30/11/2025
ගංවතුරෙන් පසු පාචන රෝග වැලැක්වීම...
Sri Lanka's best Environment Health & Safety Partner
30/11/2025
ගංවතුරෙන් පසු පාචන රෝග වැලැක්වීම...
12/04/2023
අලුත් අවුරුද්දේ රතිඤ්ඤා, අහස් කූරු, නිලා වගේ ගිනි කෙළි වර්ග භාවිතා කරන්නට සූදානමින්නම් ඉන්නේ.. මේ ඔබේ අවධානය පිණිසයි....
සෑම වසරකම අලුත් අවුරුදු කාලෙට ගිනි කෙළි භාවිතය වගේම ගිනි කෙළි නිසා සිදුවන අනතුරු ප්‍රමාණයත් වැඩි වෙනවා.. ජාතික අක්ශි රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතාට අනුව ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවලින් 46% අත් සහ ඇඟිලි වලටත්, 17%ක් මුහුණටත් තවත් 17% ඇස් වලටත් සිදු වෙනවා. මේ ගිනි කෙළි අනතුරු වල ප්‍රතිඵල විදිහට ඇස් පෙනීම අඩුවීම, ඇඟිලි පුපුරා යෑමේ සිටි පූරණ අන්ධ බවට පත්වීම සහ මරණයට පත්වීම දක්වා වාර්ථා වෙනවා. ඒ වගේම මේ අනතුරු වලට වැඩියෙන්ම මුහූනදෙන්නේ කුඩා පිරිමි දරුවන් සහ තරුණ පිරිමි පුද්ගලයන්.
මේ අනතුරු වලට බලපාන ප්‍රධානම හේතු වෙන්නෙ,
1. නොසැලකිලිමත්කම
2. අනවශ්‍යය අවදානම් ගැනීම
3. නොදැනුවත්කම
මෙතනින් අංක 1 සහ 2 (නොසැලකිලිමත්කම සහ අනවශ්‍යය අවදානම් ගැනීම) තමා තුලින්ම හදාගන්නට, හික්මීමක් ඇති කරගන්නට අවශ්‍යය දේවල්, නමුත් අංක 3, ඒ කියන්නේ නොදැනුවත්කම අපිට නිසි දැනුවත් වීම තුලින් මගහැර ගන්නට පුලුවන්. ඉතින් ඔබ, ඔබේ දරුවන් මේ අවුරුදු කාලයේ ගිනි කෙළි භාවිතාකරනවානම් පහතින් තිබෙන කරුණු ගැන නිසි අවදානයක් දෙන ගමන් ඒ අනුව කටයුතු කරනවානම්, වෙන්නට පුලුවන් විශාල අනතුරකින් ආරක්ශා වෙන්නට හැකියාව ලැබේවි.
ගිනි කෙළි භාවිතා කිරීම සෑම විටම හොඳින් ඉඩකඩ ඇති එළිමහන් වටපිටාවකදී සිදුකරන්න. නිවස තුල, වෙනත් ගොඩනැගිල්ලක් තුල හෝ ඉතා අඩු ඉඩක් ඇති තැනක භාවිතා කිරීමෙන් වලකින්න.
ගිනි කෙළි භාවිතා කරන ස්ථනාය ආසන්නයේ වතුර බාල්දියක් හෝ වතුර කරාමයකට සම්බන්ද කල හෝස් එකක් තබාගන්න.
ගිනි කෙළි භාවිතා කරන ස්ථානයේ සිට ආරක්ශිත සීමාවක් තබා ගන්න. පොළොව මත දල්වන බඹර චක්‍ර වගේ ගිනි කෙළි වලදී අඩුම වශයෙන් අඩි 50 ක් වත් ඈතින් සහ අහසට යවන අහස් කූරු, මල් වෙඩි වගේ ගිනි කෙළි වලදී අවම වශයෙන් අඩි 150ක් ඈතින් නරඹන පිරිසට රැඳී සිටින්නට සලස්වන්න.
නිවැරදිව දැල්වෙන්නේ නැති (පුස්) ගිනි කෙළි වලින් ප්‍රවේශම් වෙන්න. මෙතනදී වඩාත්ම වැදගත් දේ තමයි මේ නිවැරදිව දැල්වුනේ නැති ගිනි කෙළි අසලට යාමෙන් හෝ නැවත දල්වන්නට උත්සහ කිරීමෙන් වැලකී සිටින එක. එමගින් මේවා ටිකක් පරක්කුවෙලා ගිනි ගැනීමෙන් සහ එක්වරම පුපුරා යාමෙන් වෙන්නට පුලුවන් අනතුරු වලින් ඔබට ආරක්ශා වෙන්නට පුලුවන්.
