Rapid way

Rapid way

Share

The fastest way to learn English

26/01/2026

English for daily life.

25/07/2025
24/07/2025

ඉංග්‍රීසි ඉගෙන ගත්තා ඇති, අපි දැන් කතාකරමු.

කොච්චර ඉංග්‍රීසි පාඨමාලාවලට සම්බන්ධ වුනත් තාමත් ඉංග්‍රීසි කතාරගන්න බැහැ නේද? ඒකට හේතුව ඔයා පුහුණු වීමකින් තොරව විෂය කරුණු පමණක්ම ඉගෙනීම.

* එතකොට මොකක්ද මේ course එක ?
මේක අඛන්ඩ පුහුණු කිරීම මගින් ඔයාව දින 20 ක් ඇතුලත ඉංග්‍රීසියෙන් කතා කරවන තනි පුද්ගල ( Individual course ) පාඨමාලාවක්.
එහෙමත් නැත්නම් 3 දෙනෙක් විතරක් සහභාගී වන කුඩා කණ්ඩායමක් විදිහට ප්‍රායෝගිකව භාවිතා කරමින් කතාව පුහුණු වන පාඨමාලාවක්.
මේ පාඨමාලාව දෙකෙන් එකක් සදහා ඔබට සහභාගී වෙන්න පුළුවන්.

* දවස් 20 කින් ඉංග්‍රීසි කතාකරවන්න පුළුවන් ද ?
පුළුවන්. සුද්දෙක් වගේ ( native speaker ) වගේ නෙවෙයි. ඒත් වැඩ පිළිවෙල එක්ක අඛණ්ඩව සම්බන්ධ වෙලා අදාල මගපෙන්වීම සහ උපදෙස් මත වැඩ කරන කෙනෙකුට ඕනෑම කෙනෙකුට තව කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න, තමන්ගෙ හිතට එන අදහසක් ඉංග්‍රීසියෙන් කියන්න, බය නැතුව කෙනෙක් එක්ක කතාරන්න හැකියාව අනිවාර්යයෙන්ම මේ කාලසීමාව අවසානයේ ලැබෙනව.
ඉතා සාර්ථකව මේ වෙද්දි සහභාගි වුන හැමෝම ඉංග්‍රීසි කතාකරන අය වෙලා තියෙනව වගේම මේ වන විට සහභාගී වෙලා ඉන්න පිරිසත් සාර්ථකව ඒ සදහා පුහුණු වෙමින් ඉන්නව.( පාඨමාලාවට ගැන අදහසක් මේ පාඨමාලාවට අදාල පෝස්ට් වල කමෙන්ට් වලින් ඔයාට ගන්න පුළුවන් )

* මේක ගැලපෙන්නෙ කාටද ?
ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍යය ඕනෑම කෙනෙකුට.

* කොහොමද මේක කෙරෙන්නෙ ?
දවසට පැයක්. සතියට දින තුනක්. සම්පූර්ණ දින 20 ක්. ඔයාව තනි තනිව ඉංග්‍රීසි කතාවට හුරු කිරීම තමයි කරන්නෙ. ඒ සදහා විවිධ ප්‍රායෝගික, සාර්ථක ක්‍රම කිහිපයක් අපි යොදා ගන්නව.

* මේක තවත් online course එකක් වෙයිද ?
නැහැ. මොකද මේකෙදි කරන්නෙ පැය පුරාවට අවශ්‍ය ව්‍යාකරණ කොටස්, වාක්‍ය රටා එක්ක ඔයාව ඉංග්‍රීසි කතාවට හුරු කරන එක.
ඕනම භාෂාවක් ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය තාමයි ඒක ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතය එක්ක සම්බන්ධ කර ගෙන භාවිතා කරන එක. මෙතනදි වෙන්නෙත් ඒක. ඉතින්, අනිවාර්යයෙන්ම මේ ඔයාගෙ අවසන් ඉංග්‍රීසි පාඨමාලාව වේවි.
ඒ වගේම පාඨමාලාව අවසන් කරන සියලු දෙනා whatsapp group එකකට සම්බන්ධ කරන නිසා පාඨමාලා කාලයෙන් පසුවත් ඒ හරහා තමන්ට අවශ්‍යය කාලයක් කතාව පුහුණු ව්මට අවස්ථාව ලැබෙනව.

* කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
පහල තියෙන whatsapp button එක click කරල මැසේජ් එකක් දාන්න.නැත්නම් කතා කරන්න. අපි ඔයාව සම්බන්ධ කරගන්නම්.

ඊට පස්සෙ අපි ඔයාගෙ දැනුම් මට්ටමත් එක්ක බලල තනි තනිව හෝ කුඩා කණ්ඩායමක් විදිහට හෝ ඔයාටම වෙන්වුන සැලසුමක් එක්ක දවස් 20 අවසානය වෙද්දි ඉංග්‍රීසි කතා කරන මට්ටමකට ඔයාව පුහුණු කරල දෙන්නම්.

Photos from Rapid way's post 07/04/2025

Idioms..

25/12/2024

කොහොමද අපි මෙන්න මේ වගේ අදහස් කියන්නෙ?

- මම ඔයාට මුණගැහෙන්න ඉන්නෙ, ඒත් මේ දවස් ටිකේ මම බිසී.

- මම ඔයාට කෝල් එකක් දෙන්න හිටියෙ. ඒත් මට අමතක වුනා.

මෙන්න මේ වගේ දෙයක් කරන්න ඉන්නෙ, කරන්න හිටියෙ වගේ අදහස් අපි කියන්න පාවිච්චි කරන්නෙ මේ වාක්‍ය රටාව. අපි දැන් බලමු මොකක්ද මේ වාක්‍ය රටාවේ ආකෘතිය කියල.

Subject + am/is/are/was/were +to + v1( base form)

අපි දැන් උදාහරණ කිහිපයක් අරන් බලමු.

මම එහෙ යන්න ඉන්නෙ.
I am to go there.

මම එහෙ යන්න හිටියෙ.
I was to go there.

මම ඒක ගන්න ඉන්නෙ. ( මිලට ගන්නව)
I am to buy it.

අපි ඒක කරන්න ඉන්නෙ.
We are to do it.

ඒගොල්ලො මට බනින්න ඉන්නෙ.
They are to blame me.

30/08/2024

කොච්චර ඉංග්‍රීසි පාඨමාලාවලට සම්බන්ධ වුනත් තාමත් ඉංග්‍රීසි කතාරගන්න බැහැ නේද? ඒකට හේතුව ඔයා මේ වෙනකම් ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ භාෂාවක් විදිහට නෙවෙයි විදිහට නෙවෙයි විෂයක් විදිහට වීම.

* එතකොට මොකක්ද මේ course එක ?
මේක අඛන්ඩ පුහුණු කිරීම මගින් ඔයාව දින 20 ක් ඇතුලත ඉංග්‍රීසියෙන් කතා කරවන තනි පුද්ගල ( Individual course ) පාඨමාලාවක්. මේකෙදි කරන්නෙ භාෂාවක් විදිහට ඉංග්‍රීසි ඔයාට පුහුණු කරන එක.
එහෙමත් නැත්නම් 3 දෙනෙක් විතරක් සහභාගී වන කුඩා කණ්ඩායමක් විදිහට ප්‍රායෝගිකව භාවිතා කරමින් කතාව පුහුණු වන පාඨමාලාවක්.
මේ පාඨමාලාව දෙකෙන් එකක් සදහා ඔබට සහභාගී වෙන්න පුළුවන්.

