01/04/2025
Hard earned economic stability එකට පයින් ගහන විදිය තමයි මේ.
උපයා ගත් තරමක හෝ ආර්ථික සමෘද්ධිය දිය කර හරින්නට සැරසෙන සමාජවාදී චින්තනය මේ වෙලාවේ අපිට තිබෙන අභියෝගයයි.
බෙදන්නට පෙර උපයන්න කිව්වත්, උපයන්නට පෙර බෙදා හැරීම කියන්නේ අවුරුද්ද අග වෙන කොට තව බදු සහ ණය කියන එක.
රස්සා ලැබෙන 30,000 ට සහ අස්වැසුම ලැබෙන පවුල් වල අයට සතුටු හිතෙන්න පුළුවන්. ඒත් මේ දෙන්න හදන්නේ තව පිරිසකගෙන් බදු අරගෙන. නැතිනම් ඔබේ දරුවන් ගෙවයි කියන පදනමට ණය අරගෙන. අර්බුදය නිර්මාණය කළ අය වැය පරතරය වැඩි කරගෙන.
මේ අපේ රටේ දිගටම තිබුන ක්‍රමය. ඡන්ද ලංවෙන කොට බෙදිල්ල. ප්‍රතිඵලය ඔබ අත් වින්දා. තව එකක් ලඟ එනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මෙසේ පිරිහීම මේ සමාජවාදීන් හමුවේ තව දුරටත් සිදු වේවි.
පැතුම් කර්නර්
#රටහදනහරිපාර
#පැතූනොමික්ස්