H/ Mahaheella South Ishwara Junior School

H/ Mahaheella South Ishwara Junior School A school where students study from grade 1 to grade 11, belonging to Beliatta Education Division of Tangalle Education Zone.

30/06/2026
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ හ/මහහීල්ල දකුණ ඊශ්වර ක.වි. අපේ ආදරණීය දරුවන් සැමට උණුසුම් සුභ පැ...
28/06/2026

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ හ/මහහීල්ල දකුණ ඊශ්වර ක.වි. අපේ ආදරණීය දරුවන් සැමට උණුසුම් සුභ පැතුම්!

​ඔබේ මේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සි වී මඟ පෙන්වූ ගුරුභවතුන් සැමටත් අපගේ ගෞරවනීය ස්තූතිය හා සුභ පැතුම් පිරිනමන්නෙමු. ඔබ සැම දැක්වූ කැපවීම අනාගත ගමනට මහඟු පන්නරයක් වේවා! 🌟

24/06/2026

සිසු නයු අබිසෙස් 2026
සිසු නයු දරුවන් අබිසෙස් නංවන්නට තව දින 01

වෙසක් මංගල්‍යය වෙනුවෙන් අප පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල පුංචි දූ දරුවන් එකතු වී තමන්ගේම දෑතින් අලංකාර වෙසක් තොරණක් නිර්මාණය...
27/05/2026

වෙසක් මංගල්‍යය වෙනුවෙන් අප පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල පුංචි දූ දරුවන් එකතු වී තමන්ගේම දෑතින් අලංකාර වෙසක් තොරණක් නිර්මාණය කරන ලදී.
පුංචි අත්වලින් නිමවුණු මේ අපූරු නිර්මාණයට දායක වූ අපේ දරුවන්ට සහ මඟපෙන්වූ ගුරු මණ්ඩලයට හා දෙමාපියන්‍ට අපගේ ප්‍රණාමය! 🌸✨

උදාවන්නා වූ වෙසක් මංගල්‍යයට සමගාමීව, අප පාසලේ ද්විතියික අංශයේ ඉගෙනුම ලබන දූ දරුවන්ගේ සාමූහික දායකත්වයෙන් සංවිධානය කරන ලද...
27/05/2026

උදාවන්නා වූ වෙසක් මංගල්‍යයට සමගාමීව, අප පාසලේ ද්විතියික අංශයේ ඉගෙනුම ලබන දූ දරුවන්ගේ සාමූහික දායකත්වයෙන් සංවිධානය කරන ලද සුවිශේෂී ශ්‍රමදාන පින්කම අද දින ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මෙවැනි උදාර පුණ්‍යකර්මයකට නන් අයුරින් දායක වූ, උදව් උපකාර කළ සැමට මෙත් සිත් පෙරදැරිව පින් අනුමෝදන් කරමු!

වෙසක් මංගල්‍යයට පෙරදැරිව අප පාසල් පරිශ්‍රයේදී ඊයේ දින පැවැත්වුණු සුවිශේෂී වෙසක් ධර්ම දේශනාව... 🌸අඹගස්දෙණිය ශ්‍රී පන්ථාරා...
27/05/2026

වෙසක් මංගල්‍යයට පෙරදැරිව අප පාසල් පරිශ්‍රයේදී ඊයේ දින පැවැත්වුණු සුවිශේෂී වෙසක් ධර්ම දේශනාව... 🌸

අඹගස්දෙණිය ශ්‍රී පන්ථාරාම විහාරාධිපති ​ අතිපූජනීය ශාස්ත්‍රපති බෝවල සෝරත ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවන ලද මෙම දේශනාවෙන් ලබාගත් දහම් පණිවිඩය සැමගේ ජීවිත ආලෝකමත් කරගැනීමට හේතු වේවා!

කෝකිල වසන්තය 2026මහහීල්ල දකුණ ඊශ්වර කනිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අපේ අවුර...
13/04/2026

කෝකිල වසන්තය 2026

මහහීල්ල දකුණ ඊශ්වර කනිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අපේ අවුරුදු උත්සවය පැවැත්විණ.

හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් ඉටුකළ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම, දරු දැරියන්ගේ දක්ෂතා විදහා පෑ ජන ක්‍රීඩා සහ විනෝදජනක තරඟ ඉසව්වලින් එදින හැඩවිය.

සහයෝගයෙන් සහ සාමුහිකත්වයෙන් සැමරූ මේ අසිරිමත් අවුරුදු උළෙල මෙන්ම, එළඹෙන්නා වූ අලුත් අවුරුද්ද අපේ පාසලටත්, රටටත්, ඔබ සැමටත් සාමය, සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරමු! ✨🙏🏆

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when H/ Mahaheella South Ishwara Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share