* දවස් 20 කින් ඉංග්‍රීසි කතාකරවන්න පුළුවන් ද ?
පුළුවන්. සුද්දෙක් වගේ ( native speaker ) වගේ නෙවෙයි. ඒත් කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න, තමන්ගෙ හිතට එන අදහසක් ඉංග්‍රීසියෙන් කියන්න, බය නැතුව කෙනෙක් එක්ක කතාරන්න හැකියාව අනිවාර්යයෙන්ම මේ කාලසීමාව අවසානයේ ලැබෙනව.
ඉතා සාර්ථකව මේ වෙද්දි සහභාගි වුන හැමෝම ඉංග්‍රීසි කතාකරන අය වෙලා තියෙනව වගේම මේ වන විට සහභාගී වෙලා ඉන්න පිරිසත් සාර්ථකව ඒ සදහා පුහුණු වෙමින් ඉන්නව.( පාඨමාලාවට ගැන අදහසක් මේ පාඨමාලාවට අදාල පෝස්ට් වල කමෙන්ට් වලින් ඔයාට ගන්න පුළුවන් )

* මේක ගැලපෙන්නෙ කාටද ?
මේක ඇත්තටම මුලික ඉංග්‍රීසි කථනය වෙනුවෙන් නිර්මාණය කරපු පාඨමාලවක් නිසා මේක ගැලපෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට ( කතාවට ) ආධුනික අයට.

* කොහොමද මේක කෙරෙන්නෙ ?
දවසට පැයක්. (ඔයාට අවශ්‍ය වේලාව මේ වෙද්දි අපිට ඉතුරු වෙලා තියෙන වෙලාවන් අතරින් එකක් තෝරාගන්න පුළුවන්) . ඒ පැය ඔයා වෙනුවෙන්ම වෙන්වුන පැයක්. ඒ කියන්නෙ ඔයා විතරයි ඒ වෙලාවෙ මේකට සම්බන්ධ වෙන්නෙ. මේකෙ කාල සීමාව වෙන්නෙ සතියට දවස් 3 බැගින් මාස එකහමාරක කාලයක් එහෙම නැත්නම් සතියට දින 5 බැගින් මාසයක කාල සීමාවක්.

* මේක තවත් online course එකක් වෙයිද ?
නැහැ. මොකද මේකෙදි කරන්නෙ පැය පුරාවට අවශ්‍ය ව්‍යාකරණ කොටස් එක්ක ඔයාව ඉංග්‍රීසි කතාවට හුරු කරන එක. ඕනම භාෂාවක් ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය තාමයි ඒක ප්‍රායෝගිකව එදිනෙදා ජිවිතය එක්ක සම්බන්ධ කර ගෙන භාවිතා කරන එක. මෙතනදි වෙන්නෙත් ඒක. ඉතින්, අනිවාර්යයෙන්ම මේ ඔයාගෙ අවසන් ඉංග්‍රීසි පාඨමාලාව වේවි.

* කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
පහල තියෙන whatsapp button එක click කරල මැසේජ් එකක් දාන්න.නැත්නම් කතා කරන්න. අපි ඔයාව සම්බන්ධ කරගන්නම්.

ඊට පස්සෙ අපි ඔයාගෙ දැනුම් මට්ටමත් එක්ක බලල තනි තනිව හෝ කුඩා කණ්ඩායමක් විදිහට හෝ ඔයාටම වෙන්වුන සැලසුමක් එක්ක දවස් 20 අවසානය වෙද්දි ඉංග්‍රීසි කතා කරන මට්ටමට ඔයාව අරගෙන දෙන්නම්.

09/03/2024

කතාකරමින් පමණක්ම පුහුණු වන සාර්ථකම ඉංග්‍රීසි පාඨමාලාව.
* මොකක්ද මේ course එක ?

දවසට පැය දෙකක්, සතියට දවස් 3 ක් අවශ්‍ය ව්‍යාකරණ, වාක්‍ය රටා වගේම අවශ්‍ය වචන මාලාව සමගින් ( ලිවීම් කිසිවක් නොමැතිව) ප්‍රායෝගිකව භාවිතා කරමින් ඉංග්‍රීසි කතාව පුහුණු කරවන දවස් 20 ක පාඨමාලාවක්.

* කාටද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ?

ඉතා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන, අඩුපාඩු ටික හදාගෙන ඉක්මනින් ඉංග්‍රීසි කතාකරන්න කැමති ඉංග්‍රීසි කතාවට ආධුනික ඕනෑම කෙනෙකුට.

