Mo/Uva Wijaya Primary School

Mo/Uva Wijaya Primary School Uva Wijaya Primary School

මො/ ඌව විජය ප්‍රාථමික විද්‍යාලය වෙනුවෙන් වසර ගණනාවක් පුරා කැපවීමෙන් හා වගකීමෙන් ඉටු කළ සේවයට සමුදෙමින්, නව සේවා ස්ථානයක්...
24/08/2026

මො/ ඌව විජය ප්‍රාථමික විද්‍යාලය වෙනුවෙන් වසර ගණනාවක් පුරා කැපවීමෙන් හා වගකීමෙන් ඉටු කළ සේවයට සමුදෙමින්, නව සේවා ස්ථානයක් වෙත ස්ථාන මාරුවීම් ලැබ ඉදිරි පියවරක් තබන ඔබගේ දිවිය සතුටින්, සෞභාග්‍යයෙන් හා සාර්ථකත්වයෙන් පිරී ඉතිරේවා'යි විද්‍යාලයීය සහෝදරත්වය විසින් ගෙන එන ශුභාශිංසනයයි මේ!

Building Characters…Developing Leaders..💪යහපත් චරිතයක් සහිත නායකයන් බිහිකිරීමේ අරමුණින්, මො/ ඌව විජය ප්‍රාථමික විද්‍යාලය...
25/07/2026

Building Characters…Developing Leaders..💪

යහපත් චරිතයක් සහිත නායකයන් බිහිකිරීමේ අරමුණින්, මො/ ඌව විජය ප්‍රාථමික විද්‍යාලය විසින් ශිෂ්‍ය නායක නායිකාවන් සහ බාලදක්ෂිකාවන් සඳහා සංවිධානය කළ නායකත්ව පුහුණු වැඩසටහන, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ගිනිමැල සැඳෑව ඊයේ දින විද්‍යාල භූමියේදී ඉතා සාර්ථකව නිමා විය.

මෙම වැඩසටහන තුළින් ඔවුන්ට නායකත්වය පිළිබඳ නව අත්දැකීම් ලබා ගැනීමටත්, කණ්ඩායමක් ලෙස එකට වැඩ කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමටත් අවස්ථාව ලැබුණි. එමෙන්ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය, සහයෝගීතාවය සහ නායකත්ව කුසලතාද තවදුරටත් වර්ධනය විය.

අනාගතයේ වගකීම් දරන, විනයගරුක, ආදර්ශවත් සහ සේවාවට කැපවූ නායකයන් බිහිකිරීමේ මෙම අත්දැකීම, ඔවුන්ගේ පාසල් ජීවිතයේ අමතක නොවන සුන්දර අත්දැකීමක් වනු නොඅනුමානය. 👭👬📝

18/07/2026
Learning Through Trading 🌿🥭🍍🥒🥬🍔🍱🍦⚖️💰🛒“English Market Day” 2026 ✨A few memorable moments from today’s English Market, org...
17/07/2026

Learning Through Trading 🌿🥭🍍🥒🥬🍔🍱🍦⚖️💰🛒
“English Market Day” 2026 ✨

A few memorable moments from today’s English Market, organized by the English Department of Uwa Wijaya Primary School to enhance our students’ practical English language skills.

By asking prices, introducing products, buying and selling, and engaging in real-life conversations in English, our little learners had the opportunity to use the language with confidence in a meaningful, interactive, and enjoyable environment.

It was a wonderful learning experience beyond the classroom. 👌

🎶 සිත් සතන් නිවා සනහාලූ බැතිමත් ස්වර රටා මෙසේ නින්නාද වූ වගයි… 🙏පාසලෙන් දැනුම සමඟම යහපත් අධ්‍යාත්මික පරිසරයක් ද සිසු දරු...
01/07/2026

🎶 සිත් සතන් නිවා සනහාලූ බැතිමත් ස්වර රටා මෙසේ නින්නාද වූ වගයි… 🙏

පාසලෙන් දැනුම සමඟම යහපත් අධ්‍යාත්මික පරිසරයක් ද සිසු දරුවන්ට උරුම කර දිය යුතුය යන උදාර අරමුණ පෙරදැරි කරගෙන, විද්‍යාලීය කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය ඊයේ දිනයේදී අතිසාර්ථකව නිමාවට පත් විය.

පාසලේ සියලුම දරුවන්ගේ සහභාගිත්වයෙන් මියුරු හඬින් ගැයුණු භක්ති ගීත, සැමගේ සිත් සුවපත් කරමින් අහස් කුසට මුසු විය.

මෙම අර්ථවත් ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා නොපිරිහෙලා කැපවූ විද්‍යාලීය කාර්ය මණ්ඩලයට, සිසු දරුවන්ට, දෙමාපියන්ට සහ සියලු අයුරින් සහයෝගය ලබාදුන් සැමට අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමු.

🥋 අපගේ සූර වීර දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🏆අද දින බණ්ඩාරවෙල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පාසල් කණිෂ්ට කරාත...
28/06/2026

🥋 අපගේ සූර වීර දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🏆

අද දින බණ්ඩාරවෙල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පාසල් කණිෂ්ට කරාතේ පළාත් ශූරතා තරඟාවලිය සඳහා සහභාගී වූ අප විද්‍යාලයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් කරාතේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගනිමින් විද්‍යාලයේ අභිමානය තවත් ඉහළට ඔසවා තැබීමට සමත් වූහ.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් අපගේ ආදරණීය දූ දරුවන්ටත්, ඔවුන් පුහුණු කළ පුහුණුකරුවන්ටත්, කැපවීමෙන් සහයෝගය ලබාදුන් දෙමාපියන්ටත් උණුසුම් සුබ පැතුම් පිරිනමමු.

ඔබ සැමට සමස්ත ලංකා තරඟාවලියේදීත් විශිෂ්ට ජයග්‍රහණ අත් කරගැනීම සඳහා සුබ ප්‍රාර්ථනා කරන්නෙමු! 🇱🇰🥋ං

“දැනුවත්ව දිනවමු දරුවන්” තේමාව යටතේ ප්‍රාථමික අධ්‍යාපනයේ දෙමාපිය කාර්යභාරය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ, ඌව ...
23/06/2026

“දැනුවත්ව දිනවමු දරුවන්” තේමාව යටතේ ප්‍රාථමික අධ්‍යාපනයේ දෙමාපිය කාර්යභාරය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ, ඌව පළාත් සම්මන්ත්‍රණ මාලාවේ බිබිල කලාපීය සමාරම්භක වැඩසටහන අද දින මො/ඌව විජය ප්‍රාථමික විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. එහි සම්පත් දායකත්වය සංවර්ධන සන්නිවේදන මධ්‍යස්ථානයේ නීතිවේදී හා මාධ්‍යවේදී ගාමිණී විජේවර්ධන මහතා විසින් ලබා දෙන ලදී.

Address

Nannapurawa
Bibile
91500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Uva Wijaya Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category