Lake House Academy

Lake House Academy

Share

දැනුමැති,වගකීම් සහගත මාධ්‍ය පරපුරක්...

12/05/2026

🔸ලේක්හවුස් ඇකඩමිය මෙහෙයවන

🔸ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාව
(Diploma in Digital Journalism)
🔸නව ශිෂ්‍ය කණ්ඩායම සඳහා බඳවා ගැනීම් ඇරඹුණා...

🔸දේශන මෙහෙයවීම :
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සමඟ ප්‍රවීණ මාධ්‍යවේදීන්

🔸පාඨමාලා ආරම්භය : 2026 ජූනි

🔸පාඨමාලා කාලය : මාස 06 යි.(සිකුරාදා පෙ.ව 9.30 -ප.ව 1.30) ප්‍රායෝගික පුහුණුවීම් ද සහිතයි.

🔸ලියාපදිංචි ගාස්තුව : රු.2,000/-

🔸පාඨමාලා ගාස්තුව : රු.40,000/-

🔸ඇතුළත් වීමේ සුදුසුකම් :
උසස්පෙළ විෂයන් 3ක් සමත් හෝ සාමාන්‍ය පෙළ විෂයන් 06 ක් සමඟ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඇති කැමැත්ත හා ක්ෂේත්‍රය තුළ වසරක පළපුරුද්ද හෝ ලේක්හවුස් ඇකඩමිය විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්

🔸2026 ජූනි 05 වැනි දිනට පෙර අයදුම් කරන්න.

🔸විමසීම් :
077 4 940 740 (එරන්ද)

•Email - [email protected]
•page – Lake House Media Academy

12/05/2026

🔸ලේක්හවුස් ඇකඩමිය මෙහෙයවන
🔸ඡායාරූපකරණය පිළිබද උසස් සහතිකපත්‍ර පාඨමාලාව (Executive Certificate in Photography)

සිසුන් බඳවා ගැනීම ඇරඹුණා...

🔸දේශන මෙහෙයවීම :
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සමඟ ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදීන් විසිනි

🔸පාඨමාලා ආරම්භය : 2026 ජූනි

🔸පාඨමාලා කාලය : මාස 03 යි.( ඉරිදා ප.ව 1.30 -ප.ව 4.30) ප්‍රායෝගික පුහුණුවීම් ද සහිතයි.

🔸ලියාපදිංචි ගාස්තුව : රු.2,000/-

🔸පාඨමාලා ගාස්තුව : රු.18,000/- (පාඨමාලා ගාස්තුව රු.6,000/= බැගින් මාසිකවද ගෙවිය හැක.)

🔸ඇතුළත් වීමේ සුදුසුකම් :
ඡායාරූප ක්ෂේත්‍රය තුළ වසරක පළපුරුද්ද හෝ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඇති කැමැත්ත හා ලේක්හවුස් ඇකඩමිය විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්

🔸2026 ජූනි 10 වැනි දිනට පෙර අයදුම් කරන්න.

🔸විමසීම්-
077 4 940 740 (එරන්ද)

🔸Email - [email protected]
🔸page – Lake House Media Academy

08/05/2026

ලේක්හවුස් ඇකඩමිය මෙහෙයවන
රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිවේදන ඩිප්ලෝමාව (Diploma in TV & Radio Programme Presenting)

🔸සිසුන් බඳවා ගැනීම ඇරඹුණා...

🔸දේශන මෙහෙයවීම :
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සමඟ ප්‍රවීණ,ජනප්‍රිය නිවේදක,නිවේදිකාවන්

🔸පාඨමාලා ආරම්භය : 2026 ජූනි

🔸පාඨමාලා කාලය : මාස 06 යි.( ඉරිදා පෙ.ව 9.00 -ප.ව 1.00) ප්‍රායෝගික පුහුණුවීම් ද සහිතයි.

🔸ලියාපදිංචි ගාස්තුව : රු.2,000/-
🔸පාඨමාලා ගාස්තුව : රු.40,000/- (එකවර ගෙවීමේදී 10% ක විශේෂ වට්ටමක්)

🔸ඇතුළත් වීමේ සුදුසුකම් :
උසස්පෙළ විෂයන් 3ක් සමත් හෝ සාමාන්‍ය පෙළ විෂයන් 06 ක් සමඟ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඇති කැමැත්ත හා ක්ෂේත්‍රය තුළ වසරක පළපුරුද්ද හෝ ලේක්හවුස් ඇකඩමිය විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්

🔸2026 ජූනි 01 වැනි දිනට පෙර අයදුම් කරන්න.

🔸විමසීම්-
077 4 940 740 (එරන්ද)

🔸Email - [email protected]
🔸page – Lake House Media Academy

02/05/2026

අභිනව මාධ්‍ය පරපුරක් හඳුන්වා දෙමින් ලේක්හවුස් ඇකඩමියෙන් නව විද්‍යාර්ථීහූ පිටවෙති.

-2026 මැයි 03 ඉරිදා - "සිළුමිණ" ඉරිදා ජාතික පුවත්පත-

(නෙත්මි පූජනී රත්නායක)

දැනුමැති, වගකීම් සහගත, නිර්මාණශීලී, දක්ෂ නව මාධ්‍ය පරපුරක් හඳුන්වාදීම ලේක්හවුස් ඇකඩමියේ අරමුණ වේ. එම අරමුණට අනුව ලේක්හවුස් ඇකඩමිය 2025 වසර වෙනුවෙන් සංවිධාන කළ පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථීන් සඳහා ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.

මෙහිදී ලේක්හවුස් ඇකඩමිය සංවිධාන කළ මාධ්‍ය සන්නිවේදන (සිංහල මාධ්‍ය), මාධ්‍ය සන්නිවේදන (දෙමළ මාධ්‍ය), ඩිජිටල් මාධ්‍යවේදී හා රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිවේදන යන ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඡායාරූපකරණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව යන පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසුන් 79 දෙනෙකුට ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනැමීම සිදු කෙරිණි.

මෙම උත්සවය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයට පැමිණි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාව ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වරුෂමාන ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා විධායක කළමණාකාරීත්වය විසින් මහත් හරසරින් යුතුව පිළිගත්හ. මගුල් බෙර හඬ මැද අමාත්‍යවරයා සහ අනෙකුත් ආරාධිතයන්ව පදනම් ආයතන‍ය් ‍ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත කැඳවාගෙන එන ලදී.

උත්සවය ඇරඹීමට පෙර සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වුණි. එම අවස්ථාවට පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී අදහස් දැක්වූ අතර ලේක්හවුස් ඇතුළු සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත්වී ඇති බව ඔහු කීවේය. වත්මන් රජය යටතේ කිසිදු මාධ්‍යයකට අනිසි බලපෑම් සිදු නොවන බවද පැවසූ ඇමැතිවරයා මාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීමට කටයුතු කර ඇති බවද කීවේය. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් ඉටු කරන සේවය ඇගයීමටද ලක් කළ ඔහු ලේක්හවුස් ඇකඩමියේ පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථීන්ට සුබ පැතුම් පිරිනැමීමටද අමතක නොකළේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා පී. බණ්ඩාර විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වූවාය. එම දේශනය සිදු කරමින් ඇය සඳහන් කළේ ලේක්හවුස් ඇකඩමිය විසින් සංවිධාන කරන පාඨමාලා සඳහා ඉහළම පිළිගැනීමක් හිමි වන බවයි. විශ්වවිද්‍යාලයන්හි පාඨමාලා පවත්වන විට න්‍යායාත්මක දැනුම ලබාදීමට පමණක් සීමා වුවද ලේක්හවුස් ඇකඩමිය විසින් පාඨමාලා මෙහෙයවීමේදී ප්‍රායෝගික පුහුණුවීම් සඳහා සුවිශේෂී වූ අවධානයක් යොමු කිරීම ඊට හේතුව බවද ඇය පැහැදිලි කළාය.

පැමිණි සිටි සියලුම දෙනා පිළිගනිමින් පිළිගැනීමේ හා අරමුණ පැහැදිලි කිරීමේ කතාව සිදු කළේ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා විසිනි. එහිදී ඔහු ලේක්හවුස් ඇකඩමිය විසින් සංවිධාන කරන පාඨමාලා සඳහා ඉහළ ප්‍රතිචාර තිබෙන බවත්, මෙම පාඨමාලා හැදෑරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තරුණ තරුණියන් ලේක්හවුස් ඇකඩමිය වෙත පැමිණෙන බවත් පැහැදිලි කළේය. සෑම පාඨමාලාවක්ම න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව පුහුණුවීම් හා දැනුම ලබා දෙමින් පැවැත්වෙන බවද, පාඨමාලා හැදැරූ සිසුන් පිරිසකට ලේක්හවුස් ආයතනය විසින් මේ වන විටත් රැකියා ලබාදීමට කටයුතු කර ඇති බවද කී සිසිර යාපා මහතා ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධව කටයුතු කිරීමට පාඨමාලා හැදෑරූ සියලුම විද්‍යාර්ථීන්ට අවස්ථාව ඇති බවද අවධාරණය කළේය.

ඩිප්ලෝමා සහතික හිමි කරගත් විද්‍යාර්ථීන් වෙනුවෙන් අෂානි මංජරී වන්නිනායක, රොෂෙල් ප්‍රනාන්දු, පාරින්ද්‍යා ගුණදාස, ජනක රණසිංහ හා චන්ද්‍රිකා නිරෝෂන් යන අය අදහස් දැක් වූ අතර ලේක්හවුස් ඇකඩමිය වෙනුවෙන් එහි පාඨමාලා සම්බන්ධීකාරක එරන්ද එදිරිමාන්න විසින් ස්තූති කතාව සිදු කළේය.

ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනැමීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා පී. බණ්ඩාර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, මෙහෙයුම් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමර ජනරාජ් පීරිස්, නීති අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, මුදල් අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල යන පිරිස එක් වූහ.

මෙම අවස්ථාව සඳහා සමාගම් ලේකම් සුදර්ශි හේවාවසම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චින්තක ප්‍රසන්න යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම් දනසේන, "සිළුමිණ" ප්‍රධාන කර්තෘ උදේනි සමන් කුමාර, "දිනමිණ" ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක, "සන්ඩේ ඔබ්සර්වර්" ප්‍රධාන කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, "වාරමංජරී" ප්‍රධාන කර්තෘ කේ. කුනරාසා, "තරුණි" ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ, "සරසවිය" ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර, "බුදුසරණ" ප්‍රධාන කර්තෘ රමණි සුබසිංහ, ඡායාරූප කර්තෘ තිලක් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මානව සම්පත්) ලක්මාල් රත්නායක, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (දැන්වීම් අතිරේක) රෝයි ජයසිංහ, ප්‍රධානී (අලෙවි, බෙදාහැරීම් හා සන්නාම ප්‍රවර්ධන) දර්ශ චන්ද්‍රසිරි, කළමනාකරු (ප්‍රචාරණ) ශාන්ත ජයමහ, ප්‍රධානී (ආරක්ෂක) විශ්‍රාමික එයාර් වයිස් මාෂල් ඩී.කේ. වනිගසූරිය, ඩිජිටල් මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති කර්තෘ රෂිත අබේවික්‍රම, ප්‍රධානී (තොරතුරු තාක්ෂණ) බුද්ධි දර්ශන, ආයතනයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති මංජුල වීරකෝන්, සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ගයාන් කුඹලාතර, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තිස්ස කුමාර, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එල්.එම්.සී. රත්නසිරි ඇතුළුව ලේක්හවුස් ආයතනයේ විවිධ අංශ, දෙපාර්තමේන්තු නියෝජනය කරමින් විශාල පිරිසක්ද සහභාගී වූහ.

රූපවාහිනී නිවේදකයින් වන චානක ඉනෝජ් සිංහල භාෂාවෙන්ද, අරුන් ප්‍රශාන්ත් දෙමළ භාෂාවෙන්ද නිවේදන කටයුතු සිදු කරන ලදී.

ඡායාරූප - ශාන් රූපස්සර, දුෂ්මන්ත මායාදුන්න, වාසිත පටබැඳිගේ, හිරන්ත ගුණතිලක, චින්තක කුමාරසිංහ

Photos from Lake House Academy's post 01/05/2026

ලේක්හවුස් ඇකඩමියේ පාඨමාලා හැදෑරූ සිසුන් වෙනුවෙන් සංවිධාන කළ ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෙද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 30 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

ලේක්හවුස් ඇකඩමිය විසින් 2025 වසර වෙනුවෙන් සංවිධාන කළ මාධ්‍ය සන්නිවේදන (සිංහල මාධ්‍ය), මාධ්‍ය සන්නිවේදන (දෙමළ මාධ්‍ය), ඩිජිටල් මාධ්‍යවේදී හා රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිවේදන යන ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඡායාරූපකරණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව යන පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසුන් 79 දෙනෙකුට මෙහිදී ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනැමීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා පී. බණ්ඩාර,ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්.විජේබණ්ඩාර,ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි වරුෂමාන,කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා,මෙහෙයුම් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමර ජනරාජ් පීරිස්, නීති අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, මුදල් අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල යන මහත්ම,මහත්මීන්ද මෙම ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනැමීමේ අවස්ථාවට සහභාගී විය.

Photos from Lake House Academy's post 01/05/2026

ලේක්හවුස් ඇකඩමිය විසින් 2025 වසර වෙනුවෙන් සංවිධානය කළ ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ සිසු,සිසුවියන් වෙනුවෙන් වූ ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ සමර්පණෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 26 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.

Photos from Lake House Academy's post 01/05/2026

2026 අප්‍රේල් 30 දින කොළඹ,ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවති ලේක්හවුස් ඇකඩමියේ ඩිප්ලෝමා හා සහතිකපත්‍ර සමර්පණෝත්සවය පිළිබඳව එම උත්සවයට පෙර පළවූ මාධ්‍ය වාර්තා...

14/04/2026

යස ඉසුරින් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත්,ඔබ පවුලේ සියලුම දෙනාටත්,නිදුක්- නීරෝගී සුව,දීර්ඝායුෂ සපිරුණු ජයග්‍රාහී,වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා!

කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

-ලේක්හවුස් ඇකඩමිය වෙතින් අලුත් අවුරුදු සුබ පැතුම්!

23/09/2025

Diploma in Mass Media Communication (Tamil)
New Intake: 2025 October
Register Now: 077315206

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

D. R. Wijayawardana Road
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00