Batapola media

Batapola media _ඔබව_සාදරයෙන්_පිළිගනිමු !

𝗕𝗮𝘁𝗮𝗽𝗼𝗹𝗮 𝗶𝘀 𝗮 𝘃𝗶𝗹𝗹𝗮𝗴𝗲 𝗹𝗼𝗰𝗮𝘁𝗲𝗱 𝗶𝗻 𝘁𝗵𝗲 𝗚𝗮𝗹𝗹𝗲 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮.

වේරහැර යන්නෙ නැතුව ඩ්‍රයිවින් ලයිසන් එක ලේසියෙන්ම අලුත් කරගමු! 💳🙋‍♂️ ​ඔන්න යාළුවනේ, ඔයාලගෙ රියදුරු බලපත්‍රයේ (Driving Li...
24/08/2026

වේරහැර යන්නෙ නැතුව ඩ්‍රයිවින් ලයිසන් එක ලේසියෙන්ම අලුත් කරගමු! 💳

🙋‍♂️ ​ඔන්න යාළුවනේ, ඔයාලගෙ රියදුරු බලපත්‍රයේ (Driving License) වලංගු කාලය ඉවර වෙලාද? නැත්නම් ළඟදීම ඉවර වෙන්නද යන්නේ?

​රස්තියාදු වෙන්න වෙයි කියලා හිතලා වේරහැර ප්‍රධාන කාර්යාලයට යන්න කලබල වෙන්න එපා! දැන් ඔයාලට වේරහැර නොගොස්, තමන්ට ආසන්නම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකින් ඉතාම පහසුවෙන් සහ ඉක්මනින් ලයිසන් එක අලුත් කරගන්න පුළුවන්.

🔶 ​කාර්යබහුල ඔබ වෙනුවෙන් පියවරෙන් පියවර සම්පූර්ණ විස්තරය මෙන්න:

​📌 පියවර 01: වෛද්‍ය සහතිකය (Medical Certificate) ලබා ගැනීම
​ලයිසන් එක අලුත් කරන්න කලින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් (NTMI) වෛද්‍ය සහතිකයක් ලබාගත යුතුයි.

👉​පහසුම ක්‍රමය: දිගු පෝලිම්වල ඉන්න අකමැති නම්, ntmi.lk වෙබ් අඩවියට පිවිස කලින්ම දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්න (Online Appointment).
​ඔබට ආසන්නතම NTMI ශාඛාවකට ගොස් වෛද්‍ය පරීක්ෂණය සිදුකර සහතිකය ලබාගන්න.

​📌 පියවර 02: දිනයක් වෙන් කරවා ගැනීම (DMT Appointment)
​මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යාමට පෙර දිනයක් වෙන් කරවා ගැනීමෙන් ඔබේ කාලය ඉතිරි කරගත හැක.
​dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

​ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ විස්තර ඇතුළත් කර, ඔබට පහසු දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් (District Office) සහ වේලාවක් වෙන්කරවා ගන්න.

​📌 පියවර 03: අවශ්‍ය ලියකියවිලි සමඟ කාර්යාලයට යාම
​වෙන්කරවා ගත් දිනයේදී පහත ලියකියවිලි ද රැගෙන තෝරාගත් දිස්ත්‍රික් කාර්යාලය වෙත යන්න:👉

⛳​දැනට පවතින රියදුරු බලපත්‍රය (Driving License).

⛳​ජාතික හැඳුනුම්පත (NIC).

⛳ ​NTMI ආයතනයෙන් ලබාගත් වලංගු වෛද්‍ය සහතිකය.

🎯​💡 විශේෂ උපදෙසක්: ඔබේ ලයිසන් එකේ වලංගු කාලය ඉකුත් වී වසරකට වඩා වැඩි නම්, ප්‍රමාද ගාස්තු (Late Fines) අයවිය හැකි බැවින් ඒ සඳහා අමතර මුදලක් ළඟ තබාගන්න.

​⏱️ බලපත්‍රය ලැබෙන්නේ කොහොමද?
​සාමාන්‍ය සේවාව (Normal Service): ලියකියවිලි භාරදුන් පසු ඔබට තාවකාලික බලපත්‍රයක් ලැබෙන අතර, ස්ථිර නව කාඩ්පත ලියාපදිංචි තැපෑලෙන් ඔබේ නිවසටම ලැබෙනු ඇත.

💎 ​වේරහැර ගොස් මුළු දවසම රස්තියාදු වෙන්නේ නැතුව, මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් වැඩේ ගොඩදාගන්න.

🔖 ඔයාලගේ රියදුරු මිතුරන්වත් දැනුවත් කරන්න මේ post එක Share කරන්න!

Post credit - විශ්ම ලෝකය ©️✍

23/08/2026

බටපොල අවට විකිණීමට ඇති ඉඩම් මොනවද.?

22/08/2026

බද්දේගම - කොළඹ Ex1-42 අධිවේගී මාර්ග බස් සේවාව ( සුඛෝපභෝගී )
දවල් ගමන් වාරය අගෝ: 24 සඳුදා සිට ඇරඹේ....

බද්දේගම මගී ජනතාව දීර්ඝකාලයක සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීමක් අනුව දවල් ගමන් වාරය අගෝස්තු 24 සඳුදා සිට ආරම්භ කිරීමට අනුමැතිය ලැබී ඇත.

දිනපතා පිටත්වීම
බද්දේගම සිට
උදේ 06.00
දවල් 12.45

කොළඹ සිට
උදේ 09.15
සවස 04.00

මාකුඹුර සිට (බද්දේගම දෙසට)
උදේ 10.30
සවස 05.30

ගමන් මාර්ගය
බද්දේගම, බද්දේගම පිවිසුම කොට්ටාව පිවිසුම, මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, මරදාන, පංචිකාවත්ත, කොළඹ.

076 200 20 92
(පෝය දින ධාවනය නොවේ)


බද්දේගම - කොළඹ දවල් ගමන්වාර ලබා ගැනීම සඳහා අත්නොහරින ධෛර්යයෙන් කටයුතු කළ Baddegama-Colombo Highway Express-Jayalath Jayalath, බද්දේගම බස් මගී සංගමය, බද්දේගම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන්, බද්දේගම ට ආදරය කරන ජනතා ඉල්ලීම ඉටුවී ඇත. .

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දුරකථන ඇමතුම් දෙමින් කොළඹ ට අධිවේගී මාර්ග බස්රථයක අවශ්‍යතාව කියා පෑ , බද්දේගම ජනතාව මේ වෙනුවෙන් වූ මහන්සියේ අස්වැන්න ලැබී ඇත.

බද්දේගම ප්‍රධාන බස්නැවතුම්පොළහි පැවැති මගී සමීක්ෂණයයේදී ⁣බද්දේගම සිට කොළඹ ට අධිවේගී මාර්ග බස්රථයක දවල් ගමන් වාරයේ දැඩි අවශ්‍යතාව, ජාතික ගමනාගමන කොමිෂන් සභා සමීක්ෂණ කණ්ඩායම⁣ට කියා පෑ බද්දේගම ආදරණීය ජනතාවනි, ඔබේ උත්සාහයේ ප්‍රතිඵළයේ අයිතිය ඔබට ලැබී ඇත.

මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී විවිධ ආකාරයෙන් සහයෝගය දුන් බද්දේගම පූජනීය මහා සංඝරත්නය, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු බද්දේගම සියලු දෙනාටම ස්තුතියි.

Baddegama බද්දේගම Baddegama Town
ඇඩ්මින්

බටපොලට ජයක් 👉🏆️අවසන් පාසල් 04 අතරට💪💪2026 අන්තර් පාසල් 15න් පහල ii වන  කාණ්ඩයේ (Division ii) ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්...
19/08/2026

බටපොලට ජයක් 👉🏆️අවසන් පාසල් 04 අතරට💪💪

2026 අන්තර් පාසල් 15න් පහල ii වන කාණ්ඩයේ (Division ii) ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 සඳහා සුදුසුකම් ලැබූ ගා/බටපොල මධ්‍ය මහා විද්‍යාලීය 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්...!!! 🏅🏅🏅🎉️🎉️

🔴 St.Joseph's College ,කොළඹ 10
පරදා මුළු දිවයිනෙන්ම අවසන් පාසල් 04 අතරට තේරී පත්වීමට ගා/ බටපොල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම වරම් ලැබීය.
මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ ක්‍රිකට් පුහුණුකරු ව්දුරංග මහතා ඇතුලු විද්‍යාලීය ක්‍රීඩා අංශයට අපගේ ස්තූතිය...💪

ඒක සුපිරි 🫡♥️
17/08/2026

ඒක සුපිරි 🫡♥️

🔥 අලුත් රස 3ක්… BRO එකෙන්! 🔥

ඔයාගේ favourite Bun එකේ අලුත් රසක් දෙන්න කාලේ හරි! 😎🍔👀
එහෙනම් මේ පාර Bro එකෙන් අලුත්ම රස 3ක්! 🔥

බඩගින්නට හොඳට පිරෙන්න,
කටට රහට හැපෙන්න,
ආයෙත් කන්න හිතෙන්න… ❤️‍🔥

THE BRO – Batapola වෙතින් අලුත්ම Bro Buns 3ක් දැන් ඔයා වෙනුවෙන්! 👇

🔥 BRO TERI CHICK BLAST
Teriyaki Chicken Bun
Grilled චිකන් ලොකුවට හැපෙන , ග්ලෝසි Teriyaki sauce එකේ sweet & savoury රස එකතු වුණාම… මේක නම් වෙනම level එකක්! 🤤🔥

🔥 BRO ඩෙවල් BALL BUN
Devilled Meatball Bun
ලංකාවේ රසට, සැරට හැදුණු juicy devilled meatballs පිරුණු දිගටි Bun එකක්! 🌶️🔥
සැරට ආස අයට මේක තමයි!

🔥 BRO CHEESY ONION BUN
Creamy Garlic Cheesy Onion Sausage Bun
Juicy sausage + melted cheese + creamy garlic sauce + රසම රස grilled onion… 🧀🧅🔥
එක කටක් කෑවොත් තව එකක් ඕන වෙන රසක්!

🤤 අලුත් රසට ආස අයට…
මේ තුනම කාලා බලන්නම ඕන බන්! 🔥

📍 THE BRO – Batapola

අදම එන්න…
අලුත් රස 3න් ඔයාගේ favourite එක තෝරගන්න! ❤️‍🔥

🏏 ඔබේ ක්‍රිකට් සිහිනය සැබෑ කරගන්න හොඳම තැන! 🇱🇰NJU Cricket Academy - Batapola වෙතින් නවක ක්‍රීඩකයින් සඳහා ලියාපදිංචිය දැන...
14/08/2026

🏏 ඔබේ ක්‍රිකට් සිහිනය සැබෑ කරගන්න හොඳම තැන! 🇱🇰

NJU Cricket Academy - Batapola වෙතින් නවක ක්‍රීඩකයින් සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා! 🔥

🎯 අපගේ පාඨමාලා

✅ BASIC COACHING (ක්‍රීඩකයින් 2, 3, 4 කණ්ඩායම් සඳහා)

• පිතිකරණ තාක්ෂණය (Batting Techniques)
• පන්දු යැවීමේ කුසලතා (Bowling Skills)
• පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාව (Fielding & Fitness)
• තරග පිළිබඳ අවබෝධය (Match Understanding)

✅ SPECIAL COACHING
(තනි තනිව හෝ කණ්ඩායම් ලෙස)

• පුද්ගලික පුහුණුව (Personalized Training)
• උසස් තාක්ෂණික ක්‍රම (Advanced Techniques)
• දක්ෂතා වර්ධනය (Performance Improvement)
• මානසික සහ තරග පූර්ව සූදානම (Mental & Match Preparation)

📞 වැඩිවිස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න

📲 070 643 4428 (M.H.S. Bandusiri)

📍 NJU Cricket Academy - Batapola

2026 අන්තර් පාසල් 15න් පහල ii වන  කාණ්ඩයේ (Division ii) ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 08 සඳහා සුදුසුකම් ලැබූ (Royal ...
14/08/2026

2026 අන්තර් පාසල් 15න් පහල ii වන කාණ්ඩයේ (Division ii) ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 08 සඳහා සුදුසුකම් ලැබූ
(Royal College ,කොළඹ
පරදා මුළු දිවයිනෙන්ම අවසන් පාසල් 08 අතරට තේරී පත්ව )

ගා/බටපොල මධ්‍ය මහා විද්‍යාලීය 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
බ⁣ටපොළ මීඩීයා පුවත් හා බටපොළ අවට ජනතාවගේ උණුසුම් සුභ පැතුම්.. ♥️🙏

Job 👇
11/08/2026

Job 👇

11/08/2026

🎩🫡

11/08/2026

Address

Batapola

Website

Alerts

Be the first to know and let us send you an email when Batapola media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share