09/04/2026
Call එකක් ගත්තෙ නැහැ කියල ලොකු ප්‍රශ්නයක් වෙනවද…?
ඒ වචන ටික සමහර වෙලාවට සාමාන්‍ය වාක්‍යයක් වගේ.
ඒත් මනෝවිද්‍යාත්මකව බැලුවොත් ඒක තුළ තියෙන්නෙ දෙන්නෙකුගේ හැඟීම් වටහාගන්න බැරි වීමයි.
මිනිස්සුන්ට ආදරේ වෙද්දි, ඔවුන්ගේ මොළයේ attachment system එක ක්‍රියාත්මක වෙනවා.
ඒ කියන්නෙ අපි ආදරේ කරන කෙනා අපිට “safe place” එකක් වගේ වෙනවා.
ඒ නිසාම ඔවුන්ගේ හඬ, message එකක්, call එකක් අපේ මනසට ආරක්ෂාවක්, සැනසීමක්, ජීවිතයක් වගේ හැඟෙනවා.
ඇත්තටම call එකක් කියන්නේ කාලය කන්න ගන්න දෙයක් නෙවෙයි. ඒක “මම මෙතන ඉන්නවා… ඔයාට අමතක වෙලා නෑ…” කියන සහතිකයක්.
සමහර වෙලාවට, එක message එකක්ට පුළුවන්
අවුල් වෙලා තියෙන හිතක් සන්සුන් කරන්න.
එක call එකකට පුළුවන් දවස පුරා බර වෙලා තියෙන හුස්ම සැහැල්ලු කරන්න.
ඒත්…
එක පාර්ශවයක් ඒ දේවල් වදයක් විදියට දකිද්දි,
අනික් පාර්ශවයට ඒක අපේ ආදරේට වටිනාකමක් නැති බව වගේම දැනෙනවා.
ඒක තමයි psychological pain එක.
කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ අවධානය.
ඒත් ඔවුන්ට ලැබෙන්නේ දුර සම්බන්ධයක් , එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයක්.
ආදරේ කියන්නේ තෑගි ගොඩක් ලොකු දේවල් විතරක් නෙවෙයි.
ඒක පොඩි පොඩි ස්ථාවර සම්බන්ධයක එකතුවක්.
Call එකක් Message එකක් කියන්නේ ඔයාට කොහොමද කියන වචන ටිකක්.
මේවා තමයි සම්බන්ධතාවයක් ජීවත් කරවන oxygen.
අපි අද නොසලකා හරින call එක මැසේජ් එක, කවුරුහරි කෙනෙක්ගේ බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. අපි හෙටට කල් දාපු message එක, අද ඔවුන්ට අවශ්‍යම comfort එක වෙන්න පුළුවන්.
මොකද ආදරේදි වැදගත්ම දේ සන්නිවේදනය විතරක් නෙවෙයි ඒක emotional presence එක.
ඔයා physically busy උනත්, emotionally available නම්, එක call එකක්වත් ලොකු දෙයක් වෙයි.
ඒත් emotionally absent නම්, දවස පුරා කතා කරත් සම්බන්ධතාවය ඇති වෙන්නෙ නෑ.
ආදරේදි call එකක් කියන්නේ ඕනම වෙලාවක ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙනෙකුට ඔයා වැදගත් කියලා මතක් කරන මොහොතක්
ඒ නිසා ආදරේ කරන කෙනා call කරනකොට,
වදයක් විදියට බලන්න එපා.
ඒ හඬ ඇතුළේ තියෙන්නෙ,
මට ඔයාව ඕනෙයි කියන නිහඬ හැඟීමක්.
Copied
From my ♥️