18/09/2021
බොරලැස්ගමුවේ ජී.එච් පෙරේරා සූරීන් ගේ හැත්ත තුන්වන ගුණ සමරුව 2021 සැප්තැම්බර් 18 වන අද දිනට යෙදී ඇත.ඒ වෙනුවෙන් වියලි ආහාර පාර්සල් බෙදාදීමක් අද දින සිදු කෙරුණි.
කවියට කලාවට හිතැති මිනිසත්කම අගයන සැ?
18/09/2021
බොරලැස්ගමුවේ ජී.එච් පෙරේරා සූරීන් ගේ හැත්ත තුන්වන ගුණ සමරුව 2021 සැප්තැම්බර් 18 වන අද දිනට යෙදී ඇත.ඒ වෙනුවෙන් වියලි ආහාර පාර්සල් බෙදාදීමක් අද දින සිදු කෙරුණි.
26/06/2021
🔻බොරලැස්ගමුව කවි පරපුරේ කතාව🔻
🔸27 සතිඅග අරුණ බලන්න 🔸
29/05/2021
🔺ජී එච් පෙරේරා සූරීන් විසින් ලියූ ග්‍රන්ථ
🔹 කාව්‍ය
🔸බුද්ධසෝත්ත්‍ර-බුදුරජාණන් වහන්සේගේ
ගුණ වර්ණනා ඇතුළත් පද්‍ය
ග්‍රන්ථයකි.
🔸 මගේ රට
🔸 බොරලැස්ගමු රචනා
🔸 ජී එච් පෙරේරා කාව්‍ය සංග්‍රහය (ජී.එච්
පෙරේරා ගේ කවි එකතු කොට
විමලසිරි පෙරේරා විසින් සංස්කරණය
කරන ලද්දකි.
🔸 මගේ මල්ලී
🔸 වෙසක් රස බසක්
🔸 සිහළ සිරිත (වී.ඩී ද ලැනරෝල් සමග)
🔹 ඉතිහාසය
🔸හෙළදිවු පුවත-ලංකා ඉතිහාසය පිළිබඳ
ලියැවුණු ග්‍රන්ථයකි.
🔸 එළිදරව්ව
🔹 කෙටි කතා
🔸 බේබද්දා- බීමත්කමේ විපාක ගැන ලියූ
උපහාසාත්මක කෙටිකතාවකි.
🔸 පිං දීම
🔹 නවකතා
🔸 සිංහල මංගල සූත්‍ර-මංගල උත්සවවල
සිදුකරන අනවශ්‍ය චාරිත්‍ර පිළිබඳ
උපහාසාත්මකව ලියූ නවකතාවකි.
🔸 සූදු අන්තුවා
🔹 කතන්දර
🔸 කයි කතන්දර
🔹 විවිධ
🔸 මගේ අදහස්
🔹 වෙනත්
🔸 දළදා වතුර
🔸 නැන්දාගේ සුරතල්
🔹 නොපළ කෘති
🔸 ජීවිතයේ පහන් (අවවාදාත්මක කෘතියකි)
💠ජී.එච් පෙරේරා දිවි මඟ පිය සටහන්
සම්පූර්ණ නම - ගල්හේනගේ
හෙන්ද්‍රික් පෙරේරා
(පසුව ග.හේ පෙරේරා ලෙසින්
හා බොරලැස්ගමුවේ ජී.එච්
පෙරේරා ලෙසින් ප්‍රසිද්ධ විය.)
උපත - 1896 ජූලි 14 දින
රත්තණපිටියේදී
දෙමව්පියෝ - ගල්හේනගේ චාර්ලිස් පෙරේරා
වල්පොලගේ ලුසි හාමි
අධ්‍යාපනය - එවකට පරම විඥානාර්ථ
බෞද්ධ සමාගමට අයත්ව තිබූ
මිශ්‍ර පාසලක් වූ රත්තණපිටිය
ආනන්ද විදුහල
වෘත්තීය - වර්ෂ 1916 දී ශිෂ්‍ය-ගුරු
ගමන්මග විභාගය සමත්ව අධ්‍යාපනය
හැදෑරූ පාසලේම ගුරු
වෘත්තියට බැඳුනි කළුතර,
බොරලැස්ගමුව,කොල්ලුපිටිය
සුසමයවර්ධන පාසල් වල උප
ගුරුවරයකු වශයෙන් සේවය
කළේය.
මුල්ලේගම,කෝට්ටේ,
කළුබෝවිල සහ කිරුළපන
බෞද්ධ මිශ්‍ර පාසල් වල
ප්‍රධානාචාර්ය ධූරය දැරීය ලංකා
ජාතික ගුරු සංගමයේ සභාපති
පදවිය දරමින් වෘතීය සමිති
නායකයෙකු විය.
විවාහය - නුගේගොඩ විසූ සෙනරත්
යාපාගේ ඇග්නස් වික්‍රමසිංහ
සාහිත්‍ය - සමාජ විචාරකයෙකු හා හාස්‍ය
ගමන්මග රසයෙන් පිරි ප්‍රවීණ කවියෙකි.
තියුණු උපහාසයෙන් යුත්
කථිකයෙකි.
ගත්කතුවරයෙකු.
ඉතිහාසඥයෙකි. සිංහල කවි
සම්මේලනයේ සභාපති ධූරය
හෙබවීය.
රාජමුරාරි,පිංගල පුත්‍ර
වැනි ආරූඪ නම්වලින් පුවත්පත්
වලට ලිපි ලිව්වේය සමාජවාදී
අදහස් දැරූ ප්‍රදේශයේ වාමාංශික
දේශපාලන ක්‍රියාකාරිකයකි.
නිහඬ සමාජ සේවකයෙකි
මාර්ග උපදේශකයෙකි.
එස් මහින්ද හිමි,පී.බී අල්විස්
පෙරේරා වැනි විද්වතුන් සමග
එක්ව එකල පැවති අධිරාජ්‍යවාදී
අදහස් වලට විරුද්ධව හඬක්
නගමින්,ලිපි ලියමින්,දේශන
පවත්වමින් කවිමඩු සංවිධානය
කරමින් සිංහල ජාතිය නගා
සිටුවීමට විශාල මෙහෙවරක් සිදු
කරන ලදී.
21/04/2021
කවියට කලාවට හිතැති මිනිසත්කම අගයන සැමට ආරාධනා.
🔶🔶අරමුණු 🔶🔶
🔸කවි මඩු ,රසවින්දනාත්මක වැඩසටහන් වැනි කටයුතු සංවිධානය කිරීම.
🔸ඔබ සතු විවිධ කලා කුසලතා ඔපමට්ටම් කර දීමට සෑම දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ විද්වතුන්ගේ හා කලා කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු සංවිධානය කිරීම.
🔸 සාහිත්‍ය හා කලා තරඟ සංවිධානය කිරීම.
🔸ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් සඳහා අධ්‍යාපන කටයුතු නොකඩවා සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම හා රට තුළ ඇතිවන කාලීන උවදුරු හා අවශ්‍යතා සඳහා සමාජීය මැදිහත්වීමක් සිදු කිරීම.
🔸 ඔබ විසින් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන කලා කටයුතු පිළිබඳ අප Facebook පිටුව ඔස්සේ සියලු දෙනා දැනුවත් කිරීම.