සාමාජීය ව්‍යුහයන් හොඳින් ක්‍රියාත්මක වෙන්න, ඒ ව්‍යුහයන් තුල ඒ ඒ කෙනා විසින් ඉටු කරන කර්තව්‍යය ඉතා වැදගත් වෙනවා. අන්තිමට කියන්න ඕනේ, කුමන හෝ ජිවී විශේෂයක්, කොපමණ දියුණු වුනත් ඔවුනගේ පැවැත්ම තීරණය කරන්නේ ස්වභාවධර්මයයි.
© පදාර්ථ - Padaartha
22/12/2025
ඕගොල්ලෝ දන්නවද හිම වලස්සු කියන්නේ ලොකු කුතුහලයක් තියෙන සත්ත්ව විශේෂයක් කියලා? 🐻❄
හිම වලස්සු ජීවත් වෙන්නේ උත්තර ධ්‍රැවය ආශ්‍රිත ආක්ටිකයෙහි විතරයි. ඒගොල්ලෝ තමන්ගේ ජිවීත කාලයෙන් වැඩි හරියක්ම දකින්නේ සුදුම සුදු පාට ග්ලැසියර, හිම, අයිස්, නිල් පාට මුහුද සහ තවත් සත්ත්ව විශේෂ කිහිපයක් විතරයි. ඒක නිසා ඒගොල්ලෝ මීට කලින් කවමදාකවත් දැකලා නැති දෙයක් දැක්කොත් ඒකට ආස හිතිලා ගොඩක් වේලාවට ඒ මොකක්ද කියලා බලන්න ඒක ළඟට යනවා. 🐻❄🤍
මේ ඡායාරූප වල තියෙන්නේ කෙටි වසන්තයක ආරම්භයේදී, උතුරු කැනඩාවේ Hudson බොක්ක ආශ්‍රිත හිම දියවී ඉවත්වුනු තන්ද්‍රා (Tundra) ප්‍රදේශයක හටගෙන තියෙන purple fireweed මල් අතර ඉන්න හිම වලස්සුයි. පුංචි හිම වලස් පැටවුන් අවුරුදු 3ක් විතර අම්මත් එක්ක ඉන්නවා. ඒ කාලේ අතරතුරදී තමයි ඒගොල්ලෝ දඩයම් කරන හැටි ඉගෙන ගන්නේ. කොහොම වුනත් මේ ප්‍රදේශයට හිමිවෙන කෙටි වසන්ත කාලේදී ඒගොල්ලන්ට කන්න කෑම හම්බෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා මේ වලස්සුන්ට සිද්ධ වෙනවා කලින් එකතු කරගෙන තිබ්බ ශක්තිය පරිස්සමට පාවිච්චි කරන්න.
හිම වලසුන් කියන්නේ පෘථිවිය මත වෙසෙන වලස් විශේෂ 8න් ප්‍රමාණයෙන් විශාලතම වලස් විශේෂයයි. ලෝකේ ඉන්නේ හිම වලස් විශේෂ එකක් පමණයි වගේම හිම වලසුන් ලෝකයේ ගොඩබිම වෙසෙන විශාලතම මාංශභක්ශක ක්ශීරපායි සත්ත්ව විශේෂයද වෙනවා. හිම වලසුන් ඔවුන් සිටින ආහාර දාමයේ ඉහළම පුරුක වන හෙයින් ඔවුනව Apex predator සත්ත්වයින් ලෙසද හඳුන්වනවා. දක්ශිණ ධ්‍රැවයෙහි හිම වලසුන් නැති නිසා ඇන්ටාක්ටිකාවේ පමණක් ජීවත් වෙන පෙන්ගුවින්ලා දන්නේ නැහැ හිම වලස්සු කියලා කට්ටියක් ලෝකේ ඉන්නවා කියලා. 🐧
හිම වලස්සු ඇත්තටම සුදු පාට නැහැ. ඒගොල්ලන්ගේ ලෝම කෙඳි විනිවිද පේනවා, ඒ කියන්නෙ පාරදෘශ්‍යයි. අපිට ඒගොල්ලන්ව සුදු පාටින් පෙන එක පොඩි optical illusion එකක්. ඒ වගේම ඔවුන්ගේ ලෝම වලින් වැහිලා තියෙන සම කළු පාටයි. තාපය අවශෝෂණය කරන්න තමයි සමට ඒ වගේ පාටක් හිමිවෙලා තියෙන්නේ. එයටත් ඇතුලතින් තියෙන 11 cm ක විතර ඝනකම් මේද ස්ථරයත් අධික ශීතල දරාගන්න මොවුනට උදව් කරනවා.
