SISU - සිසු

  • Home
  • SISU - සිසු

SISU - සිසු සාමාන්‍ය පෙළ සිට සරසවිය තෙක් ඇල්මෙන් අකුරු කරන්නට ?

අධ්‍යාපනයේ නවමු මං සොයා යන අප සැම විටම වෙර දරන්නේ උසස් හා නිර්මාණාත්මක අදයාපනික සටහන් හා තවත් විශේෂාංග ඔබ වෙතට තිලින කිරීමටයි . වෙහෙසකර නොවන ආරම්භයකට සිසු සමගින් එක් වන්න ❤✍
සිසු අප අධ්‍යාපනයට නිර්මානාත්මක අගයක් එකතු කළෙමු . 👨‍🎓🔥
එක් වන්න සිසු අධ්‍යාපනික සමුහ සමගින් 👇
https://t.me/SISUlk

දැනුම සතුට අධ්‍යාපනය සපිරි සුභ නව වසරක් වේවා 🙏💙
31/12/2024

දැනුම සතුට අධ්‍යාපනය සපිරි සුභ නව වසරක් වේවා 🙏💙

දේශීය හා විදේශීය රැකියා  ක්ෂේත්‍රයේ ඉතා ඉහල ඉල්ලුමක් සහිත කෘෂි හා අහාර තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ද වීමට අවස්ථාවක් 😍💚වැඩි...
31/10/2024

දේශීය හා විදේශීය රැකියා ක්ෂේත්‍රයේ ඉතා ඉහල ඉල්ලුමක් සහිත කෘෂි හා අහාර තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ද වීමට අවස්ථාවක් 😍💚
වැඩි දුර විස්තර සදහා පහත වෙබ් අඩවිය වෙත පිලිසෙන්න 👇👇
https://uca.ac.lk/

https://www.youtube.com/watch?v=xNPEuDlzmRk
10/10/2024

https://www.youtube.com/watch?v=xNPEuDlzmRk

මෙම වීඩියෝව තුලින් ඔබට කාලගුණික මධ්‍යස්ථානයක ඇති උපකරණ හා එහි ක්‍රියාකාරිත්වය හදුනා ගත හැක .

 මෙවර විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට වැදගත් ✍
08/10/2024

මෙවර විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට වැදගත් ✍

Exam එක ලග නිසා බය වෙලාද ඉන්නේ වැඩ හිර වෙලාද ?
මෙන්න විසදුම

මෙවර උසස් පෙළ විභාගයට තව තියෙන්නේ පොඩි කාලයයි නේද ? වැඩ ඔක්කොම හිර වෙලා වගේද නැත්තම් මොනවද පාඩම් කරේ කියලා නැත්තේ කියලා හොයා ගන්න බැරිද ? මේ පියවර ටික ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි 😍

1 පියවර
මුලින්ම කරන්න තියෙන්නේ ළමයි ඔයාලට දැන් විභාග කාල සටහන ලැබිලානේ තියෙන්නේ එක නිසා තමන්ගේ විෂයන් ටික අදාළ දින එක්ක ලස්සනට හරි කොහොම හරි ලියලා හොදට පෙන තැනක අලවන්න ( පාඩම් කරන තැනක ) ✅

2 පියවර
ඔන්න දැන් ඔයාලග විභාග දින ටික තියෙනවා විෂයන් එක්කම ඔයා දැන් දන්නවා මුලින් තියෙන විෂයන් හා පසුවට තියෙන විෂයන්. ඒ අනුව ඔයාට දැන් වැඩේ හදා ගන්න පුළුවන් ( අඩුම විෂය තියෙන දවස හරි දැන් දන්නවනේ 😁) දැන් ළමයි ඔයාල වැඩ පටන් ගන්න කලින් මේක හදා ගන්න ( දැන් වැඩ පටන් අරන් කියල මන් දන්නවා 😁) වහලේ උළු ගැනපු යට කියන්නේ 😅
පොඩි කොලයක් අරගෙන තමන්ට බලන්න බැරි උන කොටස් ටික ලියන්න .හැම විෂයකම ✍

