18/08/2026
සූර්යයාගේ ලොකුම අභිරහස 🤔: කොරෝනාවේ උෂ්ණත්වය 🔥🌡️
සාමාන්‍ය භෞතික විද්‍යාවට අනුව, ගිනිමැලයක් 🔥 වැනි උණුසුම් ස්ථානයකින් අප ඈතට යන විට රස්නය අඩුවේ 🌡️⬇️. නමුත් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය 🔥 සෙල්සියස් අංශක 6,000 ක් පමණ වෙතත්, ඊට වඩා පිටතින් පිහිටි වායුගෝලයේ (කොරෝනාවේ) උෂ්ණත්වය 🔥🌡️ සෙල්සියස් අංශක මිලියන 1 සිට 3 දක්වා ඉහළ යයි! මෙය අපගේ සාමාන්‍ය දැනුමට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයකි.
සූර්යයාගේ මතුපිට ඉතා දීප්තිමත් ✨💡 බැවින්, මෙම අධික උෂ්ණත්වයකින් යුත් කොරෝනාව පැහැදිලිව දැකගත හැක්කේ චන්ද්‍රයා විසින් සූර්යයා සම්පූර්ණයෙන්ම වසා දමන සූර්යග්‍රහණ අවස්ථාවකදී පමණි 🌑☀️🕶️🔭. සූර්යග්‍රහණය අතරතුර කොරෝනාවේ වේගවත් 📸 සහ ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීම හරහා, මෙම අසාමාන්‍ය උෂ්ණත්වයට 🔥🌡️ හේතු හඳුනාගැනීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වේ.
සූර්ය කොරෝනාවේ අංශක මිලියනයේ 🔥 අභිරහස 🤔 විසඳීමට නාසා (NASA) ආයතනයෙන් 🚀 ඉහළ අහසේ මෙහෙයුමක්
2026 අගෝස්තු 12 වන දින , ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤයට 🗺️ ඉහළින් පූර්ණ සූර්යග්‍රහණයක් 🌑☀️ දිස් විය. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නේ චන්ද්‍රයා 🌑, පෘථිවිය 🌍 සහ සූර්යයා ☀️ අතරින් ගමන් කරමින් සූර්යයාගේ ආලෝකය 💡 තාවකාලිකව අවහිර කරන විටදීය. මෙම දුර්ලභ සිදුවීම නිසා දහවල් කාලය 🌗 කෙටි වෙලාවකට රාත්‍රියක් 🌑 බවට පත්වන අතර, 'කොරෝනාව' (corona) ලෙස හැඳින්වෙන සූර්යයාගේ දිලිසෙන බාහිර වායුගෝලය බලාගැනීමට අපට අවස්ථාව ලැබේ 🕶️🔭.
මෙම අපූරු සංසිද්ධිය අධ්‍යයනය කිරීම සඳහා , NASA ආයතනය සහ Southwest Research Institute (SwRI) එක්ව උසස් තාක්ෂණයෙන් යුත් නිරීක්ෂණාගාරයක් අපරිවර්තීගෝලයට 🆙 (stratosphere) යැවීමට කටයුතු කළේය 🛰️.
තව කියවන්න.....
https://vidyaenews.most.gov.lk/sin/%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%85%e0%b6%82%e0%b7%81%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92/
සූර්ය කොරෝනාවේ අංශක මිලියනයේ අභිරහස විසඳීමට නාසා ආයතනයෙන් ඉහළ අහසේ මෙහෙයුමක් - විද්‍යා ඊ නිව්
සාමාන්‍ය භෞතික විද්‍යාවට අනුව, ගිනිමැලයක් වැනි උණුසුම් ස්ථානයකින් අප ඈතට යන විට රස්නය අඩුවේ. සූර්යයාගේ මතුපිට උෂ...
17/08/2026
A fantastic behind-the-scenes look at the microbiology labs at NIFS! 🧫🔬
Take a few minutes to learn how Sri Lankan researchers are collecting and preserving cyanobacteria to protect our unique microbial biodiversity and drive future innovations. Highly recommend giving this a watch! 🇱🇰💡
https://youtu.be/tGR0ZZ2n_78?si=__rj6LiIqkQ9nFcv
Cyanobacteria Culture Collection
Cyanobacteria Culture CollectionA video project by SEDU, NIFSEdi...
17/08/2026
𝐓𝐡𝐞 𝐆𝐫𝐞𝐚𝐭 𝐒𝐨𝐥𝐚𝐫 𝐌𝐲𝐬𝐭𝐞𝐫𝐲: 𝐓𝐡𝐞 𝐂𝐨𝐫𝐨𝐧𝐚𝐥 𝐇𝐞𝐚𝐭𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐛𝐥𝐞𝐦 ☀️
Normally in physics, if you step away from a heat source like a campfire, the air gets cooler. 🏕️❄️ But with the Sun, the exact opposite happens! The Sun’s visible surface is around 6,000°C. However, its thin outer atmosphere (the corona) jumps to an astonishing 1 to 3 million degrees Celsius. 🤯🌡️ It completely defies everyday logic.
Because the Sun's surface is blindingly bright, the faint, super-heated corona can only be observed clearly when the Moon blocks the main solar disk. 🌒🔍 By capturing rapid, high-resolution snapshots of the corona during the eclipse, scientists hope to catch the magnetic waves and mini-explosions responsible for this superheating. 💥📸
𝐍𝐀𝐒𝐀’𝐬 𝐇𝐢𝐠𝐡-𝐅𝐥𝐲𝐢𝐧𝐠 𝐌𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐭𝐨 𝐒𝐨𝐥𝐯𝐞 𝐭𝐡𝐞 𝐒𝐮𝐧’𝐬 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧-𝐃𝐞𝐠𝐫𝐞𝐞 𝐌𝐲𝐬𝐭𝐞𝐫𝐲
On August 12, 2026, a total solar eclipse crossed over regions including Greenland, Iceland, and Spain. 🌑✨ A total solar eclipse happens when the Moon perfectly aligns between the Earth and the Sun, temporarily blocking the Sun's bright face. This rare event briefly turns day into night and reveals the Sun’s glowing outer atmosphere, known as the corona.
To study this incredible phenomenon, NASA and the Southwest Research Institute (SwRI) flew an advanced observatory high into the stratosphere. ✈️🌍
Read More: https://vidyaenews.most.gov.lk/mainslide/nasas-high-flying-mission-to-solve-the-great-solar-mystery-the-million-degree-coronal-heating-problem/
14/08/2026
🌱 Prolonged-Action Biopesticide Technology for Smarter Pest Management
Conventional microbial pesticides often lose their effectiveness due to environmental factors such as UV exposure and rainfall, leading to repeated applications and inconsistent field performance.
At SLINTEC, we've developed an advanced bio-encapsulation technology that protects the active biocontrol agent and enables its controlled release over an extended period, resulting in more reliable and sustained pest suppression.
• Longer persistence
• Fewer applications
• Improved field performance
• Effective against key soft-bodied pests, including aphids, thrips, whiteflies and mites
We are currently seeking industry partners for technology licensing, co-development, field validation and commercialization.
Contact our Business Development team:
[email protected] | +94 11 465 0521/ +94 71 779 7794
14/08/2026
🌟 Successfully Concluded: India-Sri Lanka Joint Workshop Programme 2024! 🌟
We are thrilled to wrap up an incredible 5 days of knowledge sharing, hands-on training, and cross-border collaboration at the "Bridging Science and Artificial Intelligence: Innovative Approaches to Materials Modeling" workshop!
From lighting the traditional oil lamp to presenting certificates at the Valedictory Function, this event brought together brilliant minds to explore the future of materials science.
Here is a quick look back at what we covered:
🔬 Days 1 & 2: The Foundations of Materials Modeling
Participants dove deep into computational materials science, exploring Density Functional Theory (DFT), phonon behavior, molecular dynamics, and 2D materials. Hands-on sessions featured powerful tools like Quantum Espresso and BoltzTraP2 for structural and thermal calculations.
📊 Days 3 & 4: The AI Intersection
The focus shifted to the data-driven future! Sessions covered everything from essential data preprocessing and normalization to linear regression, decision trees, and classification models, equipping attendees with robust machine learning techniques.
🚀 Day 5: Real-World Applications
We bridged theory and practice by applying ML to predict bandgaps and classify materials. The workshop closed with an inspiring look at future trends in AI-driven innovations and our official certificate presentation.
A huge thank you to all our esteemed experts, coordinators, and participants for making this week such a resounding success. Swipe through the photos to see the highlights from our sessions! 📸👇
📸 Photo credits: FOS Media
Funding Acknowledgement:
"This workshop is conducted under the India–Sri Lanka Joint Workshop Programme 2024 jointly supported by the Ministry of Science and Technology, Government of Sri Lanka and the Department of Science and Technology, Government of India."
13/08/2026
🧬 Applications Workshop in Bioactivity – 02 Days
Enhance your skills and knowledge in understanding how natural and synthetic compounds influence living systems! 🔬
The Industrial Technology Institute (ITI) is conducting a 02-Day Applications Workshop in Bioactivity, featuring:
🔹 Fundamentals of Bioactivity Assays
🔹 Hands-on Training – ABTS, ORAC & α-Glucosidase Assays
🔹 Data Analysis & Interpretation
👩🔬 Who should attend?
• Medical practitioners, students & researchers in life sciences
• Professionals in biotechnology, food science & pharmaceuticals
• Industrial R&D officers interested in bioactivity applications
📍 Venue: Malabe MRDC
📅 Dates: 04–05 September 2026
📝 Closing Date: 21 August 2026
💰 Fee: LKR 15,000/- + TAX
📞 Contact: +94 11 2 797323 / +94 77 7 210664
📧 Email: [email protected]
🔬 Join us to strengthen your practical knowledge and skills in bioactivity applications!
13/08/2026
⚛️ Astatine-211 (211At)
🔬 පිළිකා සෛල ඉලක්ක කර, විකිරණ ප්‍රතිකාර ලබා දෙන, ඇල්ෆා අංශු විමෝචක සමස්ථානිකය 💉🎯
💬 "විශේෂයෙන් ම, පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය සියවස පුරා ඇල්ෆා අංශු, බීටා අංශු, හෝ Auger ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන සමස්ථානික යොදා ගැනීම සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත."
⚠️ පවතින ගැටළුව සහ අවශ්‍යතාවය
පිළිකා සෛල සඳහා ප්‍රතිකාර කිරීමේ දී භාවිතා කරන විකිරණ ප්‍රතිකාර මගින් නිරෝගී සෛල වලට ද හානි වීම, ලොව පුරා පිළිකා රෝගීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවකි. මේ නිසා පිළිකා රෝගය සුව වුවද, වෙනත් අතුරු අබාධ වලට පසු කාලීනව මුහුණ පෑමට රෝගීන්ට සිදු වේ. මෙම ගැටළු අවම කර ගැනීම උදෙසා පිළිකා සෛල සඳහා ඉලක්ක කර, විකිරණ ප්‍රතිකාර ලබාදීම පිළිබඳව පර්යේෂකයින්ගේ අවධානය යොමු වී ඇත.
📊 ප්‍රතිකාර ක්‍රමවේදයන්ගේ වෙනස සහ සංසන්දනය
විශේෂයෙන් ම, පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය සියවස පුරා ඇල්ෆා අංශු, බීටා අංශු, හෝ Auger ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන සමස්ථානික යොදා ගැනීම සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත.
ඉහළ චිකිත්සක කාර්යක්ෂමතාවක් (therapeutic efficacy) ලබා ගැනීම සඳහා, ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා කිරණ වර්ගය තෝරා ගැනීමේදී මුලික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිලිබඳව සැලකිලිමත් වේ. ප්‍රධාන වශයෙන් පිළිකා ගැටිත්තෙහි (tumor) විශාලත්වය, විකිරණ ක්ෂය වීමේ මාර්ගය (decay pathway), ඵලදායී පරාසය (effective range), විකිරණ සංවේදීතාව (radiosensitivity), ජීව විද්‍යාත්මක කාර්යක්ෂමතාව (biological effectiveness) ඒ අතර වේ.
🔴 බීටා විකිරණ:
මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ පිළිකා ගැටිති (tumors) සඳහා බීටා විකිරණ නිකුත් කරන විකිරණශීලි මුල ද්‍රව්‍ය මගින් ප්‍රතිකාර කිරීමේදී ඉතා ඉහල කාර්යක්ෂමතාවක් ලබා දෙනු ලබයි. මක්නිසාද යත්, දිගම අංශු මාර්ග ආයාමය සහ අඩුම රේඛීය බල ශක්ති හුවමාරුවක් (Linear Energy Transmission-LET) බීටා විකිරණ නිකුත් කරන විකිරණශීලි මුලද්‍රව්‍ය සඳහා ඇති බැවිණි. නමුත් බීටා විකිරණ නිකුත් කරන විකිරණශීලි මුලද්‍රව්‍යයන් හි දිගම අංශු මාර්ග ආයාමය, විෂම ජාතිය පිළිකා ගැටිති (heterogeneous tumors) සඳහා වාසිදායක වුවද, ඒ මගින් එය වටා ඇති නිරෝගී පටක වලට හානි කිරීමේ හැකියාව වැඩිය.
