Mr Meow

Mr Meow

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr Meow, Colombo.

23/05/2026

වනසරාගෙ හපන්කම් 🥴. පෙරේද හවස අල්ලන් ආපු මී හාදයා තමයි මේ. 😴 ගුටිකාලා, තුවාල වෙලා ඉද්දි පණ බේරගන්න ඕනෙ නිසා මනුස්සයෙක්ගෙන් උදව් ඉල්ලන්න සිද්ධ උනා පොරට. ❤️ තුවාල වලට බෙහෙත් දාලා, Antibiotics දුන්නට පස්සෙ ටිකෙන් ටික සනීප උනා.☘️ ඊයෙ උදේ වෙද්දි සෞඛ්‍ය තත්වය සෑහෙන දුරට හොඳ තත්වයට හැරුනා පොරගේ. ඉතින් රැ වෙලා ආපහු යවන්න තමා හිතාගෙන හිටියෙ.😴

කොහොමහරි තුවාල හොඳ වෙද්දි පොරට මාව විශ්වාස නැති උනා.😂 වනසරාව විශ්වාස නැති උනා වෙන්නත් පුළුවන්. "අනේ උඹ නිදහස් කරන්න ඕනේ නෑ " කියන්න වගේ පොරම නිදහස හොයාගෙන ඊයෙ දවල් ඉඳලා උමගක් හදන ගමන් ඉඳලා තියෙන්නෙ 😅. (කාඩ්බෝඩ් box එකක හිටියෙ) නිදහස් කරන්න කියල රෑ වෙලා යද්දි තමා ඩෑල් එකත් පැනලා යන්න ලෑස්ති වෙලා තියෙන්නෙ.☘️

කොහොමහරි ආපහු අල්ලගෙන, ආරක්ශිත තැනකට ගිහින් දැම්මා හාදයාව. 🥴 නිල්පාටට ඉන්න නිසා මී වර්ගයේ නායක පට්ටමක් හම්බෙන්නත් පුළුවන් ඩෑල් එකට. 🐭 මොනා නැතත් පූසෙක්ට අහුවෙලා බේරිලා ගියපු විදිය ගැන ගැම්මෙන් යාලුවන්ට කියනවත් ඇති 😂. ඩෑල් එකගෙ අවසාන ඡායාරූපෙ තමා මේ.

(ඒ කරම්දරෙත් ඉවරායි...😝)

23/05/2026

Urgent !- සාමාන්‍ය බව්වෙක් නිසා පෝස්ට් දාල උදව් කීපවතාවක්ම ඉල්ලුවත් මේ බව්වට රැකවරණයක් ලැබුනෙ නෑ ලු 💔 මෙයා ගම්පහ දොරණගොඩ ප්‍රදේශයේ ඉන්න, මිනිස්සුන්ගෙන් සහ ලෙඩරෝග වලින් ගොඩක් දුක්විඳින ගැහැනු සතෙක් 🐕 මෙයා ගැන කලින් මම දැම්ම පෝස්ට් එකකට ඇඹිලිපිටිය ප්‍රදේශයේ අයෙක් බාරගෙන ප්‍රතිකාර කරන්න කැමති උනා. 😇

දුරනිසා ප්‍රවාහනය අසීරු උනත්, වෙන බාරගන්න කැමති කෙනෙක් හම්බුනෙ නැති නිසා, වැස්ස දවස්වල ඉන්නවත් තැනක් නැති මේ බව්වව, ඇඹිලිපිටියට ප්‍රවාහනය කරන්න අපේ උදව් ඕනෙ වෙනවා. 🚙. කීපදෙනෙක් එකතු උනොත් ප්‍රවාහන වියදම වෙන 16000/= ක මුදලක් හොයාගන්න පුළුවන් වේවි. Contribute වෙන්න කැමති අයෙක් ඉන්නවානම් මැසේජ් එකක් දාන්න පේජ් එකට හෝ whatsapp. ❤️ අවශ්‍ය සියලු විස්තර සොයා බලලා තියෙන්නෙ. ⚠️️

☎️ : 072 51 68 200 ( whatsapp )

මෙයා ලෙඩ වෙලා ඉන්න posh breed බව්වෙක් කියල හිතලා ගන්නම් කියපු එක්තරා rescue කරන අයෙක්, normal බව්වෙක් කිව්වට පස්සෙ ගන්න බෑ කියලත් තියනවා. 😬

22/05/2026

ලොරියටකට හැප්පෙන්න කලින් මෙන්න මේ අහිංසක කලුපාට බටු ඇටේට ගෙදරක් හොයාගන්න ඕනෙ ❤️🐈 පර්සියන් පූසෙක් ගැන දැම්මනම් inbox පිරෙනවා.😪 හැබැයි මේ වගේ කෙනෙක් ගැන පෝස්ට් එකක්වත් reach වෙන්නෙ නෑ 😴 කලින් පෝස්ට් කීපයක් දාලත් බාරගන්න කැමති කෙනෙක් හම්බුනේ නැහැ 😜.

මෙයා කෙල්ලෙක්, ඉන්නෙ ගම්පහ උඩුගම්පොල ලොරි යාඩ් එකක 😴 අම්මව ඔපරේෂන් කරන්න සූදානම් කරල තියෙන නිසා අනතුරක් වෙන්න කලින් මේ බට්ටට ගෙදරක් හොයාගන්න ඕනෙ.. ගම්පහ, මිනුවන්ගොඩ, වේයන්ගොඩ හෝ ඒ අවට කෙනෙක් ඉන්නවානම් අදම කතා කරන්න. ❤️☘️ ( 072 5168 200 )

Vaccination වියදම් දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ, අවශ්‍ය නම් OHE එක මට කරලා දෙන්න පුළුවන් නිසි වයසෙදි..🙂 මෙයාව බාරගන්න කෙනාට, වියදම් දරාගන්න පුළුවන් නම්, මේ පූසාව බලාගන්න විදිය බලලා persian / British shorthair කෙනෙක්ව free දෙනවා මාස කීපයකින්.😊

කොන්දේසි සහිතයි***

22/05/2026

දවල් කාලෙම රවුම් ගහලා, හවස නිරිතදිග මෝසම සක්‍රීය වෙද්දි ගෙදර එන හාමු මහත්තයාව පිළිගන්න කවුරුත් හිටියෙ නැති එකට තරහ ගිහින් 😊💔...

මේවා ඉතින් වනසරාගෙම වැරදි 🐈😤

22/05/2026

Urgent ! - මහ වැස්සෙ, පාරට ගෙනත් දාල ගිහින් ඉන්න මේ අහිංසකයො දෙන්නට ඉක්මන් රැකවරණයක් අවශ්‍යයි 🐱❤️☘️

මෙයාලාව සීදුව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ පාරකට ගෙනත් දාල. 💔 අම්මත් ඉන්නවාලු දැන් . පැටව් දෙන්නට හෝ ඉක්මනින් ආදරණීය නිවසක් හොයාගන්න උදව් කරමු..🏠️

ජාඇල, සීදුව, මීගමුව, කටුනායක වගේ ඒ අවට

☎️ : 070 622 8942 (වැඩි විස්තර සඳහා අමතන්න)

22/05/2026

එයාව හොයාගන්න උදව් කරමු !!!!

21/05/2026

පූස්තඩියා මේ වෙලාවෙ මොකද කරන්නෙ 😴 ෆොටෝ එකක් දාගෙන යමු. 🐱

21/05/2026

පාරෙන් අහුලපු අය pet hospital එකේදි 🐱❤️☘️



21/05/2026

urgent !- හලාවත උසාවිය ළඟ පාර අයිනේ පූස් පැටව් 4 දෙනෙක් ගෙනත් දාල ගිහින් ලු 😪💔 එක්කෙනෙක් වාහනේක හැප්පිලා මියගිහින්ලු.

හලාවත අවට පුළුවන් කෙනෙක් ඉන්නවානම්.මේ පැටව් ගැන බලන්න. තාවකාලිකව හෝ රැකවරණයක් දෙන්න ඉදිරිපත් වෙන්න ❤️ දැකපු කෙනෙක් පණිවිඩය එව්වේ පේජ් එකට 🏠️.

ආදරෙන්,පරිස්සමෙන් බලාගන්න කැමති රැකවරණයක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් පෝස්ට් එකට කමෙන්ට් කරන්න 😪

(ලැබුනු පණිවිඩයක් අනුව පලකරන ලදි !!! - AI වලින් generate කරපු pic එකක් මේක ⚠️️)

20/05/2026

අදකාලෙ පූසෙක් හදනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. 🐈 සාලයෝ 1400/= යි, ලින්නො 1700/= යි, කැට්ෆුඩ් කිලෝ 2, 9000යි. හැබැයි කීය ගියත්, එක කෑම වේලක්වත් වරද්දන්නෙ නැතුව පූසොන්ට දෙනවා මම 😜. 17 දෙනෙක්ට..☘️

හැබැයි, පෙර ආත්මවල තරහකාරයෝ පූස් ආත්ම විදියට අපේ ගෙවල් වලට රිංගන අවස්ථා දෛවෝපගත විදියට වෙනවා. 😊 මේ ෆොටෝ එකේ ඔය cage එකේ ඉන්නෙ අන්න එහෙම ඩෑල් එකක්. මගේ පර්ස් එකටත් ශොට් එක දීලා, pressure වැඩි කරලා, ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහන තත්වයට පත්කරන එක තමා මුගේ එකම විනෝදේ 😑💔

කබරයෙක් (තලගොයෙක්) ගෙදර අරන් ඇවිත් හරියටම දවස් දෙකයි උනේ. 😑 කොහොමහරි දැන් පැයකට විතර කලින් මූ ඩිනර් එකට යාලුවෙක්ට ඉන්වයිට් කරලා අපිටත් හොරෙන්ම 😊 යාලුවා මගදි accident වෙලා තුවාල ටිකකුත් වෙලා. දැන් ඉතින් පූසොන්ගෙ කෑම හදන එක පැත්තක තියලා, මගේ වැඩත් පැත්තකට දාලා, කොහෙවත් යන කොස් ඇට මීයෙක්ගෙ තුවාල වලට බෙහෙත් දානවා. 🥴

මේ වෙලාවට තමයි වලක් කපාගෙන වැලලෙන්න හිතෙන්නෙ. ⛏️. කොහොමහරි අද රෑට එක්කෙනෙක්ට කෑම හම්බෙන්නෙ නෑලු 😊

20/05/2026

සිල්වර් බොස් & ටිකිරි ළියා ❤️🐱☘️

•වමේ ඉන්නෙ අපේ සිල්වර්, පහුගිය ටිකේ ආපහු ලෙඩ වෙලා හිටිය පොරට අපෙ අසල්වැසි ඩොක්ටර් කණිශ්කගෙ බෙහෙත් වලින් සෑහෙන දුරට සනීපයි දැන් 😌 වනසරා බොස් එක්ක ආපහු එකතු වෙලා කුරුලු දඩයමක පොර මේ දවස්වල ඉන්නෙ 🐦. මාසෙට ලක්සයක් හමාරක් බෙහෙත් වලට වියදම් කරවන එක තමා පොරගෙ එකම විනෝදේ 🤣. මේ හාදයා නිසාම Nebulize section එකක් අපේ Hospital එකේ වගේම, ගෙදරත් හදන්න උනා අපිට 🌻

එතකොට දකුණේ ඉන්නෙ ටිකිරි ❤️ කෙල්ලෙක්ගෙ වගේ නමක් උනාට පොර කොල්ලෙක්...🐈 ඩෑල් එක Turkish Angora කෙනෙක් 😪 පොඩි Rash එකකට බෙහෙත් ගන්න තමා ඩොක්ටර් ළගට ආවෙ. ☘️ ලංකාවට අලුතින් ආපු හාදයෙක් නිසා, Rash එක සනීප උනාම Rehome කරන්න අදහසකුත් හිතේ තිබුනා. 😪 හැබැයි ඩෑල් එක diet කරවන මට්ටමේ ඉන්න නිසා ටික දවසක් ඉවසන්න වෙනවා තව. 🐷 ලංකාවෙ ලින්නො කාලා කාලා ඌරු පැටියෙක් වගේ වෙලා ඉන්නෙ පොර.☘️

🏜️ නගර සබාවකින් උස්සන් ගිහින් කාන්තාරයක් මැදට දැම්මම, දුක් විඳලා මැ රිලා යන්න උනත් තිබුන ජීවිත දෙකක් මේ. 🇸🇦ඉතින් ලංකාවට වීසා හම්බුන එක ගැන ඩබලගෙ කිසි අමනාපයක් නෑ දැන් 😚

ටිකිරිලියාට අලුතින් ආපු කබරගොයාව නම් හම්බුනා. 🐊 දැන් අඩු දියබරියෙක් විතරයි..❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo