Upadi.lk උපාධි

Upadi.lk උපාධි

Share

Higher education opportunities for Sri Lankans. Provide Sri Lanka degree program details https://upadi.lk/

28/09/2023

මොරටුව විශ්ව විද්‍යාලයේ BSc Hons in Artificial Intelligence එහෙමත් නැත්තම් බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය ගැන අපි ටිකක් දැනුවත් වෙමු.

බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාවට ශ්‍රී ලංකාවේ තිබෙන අධ්‍යාපන අවස්ථා වල සුවිශේෂම සහ නවතම එකක් වෙන මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිරිනමන BSc Hons in Artificial Intelligence එහෙමත් නැත්තම් බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය ගැන.

මේ උපාධි පාඨමාලාව පිරිනමන්නේ තොරතුරු තාක්ෂණ පීඨයේ පරිගණකමය ගණිත විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Computational Mathematics) මගින්.මේ උපාධි පාඨමාලාව හරහා Mathematics, Statistics, Computer Science සහ Artificial Intelligence විෂය ක්ෂේත්‍ර හතරටම අදාල පරාසයන් ආවරණය වෙනවා.

මේ සුවිශේෂ උපාධි පාඨමාලාවේ කාලසීමාව අවුරුදු හතරක්. සමහරුන්ට නැගෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇයි මේ උපාධියට අවුරුදු හතරක්? මොරටුව විශ්ව විද්‍යාලයෙම මීට කලින් ඉඳන්ම තිබුණූ MSc in Artificial Intelligence පාඨමාලාවත් අවුරුදු දෙකක් වගේ නේ? කියලා. අපි ඒ ප්‍රශ්නෙට උත්තරය එක්කම කතාවට ආරම්භයක් ගනිමු.

Artificial Intelligence එහෙමත් නැත්තම් බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව කියන්නෙ ක්ශේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදිලා යන පුළුල් සහ අපරිමිත සම්භාවිතා ගණනක් තියන ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයට අවශ්‍ය සුවිශේෂීම දෙයක් තමා එයට අවශ්‍ය විශේෂ Mindset එක. ප්‍රශ්නයක මිනිස් මැදිහත්වීම අවශ්‍ය කොටස හඳුනා ගැනීම, එම කොටස මිනිස් මැදිහත්වීමකින් තොරව කරන ආකාරය හඳුනා ගැනීම, ඒ සඳහා යොදාගත හැකි වඩාත්ම ගැලපෙන විසඳුම සහ එම විසඳුම් වඩාත්ම උචිත ලෙස ස්ථාපනය කරන ආකාරය හඳුනාගැනීම කියන දේ කිරීමට විශේෂ Mindset එකක් අවශ්‍යයි.

ඒක සංවර්ධනය කරන එක මාස ගණනකින් ක්ෂණීකව කරන්න පුලූවන් දෙයක් නෙවෙයි. මේක MSc එකේදී කරන එක ඉතාම අමාරු වැඩක්. ඒ රික්තකය පුරවන්න තමයි මේ වසර හතරක විද්‍යාවේදී ගෞරව උපාධිය හඳුන්වලා දෙන්නේ. මේකේ මුල්වසර පුරාවටම සුවිශේෂව මේ චින්තනය සංවර්ධනය කරන විදිය පිළිබඳව focus කරනවා. මේ කටයුතු වෙන විදිය අපි බලමු දැනට හඳුන්වා දීලා තිබෙන පාඨමාලා අන්තර්ගතය එක්ක.

පලවෙනි වසරේ අනිවාර්‍ය Modules 14ක් තියෙනවා.
• Introduction to intelligent machines
• Fundamentals of Machines,
• Foundations of Artificial Intelligence
• Programming Fundamentals
• Data Communication
• Web Technologies
• Fundamentals Of Databases

ඇතුළු මේ Modules එකිනෙකින් බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාවට අත්‍යවශ්‍ය එක් එක් විශේෂ කුසලතා සංවර්ධනය කරනවා.

