Zonal Education Office - Balangoda

Zonal Education Office - Balangoda විශිෂ්ට සේවාවක් තුළින් ගුණාත්මක අධ්‍යාපනයක්...

19/09/2026
balz.edu.gov.lkඉතිහාසයේ පළමු වරට, බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2026 පළාත් පාලන සතිය වෙනුවෙන් ...
19/09/2026

balz.edu.gov.lk
ඉතිහාසයේ පළමු වරට, බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2026 පළාත් පාලන සතිය වෙනුවෙන් රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය!
🥈🔥

තවද, තරගාවලිය පුරා දැක්වූ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යය වෙනුවෙන් තරගාවලියේ වීරයා (කාන්තා) සම්මානය දිනාගැනීමට ප්‍රදීපා සුගතදාස මහත්මිය සමත් වූවාය.

​කණ්ඩායම සාර්ථකව මෙහෙයවූ නායිකා හිමාශි පතිරණ මහත්මියටත්, මනා කළමනාකාරීත්වයකින් යුතුව කණ්ඩායමට මගපෙන්වූ පුහුණුකරු රාජිත රුවන් පේමදාස මහතාටත්, අභිමානවත් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රදීපා සුගතදාස මහත්මිය ඇතුළු සමස්ත ක්‍රීඩිකාවන්ටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ප්‍රණාමය සහ උණුසුම් සුභපැතුම් පිරිනමන්නෙමු!

2026-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීමට හා පාසල් කඩඉම් ලකුණු තීරණය ක...
17/09/2026

2026-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීමට හා පාසල් කඩඉම් ලකුණු තීරණය කිරීම සඳහා වන මාර්ගගත වැඩසටහන ආධාරයෙන් අයදුම්පත් සම්පූර්ණ කිරීම

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම කලාප පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කළ ලිපිය.

balz.edu.gov.lk2027 පළමු ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: බළන්ගොඩ කලාපයේ 2027 වර්ෂයේ 1 ශ්‍රේණිය භාරව ඉගැන්වීම...
11/09/2026

balz.edu.gov.lk
2027 පළමු ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: බළන්ගොඩ කලාපයේ 2027 වර්ෂයේ 1 ශ්‍රේණිය භාරව ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට නියමිත සියලු ගුරුභවතුන් පුහුණු කර අවසන්..📚

​2026.09.11 වන දින ර/කුමාර විද්‍යාලයේ දී, දෙවන කණ්ඩායමේ අවසන් අදියර ප්‍රාථමික අධ්‍යාපන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බී. ඩබ්. නදීශා සඳමාලි මහත්මියගේ මූලිකත්වය සහ මගපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩසටහන සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහනට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.පී.සී. විජේවර්ණසූරිය මහතා ද එක්වෙමින් තක්සේරුකරණය පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්විය.

​වැඩසටහනේ විශේෂාංග:
​සෞන්දර්ය විෂයයේ නව ප්‍රතිසංස්කරණ: සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයේ සිදුවූ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරුභවතුන් දැනුවත් කිරීම අම්භිගා කොළොම්ඹුගම මහත්මිය විසින් සිදු කරන ලදී.

​තක්සේරුකරණ ක්‍රමවේද: නව තක්සේරුකරණ ක්‍රමවේද පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බී. ඩබ්. නදීශා සඳමාලි මහත්මිය විසින් සිදු කරන ලදී.

​වැඩසටහන අවසානයේ නැටුම්, ගැයුම් සහ වැයුම්වලින් සමන්විත විශේෂාංගයක් පැවැත්වූ අතර, එය ගුරුභවතුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කරගැනීමට මෙන්ම උනන්දුව වැඩිදියුණු කිරීමට ද මහත් රුකුලක් විය. 🎨🎶🎭
​වැඩසටහන අවසානයේ ලබාගත්

​විශේෂ ස්තූතිය:
​දින 05 ක් පුරාවට මෙම දෙවන කණ්ඩායමේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශාලා පහසුකම් ඇතුළු තාක්ෂණික සහයෝගය නොමදව ලබාදුන් ර/ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියට සහ ර/කුමාර විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පුද කර සිටිමු! 🙏

​2027 වර්ෂයේ 1 ශ්‍රේණිය භාරව කටයුතු කිරීමට නියමිත ආදරණීය ගුරු මහත්ම මහත්මියනි, නිවැරදි දේ නිවැරදි අයුරින් දරුවන්ට ලබා දෙමින් දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට එක්වෙමු! ඔබට ජය! 🌟👏

11/09/2026

ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා සහන ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය මහතා 2026.09.11 දින පළ කළ අදහස්

balz.edu.gov.lkබළන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගණිත ගුරුභවතුන් සඳහා වූ ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්වේ.ගණිත විෂය ඉගෙනුම්...
10/09/2026

balz.edu.gov.lk
බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගණිත ගුරුභවතුන් සඳහා වූ ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්වේ.

ගණිත විෂය ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් අර්ථවත් හා ඵලදායී ලෙස නංවාලීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ගණිත ගුරුභවතුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන 2026 සැප්තැම්බර් මස 09 වන දින බළන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. පී. සී. විජේවර්ණසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ අතර, ගණිත විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එස්. පී. විජේතුංග මහතා විසින් සංවිධානය හා මෙහෙයවීම සිදු කරන ලදී. මේ සඳහා ගණිත ගුරු උපදේශිකා වයි. ඒ. ඒ. යහලවෙල මහත්මිය ද සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නාය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහභාගී වූ සියලුම ගුරුභවතුන්ටත්, මේ සඳහා නිරන්තර සහයෝගය දැක්වූ කාර්යාලීය සමස්ත කාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.
Media Unit SabaragamuwaSabaragamuwa Province සබරගමුව පළාත

05/09/2026

balz.edu.gov.lk

balz.edu.gov.lk2027 පළමු ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - සිංහල මාධ්‍ය දෙවන කණ්ඩායමේ තෙවන අදියර අද දින පැවැත...
04/09/2026

balz.edu.gov.lk
2027 පළමු ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - සිංහල මාධ්‍ය දෙවන කණ්ඩායමේ තෙවන අදියර අද දින පැවැත්විය 🎓✨

​2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, පළමු ශ්‍රේණිය (සිංහල මාධ්‍ය - දෙවන කණ්ඩායම) සඳහා වන තෙවන අදියරේ පුහුණු වැඩසටහන 2026.09.04 දින ර/ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. 🏫📍

මෙම වැඩසටහන ප්‍රාථමික අධ්‍යාපන විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ඩබ්. නදීශා සඳමාලි මහත්මියගේ මූලිකත්වය හා මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ අතර "මූලික විද්‍යාව හා පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්" පිළිබඳ දේශන ගුරු උපදේශක එස්.ඩබ්. කුමාර ද සිල්වා මහතා සහ ගුරු උපදේශක ජේ.ඒ.පී. අනුර ගුණරත්න මහතා විසින් පවත්වන ලදි. "දරුවන් හඳුනාගැනීම" පිළිබඳ විශේෂ දේශනය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ඩබ්. නදීශා සඳමාලි මහත්මිය විසින් පවත්වන ලදී.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූ සියලුම ගුරුභවතුන්ටත්, ශාලා පහසුකම් සැපයූ ර/ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය පිරිනමමු.
fans

balz.edu.gov.lk2027 පළමු ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - සිංහල මාධ්‍ය දෙවන කණ්ඩායමේ දෙවන අදියර අද දින පැවැත...
02/09/2026

balz.edu.gov.lk
2027 පළමු ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - සිංහල මාධ්‍ය දෙවන කණ්ඩායමේ දෙවන අදියර අද දින පැවැත්විය 🎓✨

​2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, පළමු ශ්‍රේණිය (සිංහල මාධ්‍ය - දෙවන කණ්ඩායම) සඳහා වන දෙවන අදියරේ පුහුණු වැඩසටහන 2026.09.02 දින ර/ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. 🏫📍

​🏃‍♂️ විශේෂාංගය:
​වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම, සහභාගී වූ ගුරුභවතුන් උදෙසා විශේෂ ශාරීරික සුවතා වැඩසටහනක් (Physical Fitness Session) පැවැත්වීම විශේෂත්වයක් විය.

​📌 මෙහෙයවීම සහ සංවිධානය:
​ප්‍රධාන මෙහෙයවීම: ප්‍රාථමික අධ්‍යාපන විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ඩබ්. නදීශා සඳමාලි මහත්මිය
​📌 දේශන සහ සම්පත්දායකත්වය:
​මව්බස විෂය නවීකරණය හඳුනාගැනීම: ගුරු උපදේශිකා අම්බිගා කොලොම්බුගම මහත්මිය
​ආගම හා සදාචාරය: ගුරු උපදේශක එස්.එච්. වසන්ත කුමාර මහතා
​භාෂාව පිළිබඳ කණ්ඩායම් ක්‍රියාකාරකම්: කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් විශේෂ මෙහෙයවීම සහ දේශන පවත්වන ලදී.

​නව අධ්‍යාපන විෂය මාලාවට අදාළ නූතන ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳව ගුරුභවතුන් සවිබල ගැන්වීම මෙහිදී සාර්ථකව සිදු විය. 📚💡

Address

Balangoda

Opening Hours

Monday 00:00 - 00:00
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94452288432

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office - Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office - Balangoda:

Shortcuts

Share