A Mindful Begining - psych

A Mindful Begining - psych Describe about How to be successful in your life �

2023, ජනවාරි මස 27 දින පැවති තෙවන සම්මන්ත්‍රණයේ සැසිය සම්පූර්ණයෙන්ම පහතින් 👇
01/02/2023

2023, ජනවාරි මස 27 දින පැවති තෙවන සම්මන්ත්‍රණයේ සැසිය සම්පූර්ණයෙන්ම පහතින් 👇

Join us for a informative webinar on how to maintain a healthy relationship with your partner and how it affects your child's development. Our expert speaker...

අපි හැමෝට ම ඕනේ ආදරය පිරුණු, සුන්දර ජීවිතයක්.කෙනෙක්ගේ ජීවිතේ දෙවන උපත විදිහට සලකන විවාහය, අපේ ජීවිතවලට සෘජු බලපෑමක් කරන ...
26/01/2023

අපි හැමෝට ම ඕනේ ආදරය පිරුණු, සුන්දර ජීවිතයක්.

කෙනෙක්ගේ ජීවිතේ දෙවන උපත විදිහට සලකන විවාහය, අපේ ජීවිතවලට සෘජු බලපෑමක් කරන බව ඔබ අප සියලු දෙනා ම දන්නවා. මේ වෙනකොට, ඔබ විවාහ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.
ඒ කොහොම වුනත්, ඔබ අප හැම කෙනෙක් ම විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරය පිරුණු පවුලක් ගොඩනඟා ගන්න.

ජීවිතේ සරසන විවාහය කියන සුන්දර බැඳීම ඇතුලේ ආදරය, රැකවරණය අපිට ලැබෙනවා. ඉතින් විවාහය කියන්නේ ඇත්තට ම සුන්දරව ආදරය විඳින්න පුළුවන් තැනක්.

නමුත් සමහර අවස්ථාවල කාන්තාවන්ට සහ පුරුෂයන්ට අනන්‍ය වූ වෙනස්කම් තේරුම් ගැනීමට අසමත් වීම මත, දෙදෙනා අතර ඇතිවන සුළු මත ගැටුම් හේතුවෙන් මේ සුන්දර තැන අපි විසින් ම අසුන්දර කරගන්න අවස්ථාවන් දකින්න ලැබෙනවා.

ඉතින්, ඔයා බලාපොරොත්තු පුරවාගෙන පටන් ගත්ත සුන්දර විවාහ ජීවිතය තව තවත් සතුට පිරුණු, ආදරණීය තැනක් කරගන්නත්, දෙන්නා අතරේ පුංචි පුංචි මතභේද, නොගැලපීම් තියෙනවා නම්, ඒවා නිවැරදි කරගන්නත් මනෝවිද්‍යාත්මකව මොනවද කරන්න පුළුවන් කියලා කතා කරන්න අපි සූදානම්.

ජනවාරි මස 27 වන සිකුරාදා හවස 7.00 සිට 8.30 දක්වා Zoom තාක්ෂණය හරහා මනෝවිද්‍යා උපදේශිකා අචිනි පූර්ණිමා ද සිල්වා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන මෙම සම්මන්ත්‍රණයට පහත සබැදියෙන් පිවිසෙන්න.

https://us06web.zoom.us/j/84772512728?pwd=YUlQeDBKUmE5TzYraWsveFpQSzgvZz09

2022, දෙසැම්බර් මස 07 දින පැවති දෙවන සම්මන්ත්‍රණයේ සැසිය සම්පූර්ණයෙන්ම පහතින් 👇
29/12/2022

2022, දෙසැම්බර් මස 07 දින පැවති දෙවන සම්මන්ත්‍රණයේ සැසිය සම්පූර්ණයෙන්ම පහතින් 👇

හැමෝටම ජීවත් වෙන්න ආස හිතෙන පරිසරයක් කියන්නේ ඇත්තට ම ආශිර්වාදයක්. ඉතින් එවැනි සමාජයක් ගොඩනගන්න මූලික වෙන තැනක් තමයි පාසල...
06/12/2022

හැමෝටම ජීවත් වෙන්න ආස හිතෙන පරිසරයක් කියන්නේ ඇත්තට ම ආශිර්වාදයක්. ඉතින් එවැනි සමාජයක් ගොඩනගන්න මූලික වෙන තැනක් තමයි පාසල. එහිදී ගුරුවරුන්ට සුවිශේෂි තැනක් හිමි වෙනවා.
මානව හිතවාදී, ප්‍රීතිමත් සමාජයක් බිහි වෙන්න නම් දරුවෙක්ට හොඳ ප්‍රීතිමත් ළමා කාලයක් වගේම නිසි පාසල් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එය ඉබේ සිදු වන දෙයක් නොවේ. ඒ සඳහා විශේෂයෙන් ම දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා.
විශිෂ්ට පුද්ගලයන්ගේ ජීවිත කතාවල අපි දැකලා තියෙනවා, එම පුද්ගලයාට සාර්ථකත්වය කරා යන්න මඟ පෙන්නුවේ බොහෝ වෙලාවට අම්මා හෝ තාත්තා කියලා. තවත් වෙලාවට අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන්ට මුණගැහුණු සුවිශේෂී ගුරුවරු නිසා එම පුද්ගලයන්ගේ ජීවිතය ම සම්පුර්ණයෙන් ම වෙනස් වුන බව.
ඉතින් මෙවැනි කාරණා පිළිබඳ අවධානය යොමු කරනවිට, දරුවන්ගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී පාර්ශව ලෙස දෙමව්පියන් වගේම ගුරුවරුනුත් හඳුන්වන්න පුලුවන්. ඉතින්, විශිෂ්ට දරුවෙක් ගොඩනගන්න, දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ භූමිකාව කෙබඳු විය යුතුද සහ දරුවාට ලබා දිය යුතු පාසල් අධ්‍යාපනය කෙබඳු විය යුතුද යන්න සාකච්ඡා කරන්න දෙසැම්බර් 07 වන දා රාත්‍රී 7.00 ට අපි එනවා ඔබගේ නිවසට.
මෙම වැඩසටහන සමග සම්බන්ධ වීම සදහා පහත සබැඳිය ඔස්සේ Zoom සැසිය සදහා පිවිසෙන්න.
https://us06web.zoom.us/j/82479695281?pwd=TGdhejBxMUUvV2tUY28vanZ0ZVBKUT09

හැමෝටම ජීවත් වෙන්න ආස හිතෙන පරිසරයක් කියන්නේ ඇත්තට ම ආශිර්වාදයක්. ඉතින් එවැනි සමාජයක් ගොඩනගන්න මූලික වෙන තැනක් තමයි පාසල...
05/12/2022

හැමෝටම ජීවත් වෙන්න ආස හිතෙන පරිසරයක් කියන්නේ ඇත්තට ම ආශිර්වාදයක්. ඉතින් එවැනි සමාජයක් ගොඩනගන්න මූලික වෙන තැනක් තමයි පාසල. එහිදී ගුරුවරුන්ට සුවිශේෂි තැනක් හිමි වෙනවා.

මානව හිතවාදී, ප්‍රීතිමත් සමාජයක් බිහි වෙන්න නම් දරුවෙක්ට හොඳ ප්‍රීතිමත් ළමා කාලයක් වගේම නිසි පාසල් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එය ඉබේ සිදු වන දෙයක් නොවේ. ඒ සඳහා විශේෂයෙන් ම දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා.

විශිෂ්ට පුද්ගලයන්ගේ ජීවිත කතාවල අපි දැකලා තියෙනවා, එම පුද්ගලයාට සාර්ථකත්වය කරා යන්න මඟ පෙන්නුවේ බොහෝ වෙලාවට අම්මා හෝ තාත්තා කියලා. තවත් වෙලාවට අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන්ට මුණගැහුණු සුවිශේෂී ගුරුවරු නිසා එම පුද්ගලයන්ගේ ජීවිතය ම සම්පුර්ණයෙන් ම වෙනස් වුන බව.

ඉතින් මෙවැනි කාරණා පිළිබඳ අවධානය යොමු කරනවිට, දරුවන්ගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී පාර්ශව ලෙස දෙමව්පියන් වගේම ගුරුවරුනුත් හඳුන්වන්න පුලුවන්. ඉතින්, විශිෂ්ට දරුවෙක් ගොඩනගන්න, දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ භූමිකාව කෙබඳු විය යුතුද සහ දරුවාට ලබා දිය යුතු පාසල් අධ්‍යාපනය කෙබඳු විය යුතුද යන්න සාකච්ඡා කරන්න දෙසැම්බර් 07 වන දා රාත්‍රී 7.00 ට අපි එනවා ඔබගේ නිවසට.

මෙම වැඩසටහන සමග සම්බන්ධ වීම සදහා පහත සබැඳිය ඔස්සේ Zoom සැසිය සදහා පිවිසෙන්න.
https://us06web.zoom.us/j/82479695281?pwd=TGdhejBxMUUvV2tUY28vanZ0ZVBKUT09

2022, නොවැම්බර් මස 02 දින ආරම්භ කළ, අපගේ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සැසිය සම්පූර්ණයෙන්ම පහතින් 👇
04/12/2022

2022, නොවැම්බර් මස 02 දින ආරම්භ කළ, අපගේ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සැසිය සම්පූර්ණයෙන්ම පහතින් 👇

දරුවෙක්ගේ ජීවිතය සාර්ථක කරන වගකීම, මුලින් ම ගන්න වෙන්නේ දෙමව්පියන්ට, ඒ වගේම ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ටත් ඒ වගකීමෙන් ලොකු...
31/10/2022

දරුවෙක්ගේ ජීවිතය සාර්ථක කරන වගකීම, මුලින් ම ගන්න වෙන්නේ දෙමව්පියන්ට, ඒ වගේම ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ටත් ඒ වගකීමෙන් ලොකු කොටසක් අයිති වෙනවා.

තමන්ගේ දරුවෙක්ගේ මූණේ හිනාවක් දකින්න, තමන්ගේ දරුවා ජීවිතේ හැම පැත්තකින් ම සාර්ථක වෙනවා දකින්න දෙමව්පියෝ තමන්ට පුළුවන් හැමදේ ම කරනවා. නැත්නම් කරන්න උත්සහ කරනවා.

ඒත් දෙමවුපියෝ තමන්ගේ උපරිමය කලත්, දරුවෙක්ගේ ජීවිතයක් එක්ක ගණුදෙනු කරන කොට තවත් ඔයාලා කරන්න ඕන දේවල් ගැන වගේ ම නොකරන්න ඕන දේවල් ගැනත් ගොඩක් දේවල් දැනගන්න, ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවල් ඔයාලට කියලා දෙන්න පුළුවන් ඒ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් ඉන්නවා.

ඔයාගේ දරුවාව විශිෂ්ටයෙක් කරන්න අපි ඔයාට උදව් කරන්නම්. ඉතින්, දරුවව තියලා ඔයා එන්න, ඔයාගේ දරුවාට දිය යුතු හොදම දේ වගේම, දරුවොත් එක්ක නොකල යුතු දේවල් තේරුම් ගන්නත් ඔයාලට මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

Time: Nov 2, 2022 06:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/81672044257?pwd=SVNRNWZoVEdtQ3FHdUx2QWl3clY3UT09

Meeting ID: 816 7204 4257
Passcode: 365503

ඊයේ යාලුවෝ එක්ක එලියට ගියා. ඉතින් හොදයිනේ,මොන හොදක්ද, මට මාර ම අවුල්. ජීවිතේ එපා වෙලා ඉන්නේ. මැරෙන එක සැපයි මෙහෙම ඉන්නවට...
31/10/2022

ඊයේ යාලුවෝ එක්ක එලියට ගියා.

ඉතින් හොදයිනේ,

මොන හොදක්ද, මට මාර ම අවුල්. ජීවිතේ එපා වෙලා ඉන්නේ. මැරෙන එක සැපයි මෙහෙම ඉන්නවට වඩා.

ඒ ඇයි?

මට ඕනෙ විදිහට වියදම් කරන්න සල්ලි නෑ. එදිනෙදා වැඩ ටික කර ගන්නත් ගන්න පඩිය මදි. ඉස්සර වගේ එලියට ගිහින් කන්න බොන්න සල්ලි නෑ දැන්.

හ්ම්ම්. ඒක ඇත්ත.

ඒත් සල්ලි නෑ කියලා යාලුවන්ට කියන්නත් බෑනේ , ඊයේ ගිහින් ඉතින් සද්දෙ නැතුව ඉදලා, එයාලගෙන් කාලා බීලා ආවා. මාර ම අවුල් ඉතින්. වෙනදා කරපු කිසි දෙයක් කරගන්න අතේ සල්ලි නැහැනේ.

කොහෙටද ගියේ?

රෙස්ටුරන්ට් එකකට, ඒකේ කෑම බීම කලිනුත් ගනන්. දැන් ඉතින් හිතා ගන්න පුළුවන් නේ.

හ්ම්ම්. ඉතින් යාලුවන්ට පොඩි තැනකට යමු කියන්න තිබුණා නේ?

පිස්සුද ඔයාට, එහෙම කියන්න ලැජ්ජා නැද්ද?

එහෙනම් ඉතින් ඔතනට යන්න තරම් සල්ලි නෑ කියන්න හරි තිබුනා.

එහෙම කියන්නේ කොහොමද ?

ඇයි ඔයාට සල්ලි නැහැ කියන්න බැරි? මේ කාලේ හැමෝට ම වගේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඇයි ඉතින් යාලුවන්ට කියන්න බැරි අතේ සල්ලි නැහැ කියලා.

යන්නත් කලින් එහෙම කිව්වාහම මොන ලැජ්ජාවක්ද?

එයාලගෙන් නිකන් කන්න බොන්නත් බැරි නම්, සල්ලි නෑ කියන්නත් බැරි නම්, පොඩි තැනකට යමු කියන්නත් බැරි නම්, ඔය අවුලට උත්තරයක් නෑනේ.

මම අද හිතුවේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන හරි , ලබන සතියේ යාලුවන්ව කෑමට එක්කගෙන යන්න. නැත්නම් හිතට හරි නෑ.

එහෙමද?

ඔව්. මේවා රටේ පාලකයන්ගේ වැරදි. ඒ නිසා අපි විදවනවා.

ඔව් , ඇත්තට ම. ඒ වගේම ඔයාගෙත් වැරදි තියෙනවා.

මොකක්ද මගේ වැරැද්ද?

ඔයාට සරල වෙලා, ඔයා ම වෙන්න බැරි එක. මවාපාලා ජීවත් වෙන්න හදන එක. නැත්නම් නෑ කියන්න බැරි එක. තියෙන වෙලාවට ජීවත් වෙන විදිහට ම නැති වෙලාවට ජීවත් වෙන්න බෑ කියලා තේරුම් නොගෙන , අවුල් වෙන එක. ජීවිතේ, ඇති වෙලාවටයි, නැති වෙලාවටයි දෙකටම ඔරොත්තු දෙන මනුස්සයෙක් වෙන්න බැරි එක.

මට මොකක්ද කරන්න කියන්නේ?

* තමන්ගේ සෑබෑ ස්වරූපය පෙන්නන්න බය වෙන්න එපා.
* තමන්ට නැති වෙලාවට ඒ විදිහට ඉන්න.
* යාලුවෝ ඔයාව තේරුම් ගත්ත අය නම්, එයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉන්න අය ඉදීවී, යන අය යයි.
* ගෙදර අයට වියදමට තියන සල්ලි අරගෙන ගිහින් පාටි දාන්නේ නැතුව, අම්මාට කියලා පුළුවන් විදිහට බත් එකක් හදාගෙන යාලුවන්ට ගෙනියන්න.
* ජීවිතේ හැම දේටම පුරුදු වෙන්න.
* වාහනේ යනවා වගේම පයින් යන්න, චැනල් කරලා බේත් ගන්නවා වගේම රජයේ රෝහලකට යන්න. රෙස්ටුරන්ට් එකකින් වගේම පාර අයිනක තියෙන පොඩි කඩයකින් කන්න. බ්රෑන්ඩඩ් ඇදුම් වගේම නැති වෙලාවට පේමන්ට් එකෙන් ඇදුමක් අරන් අදින්න පුළුවන් වෙන්න ඕනේ.

මේක අමාරු කාලයක්. නැති දේවල්, බැරි දේවල් මවාපාන්න ගියොත්, කලින් කරපු දේවල් ම දැනුත් ණය වෙලා හරි කරන්න හැදුවොත්, මේ තියෙන රටාවට හුරු වෙන්න අමාරු වුනොත්, ගොඩක් ඉක්මනින් තමන්ව කඩන් වැටෙයි.

*** ඉතින් සරල වෙන්න. ජීවිතය අත් අරින්න නෙමෙයි, දරා ගන්න හුරු වෙන්න. තමන්ට තියෙන දෙයින් සතුටින් ඉන්න පුරුදු වෙන්න.***

බාලිකා හේවගේ

අදත් ඔයාට මුණගැහෙයි උඩින් හිනාවෙන, ඒත් තමන්ගේ හීන, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ක්‍රමයක් නැතුව, තමන්ගෙ දරුවන්ගෙ, දෙමවුපියන්ගේ...
30/10/2022

අදත් ඔයාට මුණගැහෙයි උඩින් හිනාවෙන, ඒත් තමන්ගේ හීන, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ක්‍රමයක් නැතුව, තමන්ගෙ දරුවන්ගෙ, දෙමවුපියන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න විදිහක් නැතුව, ඇතුලෙන් පිච්චෙන මිනිස්සු.

හැබැයි ඔයා දන්නෙත් නෑ. මොකද තමන්ගේ හැගීම් හංගගෙන ජීවත් වෙන එක කලාවක් නම්, ගොඩක් මිනිස්සු ඒ කලාව හොඳින් ම ප්‍රගුණ කරල තියෙන්නෙ.

ඔයා නිකමට කියන වචනයක්, කොච්චර රිදවනවා වුණත්, ඒ වෙලාවට හිනාවෙලා අහගෙන ඉන්න, ඒත් කවුරුවත් නැති තැන
ඒ වචනේ හින්ද සෑහෙන විදවන මිනිස්සු ඉන්නවා.

කතා කරනවා නම්, මිනිස්සුන්ට සතුටු හිතෙන දෙයක් විතරක් කතා කරන්න.

කෙනෙක්ව මුණ ගැහුණ ම,
• අනේ ඔයා කෙට්ටුවෙලා, කළු වෙලා, කැත වෙලා, බලන් ඉන්නැතුව ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා විටමින් එකක් ගන්නකෝ. සැලොන් එකට ගිහින් ෆේෂල් එකක් කර ගන්නකෝ.
• ඔයාගේ සතියෙත් ඇන්ඳේ ඔය සාරියම නේද? අපි නම් ගිය සතියෙත් ෂොපින් ගියා.
• මොකද මේ පයින්ම? මේ අව්වේ ගිහින් තවත් කලු වෙයි, ඔය ටික ත්‍රීවීල් එකක යන්නකො.
• මේ දවස් වල බිස්නස් අඩුද? ඔයාට කොහොමත් බිස්නස් හරියන් නැහැ නේ. බලන්න ජොබ් එකක්වත් හොයාගන්න.
• දැන් මැරි කරලත් කොච්චර කල්ද , තවම ඉන්නෙ කුලියට ද?
• ඔයා ගේ හදලා ඉවර කරන්නකෝ, දැන් කොච්චර කල් ඉඳන් ද හදන්නේ, තවමත් ඉවර නෑනේ.
• වෙඩින් එක කල් දැම්මා ද? තවත් වයසට ගිහිල්ලා බැඳලා මොනවා කරන්නද?
• දැන් ඉතින් තනියෙන් හිටිය ඇති නේද? අපිට නම් ඔය වෙද්දි ළමයි දෙන්නම ඉන්නවා.
• බබාට ඉස්කෝලයක් හම්බ වුණාද ? රජයේ ඒවට දාලා නම් තේරුමක් නැහැ. කොහොමහරි International එහෙකට දාන්න.
• අපේ ළමයා නම් ඉරිදාට චෙස් පන්තිත් යනවා, ඔයාගේ කෙනාව දාන්නෙ නැද්ද? ලමයින්ට ඒවත් ඕනේනේ.

වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නත්, උපදෙස් දෙන්නත් එපා.

**මතක තියා ගන්න තමන්ගේ ජීවිතේ කරන්න ඕනේ මොනවාද කියලා මිනිස්සු නොදන්නවා නෙමෙයි. මේ වෙලාවේ ගොඩක් අයට තියෙන්නේ කරගන්න විදිහක් නැතිකම**.

මේ වෙලාව හරිම තීරණාත්මකයි වගේම මිනිස්සුන්ගේ දරාගැනීම පරික්ෂාවට ලක්වෙන වෙලාවක්. බහුතරයක් ඉන්නේ ගොඩක් අපහසුතාවයෙන්. ඉතින් අපහසුතාවයෙන් දරාගෙන ඉන්න මිනිස්සුන්ව තවත් වචනෙකින්වත් අපහසුතාවයට, දුකට, කලකිරීමට පත් කරන්න එපා.

පුළුවන් තරම් එයාලට ශක්තිය දෙන්න. ඒ වගේම ඔයත් ශක්තිමත් වෙන්න. මේක පරීක්ෂණයක් නම්, මේ පරීක්ෂණයෙන් අවසාන‍යේ ශක්තිමත් ම මිනිස්සු ටික ඉතුරු වෙයි.

