Himal Gunawardhana

Himal Gunawardhana

Share

LLB (University of Colombo )
Dip In Criminology
HND In Psychology

06/12/2025

📘 O/L Commerce අවසන් මහා සම්මන්ත්‍රණය – 2025

📚 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරුවන් සඳහා A+ සිහිනයට ආරම්භයක්

🔥 අප සමග එක් වීමෙන් ඔබගේ දරුවාට,

📝 10 ශ්‍රේණිය සම්පූර්ණ විෂය නිර්දේශය කෙටි සටහන් ඇසුරින් නැවත ආවර්ජනය කර ගත හැක.

🥇MCQ 40ක් + රචනා ප්‍රශ්න 7ක් අඩංගු අනුමාන ප්‍රශ්න පත්‍රය කෙටි ක්‍රම සහිතව පැහැදිලි කරනු ලැබීම.

🎁 සම්මන්ත්‍රණ නිබන්ධනය + කෙටි සටහන් පොත සම්පූර්ණයෙන්ම නොමිලේ.

🎁සම්මන්ත්‍රණය අතරතුර සිදු කරනු ලබන දැනුම මිනුම තරගාවලීයෙන් වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමට හැකී වීම.

👩‍🏫 මෙම සම්මන්ත්‍රණය සඳහා අපගේ පන්ති පැමිණි නොපැමිණී ඕනෑම 10 සහ 11 ශ්‍රේණියේ සියලුම දරුවෙකුට සහභාගී විය හැක.

📅 දිනය: දෙසැම්බර් 11
⏰ වේලාව: පෙ.ව. 8.00 – ප.ව. 2.00
🥇 ප්‍රවේශය රු.400ක් පමණි.

📞 විමසීම්: 077 802 3370

📲 සම්මන්ත්‍රණය සඳහා සහභාගි වන සියලුම දරුවන් පහත Whatsapp Group එක හා සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/EhZI9mE6y0c2BdRf012mEj

📌මෙහෙය වීම,
දේශක අචිර මුණසිංහ
BBSc (Hons) University of Moratuwa (UG)
Operational Level (CMASL), Passed Finalist (AATSL)

#2025 #2026

28/11/2025
26/11/2025

ඉතිහාසයට අනිවාර්යයෙන් A එකක් ගමු🎋🍄

වසර අවසාන මහා ඉතිහාස සම්මන්ත්‍රණය 2025 දෙසැම්බර් 1 දා "යා ත්‍ රා" ආයතනයේ පැවැත්වේ .මෙහිදී ඔබට,

🚦පාඩම් 10ටම අදාළ සෙල්ලිපි සියල්ලම

🚦රචනා ප්‍රශ්න වලට නිවැරැදිව පිළිතුරු ලිවීමට හුරු කරවීම

🚦පින්තූර ආශ්‍රිත ප්‍රශ්න සාකච්ඡාව

🚦ලංකා සහ ලෝක සිතියම් සාකච්ඡාව

🚦අසීරු පාඩම,සටන් සහ වර්ෂ මතක හිටින කෙටි ක්‍රම රැසක් ලබා දේ.

⚠️සම්මන්ත්‍රණ ගාස්තුව - රු.400 යී.

දරුවන්ගේ ප්‍රියතම ඉතිහාසය පන්තිය ,
මෙහෙයවීම
නීතිවේදී හිමාල් ගුණවර්ධන
(076 440 9974)

සම්බන්ධ වන දරුවන් "History seminar 2025" ලෙස සටහන් කොට ඉහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

25/07/2025

මුහුදේ කඳුළ

වර්ෂ 2021 දී සිංගප්පූරුවට අයත් MV-X-Press Pearl නෞකාව මගින් මෙරට සාගර කලාපය දූෂණයට ලක්කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ, හර්මන් කුමාර හා අරුණ රොශාන්ත විසින් ගොනු කරන ලද SCFR/168/21 මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩු තීන්දුව අද දින එනම් 2025.07.24 වන දින ගරු අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදෙන ලදි.

නඩු තීන්දුව ප්‍රකාරව මෙම ව්‍යසනය ඉන්දියානු සාගර කලාපය තුළ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස නම් කරනු ලැබූ අතර එමෙන්ම වැඩිම රසායනික පැතිරීම සිදු වූ ඛේදවාචකය ලෙසද ලොව වැඩිම ප්ලාස්ටික්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා ප්ලාස්ටික් නර්ඩල් පරිසරය වෙතට මුදාහැරුණු වාර්තාගත සිදුවීම ලෙසද අද දින මෙම නඩු තීන්දුව හරහා ගරු අධිකරණය මෙම MV-X-Press Pearl ඛේදවාචකය නම් කරනු ලැබුවා. එමෙන්ම මෙම ප්ලාස්ටික් කොටස් හා අංශු ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ සහ උතුරු මුහුදු සීමාවන් තුළ ව්‍යාප්තව ඇති බවත් තවමත් එම ප්ලාස්ටික් ද්‍රව්‍ය බටහිර මුහුදු සීමාවේ පවතින බවටද වාර්තා කරන ලදි.

මෙම නඩු තීන්දුව මගින් ශ්‍රී ලංකාවේ සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන්…..

- මූලික වන්දියක් ලෙස ඇ.ඩො.බි. එකක මුදලක් නඩු තීන්දුව ලබා දුන් දින සිට වසරක් තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යොමු කරන ලෙස රාජ්‍ය නොවන වගඋත්තරකාර පාර්ශවයන්ගෙන් එනම් තීන්දුවේ සදහන් MV-X-Press Pearl නෞකා කණ්ඩායම වෙත නියෝග කරනු ලැබුවා. එය කොටස් වශයෙන් ගෙවීමට හැකියාව ලබාදුන් අතර එහි පළමු වාරිකය 2025 සැප්තැම්බර් 23 වන දිනට ගෙවිය යුතු වෙනවා.

- අනෙකුත් සහ ඉදිරි ගෙවීම් පිළිබදව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කරනු ලබයි.

- MV-X-Press Pearl වන්දි පිළිබද කොමිශන් සභාවක් ස්ථාපනය කල අතර එහි සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර මහතා පත්කල අතර එම කොමිශන් සභාව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට වගකිවයුතු වෙනවා.

- MV-X-Press Pearl- සාගර හා වෙරළ පරිසර ආරක්ෂණ හා ප්‍රතිෂ්ඨාපන කමිටුව, පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා නිල බලයෙන්ම පත්කරනු ලැබුවා. මෙම කමිටුවද ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට වගකිවයුතු වෙනවා.

- තවද ස්වාධීන විශේෂඥ කමිටුවක්ද මේ සම්බන්ධයෙන් පත් කරන්නත් ඒ පිළිබදව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන්නත් නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා. පෙත්සම්කරුවන්ගේ මෙන්ම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් කටයුතු කලබවට ශ්‍රී ලංකා ජනරජයේ ගරු නීතිපතිතුමා මෙන්ම එවකට අමාත්‍යවරයෙකුව සිටි නාලක ගොඩහේවා මහතා මෙන්ම එවකට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය වන දර්ශනී ලහදපුර ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින වරදකරු කරනු ලැබුවා.
- මෙම සිදුවීමට අදාලව සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් අලුතෙන් පරීක්ෂණ පවත්වන්නට නීතිපති උපදෙස් මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ අධ්‍යක්ෂකවරායාට නියෝග කරා.
- එමෙන්ම අපරාධ විමර්ශන කොට්ඨාශයටද මෙම සිදුවීමට අදාලව හදුනාගෙන ඇති සහ පරීක්ෂණ කරගෙන යනු ලබන සාගර හා වෙරළ ආශ්‍රිත අපරාධ වැරදි ඇතුළුව මේ සිදුවීමට අදාල සියලුම අපරාධ වැරදි සම්බන්ධයෙන් විමර්ශන හා නීති කටයුතු අදාල පුද්ගලයන්ට එරෙහිව ආරම්භ කිරීමට නියෝග කරා.

මෙම නඩුතීන්දුව අනාගත පරිසර නීතිය වෙනුවෙන් අතිශය වැදගත්භාවයක් උසුලන නඩු තීන්දුවක් මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින නීති තත්වයන් අන්තර්ජාතික නීති තත්වයන් සමග සසදා බලා ලංකාවට ගැලපෙන ලෙස ඒවා ප්‍රතිස්ථාපනය කිරීමටද මෙම අධිකරණ තීන්දුව මගින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.