🔵 Auger ඉලෙක්ට්‍රෝන:
එමෙන්ම Auger ඉලෙක්ට්‍රෝන භාවිතා කර ප්‍රතිකාර කිරීමේදී, වැඩි රේඛීය බල ශක්ති හුවමාරුවක් (LET) හා පුළුල් අංශු මාර්ග ආයාමයක් ඇති නිසා Auger ඉලෙක්ට්‍රෝන වල ක්‍රියාකාරිත්වය බොහෝ විට එක් සෛලයකට පමණක් සිමා වේ.
🟢 ඇල්ෆා අංශු:
ඇල්ෆා අංශු වල තරංග ආයාමය 50-100 nm පමණ වන බැවින් හා ඉතා ඉහල රේඛීය බල ශක්ති හුවමාරුවක් (LET) ඇති බැවින් ඇල්ෆා අංශු, ඉතා කුඩා neoplasms හෝ micro metastases වර්ගයේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරිමට වඩා යෝග්‍ය වේ.
(Micro metastases යනු කුඩා පිළිකා සෛල එකතුවක් වන අතර ඒවා රුධිරය හෝ වසා ගැටිති හරහා ශරීරයේ වෙනත් කොටසකට පැතිරී යාමේ හැකියාවක් ඇත. Neoplasms ශරීරයේ සෛල හෝ පටක වල පාලනයකින් තොරව, අසාමාන්‍ය ලෙස වර්ධන වන සෛල හෝ පටක වේ). මේ නිසා දැනට ලොවපුරා සිදු කරන බොහෝ විද්‍යාත්මක පර්යේෂණ මගින්, ඉලක්ක කර කරන ඇල්ෆා විකිරණ චිකිත්සාවන් පිලිබඳ වැඩි අවධානයක් යොමු වී ඇත.
🌟 Astatine-211 (211At) හි ලක්ෂණ සහ ඉතිහාසය
දැනට ඇල්ෆා අංශු නිකුත් කරන සමස්ථානික 400 ක් පමණ සොයාගෙන ඇත. නමුත් එයින් ඉතා සිමිත ප්‍රමාණයක පමණක්, ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් වන කුඩා අර්ධ ජීව කාලයක් තිබීම, දිගු කාලයක් නොපවතින හා ශරීරයට අහිතකර දෘහිතෘ සමස්ථානික නොමැති වීම හා නිෂ්පාදනය කිරීමේ පහසුව යන ලක්ෂණ දක්නට ලැබේ. මෙකී ලක්ෂණ සියල්ලම, ඇල්ෆා අංශු නිකුත් කරන සමස්ථානිකයක් වන Astatine-211 (211At) තුල ඇත. 211At සමස්ථානිකය සයික්ලොට්‍රෝනයක් තුල සාපේක්ෂව ලාභදායී ලෙස නිෂ්පාදනය කළ හැක.
💡 "බිස්මත් මූලද්‍රව්‍යය (Bi) මතට ඇල්ෆා අංශු පහරදීමෙන්, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේදී (University of California, Berkeley) මුල් වරට 211At සමස්ථානිකය නිෂ්පාදනය කරන ලදී"
මුලින් "eka-iodine" ලෙස නම් කරන ඇස්ටටීන්, 1940 දී එක්සත් ජනපදයේ දී ප්‍රථම වරට සොයා ගන්නා ලදී. බිස්මත් මුල ද්‍රව්‍යය (Bi) මතට ඇල්ෆා අංශු මගින් පහරදීමෙන්, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේදී (University of California, Berkeley) මුල් වරට 211At සමස්ථානිකය නිෂ්පාදනය කරන ලදී.