* කවදද, කීයටද
මෙම මාසයට අදාලව ( මේ සතියේ ) දහවල් කාලයේ සහ රාත්‍රි කාලයේ කණ්ඩායම් 3 ක් ආරම්භ කරන අතර ඒ සදහා සම්බන්ධ වෙන්න පුළුවන්.

* ඇත්තටම දවස් 20 න් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් ද ?

අපි ඒක ප්‍රායෝගිකව පාඨමාලාව අතරතුර කරනව. සතියට දවස් තුනක් අපි ඒ වෙනුවෙන් ඔවුන්ව පුහුණු කරවනව. වැදගත්ම දේ තමයි එක කණ්ඩායමකට ඉන්නෙ 3 දෙනෙක් නිසා තනි පුද්ගල පංතියක් හා සමානව හැමෝටම ඒ අවස්ථාව ලැබෙනව.

පාඨමාලාව අතරතුර විවිධ ක්‍රියාකාරකම් වගේම විශේෂ ක්‍රම එක්ක ඉංග්‍රීසි කතාවට අවශ්‍ය හුරුව ලබාදීමක් මේ පාඨමාලාව හරහා සිද්ධ වෙනව.
ඒ නිසාම පාඨමාලාව අවසානය වෙද්දි තමන්ගෙ හිතට එන දෙයක් හිරවෙන්නෙ නැතුව කියාගන්න වගේම තව කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් මට්ටක හැකියාවක් ලැබෙනව.
ඒ වගේම පාඨමාලාව අවසාන වීමෙන් පසුවත් දිගටම ඉංග්‍රීසි කතාව පුහුණු වීම සදහා කණ්ඩායමක් ඔබට මේ හරහා ලැබෙනව.

* කොහොමද සම්බන්ධ වෙන්නෙ ?

ඔයා ඇත්තටම ඉංග්‍රීසි කතාකිරීමේ අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම්, ඒ වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්න පුළුවන් කෙනෙක් නම් මේකෙ සදහන් වෙන whatsapp අංකයට මැසේජ් එකක් දාන්න. අපි ඔයාව සම්බන්ධ කර ගන්නම්.

( එමෙන්ම ඔබට අවශ්‍ය නම් තනි පුද්ගල පංති ( Individual class) සදහා සම්බන්ධ විය හැකි අතර ඒ සදහාද මේ හරහා විමසීම් කල හැක)

18/02/2024

Nouns

14/02/2024

මේ දෙකේම සරල අදහස වෙන්නෙ අවසානයේ කියන එක. ඒත් ඇත්තටම ඒව වාක්‍ය වල යොදන විදිහ වෙනස්. අපි උදාහරණ වලින් ඒක තේරුම් ගන්න උත්සාහ කරමු.

in the end ( finally / a final result )

මේකෙ අදහස වෙන්නෙ යම් සිදුවීමක අවසානය එහෙම නැත්නම් අවසානයේදී වගේ අදහසක්.

In the end I was tired.
අවසානයේ මම මහන්සි උනා. ( ඒ තත්වයට පත් වුනා )

We chose red in the end.
අන්තිමේදී අපි රතු පාට තෝරා ගත්තා.

But, in the end we come to an agreement.
නමුත් අවසානයේ අපි එකගතාවයකට ආවා.

In the end we decided not to buy this.
අවසනයේ අපි තීරණය කලා ඒක මිලදී නොගන්න.

at the end ( at a point in time )
යම් දෙයක අවසානය එහෙමත් නැත්නම් යම් නිශ්චය කාල සීමාවක අවසානයේ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නෙ.

She lives at the end of the street.
ඇය ජීවත් වන්නෙ පාරෙ කෙලවරේ ( ගෙදරක )

I' m almost at the end of this novel.
මම නවකතා පොතේ අවසාන හරියෙ ඉන්නෙ.

At the end of her life, he had no regrets.
ඇයගෙ ජීවිතේ අවසානයේ ඇයට පසුතැවීමක් තිබ්බෙ නැහැ.

At the end of the day we went home.
දවස අවසානයේ අපි ගෙදර ගියා.

At the end of the film, they got married.
ෆිල්ම් එක අවසානයේදී එයාල කසාද බැන්දා.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo