Faded History වියැකී ගිය ඉතිහාසය

Faded History වියැකී ගිය ඉතිහාසය

Share

සම්ප්‍රදායික ඉතිහාසය ⁣වෙනුව⁣ට කිසිදා නොඇසූ නොදුටු ඉතිහාසය සොයායාමට, එන්න අප සමග!

02/10/2023

Likes 927 ක් වූ ඔබගේ ආදරයට ස්තූති..
නවතම තොරතුරු සමගින් තවදුරටත්...

Photos from Faded History වියැකී ගිය ඉතිහාසය's post 16/09/2023

පර්යේෂකයන් ගැටළුවක පැටලූ මිනීමැරුම

බොක්ස්ටන් මිනිසා (Bockston man) යනු 1936 දී ස්වීඩනයේ මඩවගුරකින් සොයාගත් මිනිස් අවශේෂ හදුනාගැනීමට ලබාදුන් නාමයයි. ඔහු අඩි 5 අගල් 7 ක් හෝ අඩි 5 අගල් 11 උස, කහ පැහැති කැරලි කේශ කලාපයක් හිමි කෙසග පුද්ගලයෙක් බවට හදුනාගෙන ඇත.

ඔහු අවසානයට හැද උන් ඇදුම් ඉතා හොදින් ආරක්ෂා වී ඇති අතර ඒවා, මධ්‍යතන යුරෝපයේ ආරක්ෂා වී තිබූ ඇදුම් පැලදුම් අතර හොදින්ම ආරක්ෂා වී තිබූ ඇදුම් බවට පිළිගැනේ.

මියයන අවස්ථාව වනවිට ඔහු අවුරුදු 25 - 35 අතර වයසේ පසුවන බවට නිගමනය වුවත් සමහර පර්යේෂකයන්ගේ මතය වන්නේ ඔහු වයස 60 ක් වන තරම් වයස්ගත පුද්ගලයෙක් බවයි. ඔහු මියගොස් ඇත්තේ 12 සහ 14 වන ශතවර්ෂය අතරතුරයි (යුරෝපයේ මධ්‍යතන යුගය).

පැහැදිලිවම පෙනෙන කරුණ නම් මොහු ඝාතනයට ලක්වූවෙකි. ඔහුගේ හිස්කබලේ නළලේ දකුණු පස මොට ආයුධයකින් සිදුවූ පහරදීමක සළකුණූ දක්නට ඇත. ඔහුගේ සිරුර ජලය සහිත ස්ථානයක වළලා ඇති අතර පොළව තුළ එය ආරක්ෂිතවී ඇත. තවත් පැහැදිලිව දක්නට ඇති කරුණක් නම් මොහුට සිදුවූ දේ කුමක් වුවත් එය රහසක්ව තබාගෙන ඇතිබවයි.

පර්යේෂකයින් ඔහුගේ වගතුග සොයන්නට උත්සහ කළහ. ඒ අනුව මොහු සොල්දාදුවන් බදවාගන්නෙක් හෝ, උසස් පූජක තනතුරක සිටි කෙනෙක් විය හැකි බවට වැඩි ඉඩක් ඇත.

පර්යේෂකයන්ට අනුව, ආසන්න වශයෙන් අවුරුදු 700 කට කලින් මියගිය මොහුගේ නම සිමොන් ගුඩ්මුන්ඩි (Simon Gudmundi) බවත්, ලින්කෝපින්ග් (Linköping) රදගුරු පදවියේ ප්‍රධානියා බවටත් මත පළකරත්.

ගුඩ්මුන්ඩි, 1491 දී, හෙමින්ග් ගාද් (Hemming Gadh) නම් පූජක තනතුරක සිටි පුද්ගලයෙකු විසින් ඝාතනය කළ බවටත්, එසේ ඝාතනය කිරීමට හේතුව ගුඩ්මුන්ඩි සිටි ප්‍රධාන තනතුර ලබාගැනීමේ අදහසින් බවටත් මත පළවේ.

ගාද් විසින්, කුලීඝාතකයෙකු ලවා මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර, ප්‍රධානී තනතුර රක්ෂාකරගැනීමට අදහස්කළ බවට මත පළකළත් එය තවම මතයක් පමණි.

තොරතුරු : Revivedhistory Instagram පිටුව ඇසුරෙනි.
ඡායාරූප : Wikipedia සහ Reddit ඇසුරෙනි.

(කරුණාකර කතෘ පරිවර්තන අයිතිය සුරකින්න )

14/04/2023

❤❤❤සහෘද පාඨක ඔබ සැම හට සාමය, සතුට පිරුණු සෞභාග්‍යමත් සුබ ම සුබ නව වසරක් වේවා ❤❤❤

04/03/2023

ඔබ දන්නව ද?

5 - 6 වන සියවස්වල දී එංගලන්තය නමින් රටක් තිබී නැත. එකල එය බ්‍රිතාන්‍ය දූපත් ලෙස හැඳින්විණ.

එකල බ්‍රිතාන්‍ය දූපත් වාසභූමි කරගත් ජනයා බ්‍රිටන්වරු (Breton) ලෙස හැඳින්වුණා. ඔවුහු, පුරාණ කෙල්ටික්වරුන්ගෙන් පැවත එනවා යැයි කියවෙති. ගෝල්වරු යන්නෙන් හඳුන්වන, ප්‍රංශය වාසභූමය කරගත් පුරාණ, යකඩ යුගයේ විසූ ගෝත්‍රයද පැවතෙන්නෙ කෙල්ටික් වරුන්ගෙනි.

බ්‍රිටන්වරුන්ගේ ආගමනය සිදුවන්නේ නූතන ප්‍රංශයේ බටහිරට වන්නට පිහිටි බ්‍රිතනි අර්ධද්වීපය, එංගලන්තයේ වේල්සය, කෝන්වෝල් ප්‍රාන්තය යන ප්‍රදේශ වලිනි.

කතාකළ භාෂාව බ්‍රිතනික් භාෂාවයි. ඇත්තටම නූතනයේ, නියම බ්‍රිතාන්‍ය ජාතිකයන් ලෙස පිළිගැනෙන්නේද වේල්ස් ජාතිකයන් ය. මන්දයත් නියම බ්‍රිතාන්‍ය දූපත් හි උරුමය රැගත් පුරාණ මුතුන්මිත්තන් පැවත එන්නේ ඔවුන්ගෙන් වීමයි.

පසුකාලීනව, නෙදර්ලන්තය, ජර්මනියේ සැක්සනි ප්‍රදේශය, ඩෙන්මාකයේ ජුට්ලන්තය යන ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය දූපත් වෙත තවත් ජන කොට්ඨාශ දෙකක් සංක්‍රමණය වෙන්නට වූහ.

පිළිවෙලින් නෙදර්ලන්තය සහ ජර්මනියෙන් සැක්සන්වරු සහ ඇන්ගල්වරුද, ඩෙන්මාකයෙන් ජුට්වරුද ඒ ලෙස සමකාලීනව පැමිණියෝය. පැමිණියා කිව්වට වඩා ආක්‍රමණය කළා කිව්වොත් නිවැරදියි.

මේ ජන වර්ග දෙවර්ගයම ජර්මැනික් ජන වර්ගය අයත් ය. උත්තරාර්ධ ගෝලයේ ස්කැන්ඩිනේවියාවේ සිට පහළ ජර්මනිය දක්වා පැතිර සිටි විවිධ නම් වලින් හැදින්වුණ ජන කොට්ඨාශයන්ට කී පොදු නම ජර්මන් ජනයා යන්නයි.

එලෙස පැමිණි ඇන්ගල් සැක්සන් දෙවර්ගය එංගලන්තය තම වාසභුමිය කරගෙන රාජධානි ගොඩනගාගෙන එරට
ඇන්ගල්-ලන්තය කරගත්හ. නූතනයෙ මහ බ්‍රිතාන්‍යට එංගලන්තය කියන්නෙ එනිසා ය.

(තවද ඇංග්ලෝ-අැමරිකන්, ඇංග්ලෝ-ඉන්දියන් යන්නෙන් සුදු ජාතිකයන් හා ස්වදේශිකයන් මිශ්‍ර විවාහ වීම තුළ විවිධ ජාතීන් ලොව වටා වෙසෙත්.)

ඇත්තටම ඉතිහාසයට අනුව වයිකිංග්වරු ඉතාම බිහිසුණු, ම්ලේච්ඡ ජන කොටසක් ලෙස හදුන්වමින් ඔවුන් එංගලන්තය තුළ කළ සංහාර පිළිබඳ ප්‍රසිද්ධ වුවද ඊට වඩා විනාශයක් ඇන්ග්ලෝ සැක්සන් වරු , ස්වදේශික බ්‍රිටනික් වැසියන්ට කළ බව කියවේ.

අදටත් එංගලන්තයේ අයිතිය ඇති ජනයා ඇන්ග්ලෝ සැක්සන් වරු වන අතර (නූතන රජු චාල්ස් ගෙ පරපුර පවා ජර්මානු සම්භවයක් සහිත පරපුරකි) වේල්ස් ජාතිකයින් සහිත වේල්සය අදටත් එංගලන්තයේ පාලනය යටතේ පාලනය වන බ්‍රිතනික් භාෂාවක් හසුරුවන රටකි.

පුදුමයි නේද?

ඡායාරුව : අන්තර්ජාලයෙනි.
විස්තර : අන්තර්ජාලයෙනි.

01/03/2023

වියැකී ගිය ඉතිහාසය සහෘද පාඨක සීමාව 700 පසුකරා. වියැකී ගිය ඉතිහාසය සමග රැඳී සිට එය කියවන ඔබට ස්තූතියි

ඉතිහාසයේ කෙදිනකවත් අසා නොමැති පුදුමාකාර සත්‍ය සිදුවීම් සිංහලෙන් කියවීමට රැඳී සිටින්න අප සමගම...

💚💚💚💚🙏🙏🙏🙏💚💚💚💚

Photos from Faded History වියැකී ගිය ඉතිහාසය's post 19/07/2022

මහ ගැලික් සටන

සූර පප්පා නැත්තං Asterix and Obelix කතාව ඇඳපු උඩර්සෝට පාදක වෙලා තියෙන්නෙ පහළ උදාරම් පෙනුමින් යුත් පුද්ගලයා විසින් මෙහෙයවූ මහා සංග්‍රාමය. සූර පප්පා කතාවේ පටන්ගන්න කතාව මතකනම් ඔයාලට මතක ඇති සීසර් පුටුවක ඉඳන් ඉන්නවා එයාගෙ කට්ටිය එක්ක.
පප්පලගෙ ගමේ කෙනෙක් ඇවිත් ආයුධ වගයක් සීසර්ගෙ කකුල උඩට අතඅරිනවා. එක ඇත්තම සිද්ධියක් හැබැයි කකුල් උඩ⁣ට අතඅරින්නෑ. ඒ තමයි රෝමානු හමුදාව⁣ට එරෙහිව ගෝල්වරු මෙහෙයවපු සුප්‍රකට වර්සින්ගෙටොරික්ස් (Vercingetorix) අදටත් ප්‍රංශයේ නගරයක එයාගෙ ලොකු පිළිරුවක් තියෙනවා නගර මධ්‍යයේ. කඩුව බිමට තියාගෙන කඩු මිට උඩ අත්ල තියාගෙන බලන් ඉන්න එකක්. හරිම තේජාන්විත පෙනුමක්. පප්පලගෙ වගෙ විශාල උඩුරැවුල, කැරළි කොණ්ඩය, යකඩ යුගයට අයිති ඇඳුම් ආයිත්තම් ඇගලාගෙන ඉන්නෙ.

