25/03/2025
මේ තියන්නේ මේ සැරේ O/L ලියපු ළමයෙක්ගේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්. මතක තියාගන්න. මේවා උත්කර්ෂයට නැගිය යුතු දේවල් නෙවෙයි.
ළමයෙක් ශිෂ්‍යත්වෙ ෆේල් වෙන එක කමක් නෑ කියමු. ඒක ඇත්තටම පාස් වෙන්න අමාරු විභාගයක්. උසස් පෙළත් එහෙමයි. ඒත් සාමාන්‍ය පෙළ කියන්නේ ලංකාවේ පාස් වෙන්න ලේසිම විභාග අතරින් එකක්. සාමාන්‍යයෙන් ඕන මෝඩයෙක්ට මහන්සි වුණොත් ලකුණු 35 ක් අරං S එකක් ගන්න බැරි නැහැ. අනික විෂයන් 2ක් 3ක් ෆේල් වුණත් ගොඩක් පාසල් වලින් අඩුම කලා අංශයෙන් වත් උසස් පෙළ ලියන්න දෙනවා. අනික මෙයාලට උගන්වන්නත් රටේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා.
වැදගත්ම දේ ඒක නෙවෙයි. තව අවුරුදු 5ක් 10 ක් ගියාම, කැම්පස් ගිය ළමයින්ට "අපේ සල්ලි වලින් ඉගෙනගත්තු කුහකයෝ" කියලා බනින්නෙත් අපේ බදු මුදල් නිකරුණේ නාස්ති කරපු මේ අයම තමයි.
24/03/2025
බොරුවක්.
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ව්‍යාජ නිවේදනයකට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා ඇත. අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම් වැරදි ලෙස භාවිතා කරමින්, විද්‍යා ප්‍රශ්න පත්‍රය කාන්දු වී ප්‍රතිව්‍යුහගත කර ඇති බවත්, සියලුම අපේක්ෂකයින්ට අමතර ලකුණු 08 ක් ප්‍රදානය කරන බවත්, ශ්‍රේණිගත කිරීමේ සීමාවන් ලකුණු 10 කින් අඩු කරන බවත් එම අසත්‍ය ප්‍රකාශයෙන් කියැවේ. එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, සියලුම නිල නිවේදන නිසි අවසරය සහ නිල ලිපි ශීර්ෂ සහිතව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය හරහා ලියාපදිංචි මාධ්‍ය ආයතන වෙත පමණක් නිකුත් කරන බවත් අමාත්‍යාංශය තහවුරු කර ඇත. එවැනි අසත්‍ය තොරතුරු මගින් නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
The Ministry of Education has warned the public against a fake announcement being circulated on social media regarding the 2025 G.C.E. O/L Science examination paper.
The false statement, which misuses the names of the Ministry and the Department of Examinations, claims that the Science paper was leaked and restructured, and that all candidates will be awarded 08 extra marks, with grading thresholds reduced by 10 marks.
The Ministry has confirmed that no such decision has been made and that all official announcements are only issued to registered media outlets via the Ministry’s Media Unit with proper authorization and official letterheads.
The public is urged not to be misled by such false information.
Newswire
17/11/2023
"අනාගත ඩිජිටල්කරණයේ නූතන වියමන" 💻
නිපැයුමාණි 2023
නූතනත්වය හා සබැඳි තාක්ෂණික විප්ලවයේ නව මං තනන්නට,
සියලු සීමාවන් බල රහිත කරමින් නව මං පෙත් සොයා යන්නට,
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥ රුචිර විජේසේන සමඟින් සස්නක සංසද අපි සූදානම්.........
අලුත් විදිහට හිතන්න, අලුත් දේවල් කරන්න කැමති ඔබත්......
නොවැම්බර් 19 වෙනිදා හවස 7 ට
එන්න අපිත් එක්ක එකතු වෙන්න.