මෘදුකාංග සංවර්ධනය හා බැදුනු දැනුමත් මේ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය නිසා, ඊට අවශ්‍ය දැනුමත් අඩුවක් නැතුවම ලබාදෙන්න මේ Modules සකල්වෙලා තියෙනවා. ඊට අමතරව යන්ත්‍ර හා බැඳුනු විශේෂ යාන්ත්‍රික දැනුම ලබාදෙන්නත් විශේෂ Module එකක් තියෙනවා. මේ අතරින් සුවිශේෂ වෙන Intelligent Machines Inspirational Project Module එක ඒ අවුරුද්ද පුරා ඉගෙනගත්ත සහ, තම තමන් තනියෙන් ඉගෙනගත්ත දැනුම යොදාගෙන නිර්මාණය කරන කණ්ඩායම් ව්‍යාපෘතියක්. මේ වසර බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාවට අවශ්‍ය චින්තනයත්, ගණිත සහ සංඛ්‍යාන සංකල්පත්, පරිගණක විද්‍යා මූලධර්මත් ආවරණය කරන්න වෙන්වෙලා තියෙනවා.

දෙවෙනි වසරේත් අනිවාර්‍ය Modules 14ක් තියෙනවා.
• Modern Approach to Artificial Intelligence,
• Statistical Inference, Operating Systems
• Software Engineering
• Object-Oriented Programming
• Computer Networks

වගේ මේ Modules බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව සඳහා උපයෝගී සහ අවශ්‍ය වන ක්‍රමලේඛ භාෂාත්, Agent systems, Search algorithms වගේ ප්‍රබල සංකල්ප ගැනත්, සංඛ්‍යාණය සහ සම්භාවිතා සම්බන්ධ දැනුම සහ පරිගණක භාෂා දැනුමත්, මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාවේ යොදාගන්නා ක්‍රමෝපායන් සහ තාක්ෂණික ක්‍රම ගැන අංගසම්පූර්ණ දැනුමකුත්, ව්‍යාපෘති වල කටයුතු කිරීමේදී අත්‍යාවශ්‍ය කළමණාකරණ දැනුමත්, දත්ත හුවමාරු ක්‍රම, දත්ත ගබඩාකරගැනීම සහ ප්‍රයෝජනවත් පරිදි භාවිතා කිරීම ඇතුළු බොහෝ දේවල් උපාධිදාරීන්ට ලබාදෙන්න සකස්වෙලා තියෙනවා. මේ කාළය තුළ මෘදුකාංග සංවර්ධකයෙක් වීමට අවශ්‍ය දැනුමත්, මෘදුකාංග ඉංජිනේරු විද්‍යා න්‍යායත්, Industry Based AI Software Project වගේ Modules මගින් වැඩ ලෝකයේ ආයතන සමග කටයුතු කිරීමත්, ප්‍රායෝගිකත්වයත් වැඩිදියුණු වෙනවා වගේම තාර්කිකව ප්‍රශ්න දෙස බැලීමට සහ ඒවාට බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ඔස්සේ විසඳුම් සෙවීමට අවශ්‍ය චින්තනයත් වැඩිදියුණු වෙනවා. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ හොඳ කුසලතා ඇති කරගැනීම මේ වසරේ ප්‍රධාන අරමුණක්.

තුන්වන සහ සිව්වන අවුරුදු වලදී පාඨමාලා අන්තර්ගතය වඩා ඉලක්කගත වෙන්නේ බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාවටම සුවිශේෂ විෂය ක්ෂේත්‍ර දිහාවට. ඒ වෙද්දී මූලික මෘදුකාංග ඉඦිනේරු දැනුම සිසුන්ට ලබාදී ඇතිනිසා මේ Modules වලින් ඔවුන් කැමති දිශාවක් තෝරාගන්න ශිෂ්‍යයන්ට පුළුවන් වෙනවා. මේ අවුරුදු වල අනිවාර්‍ය Modules අතරේ,
• Expert Systems
• Automata Theory
• Natural Language Processing
• Artificial Neural Networks
• Machine Learning
• Fuzzy Logic
• Evolutionary Computing
• Multi Agent Systems
• Deep Learning
• Recommender Systems

වගේ Modules සහ තවත් Modules බොහොමයක් තියෙනවා. ඒ වගේම තුන්වෙනි වසරේ ලැබෙන Industrial Training එකත් ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණ වැඩ ලෝකයේ අත්දැකීම් ලබාගන්න හොඳම ක්‍රමයක් වෙනවා.Elective Modulesත් හතලිහකට ආසන්න ප්‍රමාණයක් මේ අවසන් වසර දෙකේ තෝරාගන්නට පුළුවන්.