මෙම නඩු තීන්දුව දූෂණකාරකයා වන්දි ගෙවිය යුතුයි යන මූලධර්මය මත පිහිටා රාජ්‍ය නොවන විත්තිකාර පාර්ශවයන් වන MV-X-Press Pearl නෞකා කණ්ඩායම සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තීරණය කරා.

මෙම නඩුවට අදාලව ගොනුකරනු ලැබූ නඩුකර 4ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කල අතර මෙම නඩුවේ නඩු කටයුතු අවසන් කිරීමක් කලේ නැහැ. එහෙම කළේ මෙම අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක වෙනවද කියල අධිකරණයට වාර්තා කළ යුතු වෙනවා. ඒ නිසා මේ නඩුව නැවත 2025 සැප්තැම්බර් 25 වන දින කැදවන්න නියෝග කලා.

ඉතින් පරිසර සංවිධානයක් විදියට මෙම ව්‍යසනය සිදුවෙලා දින කිහිපයක් තුළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉස්සෙල්ලම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරල ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම පාරිසරික අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නගල අපි ආරම්භ කරපු මේ සටන අද දින මෙම නඩු තීන්දුව මගින් ජයග්‍රහණය කරල තියනවා. මේක අපිට ඉතාමත් වටිනා නඩු තීන්දුවක්. ඉතින් අපි පරිසරයට සිද්ධ වෙච්ච හානිය පිළිබද කරුණු පෙන්නල දීලා අද ජාතියටම සන්තෝශ වෙන්න පුළුවන් විදියෙ නඩු තීන්දුවක් ලැබීම පරිසර නීතිය තුලත් විශාල ජයග්‍රහනයක්.

මේ නඩුතීන්දුව හොද ආරම්භයක් සහ මගපෙන්වීමක් සමස්ත නීතිය සම්බන්ධයෙන්. ඉතින් අද ඉදල මේ තීන්දුව ක්‍රියාත්මක වෙන විදිය ගැනත් අපි හොද අවධානෙන් බලන් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මෙමගින් මෙරට ජනතාවට සහ විශේෂයෙන් පරිසරයට වඩා යහපතක් වෙයි කියල.


25/03/2025

හෙරොයින් සමඟ මිනී ඇටකටු..

කුඩු හෙවත් හෙරොයින් ලංකාවම වෙලාගත් මහා පිළිලයක් වෙලා අවසන්.මේ කුඩ්ඩන් හා කුඩු අලෙවි කරුවන්ගේ නවතම සොයා ගැනීම මිණී ඇටකටු කුඩු මිශ්‍ර කළ හෙරොයින්.
මෙම කතාව පටන් ගන්නෙ දිවයිනේ සුප්‍රසිද්ධ මල් ශාලාවක එම්බාම් කරුවාගෙන්. මේ ඔහුගේ වදන්,
"අපේ අතේ නෙවෙයි ලොක්කා වැඩේ තියෙන්නෙ. අපි ගේම පාස් කරනවා විතරයි. අපිට තියෙන්නෙ මැරුණ කෙනාගෙ වයසයි, ආදාහනය කරන තැනයි හරියටම කියන එක විතරයි. කෑල්ලකට 500‍යි. භූම දානය කරන කෑලිවලින් වැඩක් නෑ. මිනිය ගැන විස්තර හරියටම දුන්නාම ඒ අය කියනවා හරියටම පෝමලින් ගහන්න ඕනෙ මාත්‍රාව. සුදු ඇට වලට වදින්නම පෝමලින් මාත්‍රාව දෙන එකයි අපිට තියෙන්නේ. ඒ අය වැඩේ ගානට සෙට් කරනවා. එතනින් එහාට තියෙන්නේ ආදාහනාගාරයේ අයගෙ වැඩ ටික".

මේ තියෙන්නේ ආදාහනාගාරයේ අය කරන වැඩ ටික,
"මිනියක් පුලුස්සද්දි ගෑස් යන්නෙ එකම ප්‍රමාණයක්. හොදින් වැඩුන කෙනෙක් පුලුස්සන්න ගෑස් කිලෝ 7/8 ක් යනවා. ඒත් ගෑස් බැලන්ස් කරන එක ආදාහනාගාර සේවකයන්ගෙ පුරුද්දක්. මිනිය බාගෙට පිලිස්සුනාට පස්සෙ ආදාහනාගාරයේ මේසය උඩට අරන් මිනිය කෑලි වලට කඩනවා, ඉන් පස්සෙ පිලිස්සෙන්න දාපුවම ඉක්මනින් පිලිස්සෙනවා, එතනදි ගෑස් කිලෝ දෙකක් විතර ඉතිරි කර ගන්න පුලුවන්. මිනී 4/5 පුච්චන්න එන දවසට බර ලොකු ඇට පුච්චන්නෙ නැතිව එලියෙ වලකට දාල වහනවා. නැත්තන් ගෑස් බැලන්ස් කර ගන්න එක පාර පුච්චලා දානවා. ඔන්න ඔතනදි තමයි අර කුඩු කාරයෝ ටික වැඩේට් එකතු වෙන්නෙ.
පුච්චන භාෂාවෙන් ඒවට කියන්නෙ සුදු ඇට කියලා. ඒ ඇට හරියට පිච්චුනාම හෙරොයින්ම තමයි. පෝමලින් පදමට වැදිල තියෙන නිසා හෙරොයින් වලට වඩා පවර්. ලංකාවට ගේන හෙරොයින් වල කළවමට දාන්නේ ඒ කුඩු තමයි. ලංකාවෙ කා ගාව තිබිලා හෙරොයින් කිලෝ එකක් ඇල්ලුවත් රස පරීක්ෂණ වාර්තාවෙදි මිලිග්රැම් ගානින් වාර්තා වලට එන්නෙ ඔය හේතුවෙන් තමයි.

2016.10.16 ඉරිදා මවුබිම

උපුටා ගැනීමක්

Photos from Himal Gunawardhana 's post 20/03/2025

🔰අපේ රාවණ ඉතිහාසය ඇත්තක් 🔰

පුරාවිද්‍යාවෙන් සගවන ආසියාවේ ලොකුම සෙල්ලිපිය

*මම අද වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ❤*

*ඔයාලට මතක ඇති පහුගිය දවස්වල දිඹුලාගලින් හම්බ වුණා ආසියාවේ ලොකුම සෙල්ලිපිය*

*දිඹුලාගලින් හම්බුන මේ සෙල්ලිපිය හින්දා ලංකාවේ ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?*

*ඔව් මේ සෙල්ලිපිය නිසා ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා....*

*එතකොට අපිට මෙච්චර කාලයක් උගන්නපු ඉතිහාසය අපි ඉගෙන ගත්ත ඉතිහාසය වැරදිද? බොරුවක්ද?*

*ඔව් අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්ත ඉතිහාසය වැරදියි එහෙම නැත්නම් බොරුවක් වෙනවා...*

*දිඹුලාගලින් හම්බුට මේ සෙල්ලිපි හින්දා අපිට ප්‍රශ්න කිහිපයක් මතුවෙනවා..*

*අපි ඒ ප්‍රශ්න එකින් එක බලමු අනිවාර්යෙන්ම මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා*

1. *ආසියාවේ ලොකුම සෙල්ලිපිය දිඹුලාගලින් හම්බවෙද්දි, අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්ත ලංකාවෙ ලොකුම සෙල්ලිපිය ගල් පොත සෙල්ලිපිය කියන එක බොරුවක් වෙනවා නේද..?*

2. *දිඹුලාගලින් හම්බෙන මේ සෙල්ලිපියේ කියන දීපරාජ කියන රජවරයා කවුද? ඇයි මහාචාර්යවරු මේ රජවරයා ගැන සඳහනක් කරන්නෙ නැත්තේ....*

3. *සෙල්ලිපියේ සඳහන් වන තෙරුන් වහන්සේගේ නම මොකක්ද? ඇයි මේ තෙරුන් වහන්සේ ගැන මහාචාර්යවරු සඳහනක් කරන්නේ නැත්තේ..*

4. *දිඹුලාගලින් හම්බුන මේ සෙල්ලිපිය හින්දා ලංකාවේ ඉතිහාසයේ මොනවගේ පැත්තකට හැරෙයිද...*

5. *ඇයි මේ සෙල්ලිපිය මිනිස්සුන්ට බලන්න යන්න දෙන්නෙ නැත්තේ...*

*හරි මම දැන් උඩ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්*❤

1. *ඔව් අපි මෙච්චර කාලයක් ඉගෙනගත්ත ලංකාවේ ලොකුම සෙල්ලිපිය ගල් පොත සෙල්ලිපිය කියන එක බොරුවක් වෙනවා කවුද මේ ගල් පොත සෙල්ලිපිය ලංකාවේ ලොකුම සෙල්ලිපිය කියලා නම් කරේ මේක මේ විදිහට නම් කරේ* *~ශ්‍රී ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා එච්.සී.පී.බෙල්~* *ඒ කියන්නේ එච්.සී.පී.බෙල් මහත්තයා අපේ ලංකාවේ ඉතිහාසය විකෘති කරාද? ඔව් එච්.සී.පී. බෙල් අපේ ලංකාවේ ඉතිහාසයේ විකෘති කරා ඒකට ලොකු හේතුවක් තිබ්බා. ලංකාවේ තරම් දීර්ඝ ඉතිහාසයක් ප්‍රෞඩත්වයක් ලෝකෙ කිසිම රටක තිබ්බේ නෑ එච්.සී.පී බෙල් කැමති උනේ නෑ මේ දේවල් අනාගත පරපුර දැනගෙන ලංකාව ලෝකේ ඉහලට එනවට ඒ හින්දා එච්.සී.පී.බෙල් අපේ ලංකාවේ ඉතිහාසය විකෘති කළා අපි අහලා තියෙනවා එච්.සී.පී.බෙල් නැව් ගණන් ලංකාවේ තිබ්බ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු දේවල් අරන් ගියා කියලා ඔව් ඒක ඇත්ත ලංකාවෙ නෙමේ තියෙන්නෙත් ත්‍රිපිටකයේ හරිම පිටපත ඒකත් එච්.සී.පී.බෙල් ලංකාවෙන් අරන් ගියා එහෙම අරන් ගිය ලංකාවෙ ඉතිහාසයේ හංගන්න ඕන හින්දා අපි ලංකාවේ ලොකුම සෙල්ලිපිය ගල් පොත සෙල්ලිපිය කියල ඉගෙන ගත්තෙ එච්.සී.පී.බෙල් කරපු මේ වැඩේ හින්දා අන්න එහෙමයි අපේ විෂය නිර්දේශයයේ ඉතිහාසය කියන විෂයට මේ කරුණු ඇතුළත් වුණේ*

2. *දිඹුලාගලින් හම්බෙන මේ සෙල්ලිපිය සඳහන් වෙනවා දීප රාජ කියලා රජ කෙනෙක් ගැන කවුද මේ දීප රාජ දීප රාජ කියන්නේ බුදුන් වහන්ස වහන්සේ පහළ වෙනකොට හෙළදීපය පාලනය කරපු රජවරයා මේ දීප රාජ කියලා හඳුන්වන්නේ පණිත කියන මහරජතුමා ඇත්තටම කවුද මේ දීප රාජ දීප රාජ කියන්නේ අපි සුමන සමන් දෙවියන් විදියට හඳුන්වන සහ මහලොකු මෑණියන් විදිහට හඳුන්වන මහියංගන ප්‍රදේශයට අධිපති දෙවිවරුන්ගේ පියාණන් එතකොට මේ කරුණත් එක්ක ලංකාවේ පළවෙනි රජතුමා විජය රජතුමා කියන කතාව බොරුවක් වෙනවා අන්න ඒ නිසයි පුරාවිද්‍යා මහාචාර්යවරු මේ සෙල්ලිපියේ සඳහන් වන මේ කරුණ ගැන මේ රජවරයා කවුද කියලා සඳහනක් කරන්නේ නැත්තේ තව දෙයක් මේ පණිත මහරජතුමා ගැන සඳහන් වෙච්ච ශිලා ලේඛන ඔක්කොම එච්.සී.පී.බෙල් ඇතුළු පිරිස විකෘති කරනවා. මේ දීපරාජ පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ බොල්ගොඩ විහාරයේ අදටත් ශිලා ලේඛනයක් තියෙනවා මේ ශිලාලේඛනය බුද්ධ කාලයේ දී ලියවිච්ච ශිලා ලේඛනයක් මේකේ බුදුන් වහන්සේ ගැන සඳහන් වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ ඥාති පිරිස ගැන සඳහන් වෙනවා. හැබැයි පුරාවිද්‍යාඥයන් මේ සෙල්ලිපිය ගැන කිසිම ප්‍රකාශයක් කරන්නෙ නෑ.*
*තව දෙයක් කියන්න ඕන. මේ දිඹුලාගලින් හම්බුන සෙල්ලිපියේ මුල් අකුරු පේළිය මැකිලා කියලා මහාචාර්යවරු කියනවා, කියවන්න බෑ කියනවා, නෑ ඒක මැකිලා නෑ මෙයාලා කරන්නේ මේ ඉතිහාසය හංගන්න ඕන හින්දා ඒක මැකිලා කියලා මතයක් ඉදිරිපත් කරන එක මොකද මේ සෙල්ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වොත් ලංකාවේ සම්පූර්ණ ඉතිහාසයම අනිත් පැත්ත හැරෙනවා*
*මෙන්න මේකයි මේ දීපරාජ සහ මේ වටා ගෙතුණු කතාව මහාචාර්යවරු කියන්නැති වෙන්න හේතුව*

