30/05/2026
රටපුරාම මොළේ උණ රෝගයක් පැතිරෙන අවදානමක් තියනව .. ඒ ගැන සොක්‍ය අමාත්‍යාංශයෙ බෝවන රෝග පිළිබද ඒකකය අපිට Guidelines දැනටමත් දීල තියනව . මේක වෛරස් ආසාදනයක් ( entero virus ) එකක් කියල තමයි දැනට හොයාගෙන තියෙන්නේ . මේ වෛරසය ශරීරගත වෙන්නේ faeco oral route එකෙන් . එහෙම නැත්නම් ආසාදිත අසූචි සමග ආහාර සහ ජලය මිශ්‍ර වීමෙන් . සෙම බිඳිති මගින්....
(දන්සැල් වදින්නේ පරිස්සමෙන් .....)
ප්‍රධාන රොග ලක්ෂණ ....
1 තද උණ
2 තද හිසේ කැක්කුම
3 වමනය
4 ආලෝකය දෙස බැලීමට අපහසුවීම ( photophobia )
5 බෙල්ලේ වේදනාව/ තදවීම ( neck stiffness )
6 හැසිරීම් වෙනස්කම් ( විකාර දෙඩවීම වැනි)(altered behavior )
7 මීමැස්මොරය ( fits )
මේව තමයි ප්‍රධාන රෝග ලක්ෂණ ....
දරුවන්ට හැදෙනව වැඩියි. දැනට අපේ රෝහලේ මගේ වාට්ටුවෙත් දරුවන් කීපදෙනෙක් ඉන්නව මේ රෝග ලක්ෂණ තියන අය..අපි වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල යවල තියන්නේ .
පරීක්ෂණ .....
රුධිර පරීක්ෂණ ....
මස්තිෂ්ක සුෂුම්නා තරල පරීක්ෂණ ( lumber puncture test for CSF FULL report ) ( කොන්ද විදින පරීක්ෂාව)
CT scam / MRI පරීක්ෂණ ( අවශ්‍ය වූවොත්)
බෙහෙත් තියනව ... Antiviral හෝ Antibiotics
සංකූලතා .... එන්න පුලුවන් ... නොනවතින fits , septicemia , Brian abscess .
කඩිනමින් ප්‍රතිකාර නොකොලොත් මරණය සිදුවිය හැකිය.
රෝග ලක්ෂණ තියනවනම් ඉක්මනින් රෝහල්ගත කරන්න ඕන . පරක්කු වුනොත් වැඩේ අමාරු වෙනව...
පරිස්සම් වෙන්නේ කොහොමද ...?
පුලුවන් සෑමවිටම Mask දාන්න ... දෙඅත් නිතරම සෝදන්න.. පිටතින් ආහාර ගැනීම අවම කරන්න . උණුකර නිවාගත් පිරිසිදු ජලය පාවිච්චි කරන්න . පොඩි පැටවුන් සෙනග ඉන්න තැන්වල ගෙනියන්න එපා.
පහත රූපය ... කොන්ද විදල වතුර ගන්න පරීක්ෂණය ....
මේක copy paste කරන්න එපා... Share කරන්න ....
Copyright
Dr Ravinda Udagamage
02/05/2026
14/04/2026
09/04/2026
08/04/2026
07/04/2026