02/12/2024
ටීච රහසෙමයි ලියන්නෙ
මේ ලියුම ඔයාට
අද ටීචගෙ ටියුෂන් පංති
ළමයි හැමෝම ඊයෙ කතා වුනා..
මාසෙටම අටසීයලු
ගේන්න ඕන පොත් ටිකත් කිව්වා..
පහුගිය මාස ටිකේම
ටීච ගෙ පංති ආවේ නෑ කියලා
ටීච කියපු දේවල් වලින් හිත රිදුනා..
උ||ඹලට වෙන උන්ගෙ පංති නම්
යන්න පුලුවන්
ටීච එහෙම යි කිව්වෙ..
ඒත් ටීච
මන් කාගෙවත් පංති යන්නෑ
කියන්න ඕන උනත්
අනිත් ළමයි වගේ මාත් නිහඬව හිටියා..
ටීච ගෙ ටියුෂන් පංතියේ ළමයි ගෙ පොත්
ටීච එකටම බලනවා
ඒක දන්න නිසාම
එයාලා පෙන්වලා ඉවර වෙනකම් ඉන්නවා..
ආසයි ටීච ඒ අයව ලඟට ගත්තම
මටත් ආසයි එහෙම ලං වෙන්න
ඒත් එදා
මලිත් ව එළවපු විදිහ දැකලා
මට ත් බය හිතුනා...
ටීච ගෙ පංතියේ එන යාලුවොත්
ඉස්සර වගේ නෙමෙයි
අපි එක්ක කතා කරන්නෑ
රංඩු වෙන්නමයි බලන්නෙ..
ටීච ට කිව්වත් වැඩක් නෑ
අපිටමයි ගහන්නෙ
මලිත් කිව්වේ අඩිපටියෙන් ගහපු
අතත් අත ගගා...
මට ත් ආසයි ටීචගෙ ආදරය විදින්න
ඒකමයි
මේ ටිකේම අම්මාට ඇවිටිලි කරේ..
කොහෙ තියන සල්ලිද බන්
අම්මා නෝක්කාඩු වෙන් කියනකොට
මටත් දුක හිතුනා ..
අපි තුන් වේල කන්නෙත්
හරි හදිස්සියෙන් දවසක ටීච ..
ටීච ගෙ වෙනස්කම්
අයියා එක්කත් කිව්වා
තාම අයියත් අට වසරෙ
ඕක මටත් උනා බන්
ටියුෂන් පංති ට එන අයට
කොහොමත් විශේෂ සැලකිලි
අයියා ත් කිව්වා..
අපි මොකක් හරි කරමු..
ඒක ඇහුවම සතුටු හිතුනා..
ගමේම තියන වතු අස්සෙ ගිහින්
අපි පුවක් ඇහුලුවා
ඒවා වේලලා සුද්දකරලා විකුණුවා..
ආ මේ සල්ලි වලින් ටියුෂන් එකට
යන්න ..
අයියා කිව්වාම සතුටු හිතුනා..
ටීච අද මන් ඉස්කෝලේ ආවේ නෑ
තව සල්ලි චුට්ටක් මදි
උදේ ඉදන් ඉරටු ටිකක් සුද්දකරා...
මන් මේ ලියුම එවන්නෙ මලිත් අතේ
මන් හවසට ටියුෂන් පංතියට එනවා
මාවත් ගණන් තියාගන්න ටීච ..
හෙට ඉදන් මටත් ආදරෙන් කතා කරන්න
ටීච මන් දමිත්
B.M.N.S බස්නායක. ✍️