3 පියවර ( අන්තිම එක )
දැන් ඔයා විභාග දින ටිකත් දන්නවා ,පාඩම් කරන්න බැරි උන ටිකත් දන්නවා ඒ ටික වැඩි කියලා බය වෙලා හරි යන්නේ නැ එක නිසා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන ගන්න හැම විෂයකම නැතුව මේ ටිකෙත් තියරි විතරක් බල බල ඉදල වැඩක් නැ .එක නිසා ළමයි පේපර් කරද්දී ඔයාට බැරි දේවල් තියරියෙන් බලලා ලියන්න .නැත්තම් ඔයා විභාගේ වෙනකම්ම එකම තැනක කැරකි කැරකි ඉන්න එක විතරයි කරන්නේ .
මේක හරි සරල දෙයක් වෙන්න ඇති කවුරු හරි දරුවෙක්ට මේක කියවන එක උදවුවක් වෙයි කියලා හිතනවා . මොකද මම උසස් පෙළ විභාගය මාස 6 ක වගේ අඩු කාලයකදී හොදට සමත් වෙන්න මේ දේවල් තමා කරේ .ඉතින් දරුවනේ ඔයාලට ජය වේවා .කලබල වෙන්නේ නැතුව වැඩ කරන්න ඔයාලට පුළුවන් ❤✍

written by,
පසන් ලියනගේ


https://www.youtube.com/watch?v=C4petm0sVxs
07/10/2024

https://www.youtube.com/watch?v=C4petm0sVxs

ජල චක්‍රය යනු පෘථිවි ගෝලයේ එක් ස්ථානයක ඇති ජලය විවිධ ආකාරයෙන් විවධ ස්ථාන වල විවිධ කල සිමා ගත කර නැවත මුල් ස්ථානයට .....