ගෝල්වරු කියන්නෙ ඉපැරණි යුරෝපයේ යකඩ යුගය නියෝජනය කරපු ජන කොට්ඨාශයක්. හරිය⁣ට අපේ යක්ඛ, ⁣නාග, දේව ගෝත්‍ර වගෙ ගෝත්‍රයක්. නූතන ප්‍රංශයේ කැලෑබද ජීවිතයක් ගතකළා කිව්වට එයාල⁣ට ගමක් තිබ්බා ගමට ගමනායකයෙක් එහෙම නැත්තං ලොක්කෙක් හිටියා. ඔය වර්සින්ගෙටොරික්ස් කියන්නෙත් ඒ වගෙ එක ගෝල් ගෝත්‍රයක නායකයෙක් ඒ ගෝත්‍රයෙ නම ඇවර්නි. තව බෝ⁣යි,
හෙල්වෙටි, ⁣බෙල්ජී, සෙකුවානි වගෙ එක එක නම් වලින් හඳුන්වපු ගෝත්‍ර ගණනාවක් හිටියා. මම හිතන්නෙ ඒ ගෝත්‍ර වලට නම් දෙන්න ඇත්තෙ රෝම ඉතිහාසඥයින්.මොකද ඒවා වාර්තා කිරීමේ පහසුව තකා. එ වගෙම අදාල ගම් ප්‍රදේශය අඳුනගන්නත් එක්ක. අද අපි ස්විස්ටර්ලන්තය කියන රටේ එකල ඉඳපු ගෝත්‍රයට දීපු නම හෙල්වෙටි (Helvetii) අදටත් ශබ්දකෝෂයක helveti කියලා search කලොත් එන නම ස්විස් වැසියා කියලා. ඉතිං ඇවර්නි ගෝත්‍රයේ ඉඳපු වර්සින්ගෙටොරික්ස් රෝමයට විරුද්ධව සටන් කීපයක් මෙහෙයවනව. ඒ අනෙකුත් තැන් තැන්වල ඉඳපු ගෝල් ගෝත්‍ර ගණනාවක් එකතුකරගෙන. එයින් එකක් තමයි ඇලිසියා මහ සටන. එතනදි හැබැයි ගෝල්වරු, සුපිරි රෝම හමුදාවන් ඉදිරියෙ පරදිනවා. රෝම හමුදාවෙ යුධ ශක්තිය, යුධ උපක්‍රම, තාක්ෂණික ක්‍රමවේද එක්ක ඉපැරණි යකඩ යුගය නියෝජනය කරන ගෝ‍ත්‍රයකට තියෙන එකම පිහිට ඇගෙ හයියයි, ස්වභාවික උගුල් විතරයි. යුද්ධයේදි ගෝල්වරු ඉතාම දරුණුයිලු. කොටිම්ම සතුරව බයකරන්න යහිය හත්තියෙන් වැඩි ගෝල්ජාතික සොල්දාදුවො සම්පූර්ණ නිරුවතින් සටනට යනවලු. ශරීරයේ නිල්පාටින් පච්ච කොටාගෙන. එක තැනක රෝම ඉතිහාසඥයෙක් අපූරුවට ගෝල් වරුන්ව විස්තර කරනවා.

"ඉතා හැඩි දැඩි ශක්තිමත් බාහු, ගාත්‍රා සහ කහ පැහැති කොණ්ඩ රැවුල් වලින් යුත් මේ මිනිස්සු, යුද්ධයේදි අති භයංකරයි."

