ICT with Kasun Rukmaldeniya

ICT with Kasun Rukmaldeniya

Share

A එකක් ගන්න වැඩ කරන Grade A ICT ක්ලාස් එක...
එන්න අපි වැඩ කරමු! 💫 I am a passionate traveller and adventure seeker. Welcome to the Channel.

On my channel, you will find Travelling, Hiking, Camping and other special things of day to day life as video logs. I hope to gain you more information about wonderful places in Sri Lanka and how to travel there and travel tips you should know. Come to my YouTube channel and click on the subscribe button, so you don't miss anything!!!

29/03/2026

ඔෆිස් එකේ වැඩ අස්සේ හැංගිලා ඔයාගේ ඔලුවත් මේ ෆොටෝ එකේ දකුණු පැත්තේ ඉන්න කෙනාගේ වගේ ගිනි ගන්නවද? 🔥 එහෙමත් නැත්නම් වම් පැත්තේ ඉන්න කෙනා වගේ පාඩුවේ ඉඳන් AI එකට වැඩේ බාරදීලා කෝපි එකක් බොනවද? ☕

අපේ ගොඩක් අය තාමත් පැය ගණන් නාස්ති කරන්නේ එකම විදියේ Copy-Paste කරන, Excel ශීට් පුරවන කම්මැලි වැඩ වලට. 🤦‍♂️

හැබැයි මේ ෆොටෝ එකේ තියෙනවා වගේ ඔයාගේ ඔක්කොම වදකාර වැඩ ටික තනියම කරලා දෙන අලුත්ම "වැඩ කෑල්ලක්" දැන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි Claude AI. (දැන් කිව්වට ගොඩක් දවස් තිබ්බා, මේ ඒකෙ අළුත්ම වැඩේ ගැන)

මේක අර අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න අහන Chatbot කෙනෙක් නෙවෙයි. හරියට ඔයාගේ පුටුවේ වාඩිවෙලා, ඔයාගේ Mouse එකයි Keyboard එකයි පාලනය කරන අදිසි සේවකයෙක් (Invisible Intern) වගේ! 👻💻

Claude Dispatch හරහා දැන් එයාලා දීලා තියෙන අලුත්ම අප්ඩේට් එකෙන් කරන්න පුළුවන් පිස්සු හැදෙන දේවල් ටිකක් මෙන්න.

ඔයා බලාගෙන ඉද්දිම තනියම වැඩ කරනවා: ඔයාට පුළුවන් එයාට කියන්න "මගේ ඊමේල් එකට ඇවිත් තියෙන අලුත් Invoices ඔක්කොම හොයලා, ඩවුන්ලෝඩ් කරලා ඒවයේ ගණන් ටික Excel එකකට දාන්න" කියලා. ඔයාගේ කම්පියුටරේ තනියම ඒ වැඩේ කරන හැටි ඔයාට බලාගෙන ඉන්න පුළුවන්! 📊

ට්‍රැෆික් එකේ ඉඳන් වැඩ පවරන්න: හිතන්න ඔයා බස් එකේ ගෙදර යනවා කියලා. ෆෝන් එකෙන් Claude ට මැසේජ් එකක් දානවා "හෙට මීටින් එකට අර කම්පැණිය ගැන පවර්පොයින්ට් ප්‍රසෙන්ටේෂන් එකක් හදන්න" කියලා. (ගෙදර මැෂින් එක On කරලා තිබ්බොත්) ඔයා ගෙදර යද්දී වැඩේ ලෑස්තියි! 📱✨

Auto-Pilot Mode එකෙන් රිපෝට් හැදීම: හැම සිකුරාදාම හවසට බොස්ට යවන්න ඕන Report එක ගැන ආයේ වද වෙන්න ඕනේ නෑ. සතියේ Competitors ලගේ වෙබ්සයිට් චෙක් කරලා විස්තර ගන්න එක එයාට Schedule කරලා දුන්නම, එයා වෙලාවට වැඩේ ගොඩදාලා තියයි. ⏰

අපි මේ අලුත් දේවල් වලට පුරුදු නොවුණොත් වෙන්නේ, මේ ෆොටෝ එකේ වම් පැත්තේ ඉන්න AI පාවිච්චි කරන කෙනා, දකුණු පැත්තේ ඉන්න අපේ අයව පහු කරගෙන යන එක විතරයි. 🚀

හැබැයි මතක තියාගන්න, මේ 'Computer Use' ෆීචර් එක තාම පරීක්ෂණ මට්ටමේ (Research Preview) තියෙන්නේ. දැනට macOS වලටයි, Paid Plans වලටයි තමයි මේක හරියටම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ලඟදීම මේක හැමෝටම එනවා සිකුරුයි. 🛠️

ඔයාට මේ වගේ AI එකක් හම්බුණොත්, ඔයාගේ ඔෆිස් එකේ තියෙන වදකාරම, එපාම වෙන වැඩේ මොකක්ද එයාට පවරන්නේ? පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමු! 👇

23/03/2026

ලෝකයේ බලගතුම ආණ්ඩු සහ දැවැන්තම සමාගම් එකතු වෙලත් වට්ටන්න බැරි වුණු, ලෝකෙම හොල්ලපු එකම එක වෙබ්සයිට් එක ගැන ඔයා දන්නවද? 🏴‍☠️

මේ තමයි Gottfrid Svartholm හදපු ඔයාලා කවුරුත් අහලා තියෙන The Pirate Bay වෙබ් අඩවියේ කතාව.

"තොරතුරු කියන්නේ හැමෝටම නොමිලේ ලැබිය යුතු දෙයක්" කියන එක තමයි ඔහුගේ එකම විශ්වාසය වුණේ. ඒ වෙනුවෙන් එයා ලෝකයේ ලොකුම Torrent Site එක නිර්මාණය කළා. මේක කොච්චර දුර ගියාද කියනවනම් ලෝකෙම දැවැන්තම සමාගම් වලට ප්‍රසිද්ධියේම සමච්චල් කරන්න පවා ඔහු බය වුණේ නෑ.

IT ගුරුවරයෙක් විදියට දරුවන්ට Networking, Cybersecurity වගෙ කොටස් ගැන උගන්වද්දී මම නිතරම දකින දෙයක් තමයි, සමහර පද්ධති (Systems) නිර්මාණය කරලා තියෙන විදිය කොච්චර විශ්මයජනකද කියන එක. ඒ අතින් මේ මනුස්සයා නම් ඇත්තටම වෙනමම ලෙවල් එකක වැඩ්ඩෙක්. (වැඩේ පොඩ්ඩක් වැරදිත් උනත්)

විහිළුවට වගේ එයා එක පාරක් කිව්වා, ආරක්ෂාව වෙනුවෙන් එයාගේ Servers ටික උතුරු කොරියාවට හරි, එහෙමත් නැත්නම් අභ්‍යවකාශයට හරි අරන් යනවා කියලා! 🚀

අභියෝග ආවේ නැද්ද?
අනිවාර්යයෙන්ම ආවා. ආණ්ඩුවෙන් පැනලා Servers අත්අඩංගුවට අරන් සයිට් එක වහලා දැම්මා. හැබැයි හරියටම දවස් 3යි ගියේ... සයිට් එක ආයෙමත් Up වුණා! 🤯

එයා නිතරම Domain Names වෙනස් කළා. ලොකු ලොකු සමාගම් එයාට විරුද්ධව නඩු දානකොට එයා ඒවගෙන් සැලුණේ නෑ. ඒ හැම නඩුවක්ම එයා පාවිච්චි කළේ තමන්ගේ සයිට් එකේ Free Marketing විදියට. පුදුමෙ කියන්නේ, මේ වැටලීම් වලින් පස්සේ Site එකට ආපු සෙනඟ තවත් වැඩි වුණු එකයි!

නීතියේ හිඩැස් වලින් රිංගන්න ඔහු කොච්චර දක්ෂද කියනවනම්, Copyright නීති වලින් බේරෙන්න 'Sealand' කියන පොඩි රටම සල්ලි වලට ගන්න පවා ඔහු එක පාරක් උත්සාහ කළා. 🏝️

කිසිම ප්‍රහාරයකින් වට්ටන්න බැරි විදියට (Bulletproof) තමයි මෙයා මේ පද්ධතිය හදලා තිබුණේ. රටවල් කීපයක් එකතු වෙලා මේක වහන්න හැදුවත් ඒක අසාර්ථක වුණා. අදටත් අපි පාවිච්චි කරන KickassTorrents, 1337x වගේ අඩවි වලට පාර කැපුවේ මෙයා තමයි.

ඉතිහාසයේ වැඩිම වාර ගණනක් Block කරපු වෙබ් අඩවිය වුණත්, කිසිම කෙනෙකුට මේක සම්පූර්ණයෙන්ම පරාජය කරන්න බැරි වුණා. අවසානයේ සයිට් එකේ රසිකයෝ පවා අනුපිටපත් (Clones) හදලා සයිට් එක දිගටම ඇදගෙන ගියා.

ඔයාලට මේ මනුස්සයාගේ ගැම්ම ගැන හිතෙන්නේ මොකක්ද? ඔයාගේ ජීවිතේ කවදාහරි The Pirate Bay එකෙන් ෆිල්ම් එකක් හරි ගේම් එකක් හරි ඩවුන්ලෝඩ් කරලා තියෙනවද? පල්ලෙහායින් කමෙන්ට් කරන්නකෝ බලන්න! 👇💬

15/03/2026

🚨 ඔබේ දරුවාත් පැය ගණන් YouTube Shorts බලන එකට ඇබ්බැහි වෙලාද? ඒකෙන් දරුවාගේ අනාගතයට වෙන නිහඬ හානිය ගැන ඇහුවොත් නම් ඔයා ගොඩක් බය වෙයි! හැබැයි අද ඉඳන් ඒ ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් ඇවිත් තියෙනවා.

ගුරුවරයෙක් විදියට දරුවන්ට උගන්නද්දි මම මෑතකාලීනව දැකපු ලොකුම ප්‍රශ්නයක් තමයි, අද කාලේ ළමයින්ට එක දිගට විනාඩි 10ක් එක තැනක අවධානය තියාගන්න බැරි වීම (Attention span අඩුවීම).

මේකට ප්‍රධානම හේතුව තමා මේ තත්පර 30න් 30ට යන Short-form content.

දෙමාපියන්ගේ මේ ලොකුම ප්‍රශ්නෙට විසඳුමක් විදියට YouTube එකෙන් අලුත්ම 'Parental Control' Update එකක් දීලා තියෙනවා. මේකෙන් දැන් ඔයාට පුළුවන් දරුවාගේ YouTube Shorts සම්පූර්ණයෙන්ම Block කරන්න, එහෙමත් නැත්තම් දවසකට බලන්න පුළුවන් කාලය සීමා කරන්න! 🚫📱

මේක කරන්නේ කොහොමද? 🛠️
(මෙය කරන්න නම් දරුවාගේ ගිණුම ඔයාගේ Google Family Link එකට සම්බන්ධ කරලා තියෙන්න ඕනේ)
1️⃣ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google Family Link ඇප් එක ඕපන් කරන්න.
2️⃣ එතනින් දරුවාගේ නම (Profile) එක උඩ ටච් කරන්න.
3️⃣ Controls (පාලනයන්) වලට ගිහින්, Content restrictions යටතේ තියෙන YouTube තෝරන්න.
4️⃣ එතනින් Shorts feed limit (කාල කළමනාකරණය) එකට යන්න.
5️⃣ දරුවාට Shorts බලන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනේ නම් එතනින් කාලය '0' කරන්න. (නැත්නම් දවසකට උපරිම කාලය විනාඩි 15ක් වගේ දෙන්නත් පුළුවන්).

මේකෙ තියෙන හොඳම දේ තමයි ඔයාගේ අනුමැතියකින් තොරව දරුවාට මේ Settings වෙනස් කරන්න බැහැ. දරුවා පාවිච්චි කරන ටැබ් එකේ වගේම ෆෝන් එකෙත් මේක එකම විදියට වැඩ කරනවා.
අදම මේක Try කරලා බලලා ඔයාගේ දරුවාගේ ඩිජිටල් ජීවිතය වගේම මානසික සෞඛ්‍යයත් ආරක්ෂා කරන්න. 🛡️👨‍👩‍👧‍👦

ඔයාලට මේ ගැන හිතෙන්නේ මොකක්ද? අද කාලේ දරුවන්ට මේ වගේ YouTube Shorts සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි කියලා ඔයා හිතනවාද? නැත්නම් සීමා කිරීමක් විතරක් ප්‍රමාණවත්ද? ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. 👇

08/03/2026

අපි හිතන් හිටියට NASA එක ලේසියෙන්ම ආයෙත් මිනිස්සු සඳට යවයි කියලා, ඒ වැඩේ නම් දැන් එච්චරම ලේසි වෙන පාටක් නෑ! 🚨 🌕

ඔයාලා අහලා ඇතිනේ NASA ආයතනයේ Artemis අභ්‍යවකාශ වැඩසටහන ගැන. මේකේ ප්‍රධාන අරමුණ වුණේ දශක ගාණකට පස්සේ ආයෙමත් වතාවක් මිනිස්සුන්ව සාර්ථකව සඳ මතට (Moon landing) අරන් යන එක.

හැබැයි NASA එකෙන් දැන් හදිසියේම නිවේදනය කරලා තියෙනවා මේ Artemis වැඩසටහන සම්පූර්ණයෙන්ම වගේ ප්‍රතිව්‍යුහගත (Restructure) කරනවා කියලා. ඒ කියන්නේ මේ project එකේ ලොකු වෙනස්කම් ගොඩක් ඉස්සරහට වෙන්න නියමිතයි. 🛠️

IT ගුරුවරයෙක් විදියට දරුවන්ට අලුත් තාක්ෂණය ගැන උගන්නද්දි මම නිතරම දකින දෙයක් තමයි, Technology එකක් අපි Plan කරනවා වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන එක ලේසි නෑ. විශේෂයෙන්ම අභ්‍යවකාශ තාක්ෂණය (Space Tech) වගේ දේවල් වලදි වෙන එක පොඩි calculation අවුලකින් හරි, system failure එකකින් හරි මුළු project එකම ආපස්සට යන්න පුළුවන්. 💻

බොහෝදුරට මේ restructure එකට හේතුව වෙන්න ඇත්තේ අලුත් රොකට් වල තියෙන තාක්ෂණික ගැටළු, බලාපොරොත්තු වුණාට වඩා යන අධික වියදම (Budget issues) සහ SpaceX වගේ private companies වලින් එන ලොකු තරගය වෙන්න පුළුවන්. කොහොම වුණත් NASA එක තමන්ගේ අරමුණ අතාරින්නේ නැතුව මේකට ලොකු ගේමක් දෙනවා කියන එක පැහැදිලියි.

ඔයාලට මොකද හිතෙන්නේ? 🤔 NASA එකට ආයෙමත් සාර්ථකව මිනිස්සුන්ව සඳට යවන්න පුළුවන් වෙයිද? එහෙමත් නැත්නම් Elon Musk ගේ SpaceX ඒ ගේම් එකත් NASA එකට කලින් ගහයිද? 🚀

ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න! 👇

08/03/2026

ඔයාගේ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි පාවිච්චි කරද්දී, එහෙමත් නැත්නම් චාර්ජ් කරද්දී ඉක්මනින් රත් වෙනවා නේද? 🥵 හැබැයි කිසිම දවසක රත් වෙන්නේ නැති, 100% ක්ම විදුලිය කිසිම නාස්තියක් නැති කරන අනාගතයක් ගැන ඔයා කවදාහරි හිතලා තියෙනවද? 🤯

ඉස්සර ෆිල්ම් වල දැක්ක AI නොහිතපු වේගෙන් අපි දැන් දිනපතා පාවිච්චි කරන දෙයක් වෙලා තියෙනවා වගේ මේ කියන්න යන දේත් ලබන අවුරුද්ද වෙද්දි අපේ අතේ තියෙන්න පුලුවන්, බැරි වෙන්නත් පුලුවන්... කොහොම නමුත් අවුරුදු ගාණක් ICT විෂය ගුරුවරයෙක් විදියට දරුවන්ට පරිගණක පරම්පරා (Generations of Computers) ගැන උගන්නද්දි මම නිතරම කියන දෙයක් තමයි, ඊළඟ යුගය අයිති වෙන්නේ Quantum Computers වලට කියලා.

හැබැයි මේ Quantum පරිගණක ප්‍රායෝගිකව හදන්න තියෙන ලොකුම බාධාවක් තමයි ඒවට අවශ්‍ය කරන අති විශාල විදුලි බලය සහ ශක්ති නාස්තිය.

අන්න ඒ ප්‍රශ්නෙට තමයි විද්‍යාඥයින් දැන් සුපිරිම විසඳුමක් හොයාගෙන තියෙන්නේ! 🚀

ඔවුන් NbRe (Niobium-Rhenium) කියලා අලුත්ම මිශ්‍ර ලෝහයක් හොයාගෙන තියෙනවා. විද්‍යාඥයින් මේකට කියන්නේ "Triplet Superconductor" එකක් කියලා. ⚡

සරලවම කිව්වොත් මේක හරියට කිසිම වාහන තදබදයක් (Traffic) නැති අධිවේගී මාර්ගයක් වගේ. සාමාන්‍ය වයර් එකක කරන්ට් එක යද්දි රස්නය විදියට ලොකු ශක්තියක් අපතේ යනවනේ. හැබැයි මේ කියන Superconductor එක ඇතුළින් විදුලිය ගමන් කරන්නේ 0% ක බලශක්ති නාස්තියකින්! කිසිම ශක්තියක් අපතේ යන්නේ නෑ කියන්නේ, ඉදිරියේදී ක්වොන්ටම් පරිගණක වලට අවශ්‍ය කරන අති විශාල බලය කිසිම ගේමක් නැතුව ලබා දෙන්න මේ තාක්ෂණයට පුළුවන්. මේක ලෝකයේ අනාගතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලන ජයග්‍රහණයක්! 💻✨

ඔයා හිතන විදියට, අපේ සාමාන්‍ය ලැප්ටොප් වෙනුවට මේ වගේ Quantum තාක්ෂණය තියෙන කම්පියුටර්ස් අපේ ගෙවල් වලට එන්න තව කොච්චර කල් යයිද? 🤔

ඔයාලට මේ ගැන හිතෙන්නේ මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න! 👇

07/03/2026

මේ දැන් ඔයාගෙ නම Google එකේ search කරොත්... එතන පෙන්නන්නේ ඔයා ගැන මොන විදියේ කතාවක්ද කියලා කවදාහරි හිතලා බලලා තියෙනවද? 🤔

ගොඩක් අය හිතන්නේ අන්තර්ජාලය කියන්නේ අපි නිකමට ගිහින් memes බලලා එන තැනක් විතරයි කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි.

ඔයා අන්තර්ජාලය ඇතුළේ තියන හැම පොඩි සලකුණක්ම, දාන හැම කමෙන්ට් එකක්ම ඔයාගේ "Digital Footprint" එක නිර්මාණය කරනවා. 👣

අවුරුදු ගාණක් ICT ගුරුවරයෙක් වගේම IT Trainer කෙනෙක් විදියට ළමයි සහ වෘත්තිකයන් එක්ක වැඩ කරද්දි මම දැකපු ලොකුම අඩුවක් තමයි මේක. අපේ ගොඩක් දක්ෂ අයට තමන්ගේ හැකියාව ලෝකෙට පෙන්නන්න හරිහමන් Personal Brand එකක් නැහැ. 📉

ඒක හරියට, ලස්සන කඩයක් දාලා නමක්වත් ගහන්නේ නැතුව මිනිස්සු එනකන් බලාගෙන ඉන්නවා වගේ වැඩක්. 🏪

මම අද මේ විදිහට පෝස්ට්ස් ලියමින්, මගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්න පටන්ගත්තෙත් අන්න ඒ අරමුණින්. මගේ දැනුමෙන් තව කෙනෙක්ට උදව්වක් වෙනවා වගේම, මගේ වෘත්තීය ජීවිතේට වටිනාකමක් එකතු කරන පොසිටිව් Digital Footprint එකක් හදාගන්න එක තමයි මගේ ප්‍රධාන ප්ලෑන් එක. 💡

ඉතින්, ඔයාගෙ Digital Footprint එක?

කවදාහරි දවසක කවුරුහරි (සමහරවිට ඔයාගේ අනාගත බොස්) ඔයාගේ නම search කරද්දී, එතන තියෙන්න ඕනේ ඔයාගේ දක්ෂතා, ඔයාගේ අදහස් සහ ඔයා සමාජයට දෙන වටිනාකම නේද? 🚀

අදම පටන්ගන්න. ඔයා දන්න දේ, ඔයාගේ හැකියාවන් පොඩියට හරි ලෝකෙත් එක්ක බෙදාගන්න.

මේ පෝස්ට් එක කියවලා ඉවර වුණ ගමන් අදම ඔයාගෙ නම Google කරලා බලන්න. එන දේවල් ගැන ඔයාට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්ද? 🔍 Comment section එකෙන් අපිටත් screenshot එකක් එවන්න.

ඔයාලට මේ ගැන හිතෙන්නේ මොකක්ද? ඔයාගේ Digital Footprint එක අද තියෙන තත්ත්වය ගැන ඔයා සතුටුද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙනම යන්න! 💬👇

අපි හොද Digital Footprint එකක් හදාගමු. මමත් මේ විදිහට වැඩේ පටන්ගත්තා, ඔයත් කොතනින් හරි start එක ගන්න...

07/03/2026

🤯 සත පහක්වත් අය කරන්නේ නැතුව ලෝකෙම දුවන Technology එකක් කෙනෙක් හැදුවේ ඇයි?

හිතන්න ඔයා ගෙයක් හදනවා. ඒ ගෙදර සැලැස්ම (Blueprint) හැමෝටම පේන්න තියලා, "කැමති කෙනෙක් ඇවිත් මේක තව ලස්සන කරන්න, කාමර එකතු කරන්න, අඩුපාඩු හදන්න" කිව්වොත් කොහොමද?

අන්න ඒ වගේ අපූරු සංකල්පයක් තමයි තාක්ෂණික ලෝකයේ Open Source (විවෘත මූලාශ්‍ර) කියන්නේ.

1991 අවුරුද්දේදී Linus Torvalds කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හිතුණා එයාගේම Operating System එකක් හදන්න. හැබැයි එයා ඒක හදලා හැංගුවේ නෑ. විකුණලා කෝටිපතියෙක් වෙන්න ගියෙත් නෑ.

ඒ වෙනුවට එයා ඒකේ කේතය (Source Code) මුළු ලෝකෙටම නොමිලේ විවෘත කළා. ලෝකේ වටේම හිටපු දහස් ගණන් ප්‍රෝග්‍රෑමර්ස්ලා මේකට එකතු වෙලා මේක තවත් දියුණු කළා.

ප්‍රතිඵලය? අද ලෝකේ තියෙන දැවැන්තම Supercomputers වල ඉඳන්, ඔයාගේ අතේ තියෙන Android Phone එක දක්වාම දුවන්නේ එදා ලයිනස් පටන් ගත්ත මේ Linux කියන තාක්ෂණය මතයි! 📱💻 (මම කලින් දවසක කතා කරා මේක කොච්චර භාවිතා වෙනවද සහ මේකෙ ඇති වෙන්න ගිය ගැටලුවක් ගැන, කියෙව්වෙ නැත්නම් අනිවාරෙන් බලල එන්න)

අවුරුදු ගාණක් ICT ගුරුවරයෙක් විදියට විවිධ පරම්පරාවල ළමයි එක්ක වැඩ කරද්දි මම නිතරම දකින දෙයක් තමයි, දැනුම කියන්නේ හංගගෙන ඉන්න තරමට කුණු වෙන, බෙදාගන්න තරමට වටිනාකම වැඩිවෙන දෙයක් කියන එක.

Linus එදා ඒ කේතය තමන්ගේ ළඟම හංගගෙන හිටියා නම්, අද මේ ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.

අද වෙනකොට අපි හැමෝම වගේ දෛනිකව මොකක් හරි Open Source මෘදුකාංගයක් පාවිච්චි කරනවා. (උදාහරණයක් විදියට VLC Player, WordPress, OBS, Blender වගේ දේවල්).

ඉතින් මට කියන්න... 👇

ඔයා වැඩියෙන්ම ආස කරන, නොමිලේ දෙන (Open source) මෘදුකාංගය මොකක්ද? පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න, අනිත් අයටත් අලුත් දේවල් දැනගන්නත් එක්ක! 💬✨

Want your school to be the top-listed School/college in Bandarawela?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Bandarawela