01/09/2026
🚫 හැම පොඩි වැරැද්දකටම "I'm sorry" කියන්න එපා!
ඔබේ අතින් වෙන සුළු වැරදි වලදී (Minor mistakes) "I am sorry" කියන එක ගොඩක් serious වැඩියි. ඒ වෙනුවට Native speakers ලා යාලුවොත් එක්ක, office එකේදී casual විදියට කතා කරද්දි පාවිච්චි කරන ලස්සන Phrases ටිකක් මෙන්න:
1. My bad! 🤦♂️
ශබ්ද කරන විදිහ: මයි බෑඩ්
තේරුම: මගේ අතින් වැරැද්දක් වුණේ / මගේ වරද
උදාහරණ:
"I gave you the wrong file, my bad!"
(මම ඔයාට වැරදි file එක දුන්නේ, මගේ වැරැද්ද!)
2. My mistake! 🤝
ශබ්ද කරන විදිහ: මයි මිස්ටේක්
තේරුම: මටයි වැරදුණේ
උදාහරණ:
"Oh, my mistake, I thought we were meeting at 3 PM."
(ආ මටයි වැරදුණේ, මම හිතුවේ අපි 3ට හමුවෙනවා කියලා.)
3. It’s on me! 🙋♂️
ශබ්ද කරන විදිහ: ඉට්ස් ඔන් මී
තේරුම: ඒක මගේ වරදින් වුණ දෙයක් / මම වගකීම ගන්නවා
උදාහරණ:
"Sorry for the delay, it’s completely on me."
(ප්‍රමාදයට සමාවෙන්න, ඒක සම්පූර්ණයෙන්ම මගේ අතින් වුණ දෙයක්.)
💡 Speakey Power Takeaway:
ලොකු වැරැද්දකට "I'm deeply sorry" කිව්වට, දෛනික ජීවිතේ සුළු දේවලට "My bad" කියන එකෙන් ඔබ ඉංග්‍රීසි භාෂාව Natural විදියට පාවිච්චි කරන බව පේනවා!
🔥 Spoken English බය නැතුව, Confidence එකෙන් කතා කරන්න අදම Speakey Page එක Like & Follow කරලා තියාගන්න!
📞 076 3802957
💚 Speakey - Your Speaking Pal