හිම වලසුන්ට ඔවුන් ඉන්න තැන ඉදලා කිලෝමීටර් 1ක් තෙක් විහිදුනු විශිෂ්ථ ඉවක් තිබ්බත් ඔවුනගේ දඩයම් වලින් සාර්ථක වෙන්නේ 2% කටත් වඩා අඩු ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ලොකු ඇඟක් තිබ්බත් හිම වලසුන්ට පුළුවන් 35 km/h ක වේගයකින් දිව යන්නත්. ඒ උනාට හිම වලසුන් මිනිස් ක්‍රියාකාරකම් නිසා ගොඩක් තර්ජනයට පත්වෙච්ච සත්ත්ව විශේෂයක්. වර්තමානයේදී ලෝකයේ සිඳුවන හරිතාගාර වායුන්ගේ ඉහළ යෑමේ ස්‍රීඝ්‍රතාවය හේතුවෙන් ඉහළ යන ගෝලීය උශ්ණත්වයේ බලපෑම නිසා හිම වලසුන් වර්ෂ 2100 පමණ වන විට සම්පූර්ණයෙන්ම ලෝකයෙන් න්‍යශ්ඨ වී යෑමේ ඉහළ අවධානමක් තියෙනවා.
📷 Photos by - Martin Gregus Jr.
© පදාර්ථ
01/11/2025
අප විසින් විශ්වයට නිකුත් කරන ලද විද්‍යුත් චුම්භක රේඩියෝ තරංග මේ වන විට අවම වශයෙන් වත් ආලෝක වර්ශ 60කට වඩා විහිද ගොස් ඇත. නමුත් අපට කිසිදාක ඒවා හට පිළිතුරක් ලැබි නොමැති අතර පෘථිවියට පිටතින් නිර්මාණය වූ අර්ථවත් රේඩියෝ තරංඟයක් ද අප වෙත ලැබී නොමැත. මෙම තරංඟ ආලෝකයේ වේගයෙන් ගමන් කලද, විශ්වයේ විශාලත්වය හා සෑසදීමේදී ඒවායේ වේගය අතිශයින් කුඩා අඟයක් වේ.
දශක ගණනාවක් පුරාවට කෙතරම් දියුණු අකාරයන් වල තාක්ශණයන් භාවිත කලද අපට අවම තරමින් බුද්ධිමත් හෝ බුද්ධිමත් නොවන, ප්‍රාථමික හෝ පෘථිවියෙන් පිටතදී නිර්මාණය වූ එක් අන්වීක්ෂීය බැක්ටීරියාවක්වත් හෝ ඔවුන් පිළිබදව කිසිදු සාක්ෂියක්වත් අද වනතෙක් හමුවී නොමැත......
එතකොට කොහෙද මේ අනිත් අය ඉන්නේ?
ඔවුන් අපෙන් සැඟව සිටින්න උත්සාහ කරනවාද?
අපිට කලින් නිර්මාණය වුනු සියළුම ජිවීන් විවිධ හේතූන් නිසා න්‍යශ්ඨ වී ගොස් ද?
නැත්තම් විශ්වයේ ජීවයකට සිටිනුයේ අපි විතරක්මද?
නැත්තම් පිටසක්වල ජීවය අපි හිතාගෙන ඉන්න පෘථිවියේ ජීවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ශක්තීන්, මානයන්, භෞතික සහ රසායනික ලක්ෂණ වලින් සමන්විත ද? නැතිනම් බුද්ධිමත් ජිවීන් දෙවර්ගයක් අතර විශ්වය හරහා සන්නිවේදනය ස්භාවධර්මය මඟින් වලක්වා ඇතිද?
කෙසේ වෙතත්, අඟහරු ග්‍රහයා මතදී හෝ විශ්වයේ මොන යම් හෝ තැනකදී එක් අන්වීක්ෂීය බැක්ටීරියාවක් හමු වුවහොත් එය මානව ඉතිහාසයේ තවත් විශිෂ්ඨතම සොයා ගැනීමක් වනු ඇත. එය මඟින් පරිණාමයේ ගලා යෑමක් ගොඩ නගන අතර, විශ්වයේ සෑම තැනකම යම් හෝ ආකරයක කෝස්මික, රසායනික සහ ජීව විද්‍යාත්මක සමානාත්මතාවයක් පවතින බව හෙළි කරනු ලබන අතර ජීවය කිසිවෙකුගේ නිර්මාණයක් නොවන බව සනාථ කරලනු ඇත.