කොහොම නමුත් වර්සින්ගෙටොරික්ස්, ඇලිසියාහිදි පරදින යුද්ධයේදි යටත්වෙන්නෙ නෑ ඔහුගෙ සියළු ඇදුම් ගලවාදමා ඔහුව ⁣රෝමානු සෙබල පිරිසට ප්‍රදර්ශනය කරනව තමන්ට විනකල ම්ලේච්ඡයා මොහු කියලා. ඇත්තටම හැම තැනකම ගෝල්වරු හැඳි⁣න්වෙන්නෙ ම්ලේච්ඡයො කියලා. ඒකත් රෝමානු ඉතිහාසඥයො කරපු ලොකු නිගාවක් මේ ජන වර්ගයට. එයාලා ම්ලේච්ඡ නැත්තං barbarians කියලා හැඳින්වුවට එයලට උරුම තාක්ෂණයක්,වන්දනා ක්‍රම, සටන් ශිල්ප වගෙම පවුල් සංස්ථාවක් පවා තිබිලා තියෙනවා. එක තැනක මම කියෙව්වා ගෝල්වරු, හමුදාවක් හදද්දි තෝරගන්න තරුණ පිරිස්වල ශාරීරික යෝග්‍යතාවය බලනවලු. ඒ වගෙම තඩි බඩවල් තියෙන පිරිමින්ව සොල්දාදුවො කරන්නෙ නෑලු. ඉතිං ඒ මිනිස්සු ම්ලේච්ඡයො වෙන්නෙ යුද්ධයකදි විතරයි. ඒක මිනිස් ස්වභාවය.

ඒ වගෙම එයාලගෙ සමකාලීන අනෙකුත් රටවල් එක්ක වෙළහෙළඳාම් පවා කරලා තියෙනවා කියනව විශේෂයෙන්ම ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රිසිය වගෙ. මොකද ගෝල්කාන්තාවන්, සුවඳ විලවුන්, සබන් වගෙ දේවල් ඇග ගල්වපු බවට සාක්කි හොයං තියෙනවා.

මෑතකාලිනව ප්‍රංශයේ ලවාවු වලින් හොයාගත් ගෝල් කුමාරයගෙ සොහොනින්, බොරදම්, විශාල මධ්‍යධරණිය වයින් බරණියක්, වයින් වක්කරන භාජනයක්, ඇම්බර් හොයාගෙන තියෙනවා.

ඒ වගෙම ගෝල් උසස් කුලයේ පිරිමි බෙල්ල වටා දමපු torque කියන ආභරණයක්, වගෙම අත්වලට දාපු වළලු පවා හොයාගෙන තියෙනවා. ඉතිං එහෙම අය ම්ලේච්ඡයො කියන එක අසාධාරණයි.
හැබැයි හරි කතාවෙදි ගෝල්වරු යටත්වෙනවා. ඊටපස්සෙ වර්සිගෙටොරික්ස්ව ඉතාලියට අරං ගිහිං මරණිය දණ්ඩනය දෙනවා. කලින් post එකෙ රූපෙත් සමහරවි⁣ට ඇලිසියා මහ සටනේ එක සිද්ධියක් වෙන්න පුළුවන්. ගැටළුවකට තියෙන්නෙ මේ යුද්⁣ධේදි මියගිය ජර්මානුවන් ගැන. මොකද කොතනකවත ජර්මන් ගෝ‍ත්‍රිකයො සහ ගෝල්වරු එකිනෙකා මුණගැහුණ කියලා සඳහනක් නෑ. ඒ අනුව උපකල්පනය කරන්න පුළුවන් එකම දේ රෝමය, ජර්මනිය එහෙම නැත්තං අලමානි දේශය අල්ලගත්තට පස්සෙ එයින් ඉතුරුවුණ හෝ යටත් වුණ ජර්මන්වරුන්ව අරං ගිහිං කුලී හමුදාවක් (merceneries) හදන්න ඇති. එයාලවත් එක්කගෙන ගෝල්දේශයට එන්න ඇති යුද්ධ කරන්න. ජර්මනියට අපි ජර්මනිය කිව්වට ඒකෙ ඇත්ත නම අලමානියාව. ඒ වචනෙ තේරුම 'අසල්වාසියො'. ඒක රෝමානුවන් දීපු නමක්. අදටත් ඉතාලි ජාතිකයො, ප්‍රංශ ජාතිකයො, ස්පාඤ්ඤ ජාතිකයො සහ විශේෂයෙන් අරාබි ජාතිකයො ජර්මනිය හඳුන්වන්නෙ අලමානි කියලා. ජර්මනියට ලතින් බසින් කියන්නෙ ගර්මානියා ( Germania) කියලා. ඕක ඉංග්‍රීසියට එද්දි තමයි ජර්මනි වුණේ. ජර්නියෙ ඉඳපු ජර්මානු ගෝ‍ත්‍රිකයො හඳුන්වන්නෙ අලමානි කියලා. එයාලත් හඳුනාගැනීමේ පහසුව තකා රෝම ඉතිහාසඥයින් විවිධ නම් දෙනවා. අලමානි, ස්වේබි, වගෙ නොයෙක් නම්.

