15/06/2025
මීට අවුරුදු 08කට පෙර දවසක මම 😇❤️
Political Science Tutor ❤️
Law Graduate (University of Colombo)⚖️
Freelance Writer 📝
15/06/2025
මීට අවුරුදු 08කට පෙර දවසක මම 😇❤️
08/06/2025
මම කවදාවත්ම කාත් එක්කවත් තරඟ කලේ නැහැ. කාවවත් අභිභවා යන්න උත්සහ කලෙත් නැහැ, කාටවත් කුහකකම් කලේ නැහැ. මම හැමදාම තරඟ කලේ මාත් එක්ක ම විතරයි.
සමාජ සම්මත ක්‍රමයෙන් අපිට පටවන අතිදාවනකාරී තරඟයේ දුවන්නන් වාලේ ඔහේ අනික් අය කරන දේවල්ම කර කර වේගයෙන් දුවන්න මම කැමති නැහැ. කැම්පස් ගිය කාලෙ ඉඳන්ම මට ඕනි වුනේ මට ගැලපෙන විදිහකට ඉස්සරහට යන්න.
ඉතින්, මම වේගයෙන් දුවන්නෙ නැතුව හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදන් යන්න කැමතියි. එහෙම හෙමින් ඇවිදන් යනකොට ගොඩක් දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා වෙන්න පුලුවන්.
හැබැයි, එහෙම හෙමින් ඇවිදන් යන මනුස්සයෙක්ට, වේගයෙන් දුවන මනුස්සයෙක්ට වඩා ජීවිතයේ පාර දෙපැත්තෙ හැම ලස්සන පුංචි දෙයක්ම, සුන්දර අත්දැකීමක්ම විඳින්න අවස්ථාව ලැබෙනවා. කිසිම දෙයක් මිස් වෙන්නෙ නම් නැහැ. මට ඒකම ඇති ❤️🌻
~ ධනංජය ඉෂාන් ~
මේ සමාජය, මිනිස්සුන්ව මීට වඩා දශමයකින් හරි යහපත් තැනකට ගේන්න ඕනියි කියල හිතන, ඒ වෙනුවෙන් තමන්ට පුලුවන් පුංචිම දෙයක් හරි උපරිමයෙන් ඉෂ්ට කරන්න කැප වෙන මනුෂ්‍ය ප්‍රාණින් ඉන්නෙ ඉතාමත් අතලොස්සයි..
මේ ගෙවුණු සති දෙකේ මට එවැනි මනුෂ්‍ය ප්‍රාණීන් දෙතුන් දෙනෙක් සමඟ අලුත් වැඩ දෙක තුනක් පටන් ගන්නට අවස්ථාව ලැබුණා.
කලාතුරකින් හරි මගේ ටයිප් එකටම ගැලපෙන ඒම මනුෂ්‍ය ප්‍රාණීන් හමුවෙන එක, ඔවුන් සමඟ එකට වැඩක් කරන්නට ලැබෙන එක මගේ ජීවිතයට කියාගන්න බැරි තරම් සතුටක් ගේන දෙයක්...❤️🌻
04/06/2025
හොඳම තැන තෝරගන්න ❤️👊
පිළියන්දල හොඳම දේශපාලන විද්‍යා පන්තියට ඔබත් එකතු වෙන්න🏆❤️
🟣2027 උසස්පෙළ🟣
🟢නව පන්‍ති ඇරඹේ🟢
නිස්කෝ - පිළියන්දල
බදාදා ප.ව 3.30 - 5.30
ඔබේ ගුරුවරයා,😍
🔰කොළඹ ඉසිපතන විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි😃
🔰ඉසිපතන විද්‍යාලයේ වසර 13කට පසුව බිහි වූ ඉහළ ම උසස්පෙළ ප්‍රතිඵලය වාර්තා කරමින් කලා අංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 12 වැනියා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය. 😃😃
🔰කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිදාරියෙකි 😃
🔰මව්බිම ඇතුළු ජාතික පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කර ඇත 😃
🔰උසස්පෙළ විභාගයේ විශිෂ්ටයෙක් වීමේ මාර්ගය අත්දැකීමෙන්ම දන්නා තරුණ ගුරුවරයෙකි.🏆😇
සරල ව ආසාවෙන් ඉගෙන ගන්න,
අපේ තාරුණ්‍යයේ Political පන්තියට එන්න.👊❤️
මම,
දේශපාලන විද්‍යා දේශක/නීතිවේදී
~ ධනංජය ඉෂාන් ~
04/06/2025
මම මීට කලින් පාසල්වල නීතිය ගැන දැනුවත් කරන වැඩසටහන් ඕනතරම් කරල ඇති. ඒත්, අද බොරැල්ල කන්නංගර විද්‍යාලයේදි කරපු වැඩේ නම් ජීවිතයට අලුත් අත්දැකීමක් ❤️
26/05/2025
අවසන් වතාවට මමත් මාලනීට ආදරෙයි කිව්වා 😔❤️
අද උදේ එතුමියව අවසන් වරට බලන්න නිදහස් චතුරසයට ගිය වෙලාවේ හොඳටෝම වැස්ස. වයසක මිනිස්සුත් වැස්සෙ තෙමි තෙමී ම ඇතුළට ආවා.
එතුමියගෙ නිසල දේහය ළඟින් යන වෙලාවෙ මට ෆොටෝ එකක් වත් ගන්න හිතුනෙ නැහැ. ඒතරමට මොකක්දෝ අමුතු කියා ගන්න බැරි දුකකින් මාව වෙලිලා ගියා. මීට පෙර කවදාවත්ම මට ඒවගේ දුකක් දැනිල තිබුනෙ නැහැ.
මම ඇයව පේන මානයේම කණුවකට හේත්තු වෙලා ඇයගෙ නිසල දේහය දිහායි ඒ අසලින් යන මිනිස්සු දිහායි බලාගෙන හිටියා. මිනිස්සු ඇයට ආදරේ දුන්නු හැටි මම බලන් හිටියා.
හැමෝම වගේ ඇයගෙ ෆොටෝ ගන්නවා. වීඩියෝ ගන්නවා. එක මනුස්සයෙක් මගේ ළඟට ඇවිත් එයා මාලනීගෙ ගත්තු වීඩියෝව පෙන්නල සතුටින් කිව්වේ එයාට දැන් මාලනීව මතක් වෙන්න දෙයක් තියෙනවා කියල. රුක්මණී දේවිගෙන් පස්සෙ එයාගෙ ලෝකෙ ඉන්න රැජින මාලනීලු.
සමහරු ඇයගෙ දේහය ළඟ හිටගෙන සෙල්ෆිත් ගත්තා. සමහරු එක පාරක් ඇයව බලල ආයෙම පොලිම් පැනල දෙවෙනි පාරටත් ඇයව බලපු මිනිස්සු හිටියා. ඒ අතරේ එක තරුණයෙක් රෝස මලක් අරන් ඇවිත් ඇයගෙ දේහය ලඟින් තියල වැන්දා. සමහරු ගෙදරින් ගෙනාපු මල් මාලා තියල වැන්දා.
මේ මිනිස්සුන්ගෙ ආදරේ හරි ම පුදුමාකාරයි. විජයගේ, ගාමිණීගේ අවමංගල්‍ය උත්සවයේදි මිනිස්සු පෙන්නපු ආදරේ මොනවගේද කියල මම දැකල නැහැ. ඒනිසා තරුණ මහළු භේදයක් නැතිව හැම කෙනාම තනි මනුස්සයෙක්ගෙ අවමංගල්‍ය උත්සවයකදි මේතරම් විශාල ආදරයක් පෙන්නනවා මම මීට කලින් කවදාවත්ම දැකල නැහැ.
මට මාලනී කිව්ව ගමන් ම මතක් වෙන්නේ තුෂාරා ෆිල්ම් එකයි, ආවා සොයා ආදරේ ෆිල්ම් එකයි. ආවා සොයා ආදරේ ෆිල්ම් එකේ මාලනීට මම තාමත් ආදරෙයි. තුෂාරා ෆිල්ම් එක කියන්නෙ රස සාගරයක්. ඒක බලපු වාර ගානත් මතක නැහැ ඒතරම් බලල ඇති.
ඒෆිල්ම්වල මාලනීගෙ හිනාව කතාව ඉඟිබිගි මාර ම ආදරණීයයි. මම සිනමාවට ආදරේ කරන්න පටන් ගත්තෙ, මම පරණ චිත්‍රපටි බලන්න පෙළඹුනේ මාලනීලගෙ විජයලගෙ මේ ෆිල්ම් නිසා තමයි.
කණුවකට හේත්තු වෙලා හෙන වෙලාවක් තනියම මාලනී දිහායි මිනිස්සු දිහායි බලන් හිටපු මම ඇය සමීපයට ටිකක් ගිහින් අවසන් වතාවට ආයෙම ඇයට හිස නවල ස්තූතියි කලා. ඇය ඉස්සරහම මම ඇයට ආදරෙයි කියලත් කිව්වා. ඇයට ඒක ඇහුන්නෑ තමයි, දැනුන්නෑ තමයි. ඒත්, කිව්වා...
රුක්මණී දේවි, ගාමිණි, විජයගෙන් පසුව සිනමාවේ ඉතිරිව සිටි අවසන් තරුවත් අද නිවිල ගියා..
ඔබට සුබ ගමන් නිළි රැජිනියනී 😔❤️
~ ධනංජය ඉෂාන් ~
එක දවසක් ඇවිත් බලන්න,😍
ආස හිතෙයි ❤️
Political ආසාවෙන් ඉගෙන ගන්න❤️😇
19/05/2025
ඉසිපතනෙ කොල්ලො මොන ආතල් ගත්තත් උන් ඉගෙනීමට දක්ෂයි. හැබැයි, ගුරුවරයා හරියට ආස හිතෙන්න උගන්නන එක වැදගත් ❤️