12/06/2026
1990 ජුනි 11 නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිළධාරීන් 600+ පමණ, ඇතැම් ඇස්තමේන්තුවල මේක 700 ගානක් කියනවා. තිරුක්කොවිල් කැලෑවලට ගෙනිහින් ඝාතනය කර සමූහ මිනීවලකට දැමීමේ සිද්ධියට අදට වසර 36 ක් පිරෙනවා. යටත් වෙන්න කියලා ඉල්ලලා යටත් වුන මිනිස්සුන්ව ඝාතනය කරපු ඉතිහාසය ගැන දැන් කතා වෙනවා අඩුයි. ජනසංහාර, ඉඩම් ආක්රමණ වගේ ඒවා ගැන වෙන වෙන කතා දැන් කියවුනාට මේ සිද්ධි නැගෙනහිර පළාතේ වාර්ගික සංහාරවලට උදාහරණ. දමිළ විමුක්ති අරගලය කියලා හෝදලා ගත්තට ඉතින් මේ ඉතිහාසය කතා කරන්න ගියොත් ලියන්න ඉඩ මදි වෙනවා.
මේ සිද්ධිය තමයි එවක තිබු සාම සාකඡ්ඡා බිඳ වැටිලා දෙවනි ඊළාම් යුද්ධයට මඟ පාදන්නෙ. මේකෙන් පස්සේ පොලිසි අහිමි වීමත් එක්කම එන LTTE ප්රහාර මාලාවේ ප්රතිඵලයක් විදිහට කොකාවිල්,මාන්කුලම්,කිලිනොච්චි, සිලාවතුරේ වගේ කෑම්ප් ගනනාවක් අහිමි වෙලා ශ්රි ලංකා රජයට උතුරු හා නැගෙනහිර විශාල භූමි ප්රමාණයක් අහිමි වෙනවා. ඒ වගේම යාපනයට තිබුනු ගොඩබිම් සැපයුම් මාර්ගය අහිමි වෙනවා.
ඔය පහල තියෙන්නෙ මීට අවුරුදු 9 කට කලින් අම්පාර තියෙන ඔය සිද්ධිය සඳහා ඉදිවු ස්මාරකය ඉස්සරහ, ඊට දශක කිහිපෙකට කලින් රාජකාරියට ගිහින් ආයේ කවදාවත් දකින්න නොලැබුන පුතාව මතක් කරලා මල් මිටක් තියන අම්මා කෙනෙක්ගෙ පින්තූරයක්.
Copied from Don Supz 💔