• Artificial Cognitive Systems
• Bioinformatics
• Deep Reinforcement Learning
• Robotics
• Neuroscience of Artificial Intelligence
• Advanced Statistical Modellings
• Quantum Computing
• Agent Based Modelling
• Swarm Intelligence
වගේම ,
• Security and Cryptography
• Augmented and Virtual Reality
• Cloud Computing

වගේ Modules තුත් මේ අතරට අයත් වෙනවා.
මේ Modules දිහා බැලුවම පේන දෙයක් තමයි ඒ ඒ හැම Module එකම වත්මන් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත තාක්ෂණික සහ වෘත්තීමය කුසලතා වලට කේන්ද්‍රගතවෙලා තියෙන බව. ඒ වගේම ඉතාම විප්ලවකාරී සොයාගැනීම් ,නිර්මාණ රාශියක් සිදුවුණ සහ ඉදිරියටත් සොයාගැනෙන, ඩොලර් බිලියන සිය දහස් ගණනින් ආයෝජන සිදුවන ව්‍යාපෘති වලට සක්‍රීයවම දායකත්වය සපයන තාක්ෂණික අංශ සියල්ලම වාගේ මේ Modules ඇතුලේදී ආවරණය වෙනවා. ඉතින් තමන් කැමති ඕනෑම පැත්තකට මේවා ඔස්සේ යන්නට උපාධි පාඨමාලාව තෝරාගන්නා අයට පුළුවන්කම ලැබෙනවා.

සියළුම පාඨමාලා අන්තර්ගතය මේ ලිපියේ අවසානයට දීලා තියෙන ලින්ක් එක ඔස්සේ ලබාගන්න පුළුවන්. ඒකෙන් ඔයාලාට හොඳ අදහසක් එයි මේ උපාධි පාඨමාලාවෙන් කොයිතරම් විශාල වපසරියක් හොඳින් ආවරණය කරලා තිබෙනවද කියන එක.

ඉතින් අනාගත සහ වර්තමාන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දිහා බැලුවම එය තුල වෙනසක් කිරීමට, බලපෑමක් කිරීමට, විප්ලවයක් කිරීමට විභවයක් තියෙන, ඕනෑම ක්ෂේත්‍රයක් තුල ඉහලටම යා හැකි වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ පුරෝගාමින් පිරිසක් මේ බිහිකරන්නට මේ උපාධි පාඨමාලාව සමත්වෙන බව පැහැදිලි කරුණක්.

මේ උපාධිපාඨමාලාව මගින් විවෘත කරන රැකියා අවස්ථා ගණන අතිවිශාලයි. ඒ වගේම ඒ සියළුම රැකියා වලට වත්මන් රැකියා වෙලඳපොලේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපි ඒ ඒ රැකියා අවස්ථා විශේෂයෙන් සලකා බලමු.

• AI related එහෙම නැත්නම් විශේෂයෙන්ම බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව එක්කම සම්බන්ධ රැකියා අවස්ථා ගත්තොත්,
AI/Machine Learning Engineer, Data Scientist, Knowledge Engineer, Research Scientist, Computational Linguist, Text Analytics Specialist, Content Analyst, Deep Learning Engineer, Computer Vision Engineer, Robotics Engineer, Predictive Analyst, Genetic Algorithm Specialist, Optimization Engineer, Multi-Agent Systems Developer, Autonomous Systems Engineer, Semantic Web Developer, Ontology Engineer, Knowledge Graph Specialist, Ethical AI Advisor, Quantum Computing Researcher, Quantum Software Developer වගේ රැකියා ක්ෂේත්‍ර ගණනාවක් මේ උපාධි පාඨමාලාව ඔස්සේ විවෘත වෙනවා.

• මෘදුකාංග සංවර්ධනය සහ ඒ හා බැඳුණු රැකියා ගත්තොත්,
Software Developer, Compiler Engineer, Formal Methods Specialist, Computer Architect, Hardware Engineer, System Performance Analyst, Quality Assurance Analyst, QA Engineer, Test Automation Engineer, Cloud Solutions Architect, Cloud Engineer, Game Designer, IT Manager, Systems Analyst වගේ රැකියා අවස්ථා ගණනාවකටත් මේ BSc Hons in Artificial Intelligence උපාධිධාරියෙකුට යොමුවෙන්න පුලුවන්.

• ඒ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා බැඳුණු අනික් රැකියා අවස්ථා සැලකුවොත්,
Product Manager, IT Project Manager, Project Coordinator, Scrum Master, IT Policy Analyst, Technology Ethicist, IT Sociologist, Data Analyst, Philosophy of Technology Consultant, Startup Founder, Business Analyst, GIS Analyst, GIS Developer, Security Analyst, Cryptographer, Economist (in game theory applications), Communication Analyst වගේ වෘත්තීමය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉස්සරහට යන්නත් මේ උපාධි පාඨමාලාවෙන් මාර්ගය විවර කරලා දෙනවා.

