Sri Gnanissara Maha Vidyala - "Media Unit"

Sri Gnanissara Maha Vidyala - "Media Unit" ශ්‍රි ඥාණීස්සර මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය - Sri Gnanissara Maha Vidyala - "Media Unit"

🏏 MATCH UPDATE | U15 DIVISION III TOURNAMENT – 2026WP/K Gnanissara Maha Vidyalaya continues to display outstanding deter...
10/07/2026

🏏 MATCH UPDATE | U15 DIVISION III TOURNAMENT – 2026

WP/K Gnanissara Maha Vidyalaya continues to display outstanding determination and team spirit in the U15 Division III Tournament 2026.

📅 Date: 10 July 2026
📍 Venue: D.S. Senanayake National School Grounds, Beruwala

Match Summary

🏏 WP/K Gnanissara Maha Vidyalaya, Dharga Town • 183 All Out (46.4 Overs) – 1st Innings
• 82/4 (9.4 Overs) – 2nd Innings*

🏏 Pothuvila Maha Vidyalaya, Payagala • 146 All Out (43.1 Overs) – 1st Innings

📢 Match Status: Last Hour

👏 Best wishes to our young cricketers as they continue their fight on the field. Play with confidence, discipline, and determination. We are proud of you! 💙🏏.

Sri Gnanissara Maha Vidyala - "Media Unit"

゚viralシfypシ゚viralシalシ

🎓 "නැණසුරින් සරසවියට" – 2028 A/L Student Program 🎓අප පාසලේ 2028 උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කළ "නැණසුරින් ...
09/07/2026

🎓 "නැණසුරින් සරසවියට" – 2028 A/L Student Program 🎓

අප පාසලේ 2028 උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කළ "නැණසුරින් සරසවියට" වැඩසටහන සාර්ථකව නිමාවට පත් වූ බව සතුටින් දැනුම් දෙමු.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මඟපෙන්වීම, දිරිගැන්වීම සහ නොමසුරු සහයෝගය ලබාදුන් ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ලා, ආචාර්ය මණ්ඩලය සහ සියලුම ගුරුභවතුන්ට අපගේ ගෞරවාදර ස්තුතිය පුද කරමු.

විශේෂ ස්තුතිය හිමිවන්නේ,

🌟 කලන තේරංජය ගුරුතුමන්
🌟 බුද්ධික වික්‍රමාරච්චි ගුරුතුමන්

යන ගුරුභවතුන්ටයි.

එමෙන්ම වැඩසටහනේ සාර්ථකත්වයට කැපවීමෙන් දායක වූ,

🎨 හර්ෂණ චාමිකර – මාධ්‍ය ඒකකය (වැඩසටහන් රූප පසුතල නිර්මාණය)
🎙️ නිදුක නුවන්සර – ශබ්ද පරිපාලන කටයුතු
📸 ඉමදු කෙත්මිර – කැමරාකරණය

සහ සෘජුව හෝ වක්‍රව සහයෝගය ලබාදුන් සියලුම සිසු සිසුවියන්, කාර්ය මණ්ඩලය සහ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

එක්ව වැඩ කළ විට සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලැබේ. සියලුම 2028 උසස් පෙළ දූ දරුවන්ට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ❤️🎓

ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය – මාධ්‍ය ඒකකය
Sri Gnanissara Maha Vidyala - "Media Unit"

#නැණසුරින්සරසවියට ゚viralシfypシ゚viralシalシ

🏏 VICTORY FOR OUR YOUNG LIONS! 🏆We are proud to announce that the U15 Cricket Team of WP/K Gnanissara Maha Vidyalaya sec...
08/07/2026

🏏 VICTORY FOR OUR YOUNG LIONS! 🏆

We are proud to announce that the U15 Cricket Team of WP/K Gnanissara Maha Vidyalaya secured a 1st Innings Victory against Kalutara Vidyalaya, Kalutara in the U15 Division III Tournament – 2026.

📅 Date: 08 July 2026
📍 Venue: Gnanissara College Ground, Dharga Town

Match Summary 🏏 WP/K Gnanissara Maha Vidyalaya • 233/10 (47 Overs) – 1st Innings
• 64/2 (6 Overs) – 2nd Innings

🏏 Kalutara Vidyalaya • 135/9 (50 Overs) – 1st Innings

🏆 Result: WP/K Gnanissara Maha Vidyalaya won by 1st Innings.

👏 Congratulations to our talented players, dedicated coaches, teachers, and supportive parents on this outstanding achievement. Wishing the team continued success in the matches ahead!

"Success comes to those who work hard, believe in themselves, and play as one team." 💙🏏

📢 පාසලට වටිනා පරිත්‍යාගයක්බප/කළු ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ 2001 ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලේ ඉගැන්වීම් හා ඉගෙනුම් ක...
08/07/2026

📢 පාසලට වටිනා පරිත්‍යාගයක්

බප/කළු ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ 2001 ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලේ ඉගැන්වීම් හා ඉගෙනුම් කටයුතු තවදුරටත් නවීකරණය කිරීමේ අරමුණින් Multimedia Projector එකක් සහ ඒ සඳහා Projection Screen එකක් පාසල වෙත පරිත්‍යාග කර ඇත.

මෙම වටිනා පරිත්‍යාගය තුළින් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂම හා තාක්ෂණික පහසුකම් සහිත පරිසරයක සිදු කිරීමට මහත් පිටිවහලක් වනු ඇත.

මෙම සත්කාරක පරිත්‍යාගය සිදු කළ 2001 ආදි ශිෂ්‍ය කණ්ඩායමට විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, සිසු දරුවන් සහ සමස්ත පාසල් ප්‍රජාවගේ හෘදයාංගම ස්තුතිය හා ගෞරවය පිරිනමනු ලැබේ.

"අතීතයේ බැඳීම, අනාගතයට ආලෝකයක්." 💙💛

- ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය – මාධ්‍ය ඒකකය -
Sri Gnanissara Maha Vidyala - "Media Unit"
Sri Gnanissara Oldiers



















🎓 අ.පො.ස. උසස් පෙළ (2028) අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණය සාර්ථකව නිමාවට...බප/කළු/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ අ.පො.ස. උ...
05/07/2026

🎓 අ.පො.ස. උසස් පෙළ (2028) අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණය සාර්ථකව නිමාවට...

බප/කළු/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ (2028) සඳහා අයදුම් කළ සිසු සිසුවියන්ගේ සම්මුඛ පරීක්ෂණය ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.

මෙම වැඩසටහන විද්‍යා, ගණිත, කලා සහ වාණිජ යන සියලු අංශ භාර ගුරුභවතුන්ගේ මෙන්ම පංතිභාර ගුරුභවතුන්ගේ කැපවීම, සහයෝගය හා විධිමත් සංවිධානය හේතුවෙන් සාර්ථකව නිම කිරීමට හැකි විය.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබාදුන් විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සියලු අංශ භාර ගුරුභවතුන්, පංතිභාර ගුරුභවතුන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සහභාගී වූ සියලුම සිසු සිසුවියන් සහ දෙමාපියන් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

අපගේ නව උසස් පෙළ සිසු දරුවන්ට අධ්‍යාපනික ගමන සාර්ථක වේවායි හෘදයාංගම සුබ පැතුම් එක්කරමු! 🌿✨

゚viralシ ゚

Sri Gnananissara Maha Vidyalaya – Media Unit
Sri Gnanissara Maha Vidyala - "Media Unit"

🎓 අනාගතය ජයගැනීමට තවත් එක් පියවරක්...📢 අ.පො.ස. උසස් පෙළ අංශයට (2028) අයදුම් කළ සිසු සිසුවියන් සඳහා විශේෂ දැනුම්දීමබප/කළු...
30/06/2026

🎓 අනාගතය ජයගැනීමට තවත් එක් පියවරක්...

📢 අ.පො.ස. උසස් පෙළ අංශයට (2028) අයදුම් කළ සිසු සිසුවියන් සඳහා විශේෂ දැනුම්දීම

බප/කළු/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ (2028) අධ්‍යයන වර්ෂය සඳහා අයදුම් කළ සියලුම සිසු සිසුවියන්ගේ සම්මුඛ පරීක්ෂණය පහත පරිදි පැවැත්වේ.(විද්‍යා/ගණිත/කලා /වාණිජ)

🗓️ දිනය: 2026 ජූලි 03 (සිකුරාදා)
🕗 වේලාව: පෙ.ව. 8.00 සිට
📍 ස්ථානය: බප/කළු/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය

🔹 වෙනත් පාසල්වලින් අයදුම් කළ සිසු සිසුවියන් රැගෙන ආ යුතු ලේඛන

✅ චරිත සහතිකය
✅ සහතික කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනයේ පිටපත
✅ උප්පැන්න සහතිකය
✅ ග්‍රාම නිලධාරි සහතිකය

📁 විශේෂයෙන් සැලකිල්ලට ගන්න:

සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන සෑම සිසුවෙක්ම/සිසුවියක්ම තම නම සඳහන් කළ ෆයිල් කවරයක් රැගෙන පැමිණීම අනිවාර්ය වේ.

ඔබගේ නියමිත වේලාවට පැමිණීම කාරුණිකව අපේක්ෂා කරමු.

ස්තූතියි.

විදුහල්පති
බප/කළු/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය

ඔබ සැමට සාර්ථක අනාගතයක් සඳහා අපගේ උණුසුම් සුබ පැතුම්! 🌿✨

Sri Gannissra Maha Vidyala - Media Unit

Sri Gnanissara Maha Vidyala - "Media Unit"
゚viralシ ゚

🪔☸️ පොසොන් පින්බර සැමරුම – පහන් 100ක ආලෝක පූජාව ☸️🪔පොසොන් පෝය දිනය නිමිත්තෙන් ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ සිසුන්, ගුරු...
29/06/2026

🪔☸️ පොසොන් පින්බර සැමරුම – පහන් 100ක ආලෝක පූජාව ☸️🪔

පොසොන් පෝය දිනය නිමිත්තෙන් ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ සිසුන්, ගුරුභවතුන් හා පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පහන් 100ක් දල්වා ආලෝක පූජාවක් පවත්වන ලදී.

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය රැගෙන ආ අසිරිමත් මෙහෙවර සිහිපත් කරමින්, රටටත් ලෝකවාසී සියලු දෙනාටත් සුවය, සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් මෙම පින්කම සිදු කෙරිණි.

"පහන් එළිය මෙන් ධර්මයේ ආලෝකයත් අපගේ ජීවිත ආලෝකමත් වේවා!" 🙏🪔

゚viralシ ゚

☸️🙏 පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏☸️"අඳුර දුරලන ආලෝකය දැනුමයි. ජීවිතය සාර්ථක කරන්නේ ධර්මයයි."පොසොන් පෝය යනු ශ්‍රී ලංකා...
29/06/2026

☸️🙏 පින්බර පොසොන් පෝය දිනයක් වේවා! 🙏☸️

"අඳුර දුරලන ආලෝකය දැනුමයි. ජීවිතය සාර්ථක කරන්නේ ධර්මයයි."

පොසොන් පෝය යනු ශ්‍රී ලංකාවේ බුදු සසුනේ අතිශය වැදගත් සංධිස්ථානයක් සිහිපත් කරන උතුම් පුණ්‍ය දිනයකි. මහින්ද මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත් සමඟ, බුදු දහමේ අමිල ආලෝකය මේ දිවයින පුරා පැතිර ගිය ඒ අමරණීය ඓතිහාසික අවස්ථාව අද අප ගෞරවයෙන් සිහිපත් කරමු.

පොසොන් පණිවිඩය අපට උගන්වන්නේ දාන, ශීල හා භාවනා තුළින් ජීවිතය පෝෂණය කර ගනිමින්, කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ සදාචාරය පදනම් කරගත් යහපත් සමාජයක් ගොඩනඟා ගැනීමයි.

මෙම උතුම් පොසොන් පෝය දිනයේ උතුම් පින් බලයෙන් ඔබත්, ඔබේ පවුලේ සැමත් නීරෝගී සුවය, සතුට, සැනසීම, සෞභාග්‍යය සහ ධර්මානුකූල දිවි පෙවෙතකට ආශීර්වාද ලැබේවා!

☸️ තෙරුවන් සරණයි! 🙏

Sri Gnanissara Maha Vidyala - "Media Unit"
Sri Gannissra Maha Vidyala – Media Unit

#බුදුසරණයි #පොසොන්පෝය
゚ ゚viralシ

🎓 අ.පො.ස. උසස් පෙළ සඳහා නව සිසුන් බඳවා ගැනීම 2026 🎓2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන් සඳහා බප/...
24/06/2026

🎓 අ.පො.ස. උසස් පෙළ සඳහා නව සිසුන් බඳවා ගැනීම 2026 🎓

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන් සඳහා බප/ක/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයට නව ඇතුළත් කිරීම් දැන් විවෘතයි!

📚 පහත විෂය ධාරා යටතේ අයදුම් කළ හැකිය: 🔹 විද්‍යා අංශය
🔹 ගණිත අංශය
🔹 වාණිජ අංශය
🔹 කලා අංශය

🌟 ගුණාත්මක අධ්‍යාපනය, කැපවූ ගුරු මණ්ඩලයක්, විශිෂ්ට ප්‍රතිඵල සහ සාර්ථක අනාගතයකට මඟ පෙන්වන අධ්‍යාපන පරිසරයක් සමඟ ඔබේ උසස් පෙළ ගමන ආරම්භ කරන්න.

🗓️ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජූලි 03 (සිකුරාදා)

📝 අයදුම්පත් Bookshop වෙතින් ලබාගෙන සම්පූර්ණ කර පාසල වෙත භාරදිය හැකිය.

✨ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගැනීමට... ✨ ඔබේ දක්ෂතා ඔප්නංවා ගැනීමට... ✨ ජයග්‍රාහී අනාගතයක් ගොඩනඟා ගැනීමට...

ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ උසස් පෙළ පවුලට ඔබත් අදම එක්වන්න!

🏫 "සරසවියට යන මඟ විවෘත කරන විශිෂ්ට අධ්‍යාපනික ගමනක් සඳහා අදම අප හා එක්වන්න."

📍 බප/ක/ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය
📸 Sri Gnanissara Media Unit
Sri Gnanissara Maha Vidyala - "Media Unit"

゚viralシ

📢 ශ්‍රී ඤාණිස්සර විදුහල් මාතාවට නව සන්නිවේදන පද්ධතියක් පරිත්‍යාග කළ අභිමානවත් මොහොත...අපගේ ආදරණීය ශ්‍රී ඤාණිස්සර විදුහල්...
09/06/2026

📢 ශ්‍රී ඤාණිස්සර විදුහල් මාතාවට නව සන්නිවේදන පද්ධතියක් පරිත්‍යාග කළ අභිමානවත් මොහොත...

අපගේ ආදරණීය ශ්‍රී ඤාණිස්සර විදුහල් මාතාවට දීර්ඝ කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවති සන්නිවේදන පද්ධතියක්, GSS 88 (1988 සාමාන්‍ය පෙළ) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් 2026.06.05 දින පරිත්‍යාග කිරීමට ලැබීම මහත් සතුටක් හා ගෞරවයක් ලෙස සලකමු.

විදුහලේ දෛනික කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම සන්නිවේදන කට්ටලය මහඟු අත්වැලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

අපව අද දක්වා ගොඩනැගූ විදුහල් මාතාවට කෘතවේදීත්වයේ සංකේතයක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කළ අතර, එම උත්සවයේ සොඳුරු මතකයන් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

"විදුහල් මාතාවට කෘතගුණ දැක්වීම, ආදි ශිෂ්‍යයෙකුගේ උතුම් වගකීමකි."

💙💛❤️ GSS 88 (1988 O/L Batch)

🎙️ Sri Gannissra Media Unit
Sri Gnanissara Maha Vidyala - "Media Unit"
Sri Gnanissara Oldiers

゚viralシ

Address

Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gnanissara Maha Vidyala - "Media Unit" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category