කුඩා දරුවන් නිලා කූරු භාවිතා කරනවානම් ඒ සඳහා විශේෂ අවධානයක් දෙන්න. නිලා කූරක් දැල්වෙන සාමාන්‍යය උශණත්වය ෆැරන්හයිට 2000 ක් පමන වෙනවා. ඒ කියන්නේ ලොහයක් උනත් උණුකරන්නට පුලුවන් උශ්ණතවයක්. නිලා කූරු මගින් ඇඳුම් වලට ගිනි අවිලීමට ඇති හැකියාවත් ඉතාමත් වැඩී. ඒ වගේම මේවා ළමුන්ගේ කකුල් මතට වැටීමෙන් සහ සිරුරේ වෙනත් කොටස් වල ගෑවීමෙන් සෑම අවුරුද්දකම දරුණු අනතුරු බොහෝමයක් වාර්ථා වෙනවා.
ගිනි කෙළි භාවිතා කරද්දී ඔබේ සුරතල් සතුන් ගැනත් මතක තබාගන්න. මේවාගේ ශබ්දය සහ ආලෝකය සතුන්ට ඉතාමත් අමිහිරි සහ ආතතියක් ඇති කරන දෙයක්. නමුත් ඔබට පුලුවන් නම් ඔවුන් ගිනි කෙළි වලින් ඈත්කරන්න සහ ඔවුන්ගේ අවදානය වෙනස් කරන්න ඒ අමිහිරි අත්දැකීම සහ ආතතිය තරමක් දුරට හෝ ඔබට අඩුකරන්නට පුලුවන්. ගිනි කෙළි භාවිතාකරන විට සතුන් නිවස ඇතුලට ගන්න, ජනෙල් තිර රෙදිවලින් ආවරණය කරන්න. TV එකේ radio /එකේ ශබ්දය වැඩිකරන්න.
ගිනි කෙළි දැල්වීමේදී කිසිම විටෙක ඒවා අතෙහි තාබාගෙන දැල්වීම හෝ ගිනිකෙළි වලට ඉහලින් සිරුරම හෝ සිරුරේ කොටසක් පිහිටන විදිහට සිටගෙන හෝ ඉඳගෙන දැල්වීමෙන් වලකින්න. ගිනි කෙළි ඈත සිට දැල්වීමට පුලුවන්වන විදිහට බට කැබල්ලකට හෝ ලී දඬුවකට සවිකරගත් ඉටිපන්දමක් භාවිතා කිරීමෙන් ගිනි කෙළි දැල්වීමේදී සිදුවන අනතුරු අවම කරගන්නට පුලුවන්
එක වරකට ගිනි කෙළි කීපයක් දැල්වීමෙන් වලකින්න. කිහිපයක් එක වර දල්වන්නට යාමේදී අනතුරක් සිදුවීමට හැකි අවදානම ඉතාමත් වැඩිවෙන්නට පුලුවන්. ඔබ සැලසුම් නොකල විදියට සියලු ගිනි කෙළි දාමයක් ආකාරයෙන් දැල්වෙන්නටත් එක්වරම පුපුරා යන්නටත් පුලුවන්.
මත් ද්‍රව්‍ය භාවිතාකර සිටින විට ගිනි කෙළි භාවිතය හෝ ඒ අසලට යෑම නොකරන්න.
දැල්වී අවසන් වුන සහ නිවැරදිව දැල්වෙන්නේ නැතිව ඉතිරිවුන ගිනි කෙළි බැහැර කිරීමට කලින් හොඳින් වතුරෙන් තෙත් කරන්න. මෙමගින් ඉවත්ලන ගිනි කෙළි වලින් පසුකාලීනව වෙන්නට පුලුවන් අනතුරු වලක්වා ගන්නට පුලුවන්
අලුත් අවුරුද්දක් කියන්නේ ජීවිතේ නව ආරම්භයක් මිසක් අවසානය නොවන බව මතක තබාගන්න, ඔබේ හය හතර නොදත් දරුවාටත්, දරුවන්ටත් වඩා අන්ත තත්වයේ යහළු මිත්‍රයන් ඉන්නවානම් ඔවුන්ටත් කියාදෙන්න. අනතුරු අවම කරගන්නට මෙම ආරක්ශිත පිළිවෙත් හැකිතාක් සමාජගත කරන්න.
Follow us > https://www.linkedin.com/showcase/ehs-lk/
10/04/2023
The Story of the carbon dioxide fire extinguisher - 1
කාබන් ඩයොක්සයිඩ් එහෙමත් නැතිනම් රසායනික සූත්‍ර නාමයෙන්ම කිව්වොත් CO₂ ගන්ධයක් නොමැති අවර්ණ වායුවක් . එය ඔක්සිජන් පරමාණු දෙකක් එක් කාබන් පරමාණුවක් සමඟ සංයුක්ත වීමෙන් සැකසිලා තිබෙනවා.
ඉතින් ඇයි ගිනි නිවන උපකරණ වලට ගිනි නිවීමේ මාද්‍යක් විදියට CO₂ භාවිතා කරන්නේ?
ගිනි නිවන යන්ත්‍රවල කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන්නේ එය ගින්න අවට වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය විස්ථාපනය කිරීම (ගින්න ඇති ස්ථානයෙන් ඉවත් කිරීමට) හෝ අඩු කිරීම සිදු කරන නිසායි.
ඔබ ගිනි ත්‍රිකෝණය (ඔක්සිජන්, තාපය සහ ඉන්ධන) ගැන දැනුවත් නම්, ඔක්සිජන් ගින්නක් ආරම්භ කිරීමට සහ පැතිරීමට අවශ්‍ය මූලික කරුණු තුනෙන් එකක් බව ඔබ දන්නවා ඇති. ගින්නෙන් ඔක්සිජන් ඉවත් කර මුදාහරින ලද CO₂ වායුව සමඟ එය නිවාදැමීමෙන් ගින්න නිවා දැමීමට හැකි වෙනවා..
කාබන්ඩයොක්සයිඩ් ගිනි නිවන උපකරණ ප්‍රධාන වශයෙන් විශේෂිත ගිනි නිවන පන්ති (fire class) දෙකක් සඳහා භාවිතා කරන්නට පුලුවන්. ඒ B පන්තියේ ගිනි සහ විදුලිය නිසා හටගන්නා ගිනි (E class කියලත් කියනවා).
B පන්තියේ ගිනි විදියට හඳුවන්වන්නේ දැවෙනසුලු ද්‍රව නිසා ඇති වෙන ගිනිගැනීම්, මේවා සාමාන්‍යයෙන් පෙට්‍රල් හෝ තෙල් (පිසින තෙල් හෝ මේද නෙවෙයි) වැනි දැවෙන සුළු ද්‍රවයන් නිසා ඇතිවෙනවා. මෙවැනි ද්‍රව නිතර තිබෙන වාහන ගරාජ, වැඩපොල හෝ නිෂ්පාදන කම්හල් වගේ තැන් වල CO₂ ගිනි නිවන තබා ගැනීම වඩාත් සුදුසුයි. මේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් විස්ථාපනය කරන ගමන් ද්‍රවවල උෂ්ණත්වය අඩු කරමින් සිසිල් කිරීමද සිදු කරනවා.
විදුලි ගිනි කියන්නේ විදුලිය කාන්දු වීමක්, පවතින පරිපථ වල දෝශයක් නිසාවෙන් විදුලි උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර වල ඇතිවෙන ගිනි. ඔබේ ආයතනයේ, කම්හලේ වගේම නිවසේත් මේ විදුලි ගිනි ඕනෑම වෙලාවක ඇතිවීමේ බොහොම වැඩි සම්භාවීතාවයක් තියෙනවා. මේ සඳහාත් සුදුසුම ගිනි නිවන උපකරණය වෙන්නේ CO₂ ගිනි නිවනයයි. මේ මගින් යන්ත්‍රයට සිදුවෙන හානිය අවම කරගන්නටත් ඉතාමත් ඉක්මනින් ගින්න නිවා ගන්නටත් පුලුවන් වෙනවා.
CO₂ ගිනි නිවන උපකරණයක සම්මත පාට වෙන්නේ කලු පාට. මේව තනි කලුපාට සිලින්ඩර් විදියට වගේම රතු පැහැති සිලින්ඩරයේ කලු පාට පටියක් තුල CO₂ සලකුණ සහිතවත් පහසුවෙන් හඳුනා ගන්නට පුලුවන්.
06/03/2023
අපිව නොපෙනෙන්නත් දරුව වඩාගෙන ඉන්න මෝහිනීව පෙනෙන්නත් හේතුව...
රෑ පානේ පාරක තොටක යද්දි කොච්චර සිහි බුද්ධියෙන් ගියත් පාරෙ යන වාහන වලට ලඟට එනකන් අපිව නොපෙනෙන්නෙත්, ගොඩාක් ඈත හිටියත් සුදු ඇඳගෙන ඉන්න මෝහිනීව හොඳට පේන්නෙත් ඇයි කියලා දන්නවාද?
මේකට ප්‍රධානම හේතුව තමයි අපි ඇඳන් ඉන්න ඇඳුමේ පාට. ඒ කියන්නේ ඇඳුමේ පාටට පුලුවන් අපිව දරුණු වාහන අනතුරකින් බේරගන්න? ඔව්.. ඔබ ඇඳන් ඉන්නේ අඳුරු පාටක ඇඳුමක් නම් ඉදිරියෙන් එන වාහනේට ඔබව ලඟටම එනකන් පේන්නේ නෑ හෝ පේනවා අඩුයී...
ඒකට ඒ වාහනය කොච්චර වේගෙකින් එනවාද කියන එකත් බලපානවා. වාහනේ වේගය වැඩීනම්, ඔබව රියදුරාට පෙනන දුරේ ඉඳන් වාහනය ඔබ ලඟට එන්නට යන කාලය අඩු වෙනවා.. වාහනයේ රියදුරාට ඔබේ ඇඳුමේ පාට අනුව ඔබව කොහොමණ දුරකින් පෙනෙනවාද කියන එක පහත ගනන් මිණුම් වලින් බලාගන්න පුලුවන්...
⚫ කළු පාට ඇඳුම් - ලඟටම එනකම් පේන්නෙම නෑ
🔵 නිල් පාට ඇඳුම් - 17 m වත් ලඟට ආවම විතරයි පෙනෙන්නේ
🔴 රතු පාට ඇඳුම් - 24 m වත් ලඟට ආවම විතරයි පෙනෙන්නේ
🟡 කහ පාට ඇඳුම් - 37 m වත් ලඟට ආවම විතරයි පෙනෙන්නේ
⚪ සුදු පාට ඇඳුම් - 55 m ඈතින් පෙනෙනවා... මේක සැලකියයුතු දුරක්,,( මෝහිනීව ඈත ඉඳන් පෙනෙන්නෙ මෙන්න මේ නිසා)
🦺 ප්‍රතිදීප්ත/පරාවර්තිත කොටස් සහිත ඇඳුම්- 130 m ඈතින් හිටියත් පෙනෙනවා
මේ නිසා සෑම විටම රෑ කාලයේදී පාරේ තොටේ ගමන් බිමන් යද්දි පුලුවන් තරම් ලා පාට ඇඳුම් අඳින්න උත්සහ කරන්න
අපේ company වල, construction site වල, project site වල වගේ ඕනෑම වැඩ බිමක රෑ වැඩ මුර කාලයන් වලදී ප්‍රතිදීප්ත කබා පැළඳීම අනිවාර්යය කරලා තියෙන්නේත් මෙන්න මේ හේතුව නිසයි.
මේක කියවන ඔබට සමහර වෙලාවට හිතෙන්න පුලුවනි මිනිස්සු වෙච්චි අපට වඩා යක්සනියක් වෙච්ච මෝහිනී තමන්ගේත් දරුවගෙත් ආරස්සාව ගැන හිතනවා නේද කියලා.. එක අතකට එහෙම හිතෙන එකේ කිසි වරදකුත් නෑ.
02/02/2023
උගත් පාඩම් (ඉගෙනගෙන නැත්තන් ඉගෙන ගත යුතු පාඩම්)
මේක ජාත්‍යන්තරයෙන් ඉගෙනගන්න තියෙන පාඩමක්. අර සංගීතයට වගේම සෞඛ්‍යය හා ආරක්ෂාවටත් රටක්, ජාතියක්, ආගමක්, භාශාවක් නෑ. ඒක විශ්වීයයි. ගින්නකට මිනිස්සු, ගොඩනැගිලි පිච්චෙද්දි ඒ ගින්න එතන ජාතියක්, භාශාවක් බල බල ඉන්නෙ නෑ, ගින්නට වර්ධනය වෙන්න ඕනි කරන තාපය, ඉන්ධන සහ ඔක්සිජන් තියනවනන් කිසි දෙයක් ලොකු නෑ පුච්චලාම දානවා.
පහුගිය දවසක උතුරු ලන්ඩනයේ ඉස්කෝලෙක ලොකු ගින්නක් ඇති වෙනවා. ගින්නට හේතුවෙන්නෙ පාසලේ තිබුණු විදුලි හීටරයක (Electric Heater) දෝශයක්. මේ වෙලාවේ ළමුන් ඇතුලුව මිනිස්සු 30 දෙනෙක් මේ පාසලේ ඉන්නවා. මහා විනාශකාරී ගින්නක් උනත් කිසිම ජීවිත හානියක් නැතිව සහ ගින්න ඇතිවුන ශාලාවෙන් පිටතට ගින්න පැතිරෙන්නෙත් නැතිව ගින්න මැඩ පවත්වන්න මේ පාසලට පුලුවන් වෙනවා.
මේ වැඩේට ලොකුම credit එක දෙන්න ඕනි මේ ගොඩනැගිල්ලේ ගින්න ඇතිවුණ ශාලාව සහ පිටත වෙන්වෙන්න යොදල තිබුණු ගිනි ප්‍රතිරෝධී දොරට (Fire resistant door). මේ Fire resistant door එකක් කියන්නේ ගින්නකදී සාමාන්‍යය දොරකට එහා ගියපු ආරක්ෂාවක් දෙන්න පුලුවන් විදියට විශේෂිත ගිනි ප්‍රතිරෝධක ශේණිගත කිරීමක් යටතේ හදපු දොරක්. මේවා ලී වලින් වගේම විවිධ ලෝහ වර්ග වලිනුත් හදල තියෙන්න පුලුවන්. බොහෝවිට මේ දෝරවල් වල සවි කරල තියෙන වීදුරු මැදට කම්බි යොදලා විශේෂ ශක්තිමත් කිරීමක් කරල තියෙනවා. හොඳින් සවිකරපු Fire resistant door එකකට door එකේ එක් පැත්තකින් අනෙක් පැත්තට ගින්න සහ දුම පැතිරීම සැලකියයුතු කාලයක් නතරකරගෙන ඉන්න පුලුවන්. මේ කාලය අපට පිටතින් අධාර ඕනිනම් ඒවා ලැබෙනකම් ගින්නේ පැතිරීම නතරකරගෙන ඉන්නත් ගින්න ඇතිවුන ශාලාව මඟහැරල හදිසි පිටවීමේ දොරටු වලින් ආරක්ශිත තැන් වලට යන්නටත් උදව් වෙන්වා.
මේ සිද්දිය අපට පාඩම් කීපයක්ම කියලා දෙනවා.
1. ගිණි ප්‍රතිරෝධී දොරවල් (Fire resistant door) වලට පුලුවන් ගින්නෙන් ජීවිත බේරගන්න
2. හොඳින් සවි කල ගිණි ප්‍රතිරෝධී දොරවල් (Fire resistant door) වලට පුලුවන් ගින්නෙන් ජීවිත බේරගන්න
ඉතින් මතක තියාගන්න තිබිලා විතරක් වැඩක් නෑ ඒවා හොඳින් සවිකරල නියම කාලේට නඩත්තු කරල තියාගත්තොත් තමයි හොඳම ප්‍රතිඵල ගන්න පුලුවන්..
අන්තිමට,... ඔබේ ආයතනයේ, පාසලේ, ගොඩනැගිල්ලේ ආරක්ෂාවත් හොඳින් සවිකල ඉහල තත්වයේ Fire resistant door එකකින් දහස් වාරයක් වැඩි කරගන්න පුලුවන්. මේව අපරාදෙ සල්ලි නෙවෙයි, ජිවිත ඊට වඩා ගොඩාක් වටිනවා…
Follow us > https://www.linkedin.com/showcase/ehs-lk/
26/01/2023
උදේට දාහක් බලාපොරොත්තු තියාගෙන රස්සාවට ගිහින් හවසට කකුලක් නැතිව හරි හොඳට තිබුන කකුල තුවාල කරගෙන හරි ගෙදර එන්න කැමති මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්නවා කියන එක වෙන්න බැරි දෙයක්. හැබයි අපේ වැඩ බිම් වල සහ කර්මාන්තශාලා වල වැඩ කරන බොහෝමයක් දෙනාට තමන්ගේ කකුල් මෙච්චර වටිනවා කියල තේරුම් යන්නනම් තමන්ගේ කකුල් වලට මොකක් හරි අනතුරක් වෙන්නම ඕනි. ලෝකයේ දත්තවලට අනුව රැකියාවේදී සිදුවෙන අනතුරු වලින් 25% ක්ම කකුලට සිදුවන අනතුරු. මේ අනතුරු වලින් සැලකියයුතු ප්‍රමාණෙකට ආයෙම හරිහමන් රස්සාවක් කරගන්න බැරි තරමටම හානි සිද්ද වෙනවා.
අලුතින් කොළොඹ රස්සාවට ගියපු අපේ යාලුවා Mr. සාන්ත ඉන්න කොම්පැනියෙත් තියෙනව යන්ත්‍ර උපකරණ පාවිච්චි කරන නිශ්පාදන අංශ කීපයක්ම. මේ අංශ වල ක්‍රියාකරකම් එක්ක බලපුවම සාමාන්‍ය ඔෆිස් එකකට වඩා අනතුරක් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාම මේ නිශ්පාදන අංශ වල විශේශ සෞඛ්‍ය ආරක්ශිත විදි විධාන, නීති රීති ගොඩකුත් තියෙනවා.
මේ සෞඛ්‍ය ආරක්ශිත විදි විධාන වලින් Mr. සිරිසේන, සාන්තට මුලින්ම කියල දුන්නේ නිශ්පාදන අංශයකට ඇතුල් වෙනකොට සුදුසු ආරක්ෂිත පාවහන් (සපත්තු) පැළඳගෙන යන එක අනිවාර්‍යයි කියලා. ඒත් එක්කම කකුල් වලට හරි පරිස්සමක් ලැබුනේ නැත්තන් වෙන්න පුලුවන් අනතුරු ගැනත් කියල දුන්නා.
දැන් සාන්ත දන්නවා ආරක්ෂිත සපත්තු පාවිච්චි කරන්න ඕනි ඇයි කියලා.
1. සාන්ත දන්නවා නිශ්පාදන අංශ වල නිතරම බරින් වැඩි අමුද්‍රව්‍යය සහ උපකරණ පවිච්චි කරනවා, මේ බරින් වැඩි දෙයක් ඉහලින් කකුලට වැටුනොත් කකුලට බරපතල අන්තුරක් , තැලීමක්, අස්ථි කැඩීයාමක් වෙන්න පුලුවන් කියල සහ මේ වෙනුවෙන් ඝන ඇඟිලි ආවරනයක් සහිත ඝණකම් අමුද්‍රව්‍යයකින් හදපු ආරක්ෂිත සපත්තු දාන්න ඕනි කියලා
2. සාන්ත දන්නව බිම තිබිල කකුලේ ඇනෙන්න පුලුවන් ඇණ වගේ තියුණු දේවල් වලින් පරිස්සම් වෙන්න මේ ආරක්ශිත සපත්තුවල තියෙන ඝන අඩිය අපිට උදව් වෙනව කියලා
3. ඒ වගේම කැපීමක් ඇති වෙන්න පුලුවන් උපකරණ (උදා: යාන්ත්‍රික කියත්, චලනය වෙන දැති රෝද) වලින් කකුල කැපෙන්නට පුලුවන් කියලා සහ මේ වගේ අවදානම් තියෙන තැන් වලදී කැපීමට ප්‍රතිරෝධී ඝන අමුද්‍රව්‍ය වලින් හදපු සපත්තු පාවිච්චි කරන්න ඕනි කියලා
4. ආරක්ෂිත සපත්තු වලින් විදුලි අනතුරු වලින්ද පරිස්සම් වෙන්න පුලුවන්, රබර් හෝ වෙනත් විදුලිය සන්නයනය නොකරන අමුද්‍රව්‍යකින් හදපු අඩියක් තියෙන සපත්තු මේ වෙනුවෙන් තියෙනව. ඒ වගේම ස්ථිති විද්‍යුතය නිසා ඇතිවන අනතුරු වලින් පරිස්සම් වෙන්න ස්ථිති විද්‍යුතයට ප්‍රතිරෝධය දක්වන්න සපත්තුත් තියෙනවා
5. ලිස්සන්නේ, පෙරලෙන්නෙ, වැටෙන්නෙ නැතිව ඉන්නත් මේ ආරක්ෂිත සපත්තු වල තියෙන ලිස්සීමට ප්‍රතිරෝධී වැඩි ඝර්ශනයක් තියෙන සපත්තු අඩිය උපකාර වෙනවා
6. වැඩි වෙලාවක් හිටගෙන, බර උස්සගෙන කරන රස්සා වලදී කාලයත් එක්ක කකුල් වල මාංශ පේශී වලට එන ආතතිය සහ වේදනාව සැළකියයුතු මට්ටමකින් අඩුකරන්නත් ආරක්ෂිත සපත්තු වලට පුලුවන්. ඒකෙන් සේවකයන් තෙහෙට්‍ටු වීම අඩු කරන්නත් කාර්යක්ෂමතාව වැවි වෙන්නටත් හේතු වෙනවා වගේම කල්යද්දි ඇතිවෙන කොන්දේ සහ පේශිවල ලෙඩ රෝග ගොඩක් නැතිවෙනවා
7. තව සාන්ත දන්නවා රසායණ ද්‍රව්‍යය, උණුවතුර, තෙල් වර්ග, හුමාලය සහ සම්පීඩිත වාතය එක්ක වැඩ කරන කොට ඒවාගෙන් කකුල් වලට වෙන හානිය නවත්වන්න හෝ අවම කරන්නත් අවශ්‍යතාවය අනුව රසායණ ප්‍රතිරෝධී හෝ තාප ප්‍රතිරොධී ආරක්ෂිත සපත්තු පැළඳීම අනිවාර්‍යයි කියල
හොඳම දේ තමයි සාන්ත මේ ඔක්කොම දැනගෙන නිකන් ඉන්නේ නෑ. වැඩ බිම්, නිශ්පාදන අංශ වලට යද්දි සාන්ත මේ ආරක්ෂිත සපත්තු නිසි ආකාරයෙන් පළඳිනවා. යාලුවන්ටත් කියලා දෙනවා. තමන්ගේ විතරක් නෙවේ හැමෝගෙම කකුල් ආරක්ශා කරගන්නවා. ඉතින් ඔයත් සාන්ත වගේ වෙන්න
Follow us > https://www.linkedin.com/showcase/ehs-lk/
14/01/2023
Mr සාන්ත රස්සාවක් හොයාගෙන කොළොඹට ආවෙ ගිය අවුරුද්දෙ අන්තිම හරියෙ. ඊට කලින් පොර එයාගෙ ගමේ, මැදවච්චියෙ සාරෙට ගොවිතැන් කරගෙන හිටපු කෙනෙක්. පොහොර කේස් එකයි, තෙල්, කරන්ට් ප්‍රශ්ණයි එක්ක මිනිහගෙ ගොවිතැන් කෙරුවාවට කන කොකා ලව්ඩ්ස්පීකර් දාගෙනම හඬලා ගියා. යන්තම් A/L ගොඩ දාගෙන හිටපු නිසා අඳුනන මහත්තයෙක්ගෙ මාර්ගෙන් කොළොඹ පොඩි කොම්පැනි එකක රස්සාවක් හොයාගන්න එක පොරට ඒ හැටිම අමාරු උනේ නෑ.
සාන්තව වැඩ පුරුදු කරන්න භාරදීල තියෙන්නෙ Mr. සිරිසේනට. සිරිසේන ගොයියා මේ කොම්පැනියට අවිත් දැන් අවුරුදු හත අටක් වෙනව. ඇක්ස්පීරියන්ස් එකයි වැඩ වල හොඳ කමයි දෙකම නිසා අලුතෙන් වැඩට එන කට්ටිය train කරන එක සිරිසේනගෙ ජොබ් එකේම කොටසක් වෙලා දැන් ගොඩක් කල්. සාමාන්‍යයෙන් අපි දකින trainer කෙනෙක්ට වඩා සිරිසේන ගොඩක් වෙනස් කෙනෙක්. එයා කෙන්ක්ට ජොබ් එක විතරක් නෙවෙයි කොම්පැනියේ විනය, නීති රීති, වගේම වැඩ කරන ගමන් හදිස්සියක්, කරදරයක් වගේම අනතුරක් උනත් කොහොමද ඒකට හරියට මුහුන දෙන්නෙ කියන එක අලුතින් එක අයට කියල දෙනවා.
ඔන්න ඔහොම සාන්ත Mr.සිරිසේන යටතේ මාස දෙක තුනක් වැඩ පුරුදු වෙනවා. අන්තිම training එක විදියට සාන්තව වැටුනේ ගබඩා අංශෙට.
මෙහෙම දවස් දෙක තුනක් වැඩ කරගෙන ඉද්දි සාන්ත දකිනව ගබඩාවෙ ඈත කෙලවරෙන් දුමක් නගිනවා. ටිකෙන් ටික දුම වැඩිවෙනව. සාන්තට දැන් තමයි මතක් වෙන්නෙ සිරිසේනගෙ පුහුණුවේ කියල දුන්න හදිසි ගින්නකදී හැසිරෙන්න ඕනි විදිය.
1. සාන්ත බලනවා වට පිටාවේ ගින්නකදී නාද කරන්න පුලුවන් Fire alarm call point / බෙල් එකක්, එලාම් ස්විච් එකක් තියෙනවද කියලා. හොයාගන්න පුලුවන්නම් හැකි ඉක්මනින් ඒක නාද කරන්ව. නැත්නම් පුලුවන් තරම් සද්දෙන් "ගින්නක් ගින්නක්" කියල කෑගහනවා.
2. සාන්තට ගිනි නිවණ උපකරණයක් පාවිච්චි කරන්න පුලුවන්නම් විතරක් සහ තියෙන ගින්න තවමත් පොඩියට වර්ධනය වෙන එකක් විතරක්නම් සුදුසු ගිණි නිවන උපකරණයක් අරන් ගින්න නිවන්න try එකක් දෙනවා.
3. ගින්න නිවාගන්න බැරිනම් පුලුවන් තරම් ඉක්මනට ගොඩනැගිල්ලෙන් එලියට යන්න පුලුවන් ලඟම පාරෙන් දුවගෙන යනවා
4. දැනටමත් දුම ගොඩක් පැතිරිලානම්, සාන්ත ඉක්මනින් පුලුවන් තරම් පහත් වෙනවා, බිම ඉඳගන්නව, දන ගහගන්නව, බිම දිගා වෙනව.. මේ ඕන විදියක්.. දුම පැතිරිලා තියෙන උස මට්ටම එක්ක ඒක සාන්තම තීරණය කරනවා.. මොකද සාන්ත දන්නව ගින්නකදී දුම පැතිරෙන්නෙ පොළොවට ඉහලින් කියල සහ මේ දුම විස සහිත වෙන්නට පුලුවන් කියල. දුම විස උනොත් හරි වැඩි දුම් ප්‍රමාණයකට මැදි උනොත් හරි සිහිසුන් වෙන්න උනත් පුලුවන්.
5. පුලුවන් කමක් තියෙනවනන් සාන්ත try කරනව ගින්න පැතිරෙන ගොඩනැගිල්ලෙ දොරවල් ජනෙල් වහල ගොඩනැගිල්ල ඇතුලට වාතය එන එක නතර කරන්න. සාන්ත දන්නව ඔක්සිජන් ප්‍රමාණය අඩු උන ගමන් ගින්න පැතිරීම අඩුවෙනව වගේම නිවාගන්නටත් ලේසි වෙනව කියලා.
6. පුලුවන් තරම් ඉක්මනට 119 සහ 110 අංක වලට කතා කරල සිද්දිය දැනුවත් කරනව සහ උදව් ඉල්ලනව. (119 - පොල්සි හදිසි ඇමතුම් අංකය, 110 - ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය)
7. දැන් ගොඩනැගිල්ලෙන් එලියට ආවට පස්සේ සාන්ත ආයෙම ගිනිගන්න ගොඩනැගිල්ල ඇතුලට යනවා වගේ පණ්ඩිත වැඩ කරන් නැතුව ඉන්නවා.
8. සාන්තගෙ යාලුවො ඔක්කොම ගොඩනැගිල්ලෙන් පිටවෙලාද කියල හොයල බලන්ව. තවමත් ගොඩනැගිල්ල ඇතුලෙ කෙනෙක් හිරවෙලා කියල හිතෙනවනම් වහාම කොම්පැනියෙ ලොක්කෙක්ට හරි මේ වෙද්දි ගිනි නිවන හමුදාවෙන් හරි පොලීසියෙන් හරි අවිත් ඉන්න්වනන් ඒ මහත්තුරුන්ට කියන්වා.
තව එකක්, සාන්තට Mr. සිරිසේන කියල දීල තියෙන්ව මේ වගේ වෙලාවක වීරය වෙන්න ගිහින් වැඩ අනාගන්නවට වඩා training වලදි කියල දීපු විදියටම වැඩ කරොත් ජීවිතේ බේරගන්න පුලුවන් කියල.
මෙන්න මේ විදියට සාන්ත එයාගෙත් එයාගෙ යාලුවන්ගෙත් ජීවිත ගින්නෙන් බේරගෙන, කොම්පැනියෙ බඩු වලට සහ ගොඩනැගිලි වලට අවම හානියක් වෙන විදියට වැඩ කරනව..
ඉතින් ඔයාලත් අද ඉඳන් හරි සාන්ත වගේ වෙන්න බලන්න..
Be like සාන්ත & be safe...
14/01/2023
මේ ටිකක් වෙනස් සාකච්චාවක ආරම්භයක්. හබැයි ඒ සුවහසක් ලාංකිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් විතරක් වෙන්වුනු සාකච්චාවක්. ඔබ ලංකාවේ දාස් ගානක් factory, office, construction site, මහපරේ, බීච් එක අයිනේ, කෙතේ කුඹුරෙ විතරක් නෙවෙයි ගෙදර කාමරේ lap top එක desk top එක ඉස්සරහ වගේම කුස්සියෙ උදේ ඉඳන් හවස් වෙනකන් පවුලේ බඩවල් පුරවන්න බත් තම්බන ඕනිම කෙනෙක්නම් ඔබට අනිවාර්යයෙන් වැදගත්වෙන සාකච්චාවක්.
ඔබේ ජිවීතේ පරිස්සන් කරන සාකච්චාවක්. ඔබේ වගේම රටෙත් income එක වැඩිකරන සාකච්චාවක්. රටේ පරිසරය තවත් පරම්පරා සීයකට පරිස්සන් කරන සාකච්චාවක්.
මේ ඔබේ සොඛ්‍යය ආරක්ශාව සහ ඔබ ජීවත්වන පරිසරය පිලිබඳ ගොඩනැගෙන ඒ බුද්ධිමය කථිකාවත.
https://www.linkedin.com/showcase/ehs-lk