කෙසේවෙතත් රෝමානු හමුදාව ජර්මනියෙදිත් හොඳ පාඩම් ඉගෙනගන්නවා සුප්‍රකට ටියුටර්බර්ග් යුද්ධය එයින් එකක්. සුප්‍රකට ආර්මිනියස් ජනරාල්වරයා යටතේ ජර්මානු ගෝත්‍රය එක්ක සටන් වදින්න යන රෝමානු හමුදා ටියුටර්බර්ග් කැලෑ මැද්දෙදි විශාල ගිනි ඇවිලෙන තණකොල වියලී ගිය ශාක වලින් හැදූ ගිනිබෝල වලට හසුව මියයනව. ඇත්තටම ඒක ආර්මිනියස්ගෙ වැඩක්. මොකද ආර්මිනියස් ඇවිත් ජර්මානු සම්භවයක් තියෙන, නමුත් කුඩා කාලෙදි රෝමානුවන් විසින් හදාවඩාගත් දරුවෙක්.

කෙසේ හෝ ගෝල් වරු සහ රෝමානුවන් අතර මේ ගැටුම අවුරුදු ගණනාවක් තිබුණු අතර මෙය 'මහා ගැලික් සංග්‍රාමය' ලෙස ඉතිහාසඥයින් විසින් විස්තර කෙරෙන ලදි.

(විස්තර හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

Photos from Faded History වියැකී ගිය ඉතිහාසය's post 12/03/2022

ඔබ දන්නවද?

එංගලන්තයේ පස්වන ජෝර්ජ් රජු, ජර්මනියේ දෙවන විල්හෙල්ම් කයිසර් රජු සහ රුසියාවේ දෙවන නිකොලස් (ට්)සාර් රජු යන රජවරු තිදෙනා නෑකමට සහෝදරවරු වෙති.

පළවන ලෝක යුද්ධයේදී ජර්මන් සහෝදරයාට එරෙහිව යුද වැදුණු මේ එංගලන්ත සහ රුසියන් සහෝදර රජවරුන්, එකිනෙකාට නෑකම් කියන්නෙ තිදෙනාගේම මිත්තණිය එංගලන්තයේ ⁣වික්ටෝරියා රැජිණ වන නිසා ය.

පහත වර්ණ ඡායාරූපයේ පස්වන ජෝර්ජ් රජු සහ දෙවන කයිසර් විල්හෙල්ම් දෙදෙනාගෙ සමානකම මොනවට පැහැදිලි වේ.

ඇය, ඇත්තෙන්ම එංගලන්තයේ රැජිණ වුවද ඇය සැබවින්ම ජර්මන් පරපුරකින් පැවති එන්නියකි. එයට හේතුව ඇගෙ මව ජර්මානු කාන්තාවක වීමයි.

අවසනදී සහෝදර රජවරුන් එකිනෙකාට විරුද්ධව කොල වල අස්සන් කර ලිඛිතව යුද වැදුණත් ජීවිතයෙන් වන්දි ගෙව්වේ රටවල් තුනේම මහජනයා ය.

තවද නූතන එක්සත් රාජධානියේ (එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන රටවල) ,කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ රැජින වන දෙවනි එලිසබෙත් රැජිණ සහ ස්වීඩනයේ 16 වන කාල් ගුස්ටාව් රජු යනු වික්ටෝරියා රැජිණගෙ මීමිණිබිරිය සහ මීමුණුබුරා ය.