එබැවින්, තමාගේ විශ්වීය අසල්වැසියන් හමුවනතෙක් මිනිසාගේ කුතුහලය කිසිදාක නොසන්සිදෙනු ඇත.
© පදාර්ථ - Padaartha
20/10/2025
ඕගොල්ලෝ දැකලා ඇති ලෝකයේ විවිධ රටවල්වල හමුදාවන් භාවිතා කරන යුධ ටැංකි (MBT- Main Battle Tanks) සහ සන්නද්ධ රථවල් (IFV- Infantry Fighting Vehicle) වල බාහිර පෘශ්ඨයේ ගඩොල් කැට වගේ දෙයක් අතුරලා තියෙනවා කියලා. මේවට කියන්නේ ERA එහෙමත් නැත්නම් Explosive Reactive Armor කියලා. ප්‍රධාන වශයෙන් මේවා භාවිතා කරන්නේ සතුරු මිසයිල, යුධ ටැංකියේ බාහිර පෘශ්ඨය සිඳුරු කරගෙන අභ්‍යන්තරයට යන එක වලක්වා ගන්න. උදාහරණයක් විදිහට යුධ ටැංකියක් දෙසට එන RPG උණ්ඩයක් ගැන සිතන්න. මේ RPG එකකට යුධ ටැංකියට හානි සිඳුකරන්න ඕනේ නම් යුධ ටැංකියේ අභ්‍යන්තරය දක්වා සිඳුරු කරගෙන යන්න ඕනේ. නමුත් මේ RPG එක යුධ ටැංකියේ තියෙන ERA එකක වැදුනට පස්සේ එකේ තියෙන සංවේදක ක්‍රියාත්මක වීම නිසා මේ ERA එක ඇතුලේ තියෙන පුපුරන ද්‍රව්‍යය, ඉතා පීඩනයකින් යුක්තව RPG එක තියෙන දිශාවට පුපුරා යනවා. මේ පිපිරුම නිසා RPG එක සතුව තිබුණු ගම්‍යතාවය, චාලක ශක්තිය විතරක් නෙමෙයි ගොඩක් අවස්ථාවන් වලදී RPG උණ්ඩය පවා විනාශ වෙනවා. ERA ක්‍රියාත්මක වෙන්නේ විශාල shockwave එකක් ඇති කරන්න පුලුවන් පිපුරුම්වලදී පමණයි. ඒක නිසා මේවා අනවශ්‍ය ලෙස පුපුරා යන්නේ නැහැ. මේ ERA උපකරණ පහසුවෙන් නිශ්පාදනය සහ භාවිත කරන්න පුලුවන් නිසා ලෝකයේ රටවල් බහුතරයක් වර්තමානයේදී ඒවා භාවිතා කරනවා.
RPG උණ්ඩ විතරක් නෙමෙයි වර්තමාන යුධ ටැංකි සහ යුධ ටැංකි නාශක ආයුධ වල භාවිතා කරන HEAT (High Explosive Anti Tank), APFSDS (Armour-Piercing Fin-Stabilized Discarding Sabot) සහ ATGM (Anti Tank Guided Missile) වලිනුත් ආරක්ෂාව සපයන්න මේ ERA එකට පුලුවන්. කොහොම වුනත් ඇමෙරිකාව සතුව තියෙන ඉතා දියුණු percussion detonators සහ main charge detonators වලින් සමන්විත ඇ. ඩොලර් 78,000 ක් පමණ වටිනා Javelin මිසයිලයන් හට මේ ERA වලින් බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ මිසයිල වල පුපුරන ද්‍රව්‍ය ද්විත්වයක් මිසයිලයේ ඉඳිරි කොටසේ සහ අඟ කොටසේ පිහිටලා තියෙන නිසා. ඒ නිසා ඉදිරියේ ඇති precursor පුපුරන ද්‍රව්‍ය වල හසුව ERA කොටස විනාශ වී ගිය පසුව මිසයිලයේ අඟ කොටසේ ඇති main charge පුපුරන ද්‍රව්‍ය යුධ ටැංකියේ බඳ සිදුරුකරමින් අභ්‍යන්තරය වෙතට ගමන් කරන්න හැකියාවක් දරනවා. මේ වගේ ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා යුධ ටැංකි APS (Active Protection System) නැමැති පද්ධතියක් (Trophy, Arena වැනි) භාවිතා කරනවා, ඒ පද්ධතිය විසින් යුධ ටැංකිය දෙසට පැමිණෙන සතුරු මිසයිල වලට ඉතා සැනෙකින් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ එම මිසයිලයන් සැනෙකින් විනාශ කරමිනි. ERA සහ මෙම APS පද්ධතින් එකට එක්ව ක්‍රියා කරන විට සතුරන්ගෙන් වටව ගමන් කරලීමට සිඳුවන අවස්ථාවන් වලදී පවා යුධ ටැංකියට ඉහළ ආරක්ශාවක් හිමිවෙනවා.
මේ වෙද්දී රබර් සහ ඉලාස්ටික් ස්වභාවයක් සහිත ආවරණ අඩංගු වන ප්‍රහාරයන් කිහිපයක් පවා දරා සිටිය හැකි Non-explosive reactive armour (NERA) පවා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම Electric / electromagnetic armour වගේ ආරක්ෂිත ආවරණ තවමත් පර්යේක්ශණ මට්ටම් වල අත්හදා බලමින් පවතිනවා.
ඡායාරූපය - A USMC M60 with reactive armor bolted to its hull and turret moves inland after coming ashore on D-Day of the joint services exercise SOLID SHIELD, 1989.
© පදාර්ථ - Padaartha
16/10/2025
ඇයටත් අත්තටු විහිඳුවා පලා යෑමට හැකියාව තිබුණි... දැල්වෙමින් දිවඑන ලැව්ගින්නෙන් ඇයට ඇයවම බේරාගැනීමට හැකියාවක් තිබුණි... නමුත් ඇය එසේ කරනවා වෙනුවට තොරාගත්තේ ඇයට වඩාත්ම වටිනා දේ සමඟ අවසානය තෙක් සිටීමටයි.
පක්ශීන්ගේ මෙම හැසිරීම ඔවුනගේ ජීවිතයන් සමඟ මුල්බැස ඇත්තකි. බීජෞෂණය (බිත්තර රැකබලාගැනීම) සහ ප්‍රජනන සමයේදී අධි මාත්‍රාවන් වලින් රුධිරයට එක්වන ප්‍රෝලැක්ටීන් හොර්මෝනය ඔවුනව කුඩූ තැනීමට, බිත්තර උණුසුම් කරලීමට, පැටවුන්ට ආහාර සැපයීමට පමණක් නොව අවශ්‍යය වුවහොත් ඒවායේ ආරක්ශාව වෙනුවෙන් සතුරන් සමඟ සටන් කරලීමටද ඔවුනව පොළඹවයි.
බුද්ධියෙන් ඉහළ වූ මිනිසුන් හට වැටහෙනවා මෙන් ආදරය එතරම් සංකීර්ණව ඔවුනට නොවැටහුනත් ඔවුනට, වගකීමද, එයටත් වඩා මුල්බැස ගිය මරණය හමුවේ වුවද තම විශේෂයේ අනාගතය සුරැකීමට ඇති ජෛවීය අභිප්‍රායද සියල්ලන්ටම වඩා බලවත් වන්නට ඇත. එකට එක්ව ක්‍රියාත්මක වන හෝර්මෝන, ස්නායු පද්ධතිය සහ පරිණාමයෙන් හිමිවන ලද ජෛවීය හැසිරීම් සමුදායද, සෑම විටම උත්සාහ කරනුයේ ජීවය ඉදිරියට රැගෙන යාමටයි. එබැවින් සැබැවින්ම එය අප දන්නා ආදරයම නොවන්නට ඇත.
අළු අතරින් වුවද තවමත් ඉතිරිව ඇත්තේ වෙන කිසිවෙකුත් නොව තමාට ලෝකයේ ඇති වටිනාතම දෙය සුරැකීමට උත්සාහ කල අම්මා කෙනෙකුය. හෙරොයින් වලටත් වඩා ආදරය විටෙක ඇබ්බැහිශීලීය. සැබැවින්ම ජිවී ලෝකයේ ඇති හැඟීම් කෙතරම් සංකීර්ණද? එයට කොපමණ දෙයක් සිඳුකරලිය හැකිද?
බුද්ධිය විශ්මයජනකය, නමුත් හැඟිම් නොමැතිව පරිණාමයට මෙපමණ දුරක් පැමිණිය හැකිද...?
Photo credits to its original owners.
© පදාර්ථ - Padaartha