මේ රැකියා අවස්ථා සියල්ලම වාගේ වර්තමාන සහ අනාගත ලෝකයේ ඉහලම ආදායම් වලට හිමිකම් කියන රැකියා. ඔයාලට සරල ගූගල් සෙවුමකින් මේ හැම රැකියාවෙම වටිනාකම් ගැන අදහසක් ගන්න පුළුවන්.

ඉතින්, ඔයාලත් ලෝකයේ ඉතාම වේගෙන් දියුණු වෙන, හැමදාම අලුත්වෙන, රසවත්, ගවේෂණය කරන්න පාරවල් ගොඩක් තියෙන විෂය ක්ෂේත්‍රයකට කැමති නම්, ඒවගේ ක්ෂේත්‍රයක් ඔස්සේ ඉස්සරහට යන්න, ලෝකයේ වෙනසක් කරන්න දායක වෙන්න කැමති නම්, මොරටුව විශ්ව විද්‍යාලයේ BSc Hons in Artificial Intelligence එහෙමත් නැත්තම් බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය ඔයාලට තියෙන හොඳම තෝරාගැනීමක්.

ඔයාලට මේ උපාධි පාඨමාලා අන්තර්ගතය ගැන සහ ඒ ගැන වැඩිදුර තොරතුරු මේ ලින්ක් ඔස්සේ ලබාගන්න පුළුවන්.

Curriculum : https://tinyurl.com/ai-curriculum
SLAAI Session : https://tinyurl.com/slaai-session

18/09/2023

♥️ Support Group for A/L - Physics, Chemistry, combined maths, Biology
ඔබට නොතේරෙන දෙයක් අහන්න✋
# ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු
# අමාරු කරුණු සාකච්ඡා කරන්න
# නිතිපතා ප්‍රශ්න සාකච්ඡා කිරීම

* A/L ඉහළම Island rank ගත් පිරිසක් විසින් පවත්වනු ලැබේ (දිවයින rank 100 ට අඩු)
* එක් groupකට සම්බන්ධ වී විෂයයන් 3ම සඳහා ප්‍රශ්න අසන්න
* කණ්ඩායමකට සිසුන් 10 ක්

♥️♥️ ගෲප් එකට නොමිලයේ එකතු වෙන්න !!
(කැමති නම් පමණක් දිගටම රැදී සිටින්න )
Please Whatsapp student's details to 0712971414 (click - http://wa.me/+94712971414)
ඔබේ නම:
ඔබේ පාසල:
AL වසර : (2023/2024/2025)

Upadi.lk උපාධි Higher education opportunities for Sri Lankans.

11/06/2023

Microsoft සහ Google ආයතන විසින් නොමිලේ ලබාදෙන පාඨමාලා පහත අන්තර්ජාල දිගු වලින් ගොස් ලබාගත හැක.
FREE courses from Microsoft and Google you should try in 2023
1. Al for beginners
Check this out
https://lnkd.in/dgfaEFxr
2. IOT
Check this out
https://lnkd.in/dSQECutx
3. Machine Learning
Check this out
https://lnkd.in/dJQvX5ZQ
4. Data Science
Check this out
https://lnkd.in/dZaYHE5n
5. Python Basics for Data Analysis
Check this out
https://lnkd.in/dNYQX_xg
6. Data Science Foundations
Check this out
https://lnkd.in/dNYQX_xg
7. Data Science with Python
Check this out
https://lnkd.in/dNYQX_xg
8. Machine Learning Crash Course
Check this out
https://lnkd.in/dbkXEGSY
9. Tensorflow for Deep Learning
Check this out
https://lnkd.in/dbkXEGSY
තොරතුරු තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් අතර බෙදාගන්න

AI for Beginners Description

May 2023 - Sri Lanka degree programs 18/05/2023

Review of a few private universities of Sri Lanka - NIBM, NSBM, IIT, KDU

May 2023 - Sri Lanka degree programs We are a group of educational professional in Sri Lankan universities  run this site to help students who are planning for higher education. We are not affiliated to any private education institute. There are no paid listings in this website ! 

01/05/2023

Admission for Agriculture Schools

Higher National Diploma (HND) in Agricultural Production Technology (NVQ 06) - Batch 2022/2024

• Duration: 2.5 Years • Medium: English

Agriculture Schools - Angunakolapelessa, Karapincha, Kundasale, Pelwehera, Vavuniy

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Colombo