10/03/2022

වියැකී ගිය ඉතිහාසය හා එක් වූ පාඨකයන් 600 සීමාවට!

🙂 🙏 ඔබ සියළු දෙනාටම ස්තූතියි 🙏 🙂

Photos from Faded History වියැකී ගිය ඉතිහාසය's post 29/11/2021

ක්‍රැයින් - පළමු නෙදර්ලන්ත නියැන්ඩර්තාල් මානවයා

නෙදර්ලන්ත මුහුදු බඩ පෙදෙසේ එපිටින් සොයාගන්නා ලද පළමු නියැන්ඩර්තාල් මානවයා, නෙදර්ලන්ත මානව පරිණාමයේ ඉතිහාසය වෙනස්කරන්නට සමත් විය. මෙම මානව පොසිලය, අවුරුදු 100,000 - 40,000 පෙර ජීවත්වූ මානවයෙකුගේ යැයි ඇස්තමේන්තු ගතකර ඇත.

හිස්කබල් අවශේෂ 2001 දී පළමුවරට නෙදර්ලන්තයේ සීලන්ඩ් හි (Zeeland) පළාතක් වන සීලන්ඩ් ෆ්ලාන්ඩර්ස් (Zeeuws Vlaanderen) වලින් එපිට උතුරු මුහුදු වෙරළින් අනාවරණය කරගන්නා ලදි.

මහජන ප්‍රසිද්ධිය

සම්ප්‍රදායිකව නිතර දකින ගොරහැඩි නියැන්ඩර්තාල් මානව රුව වෙනුවට සිනාවකින් මුව සරසාගත් මේ ප්‍රසන්න පෙනුමැති නෙදර්ලන්ත නියැන්ඩර්තාල් මානවයාගේ පරපුර, පුරාවිද්‍යා‍ඥයින් විසින් ක්‍රැයින් (Krijn) යන පොදු නාමයෙන් නම්කරන ලද අතරම මෙය, මහජන ප්‍රසිද්ධියට පත්වන්නට අවුරුදු 8ක් ගතවිය.

මානව හිස්කබල් පොසිලයේ පිහිටීම අධ්‍යයනය කිරීමකින් අනතුරුව නිමැවූ ප්‍රතිනිර්මාණයක් වන මෙම අනුරුව, දැනට ජාතික නෙදර්ලන්ත කෞතුකාගාරයේ ස්ථාපිත කොට එහිදීම ප්‍රදර්ශනයට තබා ඇති පෞරාණික වස්තූන්ගෙන් මුල් තැනක් ගනී.

විශ්ලේෂනය

මෙම පොසිලය, හිස්කබලක කොටසකි. හිස්කබලේ අක්ෂි කුහරයේ හැඩය අනුව මෙම පොසිලය අයත් තැනැත්තා නියැන්ඩර්තාල් පිරිමියෙක් යැයි අනාවරණය විය. හිස්කබලේ දකුණු ඇසට ඉහළින් ඇහිබැම පිහිටි කොටසේ ඇති කුහරය අනුව මොහු වායි ගෙඩියක් හෙවත් අසාමාන්‍ය ලෙස පටක වැඩීමක් සහිතව (benign tumor) උපත ලද මානවයෙකු යැයි පිළිගැනේ. මෙවැනි විටක මේ පටක වලට පැතිරීමට හැකියාවක් නොමැති නිසා ගෙඩියක් ලෙස පිටතට දිස්වේ. benign tumor හි ඇති විශේෂත්වය එයයි.

අස්ථි පිහිටුම අනුව මොහු හොදින් වැඩුණු කෙනෙක් නොවේ. රේඩියෝ කාල නිර්ණය සහ ජාන පර්යේෂණ වලින් මොහු පිළිබද වැඩියමක් අනාවරණය කරගන්නට අපොහොසත් වුවද සමස්ථානික විශ්ලේෂනය අනුව (isotope analysis) පෙන්වාදෙන්නේ මේ යෞවන මානවයා මාංශ වලින් අනූන ආහාර රටාවක් අනුගමනය කර ඇති බවයි.