⏱️ අර්ධ ජීව කාලය සහ ක්ෂය වීම
211At හි අර්ධ ජීව කාලය පැය 7.2ක් වන අතර එය ඇල්ෆා අංශු නිකුත් කරමින් බිස්මත් - 207 (207Bi) බවට හෝ ඉලෙක්ට්‍රෝන ග්‍රහණය (electron capture - EC) මගින් පොලෝනියම්-211 (211Po) බවට ක්ෂය වීම සිදු වේ. (ඉලෙක්ට්‍රෝන ග්‍රහණය (EC) යනු පරමාණුවක න්‍යෂ්ටිය මගින්, එහි K හෝ L කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනයක් අවශෝෂණය කිරීම නිසා දෘහිතෘ මුලද්‍රවයක් බවට පත් වෙමින් විකිරණයක් නිකුත් වීමේ ක්‍රියාවලියයි). 211Po ඉතා වේගයෙන් ඇල්ෆා අංශු නිකුත් කරමින් ස්ථායි සමස්ථානිකයක් වන ලෙඩ්-207 (207Pb) බවට පරිවර්තනය වේ.
මෙම කුමන මාර්ගය තුලින් 211At ක්ෂය වීම සිදු වුව ද, නිකුත් වන්නේ එක් ඇල්ෆා අංශුවක් පමණි. තවද, 211Po ක්ෂය වීමේදී 77-92 keV පරාසයක ලාක්ෂණික X කිරණයක් නිකුත් වේ. මෙය ගැමා කැමරාවකින් රූපගත කළ හැකි පරාසයක පවතින බැවින් පහසුවෙන් නිරීක්ෂණය කල හැකි වේ.
🧪 ඖෂධ නිෂ්පාදනය සහ ප්‍රයෝජන
211At අඩංගු විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය, ප්‍රධාන වශයෙන් පියවර දෙකකට බෙදා දැක්විය හැකි අතර, පළමුව සයික්ලොට්‍රෝනයක් මගින් නිෂ්පාදනයද, දෙවනුව රසායනිකව 211At වෙන් කර, 211At අඩංගු විකිරණශීලී ඖෂධ සංශ්ලේෂණය සිදු කරනු ලබයි. 211At අඩංගු විකිරණශීලී ඖෂධ සංස්ලේෂණය ස්වයංක්‍රීයව සිදු කල හැක.
අප ඉහත සඳහන් කල පරිදි දැනට භාවිත කරන එකම ඉලක්ක කර අවශ්‍ය පටකය සඳහා ප්‍රතිකාර කිරීමට හැකි වීම 211At අඩංගු විකිරණ ශීලී ඖෂධ කෙරෙහි පර්යේෂකයන්ගේ විශේෂ අවධානයක් යොමු වීමට හේතුව වේ. ඒ මගින් නිරෝගී පටක සඳහා වන හානිය ශල්‍ය කර්ම, බාහිර විකිරණ ප්‍රතිකාර, සහ රසායනික චිකිත්සාව වැනි ප්‍රාථමික ප්‍රතිකාර වලට සාපේක්ෂව අවම වේ.
🌍 At - 211 හි ගෝලීය සායනික භාවිතයන් සහ ප්‍රවණතාවයන්
පිළිකා මර්දනයේ Targeted Alpha Therapy (TAT) හෙවත් ඉලක්කගත ඇල්ෆා ප්‍රතිකාර ක්‍රම වේදයන් පසුගිය වසර 3 තුළ වේගවත් ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ අනුව At-211 සමස්ථානිකය පර්යේෂණ මට්ටමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික සායනික භාවිතයන් දෙසට සාර්ථකව යොමුවෙමින් පවතී.
පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා වාර්තා වූ ප්‍රධානතම වර්ධනයන් මෙසේය:
🌸 ඩිම්බකෝෂ පිළිකා පරීක්ෂණ : ස්වීඩනයේ ගොතන්බර්ග්හිදී ඩිම්බකෝෂ පිළිකා රෝගීන් 12 දෙනෙකු යොදාගෙන At-211 ඇසුරින් සිදු කළ සායනික අධ්‍යයනයකදී එ මඟින් අතුරු ආබාධ ඇති නොවන බව තහවුරු විය.
🦋 තයිරොයිඩ් පිළිකා සඳහා පළමු මානව පරීක්ෂණ (Phase I Trial) : සාම්ප්‍රදායික විකිරණශීලී අයඩින් ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන, ශරීරය පුරා පැතිරුණු දරුණු තයිරොයිඩ් පිළිකා රෝගීන් සඳහා ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලය මඟින් At-211 ආශ්‍රිත ඖෂධයක් (At-NaAt) සාර්ථකව අත්හදා බලන ලදී.
🩸🧠 ලියුකේමියා සහ මොළයේ පිළිකා සඳහා යෙදවුම් : ඇමරිකා එක්සත් ජනපදයේ Duke University සහ Fred Hutchinson Cancer Center වැනි ආයතන මඟින් රුධිර පිළිකා (Leukemia) සහ මොළයේ ගෙඩි (Glioblastoma) සඳහා At-211 විශේෂිත ප්‍රතිදේහ සමඟ බද්ධ කර (Monoclonal Antibodies) සෘජුවම පිළිකා සෛල වෙත මුදා හැරීමේ පරීක්ෂණ පුළුල් කර ඇත.
🚚 සැපයුම් ජාල සහ සයික්ලොට්‍රෝන තාක්ෂණයේ පිබිදීම : At-211 හි පවතින පැය 7.2 ක කෙටි අර්ධ ආයු කාලය නිසා එය කලාපීයව නිපදවීමට සයික්ලොට්‍රෝන ජාලයන් සහ පහසු සංස්ලේෂක ක්‍රම ලොව පුරා ස්ථාපනය වේ. ඇමරිකාවේ DOE IsoNet සහ යුරෝපයේ ACCELERATE.EU වැනි ව්‍යාපෘති හරහා At-211 වාණිජ නිෂ්පාදනය හා රෝහල් වෙත වේගයෙන් ප්‍රවාහනය කිරීමේ පද්ධති වර්තමානයේ වඩාත් කාර්යක්ෂම කර ඇත.
📌 නිගමනය
2022 වන විට මූලික පරීක්ෂණ මට්ටමේ පැවති At-211 චිකිත්සාව, වර්තමානය වන විට සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාර (රසායනික හෝ බාහිර විකිරණ) අසාර්ථක වූ රෝගීන්ට ඉහළ ජීවන කාලයක් ලබා දෙන, ලොව පුරා වේගයෙන්ම ප්‍රචලිත වන අති නවීන න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයකි.
✍️ ලිපි සම්පාදනය: දුලාංජලී රාජපක්ෂ මෙනවිය (හිටපු විද්‍යාත්මක නිලධාරී - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය)
(PhD Student-University of Tasmania-Australia)
🌐 මෙවැනි තවත් ලිපි කියවන්න පිවිසෙන්න අපේ වෙබ් පිටුවට - https://vidyaenews.most.gov.lk/
📥 "න්‍යෂ්ටික සඳෙස" සම්පූර්ණ සඟරාව පහත Google Drive link එක හරහා Download කරගන්න:
05/08/2026
🇮🇳🇱🇰 India- Sri Lanka Joint Workshop Programme 2024
Bridging Science and Artificial Intelligence: Innovative Approaches to Materials Modeling 🧬💻
Day 2 Wrap-Up: Advanced Calculations & Modeling 📊
⚙️ Technical Sessions
Day two of the workshop (August 4, 2026) kicked off with Dr. Himanshu Pandey leading an in-depth session on Electronic Properties, Thermal, and Elastic Calculations. Participants explored how materials respond to various physical conditions by calculating key properties using density functional theory. 🔬
The morning continued with a deep dive into Phonon and Molecular Dynamics. Dr. Pandey introduced phonon calculations to describe atomic vibrational behavior, along with molecular dynamics simulations, giving researchers deeper insights into the stability, dynamics, and thermal behavior of materials at the atomic level. ⚛️
In the afternoon, the focus shifted to the rapidly growing field of 2D Materials. Attendees were guided through 2D modeling techniques and Nudged Elastic Band (NEB) calculations to identify reaction pathways and energy barriers. This was followed by a practical, hands-on session on calculating Thermal Transport Properties using the BoltzTraP2 package—an essential step in evaluating materials for thermoelectric applications! 💻⚡
🌅 Closing Segments
The day concluded with an insightful Expert Talk by Dr. Shail Pandey on "Plasma Technology for Advanced Materials and Sustainable Energy," sharing cutting-edge research on utilizing plasma-based techniques. 🔋
Finally, Mr. Naresh Kumar wrapped up Day 2 with an excellent presentation titled "Magnetic Nanomaterials: Synthesis and Photocatalytic Application." 🧲
A brilliant second day of learning, hands-on practice, and scientific collaboration! 🤝
📸 Photo credits: FOS Media
Funding Acknowledgement:
"This workshop is conducted under the India–Sri Lanka Joint Workshop Programme 2024 jointly supported by the Ministry of Science and Technology, Government of Sri Lanka and the Department of Science and Technology, Government of India."