👇
https://tinyurl.com/Nipayumani2023
16/08/2023
💙🤍සස්නක සංසද - ගණිත සවිය 2023 සම්මන්ත්‍රණ මාලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ 13 වන වැඩසටහන අගෝස්තු මස 14 හා 15 යන දෙදින රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේදී පැවැත්විණි. මීට මෙම පාසලේ සිසුන් 170 දෙනෙකු පමණ සහභාගී විය.මේ සදහා සස්නක සංසදය නියෝජනය කරමින් දිනුල්,රශ්මි,චරක,අසේල්,සුමුදුනී,සඳුන්,මල්මික,රමුදි,නිමේෂ්,දුලාන්,හිරුණ,දිනුර,අෂිනි හා ගයාෂාන් යන අය සහභාගී විය.
පාසලේ සිසුන්ට මෙන්ම සස්නක සහෘදයන්ටද අමතක නොවන මතක රැසක් ඉතිරි කරමින් ගණිතය සම්මන්ත්‍රණය සාර්ථක ලෙස නිමාවිය. ♥️✨
05/05/2023
අටක් ලෝ දහමින්, සතරක් පෙර නිමිති වලින්, ඇතිවීම් නැතිවීම්හි සෝ දුකින් පෙළෙන ලෝ වැසි සියලු සත්ත්වයන් සසර කතරින් මුදවාලන වස්,
අප මහා මුනිරජාණන් වහන්සේ මනු ලොව උපත ලැබීම...
සිදුහත් නම් එකුමරු ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම...
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට පත්වීම...
යන අසිරිමත් ත්‍රෛමංගල්‍ය සිහිකිරීම.෴.
බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදුකරමින් කැලණියට වැඩමවීම .෴.
යනාදී අසිරිමත් සිදුවීම්ගෙන් අලංකෘත වූ මහා වෛශාක්‍ය මංගල්‍යය අදයි...🌕✨
නොනිමි සිතුව්ලි හරඹයක ගැටෙන ලක්වැසි, ලෝ වැසි සියලු දනන්ගේ සිත් සතන් අමා සිසිලෙන් නැහැවී පඤ්ඤා මගෙහි දොරටු විවර වේවා...! 🤍🙏
14/04/2023
වසන්තයේ හිරු මඟුලට - ආසිරි මල් පිබිදේවා
සතුටු සිනා මුව රැව් දී - සියලු පැතුම් ඉටු වේවා...🌞🌾
ඔබ සැමට සාමය, සතුට පිරි සහෝදරත්වයේ මිහිරියාව දසත පැතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!🙏💙
May the new year bless you with health, wealth & happiness.🌞🌾
Let's spread the sweetness of brotherhood in this New Year...!🙏💙
இப் புதுவருடம் அனைவருக்கும் மகிழ்ச்சி, வெற்றி, சகிப்புத்தன்மை மற்றும் பொறுமை ஆகியவற்றோடு இன்பமாக அமையட்டும்.🌞🌾
அனைவருக்கும் இனிய சித்திரைப் புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!🙏💙
10/01/2023
Sasnaka Sansada වාර්ශික ශ්‍රී සම්බුද්ධ කිරිපිඩු බුද්ධ පූජා මංගල්‍ය 2023
09/12/2022
International volunteers day -2022 celebration
Australian volunteers , Australian Aid collaboration with Sasnaka Sansada Foundation
08/12/2022
නායකත්ව විභවයන්ගෙන් සහ මනා පෞරුෂත්වයකින් හෙබි, ආර්ථිකමය අත්වැලක් අවැසි දැයේ දුවා දරුවන් වෙනුවෙන් "සිසුර සාදය"
උසස් පෙළ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය මෙවරත් දියත් කිරීමට සස්නක සංසද සූදානම්. ඔබ 2021 (2022 මැයි) අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල සමඟින් උසස් පෙළට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක නම් 2022 දෙසැම්බර් 20 දිනට ප්‍රථම පහත Google සබැඳිය හරහා අයදුම්පත ලබාගෙන අපවෙත යොමු කරන්න.
https://link.sasnaka.org/SisuraSadayaApplication
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න.
https://sasnaka.org/sisurasadaya
විමසීම්:
චමිදු ගමගේ 0779101268
ඉදුවර ඉළුක්කුඹුර -0766787578
03/12/2022
සස්නක සංසදය ගම්පහ දිස්ත්‍රික්කය විසින් සංවිධානය කල තෙසැත්තෑ ඥාන පූජාව 💙🤍💙