කවුරු මොනවා කිව්වත්, මේ වෙලාවේ තමන්ට කරන්න බැරි කිසි ම දෙයක් කරන්න යන්න ම එපා.
• ළමයව international ස්කෝලෙකට දාන්න ඔයාට සල්ලි නැත්නම්, ලගම තියෙන පොඩි ඉස්කෝලෙට දාන්න. ඉගෙන ගන්න ළමයා, කොහොම හරි ඉගෙන ගන්නවා.
• බිස්නස් එක පාඩු නම්, පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේක ඔයාට විතරක් අමාරු කාලයක් නෙමෙයි.
• දවසගානේ හවසට ගෙදර යනකොට ළමයින්ට කන්න දෙයක් ගෙනියන්න බැරිනම්, සතියකට දවසක් මොනවා හරි ගෙනත් දෙන්නම් කියලා ළමයින්ට තේරුම් කරන්න.
• තියෙන ඇඳුමක් ලස්සනට පිළිවෙලට අඳින්න, කරන්න තියෙන වැදගත් ම දේවල් ටිකට විතරක් සල්ලි වියදම් කරන්න.

මේ වෙලාවේ දෙමව්පියන්ට දරුවො වෙනුවෙන්, දරුවන්ට දෙමව්පියෝ වෙනුවෙන්, සැමියාට බිරිදට එකිනෙකා වෙනුවෙන්, ආදරය කරන අයට තමන්ගේ ආදරවන්තිය ආදරවන්තයා වෙනුවෙන් හිතේ තියෙන හැමදේම කරගන්න බැරි වෙයි, ඒකට කමක් නැහැ. මේ වෙලාවේත් ඔයා ඔයාට පුළුවන් උපරිමය කරනවා. ඒක ගැන සතුටු වෙන්න. අනවශ්‍ය පීඩනයට පත් වෙන්න එපා. තමන්ගේ මානසික නිදහස ගැන හිතන්න.

විශ්වාස කරන්න, ජීවිතේ ගොඩක් දේවල් දරාගත්ත ඔයාට මෙතනදිත් ශක්තිය තියෙනවා. ඉතින්, කීයටවත් අත්හරින්න එපා. ජීවිතේ අත් අරින්න ම හිතෙන වෙලාවට, අල්ලගෙන ඉන්න හේතු මතක් කරන්න.

කිසිම දෙයක් සදාකාලික නැහැ. මේ ප්‍රශ්නත් දවසක විසදෙයි. එදාට, මේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීපු විදිහ හිතලා සතුටු වෙන්න ඔයා ඉන්න ම ඕනේ. ඉතින් දරාගෙන ඉන්න.

නොමිලේ උපදේශනය ලබා ගන්න කතා කරන්න
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය 1926
CCC line 1333
සුමිත්‍රයෝ 0112696666

බාලිකා හේවගේ
National Diploma in Counselling.

සතුටින් සහ නිදහසින් පිරුණු ජීවිතයක් අපි හැම දෙනාගෙම හීනයක්. ඉතින් ඒ සුන්දර  හීනයට යන ගමනට නිවැරදිව ඇරඹුමක් ගන්න, ඔබත් එක...
30/10/2022

සතුටින් සහ නිදහසින් පිරුණු ජීවිතයක් අපි හැම දෙනාගෙම හීනයක්. ඉතින් ඒ සුන්දර හීනයට යන ගමනට නිවැරදිව ඇරඹුමක් ගන්න, ඔබත් එකතු වෙන්න අපේ පිටුවටත් එක්ක.

දෙමව්පියන්ගේ හිතේ තමන්ගේ දරුවෝ ගැන ලොකු හීන, බලාපොරොත්තු තියෙනවා. තමන්ගෙ දරුවෝ ජීවිතයේ හොඳම තැනක ඉන්නවා දකින එක, උසස් රැ...
29/10/2022

දෙමව්පියන්ගේ හිතේ තමන්ගේ දරුවෝ ගැන ලොකු හීන, බලාපොරොත්තු තියෙනවා. තමන්ගෙ දරුවෝ ජීවිතයේ හොඳම තැනක ඉන්නවා දකින එක, උසස් රැකියාවක් කරනවා දකින එක, ගොඩක් දෙනෙක්ගේ හීනයක්. මේ හැම හීනෙ ම හැබෑ කරගන්න දෙමව්පියො පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා.

අනෙක් පිරිස ගුරුවරු, තමන්ගෙන් ඉගෙන ගන්න ළමයින්ට හොඳම ප්‍රතිඵල අරන් දීලා, ඉහළම තැනට යවන්න ගුරුවරු ලොකු කැපකිරීමක් කරනවා වගේම හීන දකිනවා.

ඉතින් දෙමව්පියෝ සහ ගුරුවරු එක්ක දරුවෝ මේ ගමන හරි හරියට යනවා. හැබැයි මේ දුවන තරගයත් එක්ක දෙමව්පියන්ට, ගුරුවරුන්ට ඒ වගේම දරුවන්ට වැදගත්ම දෙයක් මඟ ඇරෙනවා ද?

අධ්‍යාපනයෙන් එහාට ගිහින් මේ ලෝකෙ, මේ සමාජයේ ජීවත් වෙනකොට, දරුවෙකුට වැඩියෙන්ම ඕන වෙන්න මොනවද? ඒ ගැන දෙමව්පියන්ට, ගුරුවරුන්ට ඒ වගේම දරුවන්ට හරි අවබෝධයක් තියෙනව ද? සමහර අවස්ථාවල හිතෙනවා මේ හැමදේකදිම හැම කෙනෙක්ගෙන් ම ලොකු අඩුපාඩුවක් වෙනවා. දරුවන්ට දෙන්න ඕනෙ ම කුසලතා ටික මඟ ඇරෙනවා කියලා.

සමහර වෙලාවට, සමහර අවාසනාවන්ත සිදුවීම් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් වෙනස් කරන්න බැරි, ඒත්, අපි අපිට පුළුවන් දේ උපරිමයෙන් ක්‍රියාත්මක වෙලා තිබුනොත්, අපිට පස්සේ පසුතැවෙන්න ඕනේ වෙන්නේ නැහැ.

දරුවාගේ අධ්‍යාපනය ගැන වෙහෙසෙනවා වගේම දෙමව්පියෝ, ගුරුවරු වෙහෙසෙන්න ඕන තවත් විශේෂ ම කාරණයක් තමයි, දරුවන්ගේ ජීවන කුසලතා (Life Skills) දියුණු කරන එක.

ජීවිතය සාර්ථක කරගත්ත දරුවෙක් හදන්න නම්, දරුවෙකුට දෙන්න ඕන,

* ඉහළ දරාගැනීමේ හැකියාවක්.
* ඉහළ ආත්ම අභිමානයක්.
* ඒ වගේම තමන්ගේ යාළුවෙකුගේ දුකකදී, කරදරයකදී පිහිට වෙන්න පුළුවන් හොඳ හදවතක්.
*ජීවිතයේ පිළිබඳ ප්‍රායෝගික අවබෝධය.
*යහපත් පවුල් පරිසරය.
*දෙමවුපියන්ගේ කොන්දේසි විරහිත ආදරය.
*ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව,
*තීරණ ගැනීමේ හැකියාව,
*තමන්ගෙ හැඟීම් කළමනාකරණය කර ගැනීමේ හැකියාව.
*විශ්වාස කළ හැකි දෙමව්පියන්, ගුරුවරුන් සහ යාළුවන්.
*නිර්මාණශීලි වීම.
*ධනාත්මක චින්තන කුසලතා.
*මේ මොහොතේ සතුටින් ජීවත් වීමේ හැකියාව.
*තමන්ට ආදරය කිරීමේ හා තමන්ට කරුණාව දැක්වීමේ හැකියාව.

ජීවිතේ සාර්ථක දරුවෙක් වෙන්න නම් මේ දේවල් නැතුව ම බැහැ. අධ්‍යාපනයත් එක්කම තමන්ගේ දරුවාගේ, තමන් උගන්වන දරුවන්ගේ මේ හැකියාවන් හදන්නත් අනිවාර්යෙන්ම වෙලාව වෙන් කරන්න.

දවසක ඇත්තටම සතුටින් හිනාවෙන්න පුළුවන් වෙයි , ප්‍රතිඵල ලේඛනයට විතරක් ම නෙමෙයි, ජීවිතයෙන් ම සාර්ථක දරුවෙකු බිහි කලා කියලා.

බාලිකා හේවගේ

Address

Colombo

Telephone

+94761304763

Website

Alerts

Be the first to know and let us send you an email when A Mindful Begining - psych posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share