21/09/2024

University select වෙච්ච හැම ළමයෙක්ටම congratulations ! ❤️‍🩹

💚
20/09/2024

💚

congratulations 👨‍🎓🎉
20/09/2024

congratulations 👨‍🎓🎉

හිත එක තැනක තියාගෙන  පාඩම් කරන්නේ කොහොමද ? ❤👨‍🎓
20/09/2024

හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද ? ❤👨‍🎓

හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද ? ❤👨‍🎓
දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඔයාලා ගොඩ දෙනෙක්ට පාඩම් කරද්දී ඇතිවෙන ප්‍රශ්නයක් ගැන ඒ තමයි හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද කියන එක . ඇත්තටම කොහොමද අපි අපේ මානසික ඒකාග්‍රතාවය හදා ගෙන පාඩම් කරන්නේ එකට පුතේ මෙන්න මේ කරුණු ටික ඔයාලට වැදගත් වේවි .
1 අධ්‍යන කටයුතු සදහා සුදුසු පරිසරයක් තෝරා ගන්න ✔
පාඩම් කරද්දී ඔයාගේ මානසික එකාග්‍රතවයට බලපාන ප්‍රධාන ස්ධකයක් තමයි ඔයා පාඩම් කරන ස්ථානයය . ඔබ පුද්ගලික කාමරයක් හෝ පුස්තකාලයක් වැනි නිහඩ ප්‍රදේශයක් සොයා ගන්න. ඔබ නැවුම් වාතයට කැමති නම්, අවධානය වෙනතකට යොමු නොවන ප්‍රදේශයකට පිටතට යන්න . සම විටම ඔබගේ කැමැත්ත අනුව අධ්‍යන පරිසරය තොරා ගන්න එය ඔබට සිත එක තැනක තබා ගෙන පාඩම් කිරීමට උපකාරී වේවී
2. ඔබගේ සියලුම අධ්‍යයන ද්‍රවය එක් තැනක තබා ගන්න ✔
ඔබගේ අවධානය ගිලිහි යාමට තවත් එක් හේතුවක් වන්නේ ඔබ අධ්‍යන කාලය අතර තුර නොයෙකුත් වැඩ සදහා විටින් විට එම ස්ථානයෙන් බැහැර වීමයි . එම නිසා ඔබ පාදං කිරීමට පෙර ඔබට අවශ්‍ය ලිපි ද්‍රවය , වතුර බෝතලය සහ අනෙකුත් උපකරණ ඔබ අසලින් තබා ගනිමින් අධ්‍යන කටයුතු අරභන්න
3 පාඩම් කරන ස්ථානය පිරිසිදුව නිරවුල්ව තබා ගන්න ✔
ඔබ පාඩම් කරන ස්ථානය ඉතාමත් පිරිසිදුව හා නිරවුල්ව තබා ගැනීම ඔබගේ මනාසික එකාග්‍රතාවයට ඉතාමත් වැදගත් . ඉතින් පුතේ ඔයා පාඩම් කරද්දී මෙසය මත එම විෂයට අදාල පොත් පත් පමණක් තබා ගන්න . එසේ නොමැතිව සියලුම ද්‍රවය මේසය මතට ගොඩ කර ගැනීමෙන් ඔබගේ මනස වියවුල් තත්වයට පත් වීමට ඉඩකඩ වැඩිය
4 අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඉවත් කරන්න ✔
ඔබට අවශ්‍ය නොවන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ, විශේෂයෙන් ජංගම දුරකථන, සංගීත සවන්දීමේ උපකරණ සහ සමහර විට පරිගණක අක්‍රිය කරන්න (ඔබේ තොරතුරු අධ්‍යයනය කිරීමට ඔබට පරිගණකයක් අවශ්‍ය නොවේ නම්).
ඔබ අවධානය යොමු කිරීමට උත්සාහ කරන විට අවධානය වෙනතකට යොමු කිරීමට මෙම උපකරණ හේතුවක් විය හැක .
( ඔබ පාඩම් කර විවේක ලබා ගන්නා අවස්ථාවේ මෙම උපකරණ භාවිතයේ වරදක් නැත )
5 පුරුද්දකට හුරු වන්න ✔
අධ්‍යයන කාලය සඳහා කාලසටහනක් සකසා තබා ගන්න. අධ්‍යයන කාලය පුරුද්දක් ලෙස ගොඩනඟා ගැනීමට ඔබට කල සටහන උපකාරී වේවි . ඔබ අසා ඇති ඕනෑම දෙයක් දින 15 කට වඩා එක දිගට කිරීමේදී පුරුද්දක් බවට පත් වනවා එම නිසා අධ්‍යන කටයුතු ඔබගේ පුරුද්දක් කරගත් විට ඒ සදහා අනවශ්‍ය බලයක් යෙදීමට අවශ්‍ය නොවේ .
ඒ ඒ දරුවාට අනුව දවසේ අධ්‍යනය කිරීමට වඩාත් සුදුසු කාලය නැත්නම් හොදින්ම කරුණු ධාරණය වන වෙලාව වෙනස් වේ එම නිසා ඔබ එම කාලය හදුනා ගෙන නිවැරදිව භාවිතා කරන්න
6 Find a study partner. ✔
සමහර විට වෙනත් අයෙකු සමඟ තොරතුරු සමාලෝචනය කිරීමෙන් අධ්‍යයනයේ ඒකාකාරී බව බිඳ දැමීමටත්, වෙනත් කෙනෙකුගේ අදහස් දන ගැනීමෙන් ව්‍යාකූල සංකල්ප පැහැදිලි කිරගැනීමටත් ඔබට හැකි වේ අධ්‍යයන සහකරුවෙකු සොයන විට, බුද්ධිමත් හා අවධානය වැඩි අයෙකු සොයා ගැනීමට උත්සාහ කරන්න, සමහර විට ඔබට වඩා පන්තියේ දක්ෂ ශිෂ්‍යයෙකු නම් වැදගත්
7. ඔබගේ අරමුණ ගැන සිතන්න ✔👨‍🎓
ඔබ අධ්‍යන කටයුතු වල යෙදෙන සැම විටම ඔබ කුමක් නිසාද අධ්‍යන කටයුතු වල යෙදෙන්නේ කියා සිහිපත් කරන්න එයත් ඔබට ඔබගේ අවධානය තබා ගැනීමට වැදගත් වේවි . ඉතින් දුවේ පුතේ ඔයත් පාඩම් කරද්දී ඔයාගේ හිත එක තැනක තියාගන්න බැරි නම් මේ ක්‍රම ටික try කරලා බලන්න . එතකොට ඔයාටත් පුළුවන් අව්ධනය හරියටම තියාගෙන පාඩම් කරලා විභගය හොදින් සමත් වෙන්න .
මේ ලිපිය ගැන අදහස පහලින් සදහන් කරන්න අමතක කාරන්න එපා .
එහෙනම් නැවත ,ඒ වගේම වටිනා ලිපියකින් හමුවෙමු ❤
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි . ❤💪
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓

19/09/2024

කෘෂි විද්‍යාව උසස් පෙළ 💚
තියරියෙන් බිදක් 04 ✍
writer - PasanLiyanage















Address

Colombo

00130

Alerts

Be the first to know and let us send you an email when SISU - සිසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SISU - සිසු:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share