3. *දිඹුලාගලින් හම්බෙන මේ සෙල්ලිපිය සඳහන් වෙන තෙරුන් වහන්සේ කවුද දිඹුලාගලින් හම්බෙන මේ සෙල්ලිපියේ සඳහන් වන මේ තෙරුන් වහන්සේ තමා නන්ද තෙරුන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා. එහෙමත් නැත්නම් ප්‍රජාපතීගෝතමීගේ සහ සුද්ධෝදන රජතුමාගේ පුතා දිඹුලාගල ඔය හම්බුන සෙල්ලිපිය ළඟම තියෙනවා නන්ද කුමාරයා විසින් ඉදිකරපු ලෙනක් හැබැයි තාම ඒ ලෙන බලන්න යන්න කිසිම පහසුකමක් හදල නෑ තව නාමල් පොකුණේ නන්ද කුමාරයා විසින් කරපු ශිලා ලේඛනයක් තියෙනවා මේ දේවල් අපෙන් වසං කරන්නේ අපේ රටේ මෙතෙක් උගන්නපු ඉගෙන ගත්ත ඉතිහාසය බොරුවක් කියලා ඔප්පු වෙන නිසා*

4. *දිඹුලාගලින් හම්බුන මේ සෙල්ලිපිය හින්දා ලංකාවේ ඉතිහාසය වෙනස් වෙයිද? ඔව් ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේ දවස්වල ගොඩක් කතා වෙනවා බුදුන් වහන්සේ පහළ වුණේ ලංකාවේ කියලා, මේ සෙල්ලිපියත් එක්ක බලපුවහම බුදුන් වහන්සේ පහළ වුණේ ලංකාවේ කියන කතාව ඇත්තක් වෙනවා ඊළඟට රාවණ පිළිබඳව තියෙන මතයන් රාවණ කියන්නේ ඇත්ත රජ කෙනෙක් කියලා ඒකෙන් ඔප්පු වෙනවා මොකද රාවණ කියන්නේ සක්විති රජ කෙනෙක් බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්විති රජ කෙනෙක් ඉඳපු භූමියක විතරයි, එහෙනම් මේ වගේ දේවල් එළියට එන හින්දා තමයි පුරාවිද්‍යා මහාචාර්යවරු මේ සෙල්ලිපිය හංගන්න උත්සාහ කරන්නේ සහ විකෘති කරන්න උත්සාහ කරන්නේ දිඹුලාගලින් හම්බුන මේ සෙල්ලිපිය හින්දා ලංකාවේ ඉතිහාසය වෙනත්ම පැත්තකට හැරෙනවා මෙච්චර කාලයක් අපි ඉගෙන ගත්ත සම්පූර්ණ ඉතිහාසයම බොරුවක් බවට පත්වෙනවා එහෙම අපි වැරදි ඉතිහාසයක් ඉගෙන ගන්න සම්පූර්ණ හේතුව සහ මේ දේට වග කියන්න ඕනේ එච්.සී.පී.බෙල් කියන පුරාවිද්‍යා කොමසාරිස්වරයා මොකද එච්.සී.පී බෙල්ට ඕන උනා අපේ ලංකාවේ ඉතිහාසය විකෘති කරලා ලංකාවේ තියෙන ප්‍රෞඩත්වය නැති කරලා දාන්න දිඹුලාගලින් හම්බුනු මේ ආසියාවේ විශාලතම සෙල්ලිපිය හින්දා ලංකාවේ ඉතිහාසයට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්*

*අපි මේ ගැන අවධානයෙන් ඉමු*
උපුටා ගැනීමකි

01/02/2025

🌎 History with Himal
Annual Trip To Kithulgala Cave & etc

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo
Colombo