සමස්ථානික විශ්ලේෂනයකට අනුව, ආහාර ජාලයක ශක්තිය ගලායාම මගින්, පුරාණ පරිසරයේ විසූ මානව සහ සත්ව පරපුරේ ආහාර රටාව ගවේශනය කිරීමටත්, අතීතයේ එම ප්‍රදේශය කෙසේ තිබී ඇතිද යන්න මෙන්ම අදාළ ප්‍රදේශයේ දේශගුණික තත්වය ප්‍රතිනිර්මාණය කොට හදුනාගන්නට, මෙන්ම අනෙකුත් විවිධාකාර භෞතික, භූගෝලීය, පාෂාණධාතුක සහ රසායනික ක්‍රියාවලින් හදුනාගන්නටත් විද්‍යාඥයින් හට හැකියාව ලැබේ.

වැදගත්කම

මෙම පොසිලයේ ඇති වැදගත්කම වන්නේ පළමු නෙදර්ලන්ත නියැන්ඩර්තාල් මානව පොසිලය වීම සහ ජලය අභ්‍යන්තරයෙන් සොයාගත් ලොව ඉපැරණිම මානව පොසිලය වීමයි. ලෙයිඩන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥ විල් රූබෘක්ස් (Wil Roebroeks) සදහන් කරමින් මෙම සොයාගැනීම, එංගලන්ත සහ නෙදර්ලන්ත අධිකාරීන්ට ඒත්තුගන්වන්නේ උතුරු මුහුදේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දෑ හොදින් ආරක්ෂා කළ යුතු බවයි. එය අනිකුත් පුරාවිද්‍යාඥයින්ගේද පැසසුමට ලක්විය.

තවදුරටත් මෙම පොසිලය, එංගලන්තයේ මානව ජනපද ඇතිවීමේ ඉතිහාසයේ හිස්තැන් පුරවන්නට අවශ්‍ය සාධක ද සපයයි. එනම් මේ කලාපය අවුරුදු 100,000 ක කාලපරිච්ඡේදයකට පසුව නැවතත් ජනපදකරණයට ලක්වන්නේ නූතන මානවයන්ගේ උපස්ථිතියක් (සහභාගීත්වයක්) නොමැතිව යන සිද්ධාන්තයට වැඩි බරක් එක්කරමිනි.

ආශ්‍රේය වෙබ් සබැඳි:

https://en.wikipedia.org/wiki/Krijn

https://www.ancient-origins.net/news-evolution-human-origins/neanderthal-krijn-0015796

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

Copyright © 2021 Faded history වියැකී ගිය ඉතිහාසය. All rights reserved.
(කරුණාකර කතෘ පරිවර්තන අයිතිය සුරකින්න.)

29/11/2021

ඉතිහාසයක් අළුත් කළ යෞවනයෙක්...

බලාපොරොත්තුවන්න..

05/11/2021

වියැකී ගිය ඉතිහාසය සමග රැඳීඉන්න පාඨක ඔබ සැමට තුති 🙏

වියැකී ගිය ඉතිහාසය වෙබ් අඩවියක් ලෙසින්.

ළඟදීම ඔබ වෙතට...

03/09/2021

වියැකී ගිය ඉතිහාසය පාඨක සාමාජිකයින් 500 සීමාවට!

👦👧👨👩👵👴

සැඟැවුණු ඉතිහාසය සොයායාමේ නොතිත් පිපාසයෙන් සහ, දැනුමින් සන්නද්ධ වන්නට ලොබ බඳින ඔබ වෙනුවෙන්ම සම්පාදනය වූ සමාජ ජාලා පිටුවයි මේ.

පාඨක සහෘද ඔබ සැමට අපගේ හදිපිරි ස්තූතිය මෙයින් පළකරමු!

🙏 🙏 🙏

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo