Brain Tips with Bhagi

Brain Tips with Bhagi

Share

Brain Science • Psychology

🧠 Evidence-based psychology and neuroscience made simple. Let's talk.

Helping you understand your brain, behavior, emotions, and personal growth. Book your session here 👇🧠
https://bookingbhagyarathnayake.setmore.com/servic

13/07/2026

හිත ඇතුළෙන් මැරෙන, එළියට හිනාවෙන අපේ තරුණ පරම්පරාව 💔 අද Facebook එකේ දැකපු වීඩියෝ එකකින් මාව blast වුනා. කෙනෙක් Facebook Live ඇවිත් තමන්ගේම ජීවිතේ නැති කරගන්නවා. ඒක දකිද්දී ඇති වුණේ පුදුම කලකිරීමක් වගේම ලොකු බයක්.
අද අපේ රටේ තරුණ ළමයි ඇතුළතින් කොච්චර නම් තනි වෙලාද, කොච්චර සටනක් දෙනවා ඇත්ද කියලා හිතාගන්නවත් බෑ. කාටවත්ම නොකියා, හිත අස්සේ හැමදේම හිරකරගෙන, මහා නිහඬතාවයකින් ඔවුන් උසුලන මේ බර ඇත්තටම කොහෙන් ආපු එකක්ද? රටේ තියෙන මේ ආර්ථික පීඩනයත් එක්ක අනාගතය ගැන තියෙන අවිනිශ්චිතතාවයද? නැත්නම් මේ ඩිජිටල් Screen වලට කොටු වෙලා, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනි වුණු එකද?
සමහරවිට මේ හැමදේකම එකතුවක් වෙන්න ඇති. හැබැයි අපි අමතක කරන එකම දේ, අපිට හිනාවෙලා ඉන්න හැම මූණක් පිටුපසම තියෙන්නේ වෙනමම කතාවක් කියන එක. මතක තියාගන්න. ජීවිතේ අතහරිනවා කියන්නේ කිසිම දේකට විසඳුමක් නෙවෙයි. ඒ වගේම, අපිට පුළුවන් නම් අපේ යාළුවෙක්, සහෝදරයෙක් දිහා මීට වඩා අවධානයෙන් බලන්න.."මචං, ඔයාට කොහොමද? ප්‍රශ්නයක්ද?" කියලා හදවතින්ම අහන්න. සමහරවිට ඒ පුංචි වචනය ජීවිතයක් බේරගන්න හේතුවක් වෙන්න පුළුවන්

11/07/2026

ඔයා Dopamine සහ Serotonin ගැන නම විතරක් දන්න, වැඩ කිඩ නොදන්න කෙනෙක්ද? 🤷‍♂️❌

08/07/2026

🧠 සෝෂල් මීඩියා බලලා තමන්ටම ලෙඩ ලේබල් කරගන්න එක මේ තරම්ම අවදානම් ඇයි?

සැබෑ හේතුව Anxiety (කාන්සාව) වෙච්ච කෙනෙක්, වීඩියෝ එකක් බලලා තමන්ට තියෙන්නේ ADHD කියලා හිතලා ඒ සඳහා දෙන උත්තේජක ඖෂධ (Stimulants) ගත්තොත්... එයාලගේ කාන්සාව සහ හෘද ස්පන්දනය දරුණු ලෙස වැඩි වෙන්න පුළුවන්!

DSM-5 වෛද්‍ය වර්ගීකරණයට අනුව, බාහිරින් පේන ලක්ෂණ එකම වුණත්, Anxiety, ADHD හෝ Burnout කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මොළයේ ක්‍රියාකාරීත්වයන් (Brain Mechanisms) තුනකට.

හැබැයි ඔයාට තියෙන්නේ සායනික මට්ටමේ රෝගයක් නෙවෙයි නම්,
මුහුණ දෙන්නේ සාමාන්‍ය Focus නැතිකමකට හෝ Stress එකකට විතරක් නම්... ඔයා ඉගෙන ගත යුත්තේ ඔයාගේ මොළයේ Self-Regulation සහ Neuroplasticity නිවැරදිව පාවිච්චි කරන හැටි විතරයි! 🚀

සම්පූර්ණ විස්තරය වීඩියෝවෙන් බලන්න! 🎬

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Dehiwala
Colombo
10350

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00