10/06/2026
Justice for sale!
මිත්‍රවරුණි මාගේ දැනීමට අනුව මෙම පාස්කු නඩුව යනු ඛේදවාචකයකි. මේ මතින් දේශපාලනිකව සැබවින්ම ජයග්‍රාහකයෙක් හා පරාජිතයෙක් බිහි වීම නතර කළ නොහැක. නමුත් මෙහි විචල්‍ය කාරණාව නම් සැබෑ වින්දිතයා පුරවැසි ඔබත් මමත් ය.
පාස්කු වින්දිතයින්ට යුක්තිය දිනා දෙන පොරොන්දුව යනු ලාංකිය දේශපාලනයේ මේ වර්තමාන ආණ්ඩුව නිර්මාණය කරවු බලගතු වාක්‍යකි. කරුණු කාරණා රාශියක් මහජනයා වෙත විවර වෙමින් ඇත. ගෝඨාබය රාජපක්ෂට එරෙහිව පාස්කු නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමත් සමඟ සියල්ල වෙනස් විය. එම වෙනස් වීම කොතරම් ද යත් යුද්දේ ඉවර කළේ මහින්ද නොව සලේ වගේ එකක් මගේ ඔළුවට දැන් කා වැදෙමින් ඇත.
අදාළ විමර්ශකයින් මෙම පාස්කු ප්‍රහාරය ගැන කරුණු දක්වමින් මුස්ලිම් අන්තවාදයක්; ISIS ත්‍රස්ත බියක් සමාජය තුළ බිහිකර ඒ තුළින් බලය ලබා ගැනිමට කළ රාජ්‍ය අභ්‍යන්තර ත්‍රස්ත ක්‍රියාවක් ලෙස උසාවියේ දී විවෘත ප්‍රකාශයක් කර හමාරය.හිටපු විධායක ජනාධිපතිවරයෙකුත් ඉදිරියේ පාර්ෂව කරුවෙක් වනු ඇත.මෙය ඇත්තෙන්ම සෑම පුරවැසියෙකුටම භයානක සිහිනයකි. සැබෑ යථාර්ථය එය නම් එය කොතරම් දරුණුද? භයංකාරද?
මීට අදාළ කාරණා උසාවියේ සාධාරණ සැකයෙන් ඔබ්බට තෘප්ත කිරීමට අදාළ නිලධාරීන් බැදි ඇත. අධිකරණය යනු ස්වාධින ආයතනයකි. අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් පිළිබඳ සෑහිමට පත් නොවන්නේ නම් අභියාචනාධිකරණ වෙතද යා හැක.තවද සලේට විමර්ශන නිළධාරින් හෝ රජයේ බලධාරියෙක් අතින් අසාධාරණයක් අයුක්තියක් වූවේ නම් FR එකක් වෙත යාමට කිසිදු බලපෑමක් නැත.
සලේට වුවද කළ හැකි ලොකුම උදව්ව නම් මේ නඩු කටයුතු කඩිනම් කිරීමය. නිර්දෝෂී භාවයේ පුර්ව නිගමනයේ වාසිය සලේට හිමි විය යුතුය. හැකි තරම් නීතිඥ නියෝජනයක් ගෙන උසාවියේ තම නිර්දෝෂි භාවය ඔප්පු කිරීමට හැකියාව ඇත.
නමුත් කිසිදු ආකාරයකට;
අට්ටාල අටවා! බෝධි පූජා පවත්වා! නයි පෙන්නා!
රාබු සමඟ බත් කෑ පමණින් යුක්තියේ මිල සොයා ගත හැකැයි සිතන ප්‍රජාව ගැන ඇත්තේ කම්පාවකි.යුක්තිය දිනාගත යුත්තක් මිස මිලට ගත හැක්කක් නොවන වග මතක තබා ගත යුතුය. මයික් වලට දේවල් කියද්දී; comment කරද්දි පරිස්සමෙන්
“contempt of court is a serious offence”
-නාරංගල්ල-